ආදරය සහ සියදිවි නසා ගැනීම


කවරෙකු හෝ ප්‍රේමය යනු කුමක්‌ දැයි කවදා හෝ ඔබෙන් අසා තිබේද? ඇසුවහොත්a ඊට දෙන්නට නිසි පිළිතුරක්‌ ඔබ ළඟ තිබේද?

නිසැකයෙන්ම නිසි උත්තරයක්‌ නොමැත. ප්‍රේමයේ ස්‌වරූපය පැහැදිලි කරන නිර්වචන බොහෝ තිබුණත් ප්‍රේමය යනු මේ යෑයි නිශ්චිතව කියන අදහසක්‌ කිසිවෙකුටත් තවම නැත්තේ ප්‍රේමය අත් විඳ එහි නියම ස්‌වරූපය අවබෝධ කර ගැනීමට අනුපමේය හැකියාවක්‌ ප්‍රේමයටම ඇති නිසා ය. එබැවින් ප්‍රේමය ඒ ඒ පුද්ගලයාට අනුව අවබෝධ වන සනාතන දහමක්‌ යෑයි මම සිතමි.

සැබෑ ප්‍රේමයේ පිවිතුරු බව ගැන, අව්‍යාජ බව ගැන, අවිහිංසක බව ගැන චින්තකයෝ මොන මොන කතා කීවත් අද සමාජයේ තරුණ මිනීමැරුම් වෙන තරමක්‌ වෙන්නේ ප්‍රේමය නිසා ය. එබඳු සිදුවීම් සුලභය. තරුණ ඝාතන මෙන්ම, ස්‌ත්‍රී දූෂණ, පැහැරගෙන යැම, පලිගැනීම්, පහරදීම් මෙන්ම දිවිනසා ගැනීම් ද ප්‍රේමය නිසා සිදුවන බවට සාක්‍ෂි ඕනෑම දිනක පත්තර බලන විට තුන හතරක්‌ සොයා ගැනීම අසීරු නැත. ප්‍රේමයට අද අත්ව ඇති ඉරණම එබඳු බව කියන්නට තරම් අපි අවාසනාවන්තයෝ වී සිටිමු.

පසුගිය සතියේ ද අපි ජනමාධ්‍ය තුළින් එබඳු සිදුවීම් තුන හතරක විස්‌තර ඇසීමු. එක්‌ සිදුවීමක්‌ වූයේ ත්‍රිකුණාමලයේදි ය. ගුවන් හමුදා සෙබළියක හා ප්‍රේමයෙන් වෙලී ඇයව විවාහ කර ගැනීමට සියල්ල සූදානම් කර කාලය එනතුරු බලා සිටි ගුවන් හමුදා සෙබළෙක්‌ ඇය තුන්වැන්නකු හා නොමනා සම්බන්ධයක්‌ පවත්වාගෙන යතැයි සැක සිතී ඒ දෙදෙනාට වෙඩි තබා ඝාතනය කොට තමනුත් සියදිවි හානිකර ගැනීමට ගත් උත්සාහයක්‌ පිළිබඳ තතු අපි ඇසුවේ පසුගිය සතියේ ය. ප්‍රේමය, සැකය, වෛරය මෙන්ම, ප්‍රචණ්‌ඩත්වය මොන තරම් ළඟ ළඟ ඇති මනෝභාවයන් දැයි අපට සිතෙන්නේ එබඳු සිදුවීම් අසන විටය. ඒත් සමඟම ඊට පසු යෞවන ප්‍රේමයේ තවත් අඳුරු පැතිකඩක්‌ පෙන්නුම් කරමින් යාන්තමින් අවුරුදු 15 හා 14 ඉක්‌මවූ යෞවනයෙක්‌ හා යෞවනියක්‌ අවාසනාවන්ත ලෙස ප්‍රේමය නිසා දිවි තොර ගත්හ.

මේ අවාසනාවන්ත සිදුවීමෙන් මුළු රුවන්වැල්ල ප්‍රදේශයම කම්පා කළේ පසුගිය සතියේa ය. ඒ යෞවන ප්‍රේමයේ තවත් එක්‌ පැත්තකි.

ඊටත් එහා ගිය ප්‍රචණ්‌ඩකාරී සිදුවීමක්‌ අපට කොළඹ මහරගම ප්‍රදේශයෙන් ද පසුගිය සතියේ අසන්නට ලැබිණි. තමා පෙම් කරන පෙම්වතිය තමන්ට අකමැති බැවින් ඇයගෙන් පලි ගන්නට මිතුරන් පිරිසක්‌ සමඟ පැමිණ ඇයව බලහත්කාරයෙන් පැහැර ගෙන යැමට කළ උත්සාහයක්‌ පිළිබඳ තතු ඉන් අපට හෙළි විය. ඉහත කීවේ ප්‍රේමයේම තුන් පැත්තකි. ප්‍රේමය නිසා ඇතිවන වෛරය, ප්‍රේමය නිසා ඇතිවන පරාධීන භාවය හා ප්‍රේමය නිසා පහළවන ප්‍රචණ්‌ඩත්වය පිළිබඳ තෙවැදැරුම් පණිවුඩ තුනක්‌ ඒ කතා තුන මගින් කියෑවිනි.

ඇතැමුන් කියන්නේ අප සුශමාදර්ශයක්‌ ලෙස සලකන සැබෑ ප්‍රේමය ඒ කොතනකවත් නැති බවකි. එය සැබෑ නම් ඒ සෑම තැනකම තිබෙන්නට ඇත්තේ ප්‍රේමයේ ආත්මාර්ථය පමණක්‌ බව නිසැකය. යමකට පෙම් කරයි නම් සැබෑවටම එය තමන්ගේම විය යුතුය. ඊට ඉඩක්‌ නැතිනම් පහළ වන්නේ වෛරයයි. පෙම් කරන දේ අයිති නොවීම තුළ එය සිඳ බිඳ වනසාලන්නට තරම් ඒ වෛරය බලගතුය. එහි ඇත්තේ සැබෑ ප්‍රේමයක්‌ ද?

ප්‍රේමයේ තවත් පැතිකඩක්‌ සියදිවි හානිකර ගැනීමෙන් වටහා ගත හැකිය. තමන් පෙම් කරන යමක්‌ තමන්ගේම විය යුතුය. එය ලබා ගත නොහැකි නම් නොපමාව ඊළඟ ආත්මයේවත් ලබා ගැනීමට මේ ආත්මයේ දිවි තොර කර ගත යුතුය. එක්‌විය නොහැකි පෙම්වතුන් ඉරණමට ඉඩ නොදී ජීවිතයෙන් සමු ගන්නට සිතන්නේ එම මනෝභාවයෙන් නොවේද?

ප්‍රේමයයි වෛරයයි අතර වෙනස කෙස්‌ ගසකට සම බව කියන අය ද සිටියි. එහෙත් එහි ඇත්තේ සැබෑ ප්‍රේමය නම් එම ප්‍රේමයත්, වෛරයත් අතර දුර ගව් ගණනකටත් වඩා වැඩි බව මට හැඟෙයි. ප්‍රේමය වෛරයට ළඟ නැත. වෛරයට තබා සැකයටවත් ළඟ නැත. ප්‍රේමය ඇත්තේ ඊට වඩා ගව් ගණනක්‌ ඉහළ වෙනම තැනක බව බොහෝ දෙනෙක්‌ දන්නේ නැත.

ප්‍රේමයේ උත්තුංග රසය ශෘංගාරයයි. එය සැබෑවකි. එහෙත් ප්‍රේමය තුළ බිහිවන උදාරතර රසය ලෙස මා දකින්නේ විරහවයි. මන්ද ප්‍රේමයේ සාර්ව සියලු සුන්දර පැතිකඩයන් හා මානයන් විග්‍රහ කෙරෙන්නේ විරහවෙන් බැවිනි. මහා කවි කාලිදාස zමේඝ දූතයZ නමැති මහා කාව්‍ය නිර්මාණය කරන්නේ ප්‍රේමය තුළ නොව, ප්‍රේමය තුළින් මතුවන විරහව තුළය. එතරම් දුර යා යුතු නැත. අපේ රටේ අනර්ඝ කලාකෘති ලෙස සලකන සියලු සාහිත්‍ය කෘති බිහිවීමට පාදක මූල බීජය විරහවයි. මාර්ටින් වික්‍රමසිංහගේ නවකතා කරණයේ අග්‍ර ඵලය වන zවිරාගයZ විරහවේ ප්‍රතිඵලයක්‌ නොවේ යෑයි කිව හැක්‌කේ කාටද?.

විරාගයේ අරවින්ද පෙම් කරන්නේ සරෝජිනීට ය. සරෝජිනීගේ ප්‍රේමය අරවින්දට හිමි නොවේ. අරවින්ද ප්‍රේමය අහිමිවීම තුළ වෛරක්‌කාරයකු හෝ පරාධීනයකු වන්නේ නැත. අරවින්ද ඊළඟට ඇතුළාන්තයෙන් පෙම් කරන්නේ බතීට ය. බතී කිසිවිටෙක්‌ අරවින්දගේ ප්‍රේමය හඳුනා නොගනී. ඔහු ඒ බව ඇයට නොහඟවයි. එහෙත් අරවින්දගේ ප්‍රේමය පිරිසිදුය. ඔහු ඇයව අයිතිකර ගන්නට නොසිතයි. අරවින්ද තෘප්තිමත් මිනිසකු ලෙස බතීගේ සෙවණේ ජීවිතයේ අවසාන භාගය ගෙවන්නේ අන්න ඒ සදාතන සත්‍යය නිසා බව මාර්ටින් වික්‍රමසිංහයෝ විරාගය තුළින් ලොවට පහදා දෙති.

නූතනයේ පෙම් කරන බොහෝ තරුණයෝ සැකය හා ආත්මාර්ථය හා වෛරය ළංකරගෙන ප්‍රේමය තුළින් ප්‍රචණ්‌ඩත්වය වෙත ඇදී යන්නේ ඔවුන්ගේ සිත් සතන් සංවේදී නැති නිසා ය. මට සුමට නොවන නිසා ය. කොටින්ම කිවහොත් ඔවුන් සාහිත්‍ය කලාවන් ඇසුරු නොකරන නිසා ය.

පුද්ගලයන් මටසිලිටු කරන්නේත්, සංවේදී කරන්නේත් සම්පූර්ණ මිනිසුන් සැබෑ ප්‍රේමවන්තයන් කරන්නේත් සාහිත්‍ය කලාව තුළිනි. සාහිත්‍ය කලාවට පෙම් නොකරන, සාහිත්‍ය කලාව ඇසුරු නොකරන අළුගෝසුවන් බඳු පුද්ගලයෝ අද අප සමාජයේ බහුලය. අප අවටත් නිරතුරුව සිටිමින් සමාජයට වෛරය වපුරන්නේ ඔවුන් ය.

තමන් පෙම් කරන යමක්‌ අයිතිකර ගන්නට නියමයක්‌ සාහිත්‍ය කලාව තුළ නැත. තමන් පෙම් කරන යමක්‌ අහිමිව ගිය විට එය සිඳ බිඳ වනසන මානසිකත්වයක්‌ සාහිත්‍ය කලාව තුළිsන් තනන සංවේදී මිනිසාගේ මනුෂ්‍යත්වය තුළ නැත. එය ඇත්තේ සාහිත්‍ය කලාවෙන් විහීන වූවන්ගේ මන්ද මානසිකත්වය තුළ ය. 

"අසිරිමත් වූ දෙයකි ලොවේ ප්‍රේමය නමිනා......." කියා මහාචාර්ය සරච්චJද්‍රයෝ කීවේ ඉස්‌සරය. ප්‍රේමය කෙනෙකුට වරක්‌ දුනහොත් යළි ගත නොහැක. කාගෙන් හෝ ගතහොත් යළි දිය නොහැක. ඔහු එහි සරල සුන්දර අවිහිංසකකම පිළිබිඹු කිරීමට දොa ප්‍රේමය උපමා කළේ අසෙනිය මලකටය. මහාචාර්ය සරච්චJද්‍රයෝ තරම් ප්‍රේමයට කි¹ බැස එහි සුන්දර පැති ඉතා සුමටව විග්‍රහ කළ චින්තකයෙක්‌, කවියෙක්‌, ලංකාවේ තවත් නැති තරම් ය.

ප්‍රේමය හා පරිසර සොබා සෞන්දර්යය මොන තරම් ළඟින් පිහිටා ඇති මාතෘකා දෙකක්‌ ද කියා පහදන්නට සරච්චJද්‍රයෝ සිය උත්තුංග නිර්මාණය මන මනමේ නාටකයේ "ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ, පූෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේ"Êකියා ලීවේය. දිගින් දිගටම එහි පරිසරයෙන් ප්‍රේමයට ලබා දෙන උත්තේජනය කීවේ ඔහු තුළ ප්‍රේමය පිළිබඳව වූ කවර මහානර්ඝ අත්දැකීම තුළින් දැයි අපට වටහා ගත නොහැක.

ප්‍රේමය තුළ විරහව ළඟා කර ගත්තවුන් සෞන්දර්යවාදී මනුෂ්‍යයන් නම් ඔවුන් ඊට ප්‍රතිචාර දක්‌වන්නේ සාහිත්‍ය කලාව තුළිනි. විරහව තුළින් රස නිෂ්පාදනය වන්නේ ඉන් පසුවය. මා මෙය විග්‍රහ කරන්නට දැනට අප අතර නැති තරුණ පරපුරේ ජනප්‍රියම ගායකයකු ගැන මා අසා ඇති විස්‌තරයක්‌ කෙටියෙන් කියන්නට කැමැත්තෙමි.

මේ ගායකයා පෙම් කළේ ලංකාවේ ඉහළම ව්‍යාපාරිකයකුගේ දියණිය කට ය. මුලදී ව්‍යාපාරික පියා ඊට එරෙහි වූයේය. ඉන් පසුවත් මේ ප්‍රේමය නැවතුනේ නැත. අනතුරුව දුරදිග බැලූ ව්‍යාපාරික පියා උපක්‍රමශීලීව එම ප්‍රේමය නතර කරවන්නට කල්පනා කළේය. තරුණයා රැකියාවක්‌ කරන්නට පිටරටකට පිටත්කර හැරියේය. පිටරට සිටි ඔහුත් තම නිවසේ සිටි දියණියත් අතර සන්නිවේදන බාධක ඇති කළ පියා ඒ තුළින් තම දියණියගේ සිත උපක්‍රම ශීලීව වෙනතකට යොමු කළේය. අවසානයේ විදෙස්‌ගත පෙම්වතා තම රටට පැමිණෙන විට පෙම්වතිය වෙන තරුණයකුගේ බිරිඳව සිටියාය.

තරුණයා ඇයට වෛර කළේ නැත. ඔහු ඒ වෙනුවට ඇයට උත්තර දෙන්නට සෞන්දර්යාත්මක මාවතක්‌ පාදා ගත්තේය. ලාංකික තරුණ ප්‍රේමණීය සිත් අමන්දානන්දයට පත් කළ විරහ ගී සිය ගණනක්‌ ඒ තුළින් බිහිව ඔහු ලංකාවේ හිණිපෙත්තේම සිටි විරහ ගී ගායකයා වූයේ එලෙසිනි. අදටත් ඔහුගේ ජනප්‍රිය එම විරහ ගී ඔහුගේ පුත්‍රයාගේ හඬින් ඔබට ඇසීමට ඉඩ ලැබෙනවා ඇත.

එදා පෙම්වතුන් "රුචිරාණිනී අහන්න, එක පාර මා මරන්න" යෑයි ගීයෙන් කීවා සේ පිහියෙන් අනින උත්තර සොයන්නට ගියේ නැත. ඒ වෙනුවට සෞන්දර්යාත්මක උත්තර ඕනෑ තරම් එදා සමාජයේ තිබිණි. එහෙත් අද.......

එදා පරාජිත පෙම්වතාගේ චරිතය සමාජයේ ගෞරව බහුමානයට පත් වූ චරිතයවක්‌ ව තිබිණි. කරුණාසේන ජයලත්ගේ zගොළු හදවතZ නවකතාවේ සුගත් සමාජයේ ප්‍රේමයෙන් පරාජිත තරුණයන්ගේ වීරයෙකු වන්නේ ඒ නිසා ය. ප්‍රේමයෙන් පරාජිත තරුණයෝ සෞන්දර ¨යාත්මකව ඊට උත්තර දෙන්නට බැරි නම් කළ එකම දේ ගොළු හදවතේ සුගත් කෙනෙක්‌ වන්නට උත්සාහ කිරීමය. ඔහු ලෙස සිගරැට්‌ බීමටත්, මත්පැන් බීමටත් කොණ්‌ඩය වැවීමටත් රැවුල වැවීමටත් සිතුවා මිස ඉන් එහා ගොස්‌ පෙම්වතියගෙන් පලි ගන්නට එදා පෙම්වතුන් සිහිනෙන් වත් නොසිතූහ. එහෙත් අද....

අද නැත්තේ සුගත්ලා වන්නට තරුණයන් ය. සංවේදී තරුණයන් ය. ඒ හා සමානවම අද නැත්තේ උත්තර නොව, උත්තර සොයන්නට තරම් වුවමනාවක්‌ ඇති පෙම්වතුන් ය. සැබෑ ප්‍රේමය මේ යෑයි දැන පිරිසිදු සිතින් පෙම්වතියන්ට පෙම් කරනා ආත්මාර්ථයෙන් තොර සෞන්දර්යවාදීව ජීවිතය ගැන සිතන පිරිසිදු පෙම්වතුන් ය. ඔවුන් අද සමාජයේ හිඟ නොව, ඇත්තේම නැත. අද වැඩිපුර ඇත්තේ ආත්මාර්ථයෙන් මඬනා සිත් ඇති අන්තර්ජාලයෙන් හා ක්‍රියාදාම චිත්‍රපටවලින් ප්‍රශ්න වලට උත්තර සොයන, මොළේ මCඳ්Cඳං කරගත් zෙµaස්‌බුක්‌Z පෙම්වතුන්ය.

බුලිත  ප්‍රදීප් කුමාර

Post a Comment

0 Comments