ශිෂ්ණයේ ප්‍රමාණය වැදගත්ද ?

ඔව්. ඇත්තටම ශිෂ්ණයේ ප්‍රමාණය වැදගත්. (ඔබ දැන් ඔබගේ ප්‍රමාණය සිතින් මැනගත් බව දනිමි.) නමුත් ඒ ඔබ සිතන ආකාරයට නොවේ. ඇත්තටම  ශිෂ්ණයේ අවශ්‍ය වනුයේ දිග නොව එහි වටප්‍රමාණයයි. හේතුව කාන්තාවකගේ යෝනි මාර්ගයේ සංවේදීම ස්ථාන පිහිටා ඇත්තේ යෝනි විවරයේ සිට අගල් 2 ත් 3ත් අතර වීමයි. මා පෙරදී ලියා ඇති ලිපි වල මෙන් ඇත්තටම අසැබි දසුන් වල සිටිනා පිරිමින්ගේ සුවිසල් ලිගු ඔබගේ ලිගුව හා සසදා බැලීමෙන් වලකින මෙන් කාරුණික ආයාචනයක් කිරීමට කැමැත්තෙමි.


ඉහත සදහන් කළ අයුරු ශිෂ්ණයේ වටප්‍රමාණය වැඩිවන තරමට යෝනි මාර්ගයේ සිදුවිය හැකි ඝර්ෂණය ඉහළ අගයක් ගනී. එවිට පිරිමියාට මෙන්ම ගැහැණියටද වඩාත් වින්දනීය මෛථුන්‍යයක් ළගා කරගත හැකිය.එහෙත් සලකා බැලිය යුතු කරුණක් නම් යෝනි මාර්ගයට කුඩා ශිෂ්ණයක සිට විසල් ශිෂ්ණයක් දක්වා එක සේ භාරගත හැකිය යන්නයි.



කෙසේ වෙතත් තම සහකාරිය පිනවීම හෝ උපරිමයෙන් සන්තෝෂයට පත්කිරීම හුදෙක්ම ආදරය, අන්‍යෝන්‍ය විශ්වාසය හා ගෞරවය පිළිබද කතිකාවතක් මිස තම පුරුෂ ලිගුවේ ප්‍රමාණය මත පදනම් වන දෙයක් නොවන බව අවධාරණය කර සිටිමි.


kadathura.blogspot.com

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us