සාම්ප්‍රදායක පරිසර ගොවිතැන


ඉදින් ජාතියක්‌ සුවපත් කරන්නේ කෙසේද? රට, ජාතිය, ආගම පිළිබඳව හැඟීමක්‌ ඇති ජාතියක්‌ ගොඩනඟන්නේ කෙසේද? නිරෝගී ජාතියක්‌ රටේ බිහිකරන්නේ කෙලෙසද? එක්‌ අතකින් රසායනික කෘෂිරසායනික යෙදවුම් අපට අලෙවි කර කෝටි ප්‍රකෝටිපතියන් බවට පත්වන මේ බහුජාතික සමාගම් අතින් පයින් ලෙඩ වන ජාතියේ මරණාසන්න පිළිකා, වකුගඩු, හෘදයාබාධ, දියවැඩියා රෝගියාගෙන් පවා අන්ත අසරණ කර රීරි මාංශය, අතේ ඇති තුට්‌ටුව පවා සූරා කන්නේ ඖෂධ නමැති ඊළඟ රසායනික මාµsයාව මගිනි.

වසර සිය දහස්‌ ගණනක පරිසර හිතකාමී හෙළ සාම්ප්‍රදායක ගොවිතැන් කලාවක නිරත වූ අප, හැටේ දශකයේදී මේ උතුම් කලාව 'කෘෂිකර්මය' බවට පරිවර්තනය කර, බහු ජාතික බෙහෙත් පොහොර සමාගම් ඉදිරියේ දණින් වැටී මුදලට පාවාදීම සිදු කරන ලද්දේය. අප - අප විසින්ම කැඳවා ගන්නා ලද මේ "රසායනික බෙහෙත් පෝර යක්‍ෂයා" අපේ හෙළ ගොවිතැන සම්පූර්ණයෙන්ම පාහේ ගිල ගනිද්දී යුරෝපයේ බහුජාතික සමාගම් මෙන්ම, ඔවුන්ගේ දේශීය ඒජන්තයින්ද කෝටි - ප්‍රකෝටිපතියන් බවට පත් වූයේ, සිංහල පොළොවේ සාරය උරාගෙන වස විසෙන් එම පොළොව තෙමාලූ ආනුභාවයෙනි. නොහොත් සිංහල පොළොව සූරා කෑමේ ශුද්ධ ලාබයෙනි. 

පරම්පරා දෙකක්‌ පුරා විහිද ගිය බහුජාතික බූවල්ලන් විසින් හෙළ ගොවියාගේ රීරිමාංශ සූරා කෑමේ මේ දුක්‌බර කතාන්දරයේ අඩ සියවසක්‌ ගෙවී යන මේ මොහොතේ අද අපට ඉතිරිව ඇත්තේ පිළිකාව, වකුගඩු රෝගය, හෘදයාබාධ, දියවැඩියාව වැනි අතිශය භයංකාර බෝනොවන රෝගාබාධයන්ට ගොදුරුව අකාලයේ මියයන ජාතියක්‌, මහා ව්‍යසනයක්‌ සහ මියගිය මහ පොළවක්‌ මෙන්ම වඳ වූ ජීව පද්ධතියක්‌ සහිත ගොවි පරිසරයකි. 'හරිත විප්ලවය' නමැති මහා සූරා කෑම මගින් හෙළ පොළොවේ බලෙන් ඇතිරූ 'හයිබ්‍රිඩ්' නොහොත් දෙමුහුන් තාක්‍ෂණය මගින් වසර දහස්‌ ගණනක අපේ බීජ සහ ජාන අයිතිය මෙන්ම විවිධත්වය කාබාසිනියා කර ඇති අතර අද සම්පූර්ණයෙන්ම පාහේ බීජවල අයිතිය දරන්නේ බහුජාතික සමාගම් මගිනි.

එසේම, මේ "හයිබ්‍රිඩ්" තාක්‍ෂණය පසුපස ගසට පොත්ත මෙන් බද්ධව ඇති රසායනික පොහොර සහ රසායනික කෘමිනාශක යෙදවුම් බහුජාතික බූවල්ලන්ගේ මහ පොළොව සූරාකන, හෙළ ගොවියා මරා දමන අංක එකේ උගුල බවට පත්කර අද මේ සිංහල පොළොවට 'පත්තියන්' කර ඇත්තේය. අද මෙරට සිදුකරන වී වගාව ඇතුළු සියලු බෝග වගාවේදී ගොවියා දින කාල වකවානු කටපාඩම් කරමින්, කාලසටහනකට අනුව නොවරදවාම රසායනික බෙහෙත් පොහොර යොදන්නේ දෙමුහුන් තාක්‍ෂණය අනුව යමින් බෙහෙත් පොහොර අලෙවි කරන බහුජාතික සමාගම් හරි අපූරුවට ගොවියා තම දැපනේ දමාගැනීමේ ආනුභාව ප්‍රකට කරමිනි.

ඉදින් යළි යළිත් රසායනික බෙහෙත් පොහොර ඉල්ලා ගොවියා අරගල කිරීම, පාරට බැසීම අරුමයක්‌ නොවේ. මේ නැඟෙන්නේම බහුජාතික බූවල්ලන්ගේ හඬමය. මේ හඬ යටපත් කර යළිත් හෙළ පොළොව සුවපත් කිරීම, ගොවියා, සිංහල පොළොවේ සැබෑ ප්‍රතිමූර්තිය කරන්නට මෙන්ම, රසායනික බෙහෙත් පොහොර උගුලෙන් ගලවා අප කන ආහාරය දේවත්වයෙන් පිදිය යුතු තැනට යළිත් ගෙන එන්නට කටයුතු මහා සංග්‍රාමයක්‌ වනු නිසැකය. එය ප්‍රභාකරන් පරදවා ලොව අංක එකේ ත්‍රස්‌තවාදී සංවිධානය පරාජය කළාටත් වඩා දැවැන්ත, භයංකාර සංග්‍රාමයකි. මන්ද, රසායනික කෘෂිරසායන සමස්‌ත සමාජයම වෙලාගෙන, සෑම පුරවැසියකුගේම ඇට, ලේ, මස්‌ නහර ගතව ඇති බැවිනි. අද සෑම වැඩිහිටි දරුවකුගේම ලේ නහරයක්‌ නහරයක්‌ පාසාම දිවෙන්aනේ අතිශය විෂ සහිත විෂ රසායනිකයන්ය. පිළිකාව, වකුගඩු ආබාධය, හෘදයාබාධ, දියවැඩියාව ඇතිකරන අහිතකර රසායනික රෝගකාරකය.

ඉදින් ජාතියක්‌ සුවපත් කරන්නේ කෙසේද? රට, ජාතිය, ආගම පිළිබඳව හැඟීමක්‌ ඇති ජාතියක්‌ ගොඩනඟන්නේ කෙසේද? නිරෝගී ජාතියක්‌ රටේ බිහිකරන්නේ කෙලෙසද? එක්‌ අතකින් රසායනික කෘෂිරසායනික යෙදවුම් අපට අලෙවි කර කෝටි ප්‍රකෝටිපතියන් බවට පත්වන මේ බහුජාතික සමාගම් අතින් පයින් ලෙඩ වන ජාතියේ මරණාසන්න පිළිකා, වකුගඩු, හෘදයාබාධ, දියවැඩියා රෝගියාගෙන් පවා අන්ත අසරණ කර රීරි මාංශය, අතේ ඇති තුට්‌ටුව පවා සූරා කන්නේ ඖෂධ නමැති ඊළඟ රසායනික මාµsයාව මගිනි.

මේ බව ජාතියක්‌ වශයෙන් අප තේරුම් ගන්නේ කවදාද? හැමදාමත් අප මෙසේ බහුජාතික සමාගම්වල අල්ලේ නැටවෙන රූකඩ බවට පත්වෙමුද? වගාවට වස විස නමැති මාරාන්තිය යොදමින් තවත් ගොවිතැන සිදු කරන්නෙමුද? එසේම වස විස යෙදූ ආහාර පිරිභෝජනය කරන්නෙමුද? දිනෙන් දින ලෙඩ ජාතියක්‌ බවට පත්වන අපි ඖෂධ ජාවාරම්කරුවන්ට ඉඩම් කඩම් ඇතුළු අවසන් සබ්බ සකලමනාවම උකස්‌ කර සදහටම දෙනෙත් පියාගන්නා ජාතියක්‌ බවට පත් වෙමුද?

නැත· මේ බහුජාතික බූවල්ලන්ගේ උගුලට එරෙහිව අපි නැගී සිටිය යුතුය. රසායනික බෙහෙත්, පොහොර, රසකාරක, ඖෂධ මාµsයාවට එරෙහිව නැගී සිටිය යුතුය. වසර දහස්‌ ගණනක පරිසර හිතකාමී, නිරෝගී, ආයුබොහෝ වී සැප බල ප්‍රඥ වැඩූ ජාතියක්‌ මෙසේ කරුමක්‌කාර ලෙස වඳවී යාමට සූදානම් නොවිය යුතුය.

අපි අපේ යුද්ධය බහුජාතික බූවල්ලාට එරෙහිව ප්‍රකාශයට පත් කළ යුතුව ඇත. නැතහොත් වසර 2500 ක ප්‍රෙෘඪ ඉතිහාසය ද අපේ පාරම්පරික පාරිසරික කෘෂිකර්මාන්තයද, දේශීය බීජ අයිතිය සහ ගොවිතැන වෙදකම වෙනුවෙන් තිබූ පාරම්පරික ඥනය ද, හෙළයාගේ සැබෑ අනන්‍යතාවද, වැළලී යන අතර වියළි දණ්‌ඩක්‌ පවා පැළවෙන මේ සරුසාරවත් සිංහල පොළොවද වස විස ආකාරයක ගිලී යනු නිසැකය. දැනටමත් එවන් විනාශයක ගිලී සිටින අපට යළිත් ආපසු හැරී අපට හුරු පරිසර හිතකාමී ගොවි තැනට පියනැගීමට තවමත් කාලය ඉතිරිව තිබේ. අඩසියවසක්‌ නොහොත් පරම්පරා දෙකක්‌ මේ විනාශයේ ගිලී සිටි අප තවත් පරම්පරාවකටවත් මේ විනාශය අත්කර දිය යුතු නොවේ. මේ අපේ පරම්පරාවේ වගකීමයි. එය ඉටුකිරීමට දැන් පමා වී හෝ කාලය පැමිණ තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි වස විසෙන් තොර රටක්‌ නිර්මාණය කිරීමේ වැදගත් අවස්‌ථාවකට රට දැන් පැමිණ තිබේ. ඒ මේ මස 7 වැනිදා (ඊයේ) ආරම්භ වූ "වස විසෙන් තොර රටක්‌" වසර තුනක ප්‍රතිපත්තිමය වැඩසටහන නිසාය. මේ නිමිතිකරගෙන 6, 7, 8 (අද දක්‌වා) බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී "වස විස නැති ජාතික පොළ" පැවැත්වෙන අතර එහිදී රජය (ජනාධිපති ලේකම් කාර්යාලය) අරමුණු කර ඇත්තේ වස විසෙන් තොර ශ්‍රී ලංකාවක්‌ සඳහා වූ වැඩසටහනට මූලාරම්භය ලබාදීමය. එය ඊයේ (7 වැනිදා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දියත් කරන ලදී. ඒ සඳහා අප අපගේ පූර්ණ සහයෝගය හා දායකත්වය සපයා දෙන්නෙමු. මන්ද, අඩසියවසක්‌ තිස්‌සේ කෘෂිරසායන උගුලේ ගිලී සිටින අපගේ අනාගත පරපුර තවත් සියවසක්‌ වුව ඒ විෂ වූ පොළොවේ ආදීනව අත්විඳිය හැකි වුවද, අද ඒ සඳහා තබන යෝධ පියවර අනාගතයේදී ධාර්මික සමාජයක්‌, ධර්මිෂ්ඨ ගොවිතැනක්‌ බිහිකරලීමට හේතු පාදක වන නිසාය. නැතහොත් අපේ පාරම්පරික උරුම පරිසර හිතකාමී සතාසිව්පාවා සමඟ කරන ලද සහජීවන ගොවිතැනට යළිත් පියමං කළ හැකි නිසාය. නිරෝගිමත් ජාතියක්‌ බිහිකරලිය හැකි නිසාය. එසේම, අපගේ ජාතික ධනය අධාර්මිකව කොල්ලකාගෙන යන බහුජාතික බූවල්ලන්ගෙන්ද මේ දේශය බේරාගත යුතුව ඇති නිසාය. ඉතින් හදමු අපි වස විස නැති දේශයක්‌.

ජගත් කණහැරආරච්චි

Post a Comment

0 Comments