මියයන තෙක් නොමල නිවහල් ජව වේගේ
ජනපිය බව ලබා වැජඹුණු තම බාගේ
හම්බන්තොට පැරැණි රජමැති වරයාගේ
හිරිමල් පුතෙකි නම ගිය මෑතක වාගේ
1947 පළමුවැනි පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ පසු පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්ත්‍රීවරුන් 95 දෙනා පිළිබඳව දිවංගත කපිල සෙනවිරත්න කිවියා කවි පොතක් පළ කළේය. එක් එක් මන්ත්‍රීවරයා එක පිට බැගිනුත්, කවිදෙක බැගිනුත් එහි අන්තර්ගත විය. ඉහතින් සඳහන් වූයේ හම්බන්තොට පාර්ලිමේන්තු අසුනට තේරීපත්වූ එදා ලාබාලම මන්ත්‍රීවරයා වූ 23 හැවිරිදි ලක්‍ෂ්මන් රාජපක්‍ෂ පිළිබඳවය.
නිවහල් ජව වේගය යනුවෙන් සඳහන් කරන ලද්දේ ඩී. ඇම්. රාජපක්‍ෂ නමැති උග්‍ර අධිරාජ්‍ය විරෝධියා ගැනය. ඔහු එදා ලංකා සමසමාජ පක්‍ෂය සමඟ එක්‌ව කටයුතු කළද මාක්‌ස්‌වාදියෙක් නොවීය. දැඩි ඉංග්‍රීසි විරෝධියකු විය. බීමත් වී තමුන්ට අපහාස කළ හම්බන්තොට ඉංග්‍රීසි ආණ්‌ඩු කාරවරයාට සෙරෙප්පුවෙන් පහරදීම ගිරුවාපත්තුවේ ජනතාවට සුරංගනා කථාවක් බඳු විය.
බ්‍රෙස්‌ගේaඩ්ල් සිද්ධියේදිත් (1938) මුල්ඔය සිද්ධියේදීත් ගෝල්ෆේස් පිටියේ පැවැති විරෝධතා රැස්‌වීම්වලදී ඔහුගේ කථාව ඇරඹියේ මහින්ද හිමියන් විසින් ලියන ලද නිදහස් මන්ත්‍රණයේ කවියකිනි. මුල්ඔය අර්බුදයේදී එදා හිටපු ඉංගී්‍රසි පොලිස්‌පතිවරයා විවේචනයට ලක් කරමින් ඔහු කළ කථාව උද්වේගයෙන් හා හාස්‍යයෙන් පිරුණු එකක් විය. එවැනි එක් අවස්‌ථාවකි මේ.
සහෝදරවරුන් අපි මේ බෑන්ක් මහත්තයට අයි. ජී. පී. කියනවා වෙනුවට පොලිසියේ ඉන්ස්‌පැක්‌ටර් ජනරාල් කියමු. ඒ කියන්නේ ඡග ෂග ඨ යනුවෙනි.
ඩී. එම්. රාජපක්‍ෂ මහතා 1943 දී එවකට ජනශක්‌ති පත්‍රයේ කතුවරයා වූ මට අගනා ප්‍රවෘත්ති රාශියක් ලබා දුන්නේය. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මාධ්‍ය කුටියේ අවසරයක් ලබාගත හැක්‌කේ දිනපතා පුවත්පත්වලට හැරුණු විට මන්ත්‍රීවරුන් දෙදෙනකුගේ නිර්දේශයන් අනුවය. ඒ බලපත්‍රය ලබා ගැනීමට මා වෙනුවෙන් අත්සන් කළේ හම්බන්තොට මන්ත්‍රී ඩී. ඇම්. රාජපක්‍ෂ හා නාරම්මල මන්ත්‍රී සිරිපාල සමරක්‌කොඩි මහත්වරුන්ය. රාජපක්‍ෂ මහතා විශේෂ වැදගත් වාර්තා පළ කිරීම සඳහා මටත් නිදහස් පත්‍රයේ කතුවරයා වූ සෝමවීර චන්ද්‍රසිරි මහතාටත් නිතර දැනුම් දුන්නේය. එවැනි එක් සිද්ධියක් පමණක් මෙහි සඳහන් කරමි.
මම අද මන්ත්‍රණ සභාවට පෙත්සමක් ඉදිරිපත් කරනවා. මේ ජරා කුලභේදයට විරුද්ධව අපි මහජන මතයක් අරඹන්නට ඕනේ. මාතර දිස්‌ත්‍රික්‌කයේ ගම් රාශියක පීඩිත යෑයි සම්මත කුලවල පිරිමින්ට සරමක් හා බැනියමක් පමණක් අඳින්නට ගම් ප්‍රධානින් නියෝග කරනවා. ඒකට නීතිමය පියවර ගන්න කියලා මම මන්ත්‍රණ සභාවෙන් ඉල්ලා සිටිනවා.
ඒ ගම් ලැයිස්‌තුව ඉදිරිපත් කරමින් රාජපක්‍ෂ මහතා මෙසේද කීවේය. මං මේ ගම්වල කපුගම හා බඹරැන්ද යන නම් මුලට දැම්මේ හේතුවක් ඇතිවයි. කපුගම ගමේ ගම් ප්‍රධානීන් මගේ කිට්‌ටුම නෑදැයෝ මේ කරුණු ඉදිරිපත් කළාම ඒ ගොල්ලට පියවර නොගෙන ඉන්න බෑ.
1936 මැතිsවරණයට රාජපක්‍ෂ මහතා තෝරා ගත්තේ දුඹුරුපාට පෙට්‌ටියකි. හේතුව ඇයි කියලා ඇසුවාම ඔහු සඳහන් කළේ මාගම්පත්තුවේ හා ගිරුවාපත්තුවේ අපේ ජනතාව ජීවත් වන්නෙ කුරක්‌කන්වලිනි. කුරක්‌කන්වල පාට දුඹුරු පාටයි කියමින්a එදා සිට ඔහු කුරක්‌කන් පාට සළුවක්‌ද පැළඳ සිsටියේය.
1962 දී මම සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත් දෙකකට දේශපාලන නායකයන් ගැන පියා සහ පුත්තු යනුවෙන් ලිපි පෙළක් සැපයුවෙමි. ඩී. එස්. සේනානායක හා ඩඩ්ලි. සර් සොලමන් හා ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී., ඩී. ඇම්. රාජපක්‍ෂ හා ජෝර්ඡ් සමඟ ලක්‍ෂ්මන් බොරළුගොඩ රාලහාමි හා පිලිප් හා රොබට් මේ අතර වූහ. මම සිරස්‌තල යෝජනා නොකෙළෙමි. ඩී. ඇම්. රාජපක්‍ෂ ගේ ලිපියේ "වීරයා" වූයේ හාල් සලාකය කැපීමට විරුද්ධව නියෝජ්‍ය මුදල් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වූ ජෝරඡ් රාජපක්‍ෂය. මෙහිදී ඔහු තමාට පියාගෙන් උරුමවූ එකම වස්‌තුව දුඹුරුපාට සාටකය ගැන සඳහන් කළේය. සිරස්‌තල යෙදීමේදී හිටපු කර්තෘ මීමන ප්‍රේමතිලක රුහුණේ සිංහයා හා දරු පැටව් යනුවෙන් යොදා තිබුණි. ඉරිදා පුවත්පතකට එහි කර්තෘ ඩෙන්සිල් පීරිස් යෙදූ සිරිස්‌තලය වූයේ RAJAPAKSA AND THE KURAKKAN SHALL යනුවෙන් ඒ කුරක්‌කන් සාටකයේ කථාවයි.
1936 සිටම ඩී. ඇම්. රාජපක්‍ෂ කුරක්‌කන් පාට සාටකය පැළඳ සිටියහ. 1945 ඔහුගේ වියෝවෙන් පසු ඔහුගේ මළනුවන් වූ ඩී. ඒ. රාජපක්‍ෂ හා ඉන් පසු ඩී. එම්. ගේ පුත් ජෝර්- රාජපක්‍ෂ ද ඉන් ඉක්‌බිති ඩී. ඒ. රාජපක්‍ෂගේ පුතුන් වූ චමල්, මහින්ද හා බැසිල් පමණක් නොව මුනුබුරු නාමල් රාජපක්‍ෂද කුරක්‌කන් සාටකය සංකේතය වශයෙන් පැළඳීම පරපුරේ අනන්‍යතාව ප්‍රකට කරන කරුණක් බවටද පත්ව තිබේ.
ඩී. ඇම්. රාජපක්‍ෂගේ අභාවයෙන් හය මසකට පසු දේශපාලනයට අවතීර්ණය වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ උපත ලබා ඇත්තේ 1945 නොවැම්බර් 18 දිනය. දේශපාලනයට පිවිසි මහින්ද රාජපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, නියෝජ්‍ය අමාත්‍යවරයකු, අමාත්‍යවරයකු, අගමැතිවරයකු මෙන්ම මෙරටේ විධායක ජනපති ධුරයටද පත්විය. දේශපාලනයේදී ඔහු පියවරෙන් පියවර ඉදිරියට පැමිණි ගමන එතරම් සුන්දර නොවීය. එසේ වුවද ඔහු දේශපාලනය අතහැර දමා ඔහුගේ ජාතික වගකීම අමතක කර නොදැමීම රටේත් ජනතාවගේත් වාසනාවක් විය. අප එසේ සඳහන් කරන්නේ දෙස් විදෙස් විවිධ බලවේග හමුවේ නොසැලී සිටි ඔහු ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් සෘජු තීරණවලට එළඹ ලෝකයේ දරුණුම ත්‍රස්‌තවාදය පරාජය කිරීමට ලබා දුන් නායකත්වය කිසි ලෙසකින්වත් අවතක්‌සේරු කිරීමට හෝ අමතක කර දැමීමට නොහැකි නිසාය.
රාජපක්‍ෂ පරපුර දේශපාලනයේ දේශීය අනන්‍යතාවක් ඇති කර ගත්තවූන්ය. මේ නිසා ඩී. ඇම්. රාජපක්‍ෂ හා ජෝර්- රාජපක්‍ෂ ගේ ගමන් මගට සමීප දේශපාලන ගමනක් මහින්ද රාජපක්‍ෂයන්ද අනුගමනය කළේය. දේශපාලනයේදී බොහෝ අයට වරදින්නෙ වැරැදි උපදෙස් හා ජ්‍යෙdතිෂඥයින්ගේ වැරදි මඟපෙන්වීම් අනුව කටයුතු කරන්නට යැමෙනි. මහින්ද රාජපක්‍ෂයන්ද සිය දේශපාලන ගමන වරද්දා ගත්තේ එලෙසින් බව දැන් ප්‍රකටය.
එමෙන්ම 1978 හඳුන්වා දුන් විධායක ජනාධිපති ක්‍රමයද එවැන්නකි. අද එහි නිර්මාතෘවරුන්ම විධායක ජනාධිපති ක්‍රමය ජාතියේ විනාශයට හේතු වූ බව ප්‍රසිද්ධියේම පිළිගනිති. මේ පිළිලය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමට මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිට හැකියාව තිබිණි. එසේ තිබියදී ඒ සඳහා අවශ්‍ය පියවර නොගැනීමද අභාග්‍යයකි. එසේ වුවද 1983 ඇති වූ කළු ජූලියත් ඉන් පසු දෙමළ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම නිසා ඇතිවූ ත්‍රස්‌තවාදය පරාජය කර රට භයානක අනතුරකින් මුදාගැනීමට මහින්ද රාජපක්‍ෂ හා ඔහුගේ සොයුරු ගෝඨාභය රාජපක්‍ෂ කරන ලද සේවය ඉතිහාසයේ සදහටම නිදන්ගතව පවතිනු ඇත.
ඇස්. පියසේන
සංවාද සටහන - ජයසූරිය උඩුකුඹුර
0 Comments