- දුදහමේ සැබෑ පදනම හෙවත්, බුද්ධ ධර්මය නම් ලොව පවත් නා සියලු දෙය යථා තත්වයෙන් අවබෝධ කරගෙන, එය සමුපූර්ණයෙන් ම තේරුම් ගැනීමයි.
- අප යනු, අප සිතන දෙයයි. අප සියලු දෙනා පිබිදෙන්නේ අපගේම සිතිවිලිවලිනි. අපේ සිතිවිලිවලින් අපි අපේ ලෝකය සාදමු.
- ධනාත්මක සිතිවිල්ලක් ධනාත්මක ඵලයකි.
- කරුණාව යනු බුද්ධියයි.
- මම වඩා සතුටින් සිටිමී. එසේ සිටීමට මම මගේ මනස හැඩගස්වා ගතිමී.
- ඔබ යමකට අකැමති නම්, එය වෙනස් කරන්න. එය වෙනස් කළ නොහැකි නම්, ඔබගේ ආකල්පය වෙනස් කරන්න. පැමිණිලි නොකරන්න.
- ධෛර්යය නොමැති පුද්ගලයාට ශ්‍රෙෂ්ඨ යමක් කළ නොහැකිය.
- යහපත් දෙය ප්‍රදානය කොට, ශ්‍රේෂ්ඨ දෙය අත් කර ගැනීමට නොපැකිළෙන්න.
- ඔබට ජයගත හැකි යයි සිතේ නම්, ඇත්තෙන්ම ඔබට ජය ගත හැකිය. ජයග්‍රහණය සදහා විශ්වාසය අත්‍යාවශ්‍යය ය.
- දුප්පතා යනු, ශතයක් හෝ නොමැත්තා නොව, සිහිනයක් හෝ නොමැත්තා ය.
- පුද්ගලයා තමා සිතන ආකාරයෙන් ම වෙයි.
- ඔබේ බිය පිළිබදව නොව බලාපොරොත්තු පිළිබදව විශ්වාසය තබන්න.
- ඔබ, ඔබ පිළිබදව දන්නා දෙයට වඩා ඔබ පිළිබදව අනුන්ට දැන ගැනීමට හැකි බව නොපිළිගන්න.
- ඔබේ සිතිවිලි ධාරාවේ එකම ස්වාමියා ඔබය
- ඔබ ඇත්තෙන්ම වෙනස් වන විට ඔබ ජය ගන්නේ ය.
- ලෝකය සාදන්නේ ඔබේ සිතිවිලිම ය.
- සාර්ථක පුද්ගලයෙකු සහ වෙනත් අය අතර වෙනස නම් දැනුම පිළිබද ඌනතාව නොව, මානසික ශක්තිය පිළිබද ඌනතාවයි.
- ඔබ ජීවිතයට මුහුණ දෙන ආකාරය මත ජීවිතයේ අසීරු බව හෝ පහසු බව රදා පවතී.
- ඇත්ත වශයෙන්ම ඔබට ප්‍රීතිමත් ජීවිතයක් ගෙවීමට අවශ්‍ය නම්, කිසිවෙකුටත් එය නතර කළ නොහැකි ය.
- මුළු ජීවිතයම අත් හදා බැලීමකි. අත් හදා බැලීම් වැඩිවූ තරමට හොද ය.
- තමා කෙරෙහි විශ්වාසය ඇති පුද්ගලයා, අනුන්ගේද විශ්වාසය දිනා ගනී.
- අප නිතර වෙනස් විය යුතුය. අලුත් විය යුතුය. තිරිහන් විය යුතු ය. එසේ නැතහොත් අප මිදී ගල්වනු ඇත.
- ධනාත්මක සිතිවිල්ලක්, ධනාත්මක ප්‍රතිඵලයක් ඇද ගන්නා චුම්බකයකි.
- ඔබේ කලින් දිනය අමතක කරන්න. ඔබේ හෙට දිනය පිළිබදව සිහින දකින්න. එහෙත් අදදිනයේ ජීවත්වන්න.
- ලෝකය අප සිතන ආකාරයෙන්ම ඇත. අපට අපගේ සිතිවිලි වෙනස් කළ හැකි නම්, ලෝකය ද වෙනස් කළ හැකිය.
- මනස නිසි ස්ථානයේ ඇත්නම්, නිරයක දෙව්ලොවක් තනා ගත හැකිය. නැතිනම්, දෙව්ලොවක නිරයක් තැනෙන්නේ ය.
- මනස තද කර ගෙන සිටින දම්වැල් බිද දමන පුද්ගලයා කරා සතුට පැමිණේ. ඔහුට සදහටම කරදර අහිමි කර දැමිය හැකිය.
- ඔබ එය නතු කර ගන්නා බව සිතන්න. එය ඔබට නතු වේ.
- තමාගේම සිතිවිලි මත කටයුතු කරන විට මිනිසා ඇත්තෙන්ම ශ්‍රේෂ්ඨ ය.
- සුළු දේවල් පිළිබදව වැඩිපුර අවධානය යොමු කරන්නන්ට ශ්‍රේෂ්ඨ දේ කළ නොහැකි ය.
- සෑම දිනයක්ම ඔබ ජීවත් විය යුත්තේ එය ඔබේ අවසන් දිනය සේ සළකා ගෙන ය.
- නියම මිනිසා කරදරයේ දී සිනාසෙයි. කරදරයේ දී ඔහු ශක්තිය අත්පත් කර ගනී. එසේම වඩාත් නිර්භීත වෙයි.
- විනාඩි කිහිපයකට පසුව නොව සිතිවිලි නැගෙන විටම ඒවාගැන විමසිල්ලෙන් සිටින්න.
- සිරුරේ නිශ්චල තාවය සිතේ නිශ්චල තාවයට මනා රුකුලකි.
- නොනැවතී ඉදිරියට යන තුරා කිසිත් සිදු නොවනු ඇත. සියළුප්‍රතිපල වලත්, අවබෝධයෙත් පදනම සහ මුල උත්සහයයි.
- ඔබ කොහේ සිටියත්, ඔබට ඇති සම්පත්වලින් ඔබට හැකි දෙයක් කරන්න.
- අපි යන් අපගේ විශ්වාසයන් ය.
- සාර්ථකත්වය රදා පවතින්නේ ක්‍රියාව මත නොව, සිතිවිල්ල මත බව පලපුරුද්දෙන්ම වටහා ගත හැකිය.
- අනෙක් උදවියට අවශ්‍ය දේ ඔවුන්ට ලබා ගැනීමට ඔබ උපකාරී වූවහොත්, ඔබටද ඔබේ ජීවිතයට අවශ්‍ය දේ ලබාගත හැකි වනු ඇත.
- ඔබ ජීවත් වනතුරුම ජීවත් වන්නේ කෙසේ දැයි දිගටම සිතන්න.
- අපට අපගෙන්ම තෘප්තිය ලබා ගත නොහැකි විට, එය පතා වෙනත් තැනකට යාම නිරර්ථක ය.