කනෙන් රිංගා කටට ඔබන අරක්‌කු සිගරට්‌ අන්තිමට පිටවෙන්නේ පණත් අරගෙන


විවිධ රජයන් විසින් වරින් වර මද්‍යසාර, දුම්වැටි, මත්ද්‍රව්‍ය ජනතාව අතරින් ඈත් කිරීම සඳහා විවිධ උත්සාහයන් ගෙන තිබිණි. මතට තිත ඒ අතුරින් ප්‍රමුඛ වූයේ, කුඩා දරුවකුගේ මුවෙහි වුවද "මතට තිත" යන්නෙන්, නිරන්තරයෙන් රැඳී තිබෙනු අත් විඳී නිසාය. එහෙත් මතට, තිත වැටුණේ නැත. 

අද වන විට පවතින සමාජ විෂමතාව සහ පවුල් ආරවුල් සමාජ ව්‍යසනයක්‌ කරා ඔඩු දිවීමට ඉවහල් වන්නේ, මද්‍යසාර දුම්වැටි ඇතුළු අනෙකුත් මත්ද්‍රව්‍ය බව තරයේ සිහිපත් කළ යුතුව ඇත්තේය. රටක්‌ මෙතරම්ම අපරාධ රැල්ලකට ගොණු වී දිනෙන් දින මනුෂ්‍ය ඝාතන ළමා අපචාර ඇන කොටා ගැනීම් ඇතුළු දරුණු උපද්‍රවයන්හි මූලාරම්භය අරක්‌කු, කසිප්පු, විස්‌කි, බ්‍රැන්ඩි සිගරට්‌, ගංජා, හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතය නිසා බව යළි යළිත් අවධාරණය කළ යුතුය. 

ඉකුත් දා මහනුවර දි ෂධඨඔ ජාත්‍යන්තර සංවිධානය මගින් මද්‍යසාර, දුම්වැටි සහ මත්ද්‍රව්‍ය වැළැක්‌වීම සම්බන්ධ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක්‌ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය. මෙහිදි ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ, "දුම්කොළ නිෂ්පාදන පාලනය සඳහා ආසියාවේ රටවල් අතරින් සිගරට්‌ පෙට්‌ටියේ අවවාදාත්මක පිංතූර පළකරමින් Rජුව කටයුතු කිරීමට හැකි වූ ප්‍රථම රට ලංකාව වීම පිළිබඳව සතුටු විය හැකි බවයි. මා මත්ද්‍රව්‍ය දුම්වැටි පාලනය සඳහා ජනාධිපති කාර්යසාධන බළකායක්‌ ඇති කරනු ලැබුවේ තරුණ කොටස්‌ මත්ද්‍රව්‍ය භාවිතයෙන් හෝ භාවිත කිරීමට පෙලඹීමෙන් බේරා ගැනීමට උවමනා නිසායි" යන්නෙනි. 

එම උපද්‍රවයන් අවම කිරීමට ජනාධිපතිවරයා ඇතුළු විවිධ කණ්‌ඩායම් දිගින් දිගටම උත්සාහ ගත්තද, නව වැඩසටහන් ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළද මෙම මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් බාල, තරුණ, මහලු වැඩිහිටි උදවිය බොහෝදෙනා ඉන් මුදවා ගත නොහැක්‌කේ ඇයිද යන්න විමසා බැලිය යුතුව ඇත. 

වසර දෙදහස්‌ පන්සියයකට එපිට දෙව්දත් නාලාගිරි ඇතුට රා පොවා බුදුන් වැඩි මඟට එවූ බව අප අසා තිබේ. එවකටද මද්‍යසාර භාවිත වන්නට ඇත. නමුත් බාල පරම්පරාව අද තරම් දිනෙන් දින ඊට ගොදුරු වූ බවක්‌ කොතැනක හෝ සඳහන් වන්නේ නැත. අද අප අත්විඳින උත්කණ්‌ඨාව වන්නේ, වයස අවුරදු දහය වනවිටද මේ ශ්‍රී ලාංකික දරුවන් දුම්වැටිය හෝ මද්‍යසාර හෝ වෙනත් මත්ද්‍රව්‍ය පිළිබඳව ලිහිල් වූත් සාමාන්‍යකරණය වූත් අදහස්‌ දැරීමය.ඒවා දරුවන්ට ආගන්තුක නොවන්නේ මන්ද? ඊට හේතුපාදක වන කාරණාව මේ සමාජය පුරා ම වෙලා ගෙන ඇත්තේ සියලු වයස්‌ කාණ්‌ඩයන්හි ජනතාව ගේ දෑස්‌වලට වැලිගසමින් බව කිසිවෙකුත් අවබෝධ කරගෙන නැත.

මේ පිළිබඳව ගැඹුරින් විමසා බැලිය යුතුය. ඒ සඳහා පර්යේෂණාත්මක විග්‍රහයන් මෙන්ම තොරතුරු අධ්‍යයනයන් ඇසුරින් කරුණු ගෙන හැර දක්‌වන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ, මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්‌ථානයේ සභාපති විශේෂඥ මනෝ වෛද්‍ය මහේෂ් රාජසූරිය මහතාය.

"සමාජයේ ඕනෑම වයස්‌ කාණ්‌ඩයකට ආකර්ෂණීය චරිතයක්‌ හෝ භාණ්‌ඩයක්‌ හෝ කිසියම් සුවිශේෂී යමක්‌ තිබෙනවා. අපි දැන හෝ නොදැන හෝ අපේ ආකර්ෂණය ඒ වෙත බැඳෙනවා. පුංචි ළමයි දිහා අවධානයෙන් බලන්න ,කවදාවත් ළමයි කාටුන් වලට අකැමැත්තක්‌ දක්‌වන්නේ නැහැ. වෙලාවක්‌ තැනක්‌ නොතැනක්‌ නැතිව ළමයි කාටුන්, මොබයිල්ෙµdaන් වීඩියෝ ගේම්වලට ප්‍රිය කරනවා. ඒ අයට කෑමක්‌ බීමක්‌ නැතිව වුවත් ඒ වයේ රැඳෙන්න පුළුවන්. වයස්‌ අනුව මේ හැමදෙයක්‌ම එකවගේ එක සමාන ස්‌වරූප ගන්නවා. මොකද තරුණ දරුවෝ ආදරයට - කාන්තාවෝ ඇඳුම් පැළඳුම්වලට අසීමිත ලෙස ඇලුම් කරනවා. ඇතැම් වෙලාවට හිතනවා, අපි කිසිම දෙයකට කැමති නැහැ කියලා. අන්න ඒ වෙලාවටත් නොදැනුවත්වම අපේ යටිහිත කැමැත්තක්‌ ඇති වෙන යමක්‌ සමඟ බැඳෙනවා. 

මෙන්න මේ කියන කාරණා සියල්ල බහුජාතික සමාගම්, හෝ මද්‍යසාර දුම්වැටි සමාගම්වල අලෙවි ප්‍රවර්ධනකරුවන් මනාව අධ්‍යයනය කර අවබෝධ කරගෙන තිබෙනවා. අපේ දරුවන් ඒ අයගේ භාණ්‌ඩ හා සේවාවන්ට නතු වන්නේ ඒ අනුවයි. මිනිස්‌ සන්තානය සැණින් කළඹවාලිය හැකි සේම යමක්‌ තියුණු ලෙස ග්‍රහණය කරවීමට පහසුම කලා මාධ්‍යය ප්‍රචාරණ කලාවයි. Rජු ප්‍රචාරණය සහ වක්‍ර ප්‍රචාරණය ලෙස එය වර්ගීකරණය කෙරෙනවා. Rජු ප්‍රචාරණය ඔස්‌සේ යමක්‌ හඳුන්වා දීමේදී එය මිනිස්‌ ඇස විසින් සැණින් ග්‍රහණය කරගන්නවා. පාට හඬ ඇතැම් වචන හැඩතල මේවා වයස්‌ බේදයකින් තොරව ඇස ට හසුවන්නේ ප්‍රබල ලෙසයි. නමුත්, වක්‍ර ප්‍රචාරණය මේ සියල්ලටම වඩා වෙනස්‌.එය වඩාත් ප්‍රබල බව නොපෙන්වමින් අතිශය ප්‍රබල වෙනවා. වක්‍රව ප්‍රචාරණය කරන කිසියම් වෙළෙඳ භාණ්‌ඩයක්‌ හෝ පණිවිඩයක්‌ වයස්‌ බේදයකින් තොරව ග්‍රහණය කරගන්නේ මිනිසාගේ මනස. මෙසේ මනසට කා වැදුණු විට එය විටින් විට මතකයට නැඟෙමින් ප්‍රශ්නාර්ථයක්‌ ඇතිකරමින් ඒ කරුණ තමන්ට හුරු පුරුදු තමන්ගේම ජීවිතය හා බද්ධ වුණු දෙයක්‌ බවට පත් කෙරෙනවා. මද්‍යසාර මත්ද්‍රව්‍ය දුම්වැටි කියන මේ බහුජාතික සමාගම් කරන්නේ මෙන්න මේ ක්‍රියාව . ඔවුන්ගේ නිෂ්පාදන ඔවුන් Rජු ප්‍රචාරණයක්‌ ඔස්‌සේ වෙළෙඳ පොළට යොමු කරන්නේ නැහැ. කෙටියෙන්ම කියතොත් ඔවුන් තමන්ගේ භාණ්‌ඩ සඳහා වෙළෙඳ ප්‍රචාරණයක්‌ සිදු කරන්නේම නැති තරම්. වෙළෙඳ දැන්වීමක්‌ ඇත්තේම නැති තරම්.

සිගරට්‌ බොනවා කියන්නේ, ගඳ ගහන තොල් කළු වෙන ළඟින් ගියත් සැර ගඳක්‌ දැනෙන, දුම නිසා හිස කැක්‌කුම ඇති වෙන කටයුත්තක්‌. අරක්‌කුත් ඒ වගේමයි. පුංචි වීදුරුවකට දාලා තව තව ජාතිත් දාලා බොන්නේ, බොන්න අපහසු නිසාමයි. බීපු ගමන්ම සැර මොනවා හරි කෑමක්‌ කන්නේ අර බිපු අමාරුව අඩු කරගන්න. මේ බව Rජුව කියන්න මේ සමාගම්වලට බැහැ. 

එයින් ඔබ්බට යන මේ බහුජාතික වෙළෙඳුන් කරන්නේ පුංචි දරුවන්ගේ තරුණයන්ගේ මනසට දුම්වැටිය මද්‍යසාර මත්ද්‍රව්‍ය සාමාන්‍යකරණය කරන එක. ඒ දරුවෝ කැමැති කාටුන් චරිත හරහා දුම්වැටිය දරුවන්ගේ මනසට හඳුන්වා දෙනවා. මද්‍යසාර වීදුරුව ඒ ඒ චරිතවලට නැතිවම බැරි පානයක්‌ කරනවා. නමුත් කිසිම තැනකදී වචනයකින්වත් ඒ බව ප්‍රකාශ කරන්නේ නැහැ. දරුවන්ගේ වීරයා ලෙස ඒ දරුවො සලකන චරිත ඔස්‌සේ දරුවෝ මේවා ගැන බයක්‌ සැකක්‌ නැතිව මෙය අවශ්‍ය දෙයක්‌ බව තේරුම් ගෙන නිහඬව ඉන්නවා. තරුණ අවධියට එලැඹෙන දරුවෝ දුම්වැටි මත්ද්‍රව්‍ය මද්‍යසාර පිළිබඳ චකිතයකින් තොරව අත්හදාබලන්නේ ඒකයි.මේ ඔස්‌සේ දරුවන්ගේ සාරධර්ම පද්ධතියම වෙනස්‌ කරන්න යන්නේ සුළු කාල පරාසයක්‌ පමණයි. මේ බව දෙමවුපියෝ අවබෝධ කරගැනීම අත්‍යවශ්‍ය වන කාලයක්‌ තමයි මේ. 

තරුණ දරුවොත් මෙම වක්‍ර ප්‍රචාරණයට නතු කරගන්න බහු ජාතික සමාගම් බොහොම සමත්. මොකද තරුණ ජීවිත වලටත් වීරයෝ ඉන්නවා. බොහොමයක්‌ අවස්‌ථාවල ක්‍රීඩකයෝ නළුවෝ නිළියෝ ගායක ගායිකාවෝ තරුණ පරපුරේ ආකල්ප ඔස්‌සේ ඇදීයන පිරිසක්‌ වෙලා. මේ සියල්ලෝම හරහා මද්‍යසාර දුම්වැටි සමාජගත කරන්න උපක්‍රම යොදා තිබෙනවා. ඇතැම් ටෙලි නාට්‍යවල චිත්‍රපට වල උසස්‌යෑයි සම්මත චරිත සිය ජයග්‍රහණ භුක්‌ති විඳින්නේ ශැම්පේන් බෝතලයක්‌ හරහා බව නරඹන්නාට අවබෝධ කරවනවා. හොඳ අධ්‍යාපන මට්‌ටමක සිටින උදවිය තරුපහේ හෝටල්වලට ගොස්‌ තමන්ගේ මිත්‍රයින් මුණ ගැහෙන්නේ වයින් බ්‍රැන්ඩි ආදි විවිධ නම්වලින් සඳහන් මද්‍යසාර සමඟ බව පෙන්වනවා. මේ කොතැනකවත් ඒ බැව් ප්‍රකාශ කරන්නේ නැහැ. නමුත් දරුවන් තරුණයන් මනසින් මෙයට ඇලුම් කරනවා. 

උදාහරණයක්‌ විදිහට වතුකරය ගන්න. පහුගිය කාලේ (ඉකුත් මාසයේ) කන්ද උඩරට වතුකර ප්‍රදේශවල ලැයිම් ආශ්‍රිතව සැටලයිට්‌ රූපවාහිනි සවිකරලා චිත්‍රපට ප්‍රදර්ශනය කෙරුණා. ඉන් එක චිත්‍රපටයක්‌ තමයි මාරි කියන නවතම දමිළ චිත්‍රපටය. එහි ප්‍රධාන නළුවා ලෙස රඟපෑවේ ඉන්දියාවේ සුපිරි නළු රැජිණකාන්ත්ගේ බෑනණුවන්. ඔහු චිත්‍රපටයේ බොහොම ආකර්ෂණීය චරිතයක්‌. දුම්වැටියක්‌ මුවේ රුවාගෙන මද්‍යසාර පාවිචිචි කරමින් ඔහු ගමේ චණ්‌ඩියා ලෙස රඟපෑවා. මේ චරිතය වතුකරයේ තරුණයන් අතර මීදුමෙන් වැසීයන කඳුවළල්ලක්‌ වාගේ සැණින් ප්‍රචලිත වුණා. ඔවුන් මේ චරිතය අනුකරණය කළා. එහි වක්‍රාකාර ප්‍රතිඵලය වූයේ මද්‍යසාර දුම්වැටි ඉල්ලුම වතුකරයේ සීග්‍ර ලෙස ඉහළයැමයි. එහි ලාභය බුක්‌ති විඳින ව්‍යාපාරිකයා නැවත නැවතත් සැටලයිට්‌ රූපවාහිනි ඔස්‌සේ හෝ අදාළ ආයතන වෙත විශාල මුදල් යොදවා තමන්ගේ අභිමතය ඉෂ්ට කර ගන්නවා. 

මේ කියන කාරණා හොඳ හැටි අවබෝධ කරගන්න තරම් අද වැඩිහිටියෝ සැලකිලිමත් වෙන්න ඕනැ.තමන්ගේ දරුවෝ රූපවාහිනිය ඉදිරියේ ඉඳගෙන හිටියත් නරඹන්නේ මොකක්‌ද කියලා හොයලා බලන්න ඕනෑ. මේ කතාවල අන්තර්ගතයේ සම්පූර්ණයෙන්ම පාහේ තිබෙන්නේ තමන්ගේ දරුවන්ගේ මනස විකෘති කරන දර්ශන . මේවායින් දරුවන්ගේ අධ්‍යාපනය පමණක්‌ නෙවෙයි., වින්දන ශක්‌තිය අවබෝධ කරගැනීමේ ශක්‌තිය මතක ශක්‌තිය මේ සියල්ලම අඩාළ කරමින් සමාජ විරෝධී මත්ද්‍රව්‍ය ව්‍යසනයටත් නතු වෙනවා. 

මෙහි අද තිබෙන තවත් බරපතලම තත්ත්වයක්‌ තමයි, නව ප්‍රවණතාවක්‌ ලෙස තරුණියන් සහ කාන්තාවන් දුම්වැටි මත්ද්‍රව්‍ය වෙත යොමු කරගැනීමේ යටිපෙළ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා. අද පාසලින් එළියට බහින බොහොමයක්‌ දියණිවරු සමාජය දකින්නේ සුරංගනා ලෝකයක්‌ විදිහට. විලාසිතා, සුන්දර බව තරුණියකට අත්‍යවශ්‍ය වුවත් මේ දරුවෝ මොකක්‌ හෝ මුළාවක අතරමංවී සිටිනවා. මේ තත්ත්වය අවබෝධ කරගන්නා පෙරකී සමාගම් තරුණියන් සිය නිෂ්පාදනයන්ට නතු කර ගත හැකි අවස්‌ථානුකූල ක්‍රමවේද සකසනවා. දැනටමත් මේ සඳහා ඔවුන් ක්‍රියාත්මක වෙනවා. චිත්‍රපට සංගීත ප්‍රසංග ටෙලි නාට්‍ය විවිධ උත්සව දුක සතුට කොතැනක වුවත් තරුණියකට මත්ද්‍රව්‍ය, මද්‍යසාර, දුම්වැටි ඔස්‌සේ සහනයක්‌ ගත හැකි බවට මුළා කරනවා. 

දෙමවුපියන් වැඩිහිටියන් ලෙස ඔබේ දරුවා අනාගතයේ සිගරට්‌ බොන්නෙක්‌ අරක්‌කු හෝ වෙනත් ඕනෑම මද්‍යසාරයක්‌ පානය කරන්නෙක්‌ හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිත කරන්නෙක්‌ ලෙස දැකීමට ඔබ අකැමැති නම් අදම ක්‍රියාත්මක වීම වැදගත්. මද්‍යසාර දුම්වැටි සමාගම්වල කූට උපක්‍රම පිළිබඳව නිවසේදී විවෘතව කතා කරන්න. ඒ ඒ සමාගම්වල උපක්‍රම එක්‌ව හඳුනා ගන්න. මනස දියුණු කරන වැඩසටහන් මනස වියවුල් කරන වැඩසටහන් පිළිබඳව දරුවන් සමඟ කතා කරන්න. සිගරට්‌ අරක්‌කු බියර් භාවිතය දුර්වල අනුවණ ක්‍රියාවක්‌ වුවත් කාටුන් ටෙලි නාට්‍ය චිත්‍රපට හරහා මේවා පාවිච්චි කරමින් දරුවන් මුළා කොට ඔවුන් ධනවත් වීමට වෙර දරන බව දරුවාට තේරුම් කර දෙන්න. තමන්ගේ මුහුණ, ඇස්‌, තොල්, දත් අවලස්‌සන වන අන්දම පහදා දෙන්න. නළු නිළියන් ගායක ගායිකාවන් මේකප් කරමින් බොරු මුහුණක්‌ පෙන්වන බවත් ඔවුන් මුදලට චරිත රඟපාන බවත් පහදා දෙන්න. 

මද්‍යසාර භාවිතයේ දුම්වැටි භාවිතයේ ආදීනව කොතෙක්‌ද යන්න ඇත්ත ඇතිසැටියෙන් දරුවාට අවබෝධ කරදීමට වහාම යොමුවන්න..." 

මෙම සමාජ ව්‍යසනයෙහි අනිටු ඵල අනාගතයට එක්‌වන්නේ , දූෂකයන් මංකොල්ලකරුවන් මිනීමරුවන් ලෙස පමණක්‌ නොවේ. තම පවුල් සංස්‌ථාව හෝ නොහඳුනන නරුමයන් පරිද්දෙනි. තම බිරිඳ හෝ තම මව හෝ තම දරුවන් තමන්ට සම්පතක්‌ ලෙස නොසලකන උම්මත්තකයන් පිරිසක්‌ සමාජ ගත වන්නේ මෙම සිගරට්‌ අරක්‌කු ගංජා හෙරෝයින් ඇතුළු සියලු මද්‍යසාර මත්ද්‍රව්‍ය නිසාය.

ඒ බව සියල්ලෝම සැකෙවින් අවබෝධ කරගත යුතුය.

සමන්ති වීරසේකර

Post a Comment

0 Comments