මුළු ලොවම කම්පා කළ යුක්‌තිය පාවාදුන් අසාධාරණ නඩු තීන්දුව

කිතුනුවන්ට මෙලොවෙහි ඉතාමත් වැදගත් උත්සවය වන්නේ පාස්‌කු උත්සවයයි. ලොව පුරාම කිතුනු බැතිමත්හු මහා සිකුරාදා ක්‍රිස්‌තුන් වහන්සේ කුරුසියේ ඇණ ගසා මරණයට පත්කිරීමද, එයින් තෙදිනකට පසු පාස්‌කු ඉරිදා උන්වහන්සේ විජයග්‍රාහීව මරණයෙන් නැගිටීමද මහත් හරසරින් සමරති. 

ක්‍රිස්‌තුන් වහන්සේ මනුකය රැගෙන මෙලොවට බිහිවූයේ සකල මනුෂ්‍ය සංහතියටම පවු බරින් විමුක්‌තිය ලබාදීම සඳහාය. මෙලොව වැසියන්ට යුක්‌ති ධර්මයෙන්, සහෝදර දයාවෙන් හා සමාජ සාමයෙන් දෙවියන් ඇදහීමට මග සැලැසීම උන්වහන්සේගේ පරමාර්ථ විය. 

ක්‍රිස්‌තුන් වහන්සේ කිසිවිටෙකත් මෙලොවෙහි තමාගේ රාජ්‍යයක්‌ ඇතිකිරීමට ක්‍රියා කළේ නැත. වරක්‌ ක්‍රිස්‌තුන් වහන්සේ උගුලකට අසුකිරීමට තැත් කළ පරසි වරුනට උන්වහන්සේ "දෙවියන්ගේ දෙය දෙවියන්ටද සීසරගේ දෙය සීසරටද දෙන්න" ßමතෙවු 20 / 21à යනුවෙන් ප්‍රකාශ කරමින් දෙවියන්ගේ රාජ්‍යය එකක්‌ බවත්, මනුෂ්‍යයන්ගේ රාජ්‍යය තවත් එකක්‌ බවත් පැහැදිලි කළ සේක. ක්‍රිස්‌ත්‍රියානි ධර්මය පරලොව යහපත පරමාර්ථ කොටගත් ආධ්‍යාත්මික සංස්‌ථාවක්‌ විනා මෙලොව විමුක්‌තිය ලබාදෙන දේශපාලන දර්ශනයක්‌ නොවේ. එහෙත් ක්‍රිස්‌තුන් වහන්සේ ප්‍රේමය, දයාව හා සහෝදරත්වය පදනම් කොටගත් අද්විතීය ධර්මයක්‌ බිහිකොට මනුෂ්‍යත්වයේ මල්හටගැනීමට අවශ්‍ය පරිසරයක්‌ ගොඩනගමින් මෙලොවෙහි මහා විප්ලවයක්‌ ඇති කළ සේක. 

එකලැ මනුෂ්‍යයා ආත්මාර්ථකාමී ලෙස මෙලොව සැප සම්පත් හා යස ඉසුරු සොයමින් ආධ්‍යාත්මික ගුණවගාවන් දමනය කර දැමුවේය. මෙම මානසිකත්වය බැහැර කළ ක්‍රිස්‌තුන් වහන්සේ "යමෙක්‌ මුළු ලොවක්‌ දිනා ගත්තත් ඔහුගේ ආත්මය නැතිවූයේ නම් කුමන ඵලක්‌ දැයි" ßමතෙව් 17 / 19à ප්‍රශ්න කළ සේක. උන්වහන්සේ කන්ද උඩ දේශනාවේදී "සිතින් දිළින්දෝ භාග්‍ය වන්තයෝය. මක්‌aනිසාද ස්‌වර්ග රාජ්‍ය ඔවුන්ගේය. ධර්මිෂ්ඨකම නිසා පිපාසය විඳින්නේ භාග්‍ය වන්තයෝය. මක්‌නිසාද ඔවුහු පරිපූර්ණ කරනු ලබන්නෝය" ßමතෙව් 5 / 34, 35à යනවෙන් ලෝකයා විසින් නොසකා හරින ලද ගුණ වගාවන් උසස්‌ කොට දැක්‌ වූ සේක. 

ක්‍රිස්‌තුන් වහන්සේ මෙලොවට ගෙන ආවේ ප්‍රේමයේ පණිවිඩයකි. උන්වහන්සේ "තම තමාට ඇති දයාව සේ පර හටද දයා කරන්න" යෑයි පවසමින් දයාව පුරුදු පුහුණු කළ සේක. උන්වහන්සේ දයාවේ හා ප්‍රේමයේ පූජාසනය මත මෝසස්‌ගේ නීතිය හා එහි අටුවාවන්ද පුදකිරීමට තරම් එඩිතර වූ සේක. "ඔබ අසල්වැසියාට ප්‍රේම කරන්න, ඔබ සතුරාට වෛර කරන්න" යනුවෙන් ඔබ අසා තිබේ. එහෙත් "ඔබේ සතුරාට වුවද ප්‍රේ‍රaම කරන්න, ඔහුට ආශිර්වාද කරන්න, ඔහු වෙනුවෙන් යාඥා කරන්න" ßමතෙව් 6 / 43 / 44à යනුවෙන් ක්‍රිස්‌තුන් වහන්සේ වෛරය ප්‍රේමයට හැරවූ සේක. 

ක්‍රිස්‌තුන් වහන්සේ මිනිසකු තවත් මිනිසෙකු වෙන්කරනු ලබන වැට කඩොලු වන ජාති භේද, වංශ භේද, පංති භේද හා කුල භේද හෙළා දුටු සේක. උන්වහන්සේ කෙනෙක්‌ තම වංශය, කුලය, ධනය, නිලය හෝ බලය නිසා දෙවියන් ඉදිරියේ තවත් කෙනෙකුට වඩා උසස්‌ නොවන බව පෙන්වා දුන් සේක. 

ක්‍රිස්‌තුන් වහන්සේ එදා සමාජයේ කොන් කරනු ලැබූ ජුබිලිකානුන් හා සමරිතානුන් ආශ්‍රය කළ සේක. එකලැ සමාජය පිටුදකිනු ලැබූ දිළින්දන්, පීඩිතයන්, කුල හීනයන්, අවමන් ලැබූවන් හා අසරණයන් හා ගැවසෙමින් ඔවුන් හා වාසය කළ සේක. වරක්‌ ක්‍රිස්‌තුන් වහන්සේ සමරිකානු ස්‌ත්‍රියකගෙන් බීමට ජල බිඳක්‌ ඉල්ලූ විට එකලැ ජුදා වංශිකයන් සමරිකානුන් පිටිවහලුන් සේ සැළකූ බැවින් ඇය මවිතයට පත් වූවාය. 

ධනවතුන් හා පූජකයන් zදිළින්දන්Z හා වහලුන් තලාපෙලා සූරාකමින් සිටි යුගයක ක්‍රිස්‌තුන් වහන්සේ සමාජ සාධාරණත්වය අගය කළ සේක. "මෙලොව ධනය රැස්‌ නොකරල්ලා" යෑයි ධනවාදය හෙළා දකිමින් "ධනවන්තයෙකුට ස්‌වර්ග රාජ්‍යයට ඇතුළුවනවාට වඩා ඔටුවෙකුට ඉඳිකටු සිදුරකින් ඇතුළු වීම පහසුය" ßමතෙව් 21 / 24à කියමින් ධනවතුන් සමච්චලයට ලක්‌ කළ සේක. උන්වහන්සේ "වෙහෙසෙන්නා වූද, බර උසුලන්නාවූද සියල්ලෝම මා වෙතට එන්න. මම නුඹලාට සහනය දෙමි" ßමතෙව් 15 / 138à කියමින් ගොවීන් හා කම්කරුවන් සැනසූ සේක. 

"ඇසට ඇසක්‌ - දතට දතක්‌" යනුවෙන් එකලැ නීතියේ පදනම වූයේ පළිගැනීමයි. ක්‍රිස්‌තුන් වහන්සේ යම් කෙනෙක්‌ "යම් කෙනෙක්‌ ඔබගේ දකුණු කම්මුලට පහරක්‌ ගැසීද, ඔහුට අනෙක්‌ කම්මුලද හරවන්න" ßමතෙව් 19 / 38à කියමින් පළිගැනීම ප්‍රතික්‍ෂේප කොට සමාව දීම අගය කළ සේක. යුද ගැටුම් සහ අවි ගැටුම් හෙළා දුටු ක්‍රිස්‌තුන් වහන්සේ "අවි ගත්තෝ අවියෙන්ම නසින්නාහුය" යෑයි ප්‍රකාශ කළ සේක. උන්වහන්සේ කන්ද උඩ දේශනාවේදී "සාමය ඇතිකරන්නෝ භාග්‍යවන්තයෝය, මක්‌නිසාද ඔහු හා දෙවියන්ගේ පුත්‍රයන් යෑයි කියනු ලබන්නෝය" යෑයි ප්‍රකාශකොට සාමය අගය කළ සේක. 

උන්වහන්සේ මනුෂ්‍යයාගේ යහපතට බාධාවක්‌ව පැවති සම්ප්‍රදායන් නොසලකා හරිමින් මනුෂ්‍ය අවශ්‍යතාවන් සම්ප්‍රදායට වඩා වැදගත් බව පෙන්වා දුන් සේක. එක්‌ සබත් දවසක ක්‍රිස්‌තුන් වහන්සේ ගෝලයන් ආහාර සඳහා ගොයම් කරල් කඩනු දුටු පරසිවරුන් ඒ ගැන ප්‍රශ්න කළ විට "මනුෂ්‍යයා සබත් දවස උදෙසා නොව සබත් දවස මනුෂ්‍යයා උදෙසා නියම කරන ලද්දේය" ßමතෙව් 11 / 27à යනුවෙන් පිළිතුරු දෙමින් උන්වහන්සේ නිහඬ කළ සේක.

එකලැ පරදාර සේවනය හා දික්‌කසාද ද විරල නොවූයේය. "ස්‌ත්‍රියක දෙස රාගයෙන් බලන කවරෙක්‌ නමුත් ඒ වෙලෙහිම ඈ සමග සිතින් කාම මිච්ඡාචාරය කරන්නේය" ßමතෙව් 5 / 27à යෑයි ප්‍රකාශ කළ උන්වහන්සේ පතිවත හා පිවිතුරු බව අගය කළ සේක. "දෙවියන් වහන්සේ එක්‌කරන දෙය මනුෂ්‍යයා විසින් වෙන් නොකළ යුතුය" ßමතෙව් 19 / 27à යෑයි කියමින් දික්‌කසාදය බැහැර කළ සේක. 

එකලැ පූජක ධුරය යස ඉසුරු රකින පලිහක්‌ මෙන්ම දුෂ්චරිත වසන ආවරණයක්‌ද විය. දේවස්‌ථාන භූමිය වෙළෙඳාම් හා මුදල් ගනුදෙනු කරන ස්‌ථානයක්‌ විය. ක්‍රිස්‌තුන් වහන්සේ තම අපෝස්‌තළු වරුනට "නුඹලාගේ පසුබිම් වල රන්වත්, රිදීවත් පිත්තලවත් බහා නොගනිල්ලා" ßමතෙව් 10 / 10à යෑයි අණ කරමින් පූජකයනට දිළිඳු නිහතමානී ජීවිත ගත කිරීමට නියම කළ සේක.

ක්‍රිස්‌තුන් වහන්සේ මෙම ඉගැන්වීම් හා පිළිවෙත් ජුදා දේශයේ සමාජ සංස්‌ථාවන් දෙදරා යැමට හේතු වූයේය. එය ජුදා නීතිය හා සම්ප්‍රදායන් අකුරටම ආරක්‍ෂා කළ පරසිවරුනට මෙන්ම ආගම විකුණා කමින් සියලු සම්පත් භුක්‌ති විඳි නායක පූජකයනටද තර්ජනයක්‌ විය. මේ නිසා ඔවුහු ක්‍රිස්‌තුන් වහන්සේ සම්බන්ධයෙන් ගතයුතු පියවර කුමක්‌ දැයි ඔවුනතර සාකච්ඡා කළෝය. 

එසේ පූජකයන් හා පරසිවරුන් ක්‍රිස්‌තුන් වහන්සේට එරෙහිව කුමන්ත්‍රණය කරන විට සාමාන්‍ය ජනතාව උන්වහන්සේ වටා රොක්‌ වූහ. ක්‍රිස්‌තුන් වහන්සේ ජෙරුසලම් නුවරට පැමිණෙන විට දැනගත් ඔවුහු තම හද පත්ලෙන් නැගී ආ සොම්නසින් යුතුව පෙර මගට ගොස්‌ ඔවුන්ගේ කබායන් බිම අතුරා ඔලිව් අතු වනමින් "දෙවියන්ගේ නාමයෙන් පැමිණෙන උත්තමයාණන්ට හෝ සන්නා" කියමින් මහත් ජය ශ්‍රීයෙන් උන්වහන්සේ පිළිගත්හ.

ක්‍රිස්‌තුන් වහන්සේ ජෙරුසලම් නුවර දේව මන්දිරයට වැඩම කළ විට එහි වෙළෙ¹ම් හා මුදල් ගනුදෙනු කළවුන් දැක කිපී "මාගේ ගෘහය යාඥවේ ගෘහයක්‌ යෑයි" යනුවෙන් ලියෑවී ඇත. එහෙත් "තොප එය හොරුන්ගේ ගුහාවක්‌ කර ඇත" කියමින් මේස පුටු පෙරළා ඔවුන්ට කස පහර දී එලවා දැමූහ. 

ක්‍රිස්‌තුන් වහන්සේට ලැබෙන ජනතා ගෞරවය දුටු පර්සිවරුන් හා නායක පූජකවරුන් තැතිගත්හ. ඔවුහු කෙසේ හෝ ක්‍රිස්‌තුන්වහන්සේ මරණයට පත් කළ යුතු යෑයි තීරණය කළහ. මේ අනුව ඔවුහු එක්‌ රාත්‍රියක කඩු මුගුරු සහිත පිරිසක්‌ සමග ක්‍රිස්‌තුන් වහන්සේ අත්අඩංගුවට ගෙන පසුදින උදෑසන රෝම ආණ්‌ඩුකාරයා වූ පිලාත් ඉදිරියේ රාජ්‍ය ෙද්‍රdaහියකු ලෙස ඉදිරිපත් කරනු ලැබීය. 

පිලාත් නඩු ශාලාවේදී ක්‍රිස්‌තුන් වහන්සේ "ඔබ ජුදයින්ගේ රජද" යෑයි ප්‍රශ්න කළේය. ක්‍රිස්‌තුන් වහන්සේ "මාගේ රාජ්‍යය මෙලොව රාජ්‍යයක්‌ නොවීය" යනුවෙන් තම ස්‌ථාවරය පැහැදිලි කළේය. වැඩිදුරටත් ප්‍රශ්න කිරීමෙන් ක්‍රිස්‌තුන් වහන්සේ අහිංසක බව වටහා ගත් පිලාත් "මා හට මේ මිනිසා අත කිසියම් වරදක්‌ නොපෙනේ" යෑයි ප්‍රකාශ කර සිටියේය. එවිට එම පිරිස මොහු තමා ජුදයින්ගේ රජ බව පවසමින් ගැලීලියේ සිට මේ ස්‌ථානය දක්‌වා ජනයා උසිගැන්වූ බව කියමින් ක්‍රිස්‌තුන් වහන්සේට මරණය අයෑද සිටියේය. ක්‍රිස්‌තුන් වහන්සේ ගැලලි වැසියෙක්‌ බව වටහාගත් පිලාත් උන්වහන්සේ හෙරෝදිගේ අධිකරණ බලයටද යටත් වන නිසා එම අවස්‌ථාවේදී ඒ නුවරට පැමිණ සිටි හෙරෝද් ඉදිරියට උන්වහන්සේ පමුණුවන ලද්දේය. හෙරෝද් ද ප්‍රශ්න කිරීමෙන් පසු ක්‍රිස්‌තුන් වහන්සේ අහිංසක බව වටහා ගත් හෙයින් නැවත උන්වහන්සේ පිලාත් වෙතට එවන ලද්දේය. 

එකලැ ජුදා පාස්‌කු උත්සවය වෙනුවෙන් මහජනයා ඉල්ලා සිටින ඕනෑම සිරකරුවකු නිදහස්‌ කිරීමේ බලය රෝම ආණ්‌ඩුකාර තැනට තිබිණි. මේ අනුව පිලාත් ක්‍රිස්‌තුන් වහන්සේ නිදහස්‌ කිරීමේ අභිලාශයෙන් "ඔබලා නිදහස්‌ කිරීමට ඉල්ලා සිටින්නේ කවුරුන්ද? නීච අපරාධ කාරයෙක්‌ වන බරබ්බාස්‌ද නැතහොත් ක්‍රිස්‌තුන් යනුවෙන් හඳුන්වනු ලබන ෙ-සුද?" යනුවෙන් පිරිස විමසූහ. එම පිරිස පරසිවරුන්ගේ හා පූජකයන්ගේ ඉගැන්වීම පිට "බරබ්බාස්‌" යෑයි පිළිතුරු දුන්හ. 

පිලාත් තමා ක්‍රිස්‌තුන් වහන්සේ නිදහස්‌ කිරීමට ගන්නා සියලුම ප්‍රයත්නයන් අසාර්ථක වන බව තේරුම් ගත්තේය. එමෙන්ම ක්‍රිස්‌තුන් වහන්සේ නිදහස්‌ කළහොත් කැරැල්ලක්‌ ඇතිවී තමාගේ නිලයද අහෝසි වේ යෑයි බිය විය. මේ නිසා පිලාත් වතුර බඳුනක්‌ ගෙන්වා පිරිස ඉදිරියේ අත් සෝදා "මා මේ මිනිසාගේ ලේ වලින් නිදහස්‌ විය යුතුය" යෑයි ප්‍රකාශ කළේය. එවිට එම පිරිස "මොහුගේ ලේ වල ශාපය අප පිටත්, අපේ දරුවන් පිටත් වැටේවා" යෑයි කෑගැසූහ. මේ අනුව පිලාත් බරබ්බාස්‌ නිදහස්‌ කොට ක්‍රිස්‌තුන් වහන්සේ මරණයට පත් කිරීමට නියම කළේය. 

ඉන්පසු රෝම හේවායෝ හා එම පිරිස ක්‍රිස්‌තුන් වහන්සේ ඇඳුම් ගලවා කවට රජෙක්‌ මෙන් සළු ප්sළි අන්දවා මුහුණට ද කෙළ ගැසුවේය. පසුව ඔවුහු ක්‍රිස්‌තුන් වහන්සේට කල්වාරි කන්දට කුරුසයක්‌ කරින් ගෙන යැමට පටවා එහිදී උන්වහන්සේ ප්‍රසිද්ධ සොරුන් දෙදෙනකු මැද කුරුසියේ ඇණ ගස්‌සනු ලැබීය. ක්‍රිස්‌තුන් වහන්සේ තුන් පැයක්‌ම ඇණ ගසනු ලැබ නොයෙක්‌ දුක්‌ වේදනා විඳ කුරුසය මත අවසන් හුස්‌ම හෙළීය. 

එහෙත් උන්වහන්සේ දින තුනකට පසුව පාස්‌කු ඉරිදා විජයග්‍රාහීව මරණින් උත්ඨාන විය. එමෙන්ම පසු කලකදී කිතුදහම මුළු ලොවෙහි විශාල පරිවර්තනයක්‌ ඇති කිරීමට සමත් විය. එය මානව ඉතිහාසය ක්‍රිස්‌තු වර්ෂයට පෙර හා ක්‍රිස්‌තු වර්ෂයට පසුව යනුවෙන් වෙන්කර තිබීමෙන්ම ගිවිසෙයි. 

හිටපු මහාධිකරණ විනිසුරු 
ඩබ්ලිව්.ටී.ඒ. ලෙස්‌ලි ප්‍රනාන්දු