තලතෙල්වල තිබෙන දරුවන් බිහිකරන ගුණය

ප්‍රශ්නය - එළඟිතෙල් සහ තලතෙල් වලින් ගැබ් ගැනීම් සිදු කරන ආකාරය ගැන පසුගිය සතියේ අප ඔබ සමඟ කතා කළා. මේ තෙල් වර්ගදෙක සතු රහස කුමක්‌ද?

වෛද්‍ය කෞමදී කරුණාගොඩ - මෙහිදී තල තෙල් සහ එළඟිතෙල් වල ගුණ අගුණ සොයා බලමු. තලතෙල් කියන්නේ රටවල් ගණනාවක්‌ම මහත් වැදගත් තැනක්‌ දෙන ඖෂධීය තෛලයක්‌. තල තෙල් වැඩි වශයෙන්ම නිෂ්පාදනය කරන්නේ චීනය සහ ඉන්දියාව, බුරුමය සහ සුඩානය යන රටවල් හතරයි. වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ රෝග සුව කිරීමේ මාධ්‍යයක්‌ හැටියට තල තෙල් පරිහරණය කෙරුණා. 

ඉපැරැණි වේද ග්‍රන්ථවල සඳහන් වන පරිදි චර්ම රෝග සුවපත් කිරීම සඳහා තල තෙල් යොදා ගැනීම වසර දහස්‌ ගණනක සිට සිදු කෙරී තිබෙනවා. බැක්‌ටීරියා නැසීම සඳහා තල තෙල් සතුව ඉතා ඉහළ ශක්‌තියක්‌ තිබෙනවා. ඇමරිකාවේ අයෝවා ප්‍රාන්තයේ මහාරිෂි ජාත්‍යන්තර විදුහලේ සිසුන් පර්යේෂණයක්‌ වශයෙන් තල තෙල්වලින් කට සේදීම කළා. දෙසතියක පමණ කාලයකට පසු හෙළිවුණා ඔවුන්ගේ මුඛවල තිබූ විෂබීජවලින් 85% ක්‌ ම විනාශ වී තිබෙන බව.

කිසියම් කාන්තාවක්‌ දරු පල අපේක්‍ෂාවෙන් සිටින විට මඳ සරු භාවයක්‌ ඇති වුණොත් එය ඉතාම අභාග්‍ය සම්පන්නයි. මෙහිදී තල මගින් විසඳුමක්‌ ලබා ගන්නේ කොහොමද? තල වල විෂ නාශක සංඝටක විශාල වශයෙන් තිබෙනවා. ඊට අමතරව එහි ඊස්‌ට්‍රජන් නාශක සංඝටක රැසකුත් තිබෙනවා. වසර 2013 ප්‍රකාශයට පත් කළ ඉන්දියානු Journal of Resarch in Medical Science සඟරාවේ පළවූ පර්¨යේෂණ වර්තාවක සඳහන් වූ පරිදි වයස 27 - 40 අතර මඳ සරු භාවයෙන් යුතු පුරුෂයන් 25 දෙනකුට දිනපතා මාස 3 ක කාලයක්‌ මුඛ මාර්ගයෙන් තල කුඩු ලබා දීමේදී ඔවුන්ගේ ශුක්‍ර සංයුතිය ඉහළ ගොස්‌ තිබෙනවා. ඉන් පසු මේ පිරිසෙන් දෙදෙනෙක්‌ අතින් ක්‍ෂණිකව ඔවුන්ගේ බිරියන් ගැබ් ගැන්වුණා. මෙය IVF වැනි ක්‍රමයකින් කෙරුණ ගැබ්ගැන්වීමක්‌ නොව සෘජුවම සංසර්ග මාර්ගයෙන් හටගත් ගැබ් ගැන්වීමක්‌. ඉහත සඳහන් පුරුෂයන් 25 දෙනා දිනපතා අනුභව කළ තල කුඩු ප්‍රමාණය මිලි ග්‍රෑම් 0.5 යි.

තල තෙල්වල විටමින් K අඩංගු වෙනවා. එසේම ශරීරයට අවශ්‍ය මේද වර්ග රැසකුත් මෙහි අඩංගු වෙනවා. ඒ වගේම වැදගත් දෙයක්‌ තමයි ගිතෙල්. ලබන සතියේ ඒ ගැන කතා කරමු.

0 Comments

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us