සිංහල බෙහෙත්වල විස සහ බැර ලෝහ නැහැ

ප්‍රශ්නය - විවිධ ලෙඩ රෝග සඳහා ආයුර්වේද ප්‍රතිකාර හෝ දේශීය වෛද්‍ය ප්‍රතිකාර කෙතරම් දුරට පලදායක වෙනවද කියන කාරණය ගැන බොහෝ දෙනා ප්‍රශ්න කරනවා. එයට හේතුව මේ ප්‍රතිකාර ක්‍රම දෙකම නවීන විද්‍යාත්මක පර්යේෂණ ක්‍රමවලට අනුව පර්යේෂණයට ලක්‌ නොකිරීම බවයි, එසේ ප්‍රශ්න කරන අය කියන්නේ. බටහිර වෛද්‍ය විද්‍යාව මගින් නිපදවන ඖෂධවර්ග එය නිපදවීමේ සිට වෙළෙඳපළට යෑවීම දක්‌වා වූ කාලය අතරතුර අවස්‌ථා කිsපයකදීම පර්යේෂණයට ලක්‌ කෙරෙනවා. පළමුවෙන්ම ඖෂධය නිපදවීමට පර්යේෂණ කරන අවස්‌ථාවේදී එහි අඩංගු සංඝටක මනුෂ්‍ය ශරීරයට බලපාන්නේ කොහොමද කියන එක ගැන විද්‍යාත්මක පර්යේෂණ කරනවා. ඊළඟට ඖෂධය නිෂ්පාදනය කළ පසු එය සතුන් සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ කොහොමද කියලා හොයනවා. තුන්වැනිව සායනික පර්යේෂණ සඳහා පෙනී සිටීමට කැමැති අයට දීලා බලනවා. ඒ සියලුම අවස්‌ථාවලින් එතෙර වීමට ඖෂධයට හැකි නම් වෛද්‍යවරුන් හරහා බෙහෙත් තුණ්‌ඩු ඔස්‌සේ සාම්පල් හැටියට ඖෂධය සමාජගත කරනවා. එහෙත් ආයුර්වේදයේ හෝ දේශීය වෙදකම තුළ මෙහෙම පර්යේෂණ සිදුවන්නේ නැහැ නේද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මා මෙතැනදී ආයුර්වේදය ගැන කතා කරන්නේ නැහැ. එය දැනට සැලකෙන්නේ ඉන්දියානු වෛද්‍ය ක්‍රමයක්‌ හැටියටයි. එහෙත් අප මතක තබා ගත යුතුයි ආයුර්වේදය ඉන්දියාවට ගියේ ලංකාවෙන් බව. ලංකාවේ රාවණ රජතුමා සහ පුලස්‌ති සෘෂිවරයා තමයි මේ වෛද්‍ය ක්‍රමයේ පීතෘවරු. මා ප්‍රතිකාර කරන්නේ ඉපැරැණි ආයුර්වේදයෙන් බිඳී ආ ශාඛාවක්‌ වන පාරම්පරික වෛද්‍ය ක්‍රමය අනුවයි. 

කොහොම වුණත් ආයුර්වේදය හා දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රම සඳහා යොදා ගන්නේ එකම දේශීය ශාකමය ඖෂධ වර්ග. එහෙත් එම වෛද්‍ය ක්‍රමය තුළ තිබෙන අරිෂ්ඨ, ආසව වැනි දේවල් පාරිම්පරික වෛද්‍ය ක්‍රමයේ නැහැ. අපේ ක්‍රමය තුළ තිබෙන්නේ කසාය, කල්ක, ගුලි, තෙල් වගේ දේවල්. අප පර්යේෂණ කරන්නේ රෝගියා සමඟමයි. හැබැයි අපේ ඖෂධ 100% ක්‌ ශාක සාරමය නිසා රෝගියාට කිසිදු විටෙකවත් විෂ වන්නේ නැහැ. අපේ ඖෂධවල ගෙන්දගම්, පල්මානික්‌කම්, රසදිය වැනි භයානක රසායනික ද්‍රව්‍ය හෝ බැර ලෝහ නැහැ. ඒ නිසා කිසිදු අගුණයක්‌ නැහැ. අපි මේක කරන්නේ Test of Time කියන ක්‍රමය හරහායි. ඒ කියන්නේ පරම්පරාවෙන් පරාම්පරාවට රෝගීන්ට බෙහෙත් දීලා ප්‍රතිඵල හඳුනා ගන්න ක්‍රමය. රාවණ රජුගේ කාලයේ ලංකාවේ තිබ්බ වෙදකම තමයි ඊට වසර දහස්‌ ගණනකට පසු බුද්ධදාස ර-ජුරුවන් කළේ. ඒ වට්‌ටෝරුව තමයි පොලොන්නරු යුගයේදී ඇස්‌ වෙදකම, මොළයේ පිළිකා සඳහා වෙදකම යනාදී වශයෙන් වූ අටඅනූවක්‌ රෝග සඳහා පාවිච්චි කළේ. ඒ වට්‌ටෝරුව තමයි අද මේ රටේ ඉන්න දේශීය වෛද්‍ය පරම්පරා කිහිපය අතේ තිබෙන්නෙත්. බටහිර වෛද්‍ය ක්‍රමයට අයත් Cough Syrup පාවිච්චි කළාට සමහර විට මිනිස්‌සු මත් වෙනවා. සමහර තරුණ ළමයි ඒවා මත්ද්‍රව්‍ය හැටියටත් පරිහරණය කරනවා. එහෙත් අපේ වෛද්‍ය ක්‍රමය යටතේ ඉඟුරු යහමින් දමල තල්සූකිරි එකතු කරලා කටුවැල්බටු, කොත්තමල්ලි, බිව්වට මත් වෙන්නෙ නැහැ. එය දවසට තුන් වේලම බිව්වත් කිසි ප්‍රශ්නයක්‌ නැහැ. ඒ නිසා දේශීය වෛද්‍ය ක්‍රමයේ ගුණය දැන ගන්න අමුතු පරීක්‍ෂණ වුවමනා නැහැ.

ප්‍රශ්නය - ඔබේ උත්තරය දීර්ඝයි. අක්‌මාවේ කාර්යය භාරය කුමක්‌ද කියන එක පසුගිය ලිපිවලින් විස්‌තර වුණා මදි කියලා අපේ පාඨකයන් කියනවා.

වෛද්‍ය වික්‍රමාරච්චි - අක්‌මාව කියන්නේ අපේ ශරීරයේ තිබෙන විශාලතම ඉJද්‍රියයි. ශරීරයේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි තබා ගැනීම සඳහා අක්‌මාව අත්‍යවශ්‍යයි. අක්‌මාව විසින් රුධිරයේ තිබෙන විෂ කොටස්‌ ඉවත් කර ශරීරයේ හටගන්නා විවිධ නරක්‌වීම් පාලනය කළ හැකි ද්‍රව්‍ය නිෂ්පාදනය කරනවා. එසේම විෂබීජ සහ ක්‍ෂුද්‍ර ජීවීන් ලේවලින් ඉවත් කරන්නටත්, අක්‌මාවට පුළුවන්. රුධිර කැටිගැසීම් පාලනය කරන ප්‍රොaටීන් නිපදවීමටත් මේදයෙහි දියවන විටමිනවලට උපකාර වශයෙන් පිත සූදානම් කිරීමටත් අක්‌මාවට පුළුවන්. මේ නිසා අක්‌මාව ඉතාම වටිනවා. අක්‌මාව නැති වුණොත් මුළු ජීවිතයම ඉවරයි.

Post a Comment

0 Comments