අවුරුදු 144ක් වයස 18 තරුණිය

ජානමය විකෘති භාවයන් නිසා වැළඳෙන ‍ප්‍රොගරියා .... රෝගය ඉතාමත් දුර්ලභ, මාරාන්තික රෝගයකි. මෙයට ගොදුරු වන්නේ ළමුන්ය. රෝගියාගේ ශරීරයේ පඨක හා අවයවවලින් සිදු කරන බලපෑම් නිසා ෙශෙලවල ක්‍රියාකාරීත්වය හීනවීමෙන් මෙම ළමුන්ට ඉක්මණින්ම ඉතා වයස්ගත පෙනුමක් ලැබේ.

ලෝකයේම මෙම රෝගයට ගොදුරු වූ ළමුන් 80 පමණ දැනට සිටින බව පර්යේෂකයෝ පවසති. ඉන් ළමුන් දෙදෙනකුම පිලිපීනයේ මැනිලා නුවර වෙසෙති. ඔවුන් ඇනා සහ කිම් නම් වෙති.ඇනා  වයස අවුරුදු පහේදී මෙම අවාසනාවන්ත රෝගයට ගොදුරු වී ඇත. සුවකළ නොහැකි ‍ප්‍රොගරියා රෝගය වැළඳෙන්නේ ජනගහනය මිලියන හතරකින් එක් අයෙකුට බව වාර්තා වේ.

‍ප්‍රොගරියා රෝගීන්ගේ පරමායුෂ අවුරුදු 14 කි. නමුත් ඇනා දැනට 18 හැවිරිදි වියේ පසු වෙමින් ලොව වයස්ගතම ‍ප්‍රොගරියා රෝගියා බවට පත් වී ඇත. ඇනාගේ ශරීර වර්ධනය නැවතී ඇත. හිසකෙස් සියල්ල ගැලවී ඇත. වයස අවුරුදු 18ක් වන ඇනාගේ බාහිර පෙනුම වයස අවුරුදු 144 ක අයෙකු හා සමාන බව කියවේ. මෙම රෝගයට ගොදුරුවන  දරුවන් සාමාන්‍යයෙන් වයස අවුරුදු 14 වන විට හෘදයාබාධ වැළඳී මිය යන බව වාර්තා වේ.

ගත්මිණි විහංගා විතානගේ

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us