ඉන්දියානු සංගීත අරබ ජයගත් සිගමනේ ගිය ගැහැණිය - රණූ මොන්ඩල්


ඔබ මෙි කතාව දැනටමත් මෙි සමාඡඡාලයෙන් අහල බලල ඇති. එත් අපි ඒක නැවත ලියන්නෙ යම් මිනිහෙකුගේ සුලු ක්‍රියාවකින් එක් දුක්විදින ඡිවිතයක් කොතරම් අපූරු ලෙස ඉන් මුදවාගත හැකිද යන්නත් එය සුරංගනා කතාවක් මෙන් දෙසවනට මිහිරද හදවතට අපිරිමිත දයාවද ගෙන දෙන කතාන්දරයක් වෙන හැටි කියන්නත්....

ඇයට අවුරුදු 59 ක් වෙනකොටත් ඇය තමන්ගෙ පණ ගැටගහගත්තෙ යමෙක් දෙන කාසියකින් එහෙමත් නැත්නම් කවුරුහරි කාල ඉතිරි වෙිච්ච බත් මුලකින්. සමහර දවස් තිබුණ ඇය සිගමන් යැද්ද බටහිර බෙංගාලයේ රණගාත් දුම්රියපොලේදී බඩ පුරා කා නින්දට වැටුණු දවස්. තවත් සමහර දවස් තිබුණ නිරාහාරව දූවිලි ගොඩක සැතපෙන්නට සිද්දවුණු. එයා හැමදාම සිගමන් යදිද්දි කරපු දෙයක් තමයි ඇය ගොඩාක් ආදරය කරපු ගීත සිගමන් යදිමින් ගයපු එක. ඒ ගීතවල තිබුනෙ මෙි ගැහැණියගෙ ඡිවිතයට කිසිම සම්බන්ධයක් නැති සුරංගනා කතාවල එන දේවල්. මියයන තුරු ආදරයෙන් වෙලිල පැටලිලා ඉන්න පෙම්වත්තු ගැන. මීදුම් ගලාගෙන යද්දි සර සර හඩ නංවමින් ඇද වැටෙන දිය ඇලි ගැන. එහෙමත් නැත්නම් උදෑසන අවදිවෙලා ප්‍රීතියෙන් ගී ගයන කුරුල්ලො ගැන. වයස 22 දිම තමන්ගෙ මනුස්සය දාල ගිය ඇයට මෙි ගීතවලින් කියන්නෙ යමෙකුගෙ ඇත්තම ඇත්ත ඡීවිතය ගැනද ඇත්තම ඇත්ත ලෝකය ගැනද කියල හිතන්නනම් කිසිම අදහසක් තිබුණෙ නෑ. ඒත් ඇය ඒව ගැයුවා ඒකතා වලට ආදරය කලා. ඒ ගීත හාත්පසින්ම ඇගේ ඡීවිතය එක්ක සසදද්දි වෙනස් කතාන්දර වුනත්.


එකම එක කිළිටි කඩමාලු සාරිය දවටන් ගී ගයන මෙි ගැහැණියගෙ ඡීවිතය 2019 අගෝස්තු මාසෙ එක් දවසක වෙනස් කලා. ඒ දවසෙ දුම්රියක් බලාපොරොත්තුව රණගාත් දුම්රිය පොලේ බලන් හිටපු 26 හැවිරිදි අතීන්ද්‍ර චක්‍රවර්ති කියන ඉංඡිනේරුවට ඇහුන දුම්රිය පොලේ පසුබිමින් මොහෙමඩ් රාෆිගෙ ගීතයක්. ඒත් එක්කම ඔහුට ඇහුණ ඒ ගීතයම ඊට සමාන්තරව උස් හඩින් ගයන ගැහැණියකගේ කඩහඩ. ඒක හරි මිහිරි කටහඩක්. ඒත් ඒක ගයමින් සිටියේ දුම්රිය වෙිදකාවෙි සිගමන් ඉල්ලමින් සිටි මැදිවියත් ඉක්මවා ගිය ගැහැණියක්. ඔහු සිය ගමන යන එක මොහොතකට පැත්තකින් තියල සෙමින් සෙමින් කිට්ටු වුනා ඒ ගැහැණිය වෙත, නැමුන ඔහු ඇගේ සිරුර වෙත.

‘‘ ඔබ හරි ලස්සනට ඒ ගීතය ගායානා කලා ! මොකක්ද ඔබෙි නම ?‘‘
‘‘ රණූ මොන්ඩල් ‘‘
‘‘ රණූ මොන්ඩල් ඔබට බැරිද ලතා මංගේෂ්කාර්ගෙ එකක් ගයන්න ? 
‘‘ඇය දැන් ගයනවා ලතා මංගෙෂ්කාර් 1972 දි ෂෝර් චිත්‍රපටියට ගැයූ ගීය ‘‘ඒක් ප්‍රයර් කා නග්මා හේ..... තේරී මෙිරි කහානී හේ.... 
"ඔබට එය ලබාගන්න පුලුවන්. එය කළ හැකියි.‘‘

විශ්මයෙනුත් ඒ හඩෙි මිහිරෙනුත් වශීවුණ අතීන්ද්‍ර ඒක සිය ඡංගම දුරකථනයෙන් වීඩියෝ කරල ඇයට සුබ පතල ගෙදර යනව. සමහර විට ඔහු ඇයට යම් මුදලක් දෙන්නත් ඇති. ඊට දවස් දෙකකට පස්සෙ ඔහු සිය ෆේස් බුක් සමාඡඡාලා ගිනුම ඔස්සේ එය මුදාහරිනව අන්තර්ඡාලයට. විශ්වාස කරන්න ඒ ගීයෙන් මත්වුණු රසිකයො ඒක බෙදාගන්නව ලක්ෂවාරයක්. ඇයව සහ ඇගේ ගීය අහපු ඉංදියාවෙ 'Barpeta Town The place of peace'' නමින් ෆේස්බුක් පිටුවක සාමාජිකයන් ඇයව සොයාගොස් ඔවුන්ගෙ නවාතැනේදී ඇගේ හැඩපලු ‍ගැසුණු කෙහෙරැලි මනාලෙස පීරා කපා ඒවා සුවද පැනින් නහවා ඇගේ දිරාගිය ඇදුම් ගලවා ඉවත දමා පට පිලී වලින් ඇය සරසවා රණූට වඩා හොඳ පෙනුමක් ලබා දී තිබුණා.

මෙහෙම මෙි ගී පටිය අතින් අත බෙදාගන්නකොට ඒක ඇහෙනව ඉංදියාවෙ ඡනප්‍රිය ගායයෙක් වෙච්ච හිමෙිෂ් රෂ්මියාගෙ දෙසවනට. එහි මිහිරෙන් ඇලලුණු ඔහු යනව මෙි සිගන්නියව හොයාගෙන රණගාත් දුම්රිය පොළට. ‘‘එන්න රණූ අපි ඔයාගෙ ඡිවිතයත්, මෙි ඉංදියානු සංගීත ලෝකයත් වෙනස් කරමු.‘‘ ඔහු එහෙම ඇයට කියන්න ඇති. ඊට පස්සෙ හිමෙිෂ් ඇයව එක්කන් එනව තමන්ගෙ අති නවීන ශබ්දාගාරයට. නැවත ඒ ගීයම සංගීතයත් සමග මුසුකරල පළකරනව ඔහුගෙ ඉන්ස්ටර්ග්‍රෑම් සමාඡඡාලා පිටුවෙ. එය හාරලක්ෂයක් මිනිසුන්ගෙ අතිනත යනව. ඉතින් ඔහු ඇය ගැන සෑහිමකට පත්වෙනව.

ඊට පස්සෙ ඔහු ඇයව කසී සලුවලින් පොරවල ඇගේ දෑතට වළලුදාල ඇය හැඩකරල මෙය සිහිනයක් යැයි සිතමින් සිටින රණු මොන්ඩල් වෙත ඔහු ඉදිරිපත් කරනව සිය යෝඡනාව. ‘‘රණූ ! මම කැමතියි ඉදිරියට එන මගේ චිත්‍රපටියකට ඔබ සමග යුග ගීයක් ගයන්න.‘‘ ඒ වගේම ඔහු ඒ චිත්‍රපටිය වෙනුවෙන් රණූ මොන්ඩල් සමග යුග ගීයක් ඉදිරිපත්කලා. අන්න එහෙමයි රණු මොන්ඩල් නැමති 59 හැවිරිදි සිගන්නිය ඉංදියාවෙි ප්‍රකෝටිපතියන් අතර තරගයක් වුණු සංගීත ලෝක තුලට පිවිසෙන්නෙ.

හිමෙිෂ් රෂ්මියා රනූ මොන්ඩල්ට හූරන් කන්නැතිව ඇයට ගෙවන්න ඇත්තෙ අද ඉංදීය වෙළදපොලේ ඡනප්‍රිය ගායිකාවකටම ගෙවන මිලම වෙන්නත් ඇති. කොහෙම වුනත් හිමෙිෂ් රෂ්මියා බටහිර බෙංගාලයේ දුම්රිය පොලක අකාලයේ මිය යාමට තිබූ මිහිරිම මිහිරි කඩහඩකට අමතක නොවන ඡීවයක් රිද්මයක් ගෙනවිත් දුන්න. ඔහු ඇගේ ඉරණම වෙනස් කලා අතීන්ද්‍ර චක්‍රවර්ති කියන 26 හැවිරිදි ඉංඡිනේරුවත් එක්ක. ඔවු අපි කියනව ‘‘ඔබට එය නැවත ලබා ගන්න පුලුවන්. ඔබට එය කල හැකියි." ඒක් ප්‍රයර් කා නග්මා හේ... තේරී මෙිරී කහානී හේ ! 

Sri Lankan Women
@srilankanwomen
Facebook

Post a Comment

0 Comments