වෛද්‍යවරු බොහෝ දෙනෙක් මිය යැමට ආසන්න තත්ත්වයේ පසුවෙන රෝගීන්ට ඒ බව දන්වන්නේ බෙහෙවින් කෲර අන්දමටය. සිය බාල සොහොයුරිය බෙහෙවින් අසාධ්‍ය රෝගයකින් පෙළුණු අවස්‌ථාවේ ක්‍රිස්‌ටිනාද මේ අවාසනාවන්ත අත්දැකීමට මුහුණපෑවාය. අනාගතය පිළිබඳ බලාපොරොත්තු තබාගත නොහැකිය යන අසුබ ආරංචිය වෛද්‍යවරයෙක් විසින් රෝගියකුට පැවසිය යුත්තේ කෙසේද? හැටතුන් වැනි වියේ පසුවූ මගේ බාල නැඟණිය වූ ටිලීෂීයා, ඩිම්බාධාර පිළිකාවෙන් පෙළෙන බව හඳුනාගත් අවස්‌ථාවේ මේ වේදනාකාරී තත්ත්වයට මුහුණපෑමට මට සිදු විය. ඇය බිය ගන්වමින් වෛද්‍යවරු කිහිපදෙනෙක් විසින් ඇගේ අනාගතය පිළිබඳව පවසා ඇත්තේ හිත් පිත් නැත්තන් ලෙසින්ය.
උදරය ප්‍රදේශයේ තියුණු වේදනාවකින් පෙළෙන බව පසුගිය අප්‍රේල් මාසයේ ටිලීෂියා පවුලේ වෛද්‍යවරයාට දැන් වූ විට ඔහු විසින් ඇයව රෝහලක් වෙත යොමුකරන ලදී. දින තුනක් විවිධ පරීක්‍ෂණවලට භාජන කිරීමෙන් අනතුරුව "ඔබට තියෙන්නෙ මොනවගේ ලෙඩක් කියලද හිතන්නෙ?" යි රෝහලේ රෙජිස්‌ට්‍රාර්වරයා ඇයගෙන් විමසා ඇත. ජීවිතයේ කිසිදා කිසිම ආකාරයක රෝගයකින් නොපෙළුණු මගේ සොහොයුරිය එය කුමක්‌දැයි පැවසීමට අපොහොසත් තත්ත්වයක පසු වූවාය. "මට තියෙන්නෙ ඇපෙන්ඩිසයිටිස්‌ද ඩොක්‌ටර්?"
"නෑ. ඔබට තියෙන්නෙ භයානක පිළිකාවක්. ඒක දැන් හැම තැනම ඔඩු දුවල" යි ඔහු මෙවිට කුරිරු ලෙස පවසා ඇත.
මේ පුවත සැළකරන විට ඇය සිටියේ තනිවය. මෙවිට පවුලේ කිසිවෙකුට පැමිණෙන ලෙස දන්වා නොතිබිණි. දෙනෙත් අදහාගත නොහැකි වූ ඇය බියෙන් වෙව්ලමින් තනිවම සිය වාට්‌ටුවට ගොස් නිවසට යැමට සූදානම් වූවාය. මේ පුවත සැළවූ වහා මගේ සොහොයුරා ඇය කැටුව යැමට පැමිණි විට, ඇය බෙහෙවින් කම්පනයට පත්ව සිsහි විකල් වූවෙක් සේ වෙවුලමින් සිටිනු දක්‌නට ලැබී ඇත.
පසුව ඇය වෙනත් රෝහලකට ඇතුල් කළ විට ඇය පසුවන්නේ ඩිම්බාධාර පිළිකාවේ දඩ්රස්‌බ ජ්බජැර හතර වැනි අදියරේ බව හඳුනාගන්නා ලදී. දැඩි ග්‍රීෂ්ම සෘතුව වූ ඒ අවධියේ ටිලීෂියා තවත් පරීක්‍ෂණවලට භාජන වෙමින් හා රස චිකිත්සා ප්‍රතිකාරය ජයෑපදඑයෑර්චහ ලබමින් සිටියාය. දිනක් තරුණ ස්‌ත්‍රී රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ඇගේ ඇඳ අසලට පැමිණ, "ඔබට ජීවත් වෙන්ඩ තියෙන්නෙ වැඩිම වුණොත් තව මාස කීපයක් පමණයි" යනුවෙන් ඇගේ මූණටම පැවසූ විට ඇය තවත් කම්පනයට පත්ව ඇත. බෙහෙවින් අසරණ තත්ත්වයකට පත් ටිලීෂියා තමා නින්දෙන් භයානක සිහින දකින බවත් පාලනය කළ නොහැකි බියකින් පෙළෙන බවත් මට පැවසුවාය.
වෛද්‍යවරයා එය ඇයට දැන් වූ ආකාරය පිළිබඳව මම ඇගෙන් විමසූ විට "මම ඔය ප්‍රශ්නෙ දොස්‌තර මහත්තයගෙන් ඇහැව්ව, එයා කිව්ව, වෛද්‍ය සභාවෙ මඟපෙන්වීම් වලට අනුවයි මං ක්‍රියා කළේ කියල යනුවෙන් ඇය පැවසුවාය. එහෙත් මගේ නැඟණියට අවශ්‍ය කර තිබුණේ තමා මියයන දිනය දැනගැනීමට නොවේය යනු මගේ හැඟීමයි.
ඇගේ ළඟම ඥතියා ලෙස මේ පිළිබඳව ඇයට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා හමු වූ විට ඔහු පැවසුවේ, ඇයට කරන ප්‍රතිකාර වලින් අත්වෙන ප්‍රගතිය 25% ක් පමණක් බවය.
"නොසඟවා අදහස් ප්‍රකාශ කිරීම බෙහෙවින් වැදගත් වුවත් මේ අවස්‌ථාවේ ටිලීෂියාව මෙලෙසින් බිය ගැන්වීම සුදුසු නැති බවත්, රස චිකිත්සා ප්‍රතිකාරයෙන් ඇයට සම්පූර්ණ සුවයක් නොලැබුණත් ඇය තුළ කිසියම් අපේක්‍ෂාවක් ඇතිකර ඇය සනසා ෙධෛර්යමත් කළ යුතු බවත්, මම මෙවිට වෛද්‍යවරයාට පැවසුවෙමි.
රස චිකිත්සා ප්‍රතිකාර සැසි කිහිපයකට පසු ජූලි මාසයේ ඇය තනිව රෝහල් කාමරයේ සිටින විට රෝහලේ තවත් රෙජිස්‌ට්‍රාර්වරයෙක් පැමිණ, "රස චිකිත්සා ප්‍රතිකාරයෙන් ඔබට නිසි ගුණයක් ලැබී නැති බව මට කියන්ඩ සිදුවෙලා තියෙනව. ඔබට තව ජීවත්වීමට ඇත්තෙ වැඩිම වුණොත් සති තුනේ සිට මාස තුනක් පමණ වන කාලයක් පමණයි. අපි දැන් ඔබව අසරණ නිවාසයකට යවනව" යි පවසා තිබේ. පැය දෙකක් ඇතුළත ඇය එම අසරණ නිවාසයට රැගෙන යන ලදී. ඇගේ ජීවිතයේ අවසානය පිළිබඳව ඇය බෙහෙවින් කම්පනයට පත්ව සිටියාය. මෙවිට ඇය සිටියේ සියදිවි හානිකර ගැනීමේ තත්ත්වයකය. මම ඇයට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා හමුවීමි. ඔහු බෙහෙවින් විනීත ස්‌වරයෙන් අදහස් ප්‍රකාශ කළේය. මා නැවතත් රෙජිස්‌ට්‍රාර්වරයා හමු වූ විට ඔහු පැවසුවේ, "අපි නොසඟවා ඇත්ත ඇති සැටියෙන් පවසන්ඩ ඕනෑ" කියාය.
ඇය බිහිසුණු සිහින දැකීම නිමාවකට පත්ව නොතිබිණි. එහෙත් පවුලේ ඥතීන් හා හිත මිත්‍රාදීන් නිතර ඇය දැකීමට පැමිණ සනසවන ලද හෙයින් අවසන් දෙසතියේදී ඇය මඳක් සන්සුන්ව සිටියාය. අසරණ නිවාසයේදී ඇගේ වේදනාවන් හොඳින් පාලනය කරන ලදී. දිනක් මාත් එහි සිටි අවස්‌ථාවක කනිෂ්ඨ වෛද්‍යවරයෙක් පැමිණ ඇගේ අවසන් දින කිහිපය කෙසේ ගත කිරීමට සිදුවේ දැයි ඇයට කරුණු පැහැදිලි කළේය.
මගේ නැඟණියගේ පිළිකාව හඳුනා ගන්නා විට ප්‍රමාද වී වැඩි බව මම පිළිගනිමි. ඒ සියල්ල බලාපොරොත්තු නොවූ පරිදි ඉක්‌මනින් සිදුවීම නිසා මේ පුවත හෙළිකිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරු ගැටලුවකට පත්ව සිටින්නට ඇති බවත්, එය ක්‍රමයෙන් හෙළිකිරීම දුෂ්කර කරුණක් බවත් මම පිළිගනිමි.
එසේ වුවද මේ අසතුටුදායක පුවත හෙළිකරන ලද්දේ ඇය දිරිගැන්වීමට හෝ සනසාලීමට කිසිවෙක් එහි නොසිටි අවස්‌ථාවකය. මා රෝගීන් කිහිප දෙනෙක් හා ඔවුන්ගේ පවුල්වල අය සමග මේ පිළිබඳව සාකච්ඡා කළ විට හෙළි වූයේ, මගේ නැඟණිය මුහුණපෑ අත්දැකීම ඇයට පමණක් විශේෂ වූවක් නොවන බවත්, වෛද්‍යවරු නොසඟවා අදහස් ප්‍රකාශ නොකරන්නේ යෑයි අතීතයේදී ඔවුන් වෙත එල්ලවූ චෝදනාව උපයෝගි කරගෙන වර්තමානයේ කෙළින්ම අදහස් ප්‍රකාශ කිරීමේ මේ කෲර ප්‍රතිපත්තිය අනුගමනය කරන බවත්ය.
මගේ හිතවත් වෛද්‍යවරයෙක් පැවසුවේ සුව කළ නොහැකි රෝගීන්ට කතා කළ යුතු ආකාරය පිළිබඳව වෛද්‍යවරුන්ට හා රෝහල් කාර්යමණ්‌ඩලයට නිසි පුහුණුවක් නොලැබෙන බවය.
"තරුණ රෝහල් රෙජිස්‌ට්‍රාර්වරු වැඩි දෙනෙක් උසස්‌වීම් අපේක්‍ෂාවෙන් සිටින දක්‍ෂ අය වුවත් කෙනෙකුගේ මරණය ඔවුන්ට සුළු දෙයක්. ඔවුන් රෝගීන් හමුවට පැමිණෙන වාර ගණන හුඟක් අඩුයි. රෝහල්වල ඉඩ කඩ මදිකමත්, ඇඳන් ස්‌වල්පයක් තිබීමත් දැන් බලවත් ප්‍රශ්නයක් වෙලා. රෝගියෙක් සුව කරන්න බැරි බව දැනගන්න විට ඔවුන් කරන්නෙ ජීවත්වීම පිළිබඳ අදහස අත්ඇරල, මරණෙට සූදානම් වෙන්ඩ කියල ඔවුන්ට කියන එකයි".
මා වෛද්‍ය සභාවේ අධ්‍යක්‍ෂවරයා හමු වූ විට ඔහු පැවසුවේ, ජීවිතයේ අවසන් අදියරේ පසුවන රෝගීන් අසන ප්‍රශ්නවලට කෙළින්ම පිළිතුරු දීමේදී වෛද්‍යවරු හා රෝහල් කාර්ය මණ්‌ඩලය බෙහෙවින් සංවේදීව හා සැලකිලිමත්ව කටයුතු කළ යුතු බවයි.
"වෛද්‍යවරු, රෝගීන් හා ඔවුන්ගේ පවුල්වල අය සමග අදහස් හුවමාරු කර ගැනීමේදී සැලකිලිමත් වීම බෙහෙවින් වැදගත්. තමන්ට කරුණාවෙන් හා දයාවෙන් සැලකුවහොත්, මියයැමට ආසන්න රෝගියකුට සැනසිල්ලේ අවසන් හුස්‌ම පොද හෙළන්නට පුළුවන්".
ටිලීෂියාගේ රෝගය මුලින් හඳුනාගෙන, සති දාහතරකට පසු පසුගිය අගෝස්‌තු මාසයේ දවසක ඇය අප සැම සෝ සයුරේ ගිල්වා සදහටම අපෙන් සමුගත්තාය.
ද අයිලන්ඩ් පුවත්පතේ පළවූ ලිපියක් ඇසුරිනි.
කේ. එන්. ඕ. අමරදාස