අනැවශ්‍ය ගැබ් ගැනීම් හා එයින් වැලකීම

මා අද කතිකාවක් තැනීමට සැරසෙන්නේ අතෝරක් නැතිව කතා වන්නා මෙන්ම , සමාජයේ ක්ෂණිකව පැතිර යන මිත්‍යා මත හා සම්බන්ධ වන අනවශ්‍ය ගැබ්ගැනීම්  සබැදිවයි.

ස්වභාවික ගැබ් ගැනීමක් සිදුවීමට නම් අනිවාර්යයෙන්ම මෛථුන්‍යයක් (ලිංගික එක්වීමක්) අවශ්‍ය වේ. ඉහත ලිංගික එක් වීමේදී ශුක්‍ර තරලය අනිවාර්යයෙන්ම යෝනි මාර්ගයේ තැන්පත් විය යුතුය. මෙසේ තැන්පත් වන ශුක්‍රාණු ඩිම්බයක් සමග එක් වීමට පහත සාධක අනිවාර්යයෙන්ම සපුරා තිබිය යුතුය.
ගැහැණියගේ අවසාන ආර්ථවය සිදුවී දින 12ත් 16ත් අතර ලිංගිකව එක් විය යුතුය.( සැ.යු දින 28ක සාමාන්‍ය ආර්ථව චක්‍රයක් ඇති අයකුට)

හොද සෞඛ්‍ය සම්පන්න ශුක්‍රාණු තිබිය යුතුය.
උපත් පාලන ක්‍රම අනුගමනය නොකර තිබිය යුතුය.

එහෙත් ඉහත සදහන් කළ කරුණු වලින් වෙනස් වුවත් කලාතුරකින් ගැබ් ගැනීමක් සිදුවිය හැකිය.
ඇතැම් අවස්ථා වලදී මසකට ඩිම්බ දෙකක් දෙවතාවකට පිටවීමේ විරල අවස්ථා පවතී.උපත් පාලන ක්‍රම අනුගමනයේදී සිදුවන අඩුපාඩුකම්.ශුක්‍ර තරලය යෝනි මාර්ගයේ තැන්පත් නොවූවත් යෝනි විවරය අසල තැවරුණද  ගැබ් ගත් අවස්ථා විරලව දක්නට ලැබේ.

අනවශ්‍ය හෝ හදිසි ගැබ් ගැනීම් වීමට ප්‍රධානතම හේතුව නම් අනාරක්ෂිත ලිංගික එක්වීම් වේ. තවද විවාහ වූ යුවලක් නම් පවුල් සැලසුම් රහිත වීමද , සංවිධානාත්මක බව ගිලිහී යාමද හේතුලෙස දැක්විය හැකිය. කෙසේ වෙතත් ලිංගික එකතුවීමකදී හැගීම් වලට වඩා බුද්ධියට ඉඩ දී තමාගේ සියලු ක්‍රියාවන්ට වගකීම් දැරීමට හුරු විය යුතුය. මා එයින් පවසනුයේ ලිංගික ක්‍රියාවෙන් සතුටු නොවිය යුතු බව නොවේ. වගකීමකින් යුතුව , ප්‍රතිවිපාක ගැන දැනුවත්ව සිටීමෙන් ඉහත මා කී සතුට උපරිමයෙන් භුක්ති විදිය හැක.

අනවශ්‍ය හෝ හදිසි ගැබ් ගැනීම් වලක්වා ගැනීම

පළමුව හැකි තාක් අනවශ්‍ය  ලිංගික එකතුවීම් වලින් වැලකී සිටින්න.
සරල උපත් පාලන ක්‍රම අනුගමනය කරන්න.

කොන්ඩම 

උපත් පාලන පෙති 

නික්ෂෙපන හෝ වෙනත් ක්‍රම

තඹ T හැඩැති ලූපය

සම යට තැන්පත් කළ හැකි දිගු කාලීන  උපත් පාලන ක්‍රමය

ඩිපෝ ප්‍රොවේරා නික්ෂේපනය

හදිසි ගැබ්ගැනීම් වැලැක්වීමේ පෙති

පොස්ටිනෝර් 1 

හදිසි ලිංගික එකතු වීමකින් අනතුරුව පැය 72 ක් ඇතුළත ලබා ගත යුතු බොහෝ සාර්ථක ප්‍රතිපල ඇති , හදිසි ගැබ්ගැනීම් වැලැක්වීට පමණක් භාවිත කළ යුතු ඖෂධයකි.

පොස්ටිනෝර් 2 

හදිසි ලිංගික එකතු වීමකින් අනතුරුව පැය 72 ක් ඇතුළත ලබා ගත යුතු බොහෝ සාර්ථක ප්‍රතිපල ඇති , හදිසි ගැබ්ගැනීම් වැලැක්වීට පමණක් භාවිත කළ යුතු පෙති දෙකක් අඩංගු ඖෂධයකි.
මතක තබා ගත යුතු වැදගත්ම කාරණය නම් ඉහත දැක්වා ඇති නිශ්පාදන වලින් කොන්ඩම හැර අනෙකුත් සියලුම නිශ්පාදන ලිංගාශ්‍රිතව වැළදෙන රෝග වැළැක්වීමේ හැකියාවක් නොමැති බවයි. එබැවින් නිතරම ආරක්ෂිත  ලිංගික එකතුවීම් පමණක් සිදු කරන්න. විශ්වාසී එක් සහකරුවකු/සහකාරියක පමණක් ඇසුරු කරන්න.

kadathura.blogspot.com

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us