ශ්‍රී ලංකාවට ආවේණික හොර ගස


ශ්‍රී ලංකාවට ආවේණික හොර ගස (Dipterocarpus Zeylanicus) IUCN  රතු දත්ත පොතට අනුව දැඩි ලෙස වඳවී යාමේ තර්ජනයකට මුහුණ පා ඇති ශාකයකි. දිනෙන් දින වඳ වී යන වැසි වනාන්තර හා තෙත් කලාපයේ පුද්ගලික බිම් කිහිපයකට පමණක්‌ සීමා වුණු හොර ගසේ පාරිසරික වැදගත් කම පිළිබඳ අවබෝධයක්‌ ඇත්තේ ඉතා අතලොස්‌සකට පමණි. එබැවින් කිසිවකු හොර ශාකය තමන්ගේ වතු වල වගා නොකරයි. නමුත් අප මුතුන් මිත්තන් රැකගෙන ආ අද වන විට ඉතුරු වී ඇති දැවන්ත හොර ගස්‌ පවා මුදලට කපා විකුණා දමති. හොර ශාකයේ වැදගත්කම නොදත් ග්‍රාම නිලධාරී හා දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාල විසින් මෙම දැවැන්ත ආවේණික ගස්‌ කැපීමට අවසර දී ඇත්දැයි අපට ගැටළු සහගතය. අප විසින් බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ විනාශ වී යන උඩකිරුව වැසි වනාන්තරයේ මෑතකදී කරන ලද ගවේෂණයකදී හොර ගස්‌ කැපීම පැහැදිලිවම දක්‌නට ලැබුණි. මීටර් 60 පමණ උසැති ශ්‍රී ලංකාවේ ඇති ලෝකයේ උසම හොර ගස්‌ මෙම උඩකිරුව වැසි වනාන්තරය ප්‍රදේශයේ හමුවන බව නොදත් බලධාරීන් මෙම වටිනා ශාක කපා දැමීමට ඉඩදීම මහත් කණගාටුවට කරුණකි.

ඉහත කරුණු හේතුකොටගෙන පරිසර අමාත්‍යාංශය හා මධ්‍යම පරිසර අධිකාරිය හා අනෙකුත් ආයතන එකතුව හොර ගස ආරක්‌ෂිත ශාකයක්‌ ලෙස කඩිනම්න් නීති ගත නොකළහොත් එය සදහටම ශ්‍රී ලංකාවට හා ලෝකයට අහිමි වී යන දිනය වැඩි ඈතක නොවන බව තේරුම් ගත යුතුය. මෙම නීති ගත කිරීමට පසුව අදාල ප්‍රදේශවල ග්‍රාම නිලධාරී, දිස්‌ත්‍රික්‌ ලේකම් හා වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වහා දැනුවත් කිරීම් කළ යුතුය. මේ පිළිබඳව වගකිය යුතු බලධාරීන්ගේ අවධානය යොමු කර පියවර ගන්නා ලෙස වැසිවනාන්තර සුරකින්නන්ගේ සංවිධානය වන අප කාරුණිකව ඉල්ලා සිටිමු.

වැසි වනාන්තර සුරකින්නන්ගේ සංවිධානය

0 Comments

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us