එතෙක් මෙතෙක් පෘතුවි මහපොලොවේ විස්තරය , රූපමය කෙටි සටහනක් ලෙස

ශ්‍රීරපත මන්ධාකිනියේ  සූර්‍යයා මුල්කරගෙන  පවතින තුන්වන ග්‍රහලෝකය වන පෘතුවිය , එහෙමත් නැතිනම් ඔබ අප ජීවත්වන මේ මහ පොලොව , මීට අවුරුදු බිලියන 4.54 කට පෙර නිර්මාණය වන්නට ඇති බවත් අදට අවුරුදු බිලියනයකට පෙර පෘථිවි පෘෂ්ඨය මත ජීවය බිහිවී ඇති බවත් වර්තමාන විද්‍යා මතය වෙනව. මිනිසා ඇතුළු සත්ව විශේෂ මිලියන ගණනකට නිවහන වන පෘථිවිය දැනට සොයාගෙන ඇති පරිදි ජීවය පවතින එකම ආකාශ වස්තුව. පොළෝතලයෙන් 76% ක් , එහෙමත් නැතිනම් භූමි ප්‍රමාණයෙන් හතරෙන් තුනක ප්‍රමාණයක් පමණ ජල‍ ගෝලයට අයත් ය.ගොඩබිම් භූමි ප්‍රමාණය 24% ක් එහෙමත් නැතිනම් හතරෙන් එකක කොටසක්.ප්‍රධාන සාගර කලාප පහක් පවතින අතර ආක්ටික් සාගරය , අත්ලාන්තික් සාගරය . ඉන්දියානු සාගරය ශාන්තිකර සාගරය දකුණු සාගරය හෙවත් ඇන්ට්ටාක්ටික් සාගරය මේ අතර වනවා. ප්‍රධාන ගොඩබිම් භූමි කලාප හෙවත් මහද්වීප , දැනට පිළිගැනෙන සම්මතයට අනුව 7 කට බෙදා වෙන්කර පවතිනව.ආසියා මහද්වීපය , අප්‍රිකා  මහද්වීපය , උතුරු ඇමෙරිකා  මහද්වීපය, දකුණු ඇමෙරිකා  මහද්වීපය, ඇන්ටාර්ක්ටිකා  මහද්වීපය, යුරෝප මහද්වීපය  , සහ ඕස්ට්‍රේලියා  මහද්වීපය යනුවෙන් නම්කෙරෙනව.පෘතුවිය දේ...