හෘද රෝගීන්ට සුදුසු ආහාර


ප්‍රශ්නය - පසුගිය සතියේදී ඔබ හෘද රෝගයේ විවිධ ස්‌වභාවයන් ගැන අපට විස්‌තර කළා. හෘද රෝගීන්ට සුදුසු ආහාර මොනවාද?

වෛද්‍ය වික්‍රමාරච්චි - අපි ආහාර ගැන මෙහෙම වර්ග කරමු. හෘද රෝග ඇති නොවීමට අනුගමනය කළ යුතු ආහාර ක්‍රමය තමයි පළමුවන වර්ගීකරණය. ඒ අනුව පළා වර්ග, බතල, ලුණු අඩු, මස්‌ වර්ගවලින් තොර මාළු පමණක්‌ තිබෙන, තෙල් බැදුම් නැති සරල ආහාර වේලකට යන්න පුළුවන් නම් හෘදයාබාධය වැළදෙන්නේ නැහැ. හෘදයාබාධය හටගැනීමේ ජානමය උරුමයක්‌ තිබුණත් එහි අවදානම පවා 90% කින් විතර අඩු වෙනවා. ඉහත කී ආහාර සහ අලුත් පලතුරු ගන්න පුළුවන් නම් මෙහිදී වැදගත්ම දෙයක්‌ තමයි පාන් අනුභවයෙන් වැළකීම. ඒ වෙනුවට කඩල, ඇට වර්ග, ආටාපිටි කියන පරිපූර්ණ පිටි වර්ගයකින් (whole wheat) කළ ආහාර යනාදිය ගත යුතුයි. දෙවැනි වර්ගීකරණය තමයි හෘද රෝගියකු වුණාට පසු ගත යුතු ආහාර. එහිදී අනුගමනය කළ යුත්තෙත් මේ ක්‍රමයමයි. හැබැයි බටර්, මාජරින්, තෙල් සහිත ආහාර පළාතකටවත් ගන්න එපා. මැල්ලුමට දැමිය යුත්තේ පොල් මිරිකා ගත් පසු ඉතිරිවන මේදය අඩු පොල් කුඩුයි. හොදි උයන්න ඕනෑ දෙවැනි වතාවට පොල් මිරිකා ගත් විට එන දෙවැන sකිරෙන් කැල්සියම් රහිත මත්ස්‍ය වර්ග Omega 3 තෙල් වර්ගය තිබෙන මත්ස්‍ය වර්ග ගත යුතුයි.

ප්‍රශ්නය - පාරම්පරික සිංහල වෛද්‍ය ක්‍රමය තුළ හෘදයාබාධයට තිබෙන ප්‍රතිකාර මොනවද?

වෛද්‍ය වික්‍රමාරච්චි - ඔව්. මේක කසායක්‌ දෙකක්‌ බීලා තාවකාලිකව සුවකර ගත යුතු රෝගයක්‌ නොවෙයි. සැලසුමකට අනුව කරන ප්‍රතිකාර මගින් සුවපත් කරගත යුතු රෝගයක්‌. එයින් පළමුවැන්න තමයි සිංහල බෙහෙත් සහ ඖෂධීය ආහාර මගින් රුධිර නාල පිරිසිදු කර ගැනීම. රුධිර නාලවල තත්ත්වය, ඇන්ජියෝ ග්‍රෑම් නැතුවාට නාඩි බලලා කියන්න අපට පුළුවන්. මෙය මූලිකවම ආහාර සමඟ යන දෙයක්‌. දිනපතාම ඉඟුරු ග්‍රෑම් 10 ක්‌ පමණ ආහාරයට ගන්න පුළුවන්නම් හෘදයාබාධ හැදෙන්නේ නැහැ. වෛද්‍යවරයකුගේ උපදෙස්‌ මත කුඹුක්‌ ගස්‌වලින් ලබා ගන්නා සාරය හෘද රෝගයට හොඳ ප්‍රතිකාරයක්‌. සිංහල, පාරම්පරික වෛද්‍යවරුන් මේ බව හත්වැනි ශත වර්ෂයේදී දැන සිටියා. ළඟකදී කළ බටහිර වෛද්‍ය පර්යේෂණ මගින් ඔප්පු වුණා හෘද නාලවල කොලෙස්‌ටරෝල් සහ කැල්සියම් බැඳෙන එක වළක්‌වන්න කුඹුක්‌ සාරයට හැකියි කියලා. හැබැයි මෙය කළ යුත්තේ හිතු මනාපයට නොව ආයුර්වේද හෝ පාරම්පරික වෛද්‍යවරයකුගේ උපදෙස්‌ මතයි. කුඹුක්‌ ගස කියන්නේ බෝධියක්‌. අටවිසි බුදුවරුන්ගෙන් දසවැනි බුදුන් වහන්සේ බුද්ධත්වය ලැබුවේ කුඹුක්‌ ගසකට පිට දීලයි. කුඹුක්‌ ශාක සාරය මගින් පශ්චාත් හෘදයාබාධ තත්ත්වයන් (හෘදයාබාධයන් හට ගැනීමෙන් පසු නැවත හට ගැනීම) යටතේ හෘදයට සිදුවන හානි අවම කරන්නටත් කුඹුක්‌ ගෙඩි සාරය සුදුසු පරිදි (වෛද්‍ය උපදෙස්‌ මත) පරිහරණය කිරීමෙන් පුළුවන්. කොලෙස්‌ටරෝල් 64% කින් අඩු කරන්නටත් ශරීරයට හානිකර, මිනීමරු LDL කොලෙස්‌ටරෝල් මට්‌ටම 25.6% කින් පහත බැස්‌සවීමටත්, වතාවක්‌ මීයන් ආශ්‍රයෙන් විද්‍යාගාරයක කළ පරීක්‍ෂණවලදී දින 60 ක්‌ තුළ LDL කොලෙස්‌ටරෝල් 493 සිට 162 දක්‌වා පහත දමා ගැනීමට කුඹුක්‌ යුෂවලට හැකි වුණා. ඊළඟ විශ්මයජනක ඖෂධීය ආහාරය තමයි සුදු ලූනු. කොලෙස්‌ටරෝල් පහත හෙළන්නට පුළුවන්. අධික රුධිර පීඩනය ඇති කෙනෙක්‌ පුරා සති 12 ක්‌ දිනපතා සුදු ලූනු බික බැගින් අනුභව කළාම රුධිර පීඩනය සහ කොලෙස්‌ටරෝල් පහළ බසිනවා. ඊළඟ ඖෂධීය ශාකමය ද්‍රව්‍ය තමයි අශ්වගන්ධ හෙවත් අමුක්‌කරා. මේ ඖෂධය මගින් ආතතිය නැති කර ගන්aනට පුළුවන්. ආත්‍රයිටිස්‌, අධික රුධිර පීඩනය, දියවැඩියාව, ඇඟපත පණ නැතිකම වැනි ආතතිය මුල් කරගත් රෝග නසන්නටත් අමුක්‌කරා සාරයට පුළුවන්. අරළු, තවත් විස්‌කම් ඔසුවක්‌. ශරීරයට හිතකර HDL කොලෙස්‌ටරෝල් වැඩිදියුණු කරන්නටත් අහිතකර කොලෙස්‌ටරෝල් අගය පහත හෙළන්නටත් අරළුවලට පුළුවන්. අප නැවතත් කියන්නේ මේ ද්‍රව්‍ය පරිහරණය කළ යුත්තේ පාරම්පරික හෝ ආයුර්වේද වෛද්‍යවරයකුගේ උපදෙස්‌ මත, නිසි අනුපාන සමඟයි.

මේ පිළිබඳ නොමිලේ උපදෙස්‌ සඳහා 
0713464276 අංකයට කතා කරන්න
සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

Post a Comment

0 Comments