දියවැඩියා රෝගීන් ගත යුතු ආහාර


නීරෝගී පුද්ගලයකුගේ රුධිර සීනි මට්‌ටම පැවතිය යුත්තේ 90-130 ත් අතරය. ඊට වැඩි නම් එම තැනැත්තා දියවැඩියා රෝගයෙන් පෙළේ. එවැනි පුද්ගලයන් ආහාර පාන ගැනීමේදී පරෙස්‌සම් විය යුතුය.

දියෑවැඩියා රෝගීන්ට නියම කරන ආහාර වට්‌ටෝරුව සාමාන්‍ය ශරීර සෞඛ්‍යය සඳහා කාටත් සුදුසුය.

එම ආහාර වට්‌ටෝරුව සංකීර්ණ පිෂ්ඨ ආහාරවලින් යුක්‌තය. එනම් බත්, ඉඳිආප්ප පිට්‌ටු, පාන්, රොටි, නූඩ්ල්ස්‌, කුරක්‌කන්, පිටි ආහාර, තෝසේ, ඉට්‌ලි, අර්තාපල්, මඤ්ඤොක්‌කා, ඉන්නල, කිරි අල. කොස්‌ දෙල්, අලු කෙසෙල් ආදියයි.

මෙම ආහාර දියවැඩියා රෝගීන්ට නුසුදුසු යෑයි ප්‍රචලිතව ඇති මතය වැරදිය. මේවා වැඩියෙන් කෑම හොඳ නැත.

දිනකට බත් පීරිසි 03 ක්‌, පාන් පෙති 04 ක්‌, අල ග්‍රෑම් 100 ක්‌ ආහාරයට ගැනීම ප්‍රමාණවත්ය.

මෙය දිනපතා ගැනීම ආහාර රුචිය අඩු කරන බැවින් පිෂ්ට ආහාර හුවමාරු කරගත හැකිය. එනම් තැම්බූ නූඩ්ල්ස්‌ කෝප්පයක්‌, මැදි පමණ තෝසේ 2 ක්‌, කුඩා ඉඳිආප්ප 06 ක්‌ අඟල් 4 ක පිට්‌ටු කෑල්ලක්‌, ආප්ප 02 ක්‌, මුරුක්‌කු ග්‍රෑම් 150 ක්‌, මැදි පමණ රොටියක්‌, අර්තාපල් ග්‍රෑම් 100 ක්‌, කොස්‌, දෙල් ග්‍රෑම් 100 ක්‌, තිරිඟු පිටි ග්‍රෑම් 50 ක්‌, කුරක්‌කන් පිටි ග්‍රෑම් 50 ක්‌, මඤ්ඤොක්‌කා ග්‍රෑම් 100 ක්‌ බැගින් මෙම ආහාරවලින් එකක්‌ දිනකට අනුභව කළ හැකිය. මින් සිරුරට දිනකට අවශ්‍ය කිලෝ කැලරි 150 ක්‌ පමණ ලැබේ.

මෙම පිෂ්ඨ ආහාරයට යහමින් එකතු කළ යුත්තේ පලා කොළත් එළවළුත්ය.

මුං ඇට, කව්පි, සෝයා, කඩල, පරිප්පු, වැනි පියලි ඇට වර්ග දියවැඩියා රෝගීනට ඉතා ගුණදායකය.

මින් ප්‍රොටීන් ද ලැබෙන බැවින් දිනකට වේල් දෙකකට මේවා ඇතුළත් කර ගැනීම ඉතා සුදුසුය.

සත්ත්ව ආහාර ගන්නේ නම් හරක්‌ මස්‌ ග්‍රෑම් 50 ක්‌, මාළු ග්‍රෑම් 75 ක්‌, කුකුළු මස්‌ ග්‍රෑම් 50 ක්‌, හාල් මැස්‌සෝ ග්‍රෑම් 30 ක්‌, එළුÊමස්‌ ග්‍රෑම් 30 ක්‌, ඌරු මස්‌ ග්‍රෑම් 20 ක්‌, ඉස්‌සෝ ග්‍රෑම් 100 ක්‌, ටින් මාළු ග්‍රෑම් 30 ක්‌ පොකිරිස්‌සෝ ග්‍රෑම් 100 ක්‌, කකුළුවෝ ග්‍රෑම් 100 ක්‌, කරවල ග්‍රෑම් 40 ක්‌, ලෙසින් මින් එක්‌ වර්ගයක්‌ දිනකට එක්‌කර ගත හැකිය.

දියවැඩියා රෝගීනට පලතුරු ඉතා හොඳ ආහාරයක්‌. එහිදී ඇපල් කුඩා ගෙඩියක්‌. ඇඹුල් කෙසෙල් ගෙඩියක්‌. ආනමාලු ගෙඩි 1/2 ක්‌, රට ඉඳි ගෙඩි 3 ක්‌, මිදි ගෙඩි 20 ක්‌ පේර ගෙඩියක්‌, ජම්බු ගෙඩි 10 ක්‌, අඹ කුඩාගෙඩියක්‌, දොඩම් ගෙඩියක්‌ පැපොල් කුඩා කැබැල්ලක්‌, අන්නාසි කුඩා කැබැල්ලක්‌ දිනකට ආහාරයට ගැනීම ගුණදායකය.

සීනි ආහාරයට ගන්නේ නම් සීනි තේ හැඳි එකක්‌. කිතුල් පැණි තේ හැඳි එකක්‌, මී පැණි තේ හැඳි එකක්‌, හකුරු ග්‍රෑම් 8 ක්‌ ලෙස මින් එක්‌ වර්ගයක්‌ දිනකට ආහාරයට ගත්තාට වරදක්‌ නැත. නමුත් දියවැඩියා රෝගීන් මේ කිසිදු සීනි වර්ගයක්‌ ආහාරයට නොගන්නා තරමට හොඳය.

දියවැඩියා රෝගීනට කොතලහිඹුටුත් කරවිලත් ගුණදායකය. නමුත් ඖෂධත් ආහාර පාලනයත් අවශ්‍යය.

දියවැඩියා රෝගියකු ලේ පරික්‍ෂා කර ගත යුත්තේ ආහාර නිසි පරිදි පාලනය කර ඖෂධ ගනිමින් සිටියදීය. මේ දෙකම නවත්වා රුධිර සීනි පරීක්‍ෂා කිරීමෙන් ප්‍රයෝජනයක්‌ නැත.

විශේෂ ස්‌තූතිය - හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක
උපාලි ද සේරම්

0 Comments

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us