ස්වයං වින්දනයට හෝ මෛථුන්‍යයට ඇබ්බැහි වන්නේ ඇයි ?

අද මා සාකච්ඡාවේ යෙදෙනුයේ අයෙකු ස්වයං වින්දනයට හෝ මෛථුන්‍යයට ඇබ්බැහි වීමට ඇති ප්‍රධාන කරුණු හා ඒවායේ ගුණාගුණ පිළිබඳවය.


 ඇත්තටම පිරිමි අයකු ස්වයං වින්දනයට හුරු වනුයේ ද්විතික ලිංගික ලක්ෂණ පහළ වන අවධියේදී ම ය. කාන්තාවක නම් මේ ආකාරයම හෝ තවත් කලක් ගතවනු ඇත. නමුත් කාන්තාවකට සමාජයීය සංස්කෘතිය මගින් මෙය ඉතාමත් පහත් ක්‍රියාවක් ලෙස අරුත් දක්වා ඇති බැවින් බොහෝ දෙනා මෙයට ඇබ්බැහි වීමක් හෝ අත්හදා බැලීමට බිය වෙති.



ඇත්තටම ස්වයංවින්දනය නරක ක්‍රියාවක්ද ? පිළිතුර නම් ඇත්තටම නැත.

නමුත් ලාංකේය සමාජයට පවතිනා  සංස්කෘතිය මගින් ඉමහත් පීඩනයක් උක්ත මාතෘකාව සබැඳිව එල්ල කොට ඇත. වඩාත් වැදගත් වනුයේ , මෙම සංස්කෘතිය අප වෙත පැමිණියේ කොහෙන්ද යන්නයි. මෙයට ප්‍රධාන වශයෙන්ම ඉන්දීය අබැස ලැබී ඇති බව පෙනී යයි. ඇත්තෙන්ම ඉන්දියාවේ මෙවැනි තහංචි තිබුණත් කම් සැප විදීමට ඉගැන්වූ ශාස්ත්‍රයක් තිබුණු බවට සාධක පවතී. අප සැමවිටම අසා ඇති  කාම සූත්‍ර යන්න ඉන්දියාවේ ඉමහත් පිළිගැනීමට ලක් වූ ශාස්ත්‍ර ග්‍රන්ථයකි. නමුත් ලංකාවේදී මේ පිළිබඳ සොයා බලන්නෝ හැරුණු විට අනෙකුත් හුදු ජනතාව ඇත්තෙන්ම ලිංගික ක්‍රියාව පිළිබදව පැහැදිළි දැනුමක් නැති බව දෛනික, සාතික , මාසික ව පළවන පත්තර සඟරා වල ඇති වෛද්‍ය ගැටළු පිරික්සීමේදී මොනවට පැහැදිළි වේ.


නැවතත් මාතෘකාවට පිවිසෙමු. ස්වයං වින්දනය හෝ මෛථුන්‍යය කෙරෙහි ඇබ්බැහි වීමට ප්‍රධානතම කරුණ නම් මෙහිදී අයෙක් වෙත ලැබෙන්නා වූ තාවකාලික වින්දනයයි. ඇත්තෙන්ම මෙහිදී එකී පුද්ගලයාට ලැබෙන්නා වූ මානසික මෙන්ම කායික සතුට නැවත නැවතත් ලැබීමට මනස හෝ කය විසින් එකී පුද්ගලයාට කෙරෙන බලපෑම ඇබ්බැහි වීමක් බවට පත්වේ. ඇත්තෙන්ම මේ සඳහා වග කිවයුත්තේ අපගේ සිරුරෙහි ඇති හෝමෝන වේ. ස්වයං වින්දනය හෝ මෛථුන්‍යයේදී ඇතිවන සුරාන්තයේදි , සිරුරෙහි  ‘ඩෝපමින් ‘ නම් හෝමෝනය රුධිර සංසරණ පද්ධතියට ශ්‍රාවය වේ. මෙය  ‘සතුටු ‘ හෝමෝනය ලෙස බොහෝ විද්‍යාඥයන් පවසති. හෙරොයින් , කොඩීන් , මොෆීන් වැනි ඖෂධ තුළින් ද ඩෝපමින් නම් හෝමෝනය ශ්‍රාවය කරයි. මෙමගින් උක්ත ඇබ්බැහි වීම ඇති කරන බව විද්‍යාඥ මතයයි.



නමුත් ස්වයං වින්දනය හෝ මෛථුන්‍යය අවධානම් ලේබලයක්  සමගම පැමිණේ. ඇබ්බැහි වීමෙන් පසු එය කෙසේ හෝ ලබා ගැනීමට මනස පෙළෙඹවීම් ඇති කරයි. එවිට ගණිකා ඇසුරට වැටීමට , පවුල් සංස්ථා බිඳවැටීමට , ලිංගිකව සම්ප්‍රේශනය වන රෝග වලට නිරාවරණය වීමට ඉඩකඩ ඇති අතර තත්වය උග්‍ර අවස්ථා වලදී බාහිර ද්‍රව්‍යයන් සිරුරට ඇතුළු කිරීමට උත්සහ කිරීම් සහ අවසානයේදී විෂාදය ආදී මානසික රෝග ආදිය වැළඳී සියදිවි හානි කරගැනීමද දක්නට හැකිය.



එබැවින් තමා ස්වයං වින්දනය හෝ මෛථුන්‍යයෙහි යෙදේ නම් පිරිසිදුව යහපත් මානසිකත්වයෙන් , වරදකාරී හැගීමෙන් තොරව සිදුකරන්නේ නම් අතිශය සුන්දර අත්දැකීමක් මෙන්ම යහපත් ලිංගික සෞඛ්‍යයක්ද ලබාගනු ඇත.



kadathura.blogspot.com

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us