ආත්‍රයිටිස්‌ හැදුණාම සන්ධි රත් වෙන්නේ ඇයි ?


ප්‍රශ්නය - ආත්‍රයිටිස්‌ රෝගයේ ප්‍රධානතම ලක්‍ෂණය තමයි සන්ධි වේදනාව. මෙය ආත්‍රයිටිස්‌ රෝගයේ ලක්‍ෂණයක්‌ම පමණක්‌ද?

වෛද්‍ය වසන්ත උදයජීව - මෙය ඉතා වැදගත් ප්‍රශ්නයක්‌. ආත්‍රයිටිස්‌වලට සන්ධි රිදෙනව සන්ධි රිදෙන හැම අවස්‌ථාවක්‌ම ආත්‍රයිටිස්‌ අවස්‌ථාවක්‌ නොවෙයි. හෙපටයිටිස්‌, උණ රෝග, සොරයිසිස්‌, බඩවැල් ආශ්‍රිත රෝග ඇතුළු රෝග විස්‌සකටත් සන්ධි වේදනාව හට ගන්නවා. ඩෙංගු කියන්නේ ආත්‍රයිටිස්‌ නොවෙයි. හැබැයි සන්ධි රිදෙනවා. චිකන් ගුන්යා කියන්නේ ආත්‍රයිටිස්‌ නොවෙයි. හැබැයි සන්ධි රිදෙනවා. ශරීරයේ යකඩ ඌනතා, රුධිරයට යකඩ අවශෝෂණය කර ගන්නට බැරිවීම යන කාරණාවලදීත් සන්ධි රිදෙනවා. ආත්‍රයිටිස්‌ රෝගයට විශේෂඥ වූ වෛද්‍යවරයා මේ බව දන්නවා. ඒ නිසා ඔහුට පුළුවන් හරියාකාරව තෝරා බේරාගෙන වෙදකම කරන්නට.

ප්‍රශ්නය - අද අපි සාකච්ඡා කරන්නට යන්නේ රුමැටික්‌ ආත්‍රයිටිස්‌ (Rheumatoid arthritis) රෝගය ගැනයි.

වෛද්‍ය වසන්ත උදයජීව - මෙය තම ශරීරය තුළ තිබෙන ප්‍රතිශක්‌තිය තමන්ට පහර දෙන එනම් autoimmune disorder තත්ත්වයක්‌. මෙයත් බලපාන්නේ ශරීරයේ සන්ධිවලටයි. මෙය හැදුණු විට සන්ධි උණුසුම් වී, ඉදිමී වේදනාව හටගන්නවා.

ප්‍රශ්නය - ඇයි සන්ධි උණුසුම් වෙන්නේ.

වෛද්‍ය වසන්ත උදයජීව - ශරීරයේ කිසියම් තැනක්‌ ආසාදනය වූ විට එම ස්‌ථානයේ පවතින විශිෂ්ට ගුරුත්වය ඉහළ නගිනවා. එවිට එතැන උණුසුම් වෙනවා. මේ රෝගීන් විවේක ගත්තාට ඒ කියන්නේ සන්ධි සොලවන්නේ නැතිව පැත්තකට වෙලා හිටියම තත්ත්වය තවත් දරුණු වෙනවා. වැඩිපුරම වේදනා දෙන්නේ අත් සහ මැණික්‌කටුව ආසන්න ප්‍රදේශයයි. මෙහි ඇති විශේෂත්වය තමයි ශරීරයේ එක්‌ පැත්තක සන්ධි වේදනා දෙනවා නම් එයට සමාන්තරව ශරීරයේ අනෙක්‌ පැත්තේ (ඇඟේ) සන්ධියත් ඉදිමී වේදනා දීම. ඒ එක්‌කම පාද ඉදිමීම සහ ලේවල රතු රුධිරාණු මට්‌ටම පහත බැස්‌මක්‌ සිදුවෙනවා. ඉන්පසු පෙනහලු අවට ප්‍රදේශයේ හෘදය අවට ප්‍රදේශයත් ඉදිමෙනවා. උණ සහ ශරීරයට පණ නැති ගතියක්‌ හටගන්නවා.

රුමැටික්‌ ආතරයිටිස්‌ රෝගයට හේතු වන්නේ ජානමය සහ පාරිසරික හේතුයි. ශරීරයේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය සන්ධිවලට ප්‍රහාර එල්ල කිරීමයි, මෙයට ප්‍රමුඛ හේතුව. මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් සන්ධිවල පටක ඝන වීමට පටන් ගන්නවා. ඊළඟට අස්‌ථිවලට සහ කාටිලේජවලටත් රෝගය පැතිරෙන්නට පටන් ගන්නවා.

මෙහිදී ආයුර්වේද සහ පාරම්පරික සිංහල ප්‍රතිකාර නොවන සෙසු වෛද්‍ය ක්‍රම මගින් සිදු කරන්නේ සන්ධිවල වේදනාව නැති කර ඉදිමුම අඩු කර රෝගියාට එදිනෙදා වැඩකටයුතුවල යෙදීමට ඉඩ සැළැස්‌වීමයි. එහෙත් ආයුර්වේදය මගින් රෝගයට පිටතින් ප්‍රතිකාර නොකර ඇතුළතින්ම ප්‍රතිකාර කරනවා. මුලින්ම කසාය මගින් ශරීර පද්ධතිය පිරිසිදු කරනවා. ඊළඟට අරිෂ්ට, ආසව, ගුලි, කල්ක, චූර්ණ මගින් රෝගයට අභ්‍යන්තර ප්‍රතිකාර කරනවා. එයට සමාන්තරව මහා නාරායන තෛලය වැනි ඖෂධයක්‌ සන්ධිවල ආලේප කර සම්බාහනය කිරීම මගින් සන්ධිවල වේදනාව නැති කර එහි ක්‍රියාකාරිත්වය පහසු කර දෙනවා.

රුමැටික්‌ ආතරයිටිස්‌ රෝගය සමෙන් පිට දාන අවස්‌ථා තිබෙනවා. මෙය සම මතුපිටින් කුඩා ඉදිමුම් වගේ දක්‌නට ලැබෙනවා.

මේ රෝගය වකුගඩුවලටත් බලපෑම් ඇති කරන බව මතක තබා ගත යුතුයි. එසේම පපුවටත් මෙය බලපාන අතර, ඒ නිසාම හෘදයාබාධ හට ගැනීමේ අවදානමත් ඉහළ යනවා. හදවත ආශ්‍රිත නහරවලටත් මෙය හානි කරන බව මතක තබා ගත යුතුයි. හෘද රෝගීන්ට හටගන්නා පපුවේ වේදනාවත් රුමැටික ආතරයිටිස්‌ රෝගීන්ට ඇතිවන පපුවේ වේදනාවත් එක හා සමානයි.

මේ රෝගය බලපාන ශරීරයේ සෙසු ඉන්ද්‍රියයන් ගැන ලබන සතියේ සාකච්ඡා කරමු.

මේ පිළිබඳ නොමිලේ උපදෙස්‌ සඳහා 
0718341834, 0372230667 අංකයට කතා කරන්න
සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

Post a Comment

0 Comments