එතෙක් මෙතෙක් පෘතුවි මහපොලොවේ විස්තරය , රූපමය කෙටි සටහනක් ලෙස

පෘතුවි මහපොලොවේ විස්තරය


ශ්‍රීරපත මන්ධාකිනියේ  සූර්‍යයා මුල්කරගෙන  පවතින තුන්වන ග්‍රහලෝකය වන පෘතුවිය , එහෙමත් නැතිනම් ඔබ අප ජීවත්වන මේ මහ පොලොව , මීට අවුරුදු බිලියන 4.54 කට පෙර නිර්මාණය වන්නට ඇති බවත් අදට අවුරුදු බිලියනයකට පෙර පෘථිවි පෘෂ්ඨය මත ජීවය බිහිවී ඇති බවත් වර්තමාන විද්‍යා මතය වෙනව. මිනිසා ඇතුළු සත්ව විශේෂ මිලියන ගණනකට නිවහන වන පෘථිවිය දැනට සොයාගෙන ඇති පරිදි ජීවය පවතින එකම ආකාශ වස්තුව.

පොළෝතලයෙන් 76% ක් , එහෙමත් නැතිනම් භූමි ප්‍රමාණයෙන් හතරෙන් තුනක ප්‍රමාණයක් පමණ ජල‍ ගෝලයට අයත් ය.ගොඩබිම් භූමි ප්‍රමාණය 24% ක් එහෙමත් නැතිනම් හතරෙන් එකක කොටසක්.ප්‍රධාන සාගර කලාප පහක් පවතින අතර ආක්ටික් සාගරය , අත්ලාන්තික් සාගරය . ඉන්දියානු සාගරය ශාන්තිකර සාගරය දකුණු සාගරය හෙවත් ඇන්ට්ටාක්ටික් සාගරය මේ අතර වනවා.

ප්‍රධාන ගොඩබිම් භූමි කලාප හෙවත් මහද්වීප , දැනට පිළිගැනෙන සම්මතයට අනුව 7 කට බෙදා වෙන්කර පවතිනව.ආසියා මහද්වීපය , අප්‍රිකා  මහද්වීපය , උතුරු ඇමෙරිකා  මහද්වීපය, දකුණු ඇමෙරිකා  මහද්වීපය, ඇන්ටාර්ක්ටිකා  මහද්වීපය, යුරෝප මහද්වීපය  , සහ ඕස්ට්‍රේලියා  මහද්වීපය යනුවෙන් නම්කෙරෙනව.පෘතුවිය දේශගුණ කලාප කිහිපයක විවිධත්වයකින් සමන්විත අතර වියළි , සෞම්‍ය , ශීත සහ ධ්‍රැවීය කලාප ලෙස ප්‍රධාන වනව.

ඉතින් මෙවැනි  භූගෝලීය සාධක , කාලගුණික , දේශගුණික සාධක සහිත විවිධත්වයෙන් පිරි මේ මහපොලොව මත , මනුෂ්‍ය ජන කොටස් , සමාජීය දේශපාලණික වශයෙන් බෙදී , සීමාකරගත් ලෝකයේ රටවල් ගණන 196 ක්.එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිදානය රටවල් 240 කට වඩා වැඩි ප්රමාණයක් හඳුනාගෙන පවතින නමුත් මෙයින් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් ගණන 193 ක් පමණයි.2020 වසරේදී  දී ලෝක ජන සංඛ්‍යාව බිලියන 7.6ක් වූ අතර එය 2030 වන විට බිලියන 8.5ක් පමණත් 2050දී බිලියන 9.5ක් පමණ දක්වාත් වැඩිවිය හැකි බවටත් පුරොකතනය කර තිබෙනවා.දැනට ලෝක ජනගහනයෙන් 19.1% ක් චීන ජාතිකයන් වන අතර , 17.4% ක් ඉන්දියානුවන්.ඇමරිකා එක්සත් ජනපදය ලොක ජනගහනයෙන් 4.45% ක ප්‍රමාණයක් නියෝජනය කරණව.

මේ ආකාර වූ ලෝක සමස්ත ජනගහනය විවිධ භාෂා , ආගමික , සංස්කෘතික , දේශපාලණික  ආදී තත්වයන් නියෝජනය කරනව.ලෝ පුරා, අද වනවිට භාවිතයට ගැනෙන භාෂා සංඛ්‍යාව 5000ත් 7000ත් අතර වේ යැයි සඳහන්වුවත් මෙයින් වැඩි දෙනා භාවිතා කරන භාෂා ප්‍රමාණය සියයක් වැනි ප්‍රමාණයක් .මෙයින්ද 1. මැන්ඩරීන් , 2. ස්පාඤ්ඤ , ඉංග්‍රීසි , හින්දි , අරාබි , පෘතුගීසි , බෙංගාලි , රුසියානු , ජපන් සහ 10. පංජාබි භාෂා ප්‍රධාන භාෂා දහය අතරට ගැනෙනව.ඒ ඒ ජන සමාජයන්ට ආවේනික ලෙස ඇතිවූ , ඇතිකරගත් ආගමික සංස්කෘතික තත්වයන් ලොව පුරා ගණනින් ගැනිය නොහැකි වන අතර ලෝකයේ ප්‍රධාන ආගම් ලෙස ක්‍රිස්තියානි, ඉස්ලාම් ම් හින්දු ,චීන ආගමික සංස්කෘතික තත්වයන් ප්‍රධාන වෙනව.

මීට අවුරුදු බිලියන 4.54 කට පෙර සිට වර්තමාණය දක්වා වූ කාල පරාසය තුල කාලයත් සමග භ්‍රමණය වෙමින් පැමිණියා වූ පෘතුවි තලය , වර්තමානය තුල විවිධ සමාජ රටාවන් , වට පිටාවන් සමග මනුෂ්‍ය සත්ව පරිණාමයේ අති උද්වේගකර වූ අවස්තාවක් වත්මනේ පසුකරමින් සිටිනව.

ගෙවාදැමූ , ගෙවීගිය අතීතය සමග අනාගත විශ්මිත පාරාදීශයට පා තබන්නට සූදානම් අප , විසි එක්වන සියවසේ දෙවන දශකය පසුකරමින් , ක්‍රිස්තු වර්ෂ 2022 ක වසර ගතකරමින් සිටිනව.

කුල ගෝත්‍ර , ජාති ආගම් , ස්ත්‍රී පුරුෂ සීමා මායිම්  බිදවැටෙමින් ගල් යුග , ගොවි යුග පසුකරමින් විද්‍යා තාක්ෂණික , අභ්‍යවකාෂ යුගය දක්වා පැමිණ , යුරේණියම් බලගැන්වීම අවසන් කර නැවත ස්භාවිකත්වයේ ජීවන පහසට මානවයා හුරුකරවන විසල් අනාගත ලෝකය , සිංහලෙන් අපේ විදිහට දකින්නට , රට වටා ලොව වටා සැරි සරන්නට , දැනුම ලබන්නට , සතුට ලබන්නට , විවිධත්වයෙන් අසම සම අපූර්ව ලෝකය යූටියුබ් අවකාශය තුලින් දැක  අසා දැන ගන්නට , සහෘධ හිතවතුනි , හිතවතියනි , එන්න මෙතැන් සිට එක්වන්න ශ්‍රී ලංකා සගරාව සමග.


ශ්‍රී ලංකා සඟරාව වෙනුවෙන්
ජනක් පී කුමාර්

Post a Comment

0 Comments