මානවයාගේ අනාගත අභියෝගය


මා කවදත් ඇසුරු කළ කේම්බ්‍රිඡ් සරසවිය ආශ්‍රිත සමාජයට මම කවදත් ප්‍රිය කළෙමි. එහි වූ විද්‍යා සමාජය, ප්‍රභූවරු, ව්‍යාපාරිකයන් ඔවුන්ගේ අනාගත තීන්දු තීරණ ගැනීමේදී ඔවුන් බැරකර ගන්නා විපාකයන් මම සාවධානව බලා සිටියෙමි. මා පෙලෙන රෝගයෙන් නිරායාසයෙන්ම ඈත් කළ තනිකම මගේ මනෝ චින්තනය ශක්‌තිමත් කළේය. යුරෝපය සම්බන්ධ තීරණයේදී මෙන්ම ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඒ ප්‍රජාව ගත් තීරණය විද්‍යා හා තාක්‍ෂණ පර්යේෂණ කොතරම් අවදානමකට ලක්‌වූයේ දැයි මට හැඟෙයි. ජනප්‍රිය බවින් වෙලුණු ඒ තීරණ හේතුඵලවාදයෙන් බැහැර විය. එය මානව ප්‍රවර්ධනයේ නැවතීම් ලකුණු විය. මේ තීරණයවල ගෝලීය හා ආර්ථික හේතූන් මට වටහාගත හැක. අද පවතින විද්‍යා හා තාක්‍ෂණ ප්‍රගතිය කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය විද්යුත් ඉලක්‌ක වෙත යවා ඇත. දැනුම කෘතිම සාධකවලට සීමා වී ඇත. මිනිසා සත්කාර සේවා නිර්මානාත්මක කුසලතා හෝ අධීක්‍ෂණ කටයුතුවලට සීමාවෙමින් පවතී.

මේ ප්‍රවනතාවයන් හරහා සමාජයේ ආර්ථික අවස්‌ථාවල තියුණු පරතරයක්‌ දැකිය හැකිය. අන්තර්ජාලය මගින් සුළුතරයක්‌ සම්පත් සූරා කෑමකට යොමු වී ඇත. මෙවැනි සංවර්ධනයක්‌ දැරිය නොහැකි වේ. මුදල් ආයෝජනයෙන් සුළුතරය අසීමිත ප්‍රතිලාභ හිමිකර ගනිමින් බහුතරයක ණය බර මුදාහරින තැනට තල්ලු වී ඇත. ලෝකය සංකෝචනය වනවාට වඩා ප්‍රසාරණය වෙමින් ආදායම් පරතරය උග්‍රවෙමින් තමන්ගේ ඉපයීම් අවස්‌ථා හැකිලෙන අයුරු බලා සිටිය හැක. අද යුරෝපා ප්‍රශ්නය හා ඇමරිකානු ජනාධිපතිවරණය නියෝජනය කරන්නේ මේ විෂමතාවල පිපාසයයි. අද අන්තර්ජාලය හා සමාජ ජනමාධ්‍ය මගින් පෙරට වඩා වර්තමාන තත්ත්වය තවදුරටත් උග්‍ර වෙමින් පවතී. අද පවතින තාක්‍ෂණය මා අගයනවා. මන්දයත් එය නොතිබෙන්නට මට වැඩ කරගන්න බෑ.

අද පෙර නොවූ අයුරින් ගමින් නගරයට බලාපොරොත්තු සහිතව ජනයා සංක්‍රමණය වෙනවා. නමුත් ඔවුන් පතන නිවහන එහි නෑ. අද ලෝකයේ ආර්ථික අවස්‌ථා සඳහා විශාල සංක්‍රමණයක්‌ පවතිනවා. ඔවුන් එලෙස සංක්‍රමණය වූ නව දේශයන්හි නව ඉල්ලුම් හා සැලසුම් මගින් නව දේශපාලන රටා නිර්මාණය වෙනවා. අන් කවර යුගයකටත් වඩා මානවයා එක්‌ව වැඩ කිරීමේ ප්‍රවනතාවයක්‌ ඉස්‌මතු වෙනවා. අප අවට පාරිසරික ගැටලු, ආහාර හිඟය හා ජනගහන වර්ධනය මේ අභියෝගයන්ය. ලෙඩ උවදුරු, පිරිසිදු ජලය හා මුහුදු දූෂණය මේ පසුපස එන අභියෝගයන්ය.

මානව ඉතිහාසයේ සංවර්ධන ඉමෙහි අවදානම් ඉසව්වට ප්‍රවේශවෙමින් පවතී. මුළු පෘථිවියම විනාශ කළ හැකි තාක්‍ෂණය අප සතුව ඇතත් ඉන් ගැලවීමට මංපෙත් මෙතෙක්‌ සොයා ගෙන නැත. තව වසර සිය ගණනකින් වෙනත් ග්‍රහලෝකවල මිනිස්‌ ජනපද දැකීමට නියමිතය. එහෙත් තවම අපගේ එකම ජනපදය පෘථිවියයි. අප එය රැකගත යුත්තෙමු.

අපි ජාතීන් එක්‌ කළ යුතු කාලය පැමිණ ඇත. ඒ සඳහා අවතීර්ණ නොවූ නායකත්වයට පසුතැවිලි වීමට සිදුවේ. ලෝකයේ සම්පත් සුළුතරයක්‌ අත ඒකරාශී වී ඇත. එය බහුතරයකට පෙරළිය යුතුය. රැකියා අවස්‌ථා පමණක්‌ නොව නිෂ්පාදන කර්මාන්ත අතුරුදහන්වෙමින් පවතී. අවශ්‍යවන්නේ අනාගත අභියෝගයන්ට ජනතාව පුහුණු කිරීමයි. සරණාගතයන් වන කෝටි ගණන් ජනතාව මේ ග්‍රහ ලොව තමන්ගේ නිවහන කර ගැනීමේ උපායමාර්ග වෙත දැනුවත් කළ යුතුය. මානවයාගේ පසුගිය පාඩම් ඇසුරු කරමින් නව අභියෝගයන්ට මුහුණ දීමට මානවයාට පුරුදු කළ යුතුය. අපි මානවයා පිළිබඳ නව පාඩම් වෙත යමු.

මහාචාර්ය ස්‌ටීවන් හෝකින්ස්‌

පරිවර්තනය බන්දුල නෝනිස්‌

Post a Comment

0 Comments