මොනව ද මේ ෆයිබ්‍රොයිඩ්? හටගන්න හේතු මොනවාද?

ප්‍රශ්නය - අද අප ඔබෙන් අහන්නට බලාපොරොත්තු වන්නේ Fibroid (ෆයිබ්‍රොයිඩ් - තන්තුවාන) නමැති රෝග තත්ත්වය ගැනයි. මෙය කාන්තාවන් අතර පවත්නා රෝගයක්‌. එහෙත් මෙය ගැන ගැන කාන්තාවන් දැනුවත් වී නැහැ. මොනවද මේ ෆයිබ්‍රොයිඩ් කියන්නේ.

වෛද්‍ය කෞමදී කරුණාගොඩ -නවීන විද්‍යාවට අනුව Fibroid කියන්නේ ටියුමර් තත්ත්වයක්‌. ආයුර්වේදයේ පැත්තෙන් මෙය හඳුන්වන්නේ අර්බුදයක්‌ හැටියටයි. මෙය වැඩි වශයෙන්ම හට ගන්නේ ගර්භාෂය තුළයි. එනම් ගර්භාෂයේ මාංශමය පටකයේ, එහෙමත් නැත්නම් ගර්භාෂ බිත්තියේ තමයි මේවා හට ගන්නේ. මේ මාංශමය පටකයේ තිබෙන තන්තු ලං ලංව රැස්‌වී ගෝලාකාර හැඩයකට පිහිටීම තමයි ෆයිබ්‍රොයිඩ් අර්බුද හෙවත් තන්තුවාහ නමින් අප අද සාකච්ඡා කරන්නට යන රෝගය.

ප්‍රශ්නය - ෆයිබ්‍රොයිඩ් අර්බුදයක්‌ හටගන්නේ ඇයි?

වෛද්‍ය කරුණාගොඩ - නවීන විද්‍යාවේ හැටියට ෆයිබ්‍රොයිඩ් හැදෙන්නේ මෙහෙමයි කියලා අර්ථකථනයක්‌ නැහැ. එහෙත් ආයුර්වේදයේ තියෙනවා මාංශ ධාතුවේ විකෘති වීමක්‌ නිසා මෙය හට ගන්නවා කියලා. ෆයිබ්‍රොයිඩ් ඇති වීමට හේතුව හරියාකාරව මෙය යෑයි කීමට බැරි වුණත් එය හට ගැනීමට බලපාන සාධක හෙමත් නැත්නම් Risk faction තිබෙනවා. ඒ සාධකවලින් එකක්‌ තමයි අධික ස්‌ථුලභාවය. ශරීරයේ බර වැඩි කාන්තාවන්ට ෆයිබ්‍රොයිඩ් හට ගැනීමට තිබෙන ඉඩකඩ ඉතාම වැඩියි. වයස අවුරුදු 30 -40 ත් අතර කාන්තාවන්ට මේවා හට ගැනීමේ අවදානම වැඩියි. එසේම පවුලේ වෙන කෙනකුට ෆයිබ්‍රොයිඩ් තිබෙනවා නම්, එවැනි පවුල්වල කාන්තාවන්ටත් ෆයිබ්‍රොයිඩ් හට ගැනීමේ අවදානම වැඩියි.

තවත් වැදගත්ම සාධකයක්‌ තමයි දරුවන් නොලැබූ කාන්තාවක්‌ වීම. ඇයටත් ෆයිබ්‍රොයිඩ්ස්‌ හට ගැනීමේ අවදානම වැඩියි. සමහරවිට දරුවන් අඩුවෙන් ඉන්න කාන්තාවන්ටත් මෙය වැළඳෙනවා මේ දෙකේම තේරුම ගර්භාෂය අඩුවෙන් පරිහරණය වුණාම ෆයිබ්‍රොයිඩ් හැදෙන බවයි.

මොනව ද මේ ෆයිබ්‍රොයිඩ්?

ප්‍රශ්නය - ෆයිබ්‍රොයිඩ් එකකට වඩා හැදෙනවාද?

වෛද්‍ය කරුණාගොඩ - ඔව්. සමහරවිට පොකුරු වශයෙන් හටගන්නා අවස්‌ථාවනුත් තිබෙනවා.

ප්‍රශ්නය - ෆයිබ්‍රොයිඩ් අර්බුදයක්‌ හට ගෙන ඇති බව දැක ගන්නේ කොහොමද?

වෛද්‍ය කරුණාගොඩ - සියයට තිහක්‌ තරම් වූ කාන්තා ප්‍රතිශතයකට ෆයිබ්‍රොයිඩ් හැදුණත් ඒ නිමිති කරගත් කිසිදු රෝග ලක්‍ෂණයක්‌ පෙන්නුම් කරන්නේ නැහැ. ඒත් සමහර අයට මෙය හට ගැනීම නිසා මාස්‌ ශුද්ධියේ වෙනස්‌කම් ඇති වෙනවා. සමහර විට අධික ලෙස රුධිරය පිට වෙනවා. තවත් සමහර විට දීර්ඝ කාලීනව මාස්‌ ශුද්ධිය පවතිනවා. තවත් සමහරකුට මේ කියන කාලයේදී අධික වේදනාවක්‌ හට ගන්නවා. තවත් සමහර කාන්තාවන් තමන් ට ෆයිබ්‍රොයිඩ් තිබෙන බව දැන ගන්නේ දරුවන් ලැබීම ප්‍රමාද වනවිටයි. තවත් විදියකින් කියනවා නම් දරුවන් හැදීම ප්‍රමාද කරන කාන්තාවන්ට ෆයිබ්‍රොයිඩ් හට ගන්නවා.

ලබන සතියේ ෆයිබ්‍රොයිඩ් ගැන තව විස්‌තර 

ෆයිබ්‍රොයිඩ් (Fibroid) සුදුසු ආහාර -

Ö ධාන්‍ය - බාර්ලි, මුං ඇට, කොල්ලු, රතු හාල්, පැරණි සහල් වර්ග, කුරක්‌කන්, ආටාපිටි, උඳු

Ö එළවළු - මුරුංගා, පතෝල, වැටකොළු, කරවිල, තුඹ කරවිල, රාබු. ගෝවා, කෝමාරිකා, අළු කෙසෙල්.

Öපලා - සාරණ, ගොටු කොළ, මුරුංගා කොල, කතුරුමුරුංගා, සියඹලා දළු, මැල්ල කොල, මඤ්ෙÆක්‌කා කොළ, රාබු කොළ, ගෝවා කොළ 

Ö කුළු බඩු - සුදු ළුEණු, ගොරකා, කරපිංචා, දෙහි

Ö පලතුරු - දොඩම්. ජමනාරං, ජම්බෝල, ලෙමන්, අන්නාසි, දිවුල්, නමිනං, උගුරැස්‌ස, කාමරංකා, කටු ආත්තා

Ö පාන - තැඹිලි, කටුපිල තැම්බූ ජලය, ආත්තා කොළ තැම්බූ ජලය, ඉරමුසු පානය.

Ö නුසුදුසු ආහාර - ශරීර බර වැඩිවන ආහාර, තෙල් බැදුම්, කෘත්‍රිම රසකාරක, මස්‌ වර්ග, සකසන ලදමස්‌ ආහාර, සොසේජස්‌, හැම් ආදිය.

Ö අධිපෝෂ්‍ය ආහාර (අධි පෝෂ්‍ය පිටි ආදිය ) , පාන් පිටි ආහාර

සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

නොමිලේ විස්‌තර 011-5289248/077 7620948

Post a Comment

0 Comments