ආසියාවේ ධනවත්ම කාම චිත්‍රපටි නිළිය


හරියටම මෙයට අවුරුදු හතරකට පමණ පෙර මැයි මාසයේ දවසක සවස කොළඹ තරු පහේ හෝටලයක හත්වන මහලේ පිහිටි, මුහුදට මුහුණලා ඇති කාමරයක ඉතා විශේෂ රැස්‌වීමක්‌ පැවැත්විණ. එම හමුවට බලගතු දේශපාලනඥයකුගේ බ්‍රොaකර් ලෙස කටයුතු කළ තරුණයෙක්‌, කැසිනෝ මුදලාලි කෙනෙක්‌, සංචාරක ව්‍යාපාරයේ ප්‍රබලයෙක්‌ සහ ලොව පුරා සිටින ධනවතුන්ට සහ දේශපාලනඥයන්ට රූමතියන් සපයන, චීන ඒජන්ත කෙනෙක්‌ ද සිටියහ. ඔවුන් එදා කතා කළේ ලංකාවේ කැසිනෝ ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැන ය. සූදු කෙළීම සඳහා මෙහි එන ධන කුවේරයන්ට ඉන්දියානු නිළියන් සැපයීම තමාට කළ හැකි බවත්, හැබැයි තායිලන්තයෙන්, වියට්‌නාමයෙන්, චීනයෙන් හෝ කාම්බෝජයෙන් ඊට අඩුවට සුරූපී තරුණියන් ගෙනා හැකි බවත් චීන ඒජන්තයා කීවේය.

"කැනඩාවේ ඉන්නවා බ්ලූ ෆිල්ම්වල රඟපාන ඉන්දියානු නිළියක්‌ සනී ලියොනි කියලා. එයා මට ළඟදී ලන්ඩන්වල කැසිනෝ ප්‍රමෝෂන් එකකදී මුණ ගැහුණා. අපට බැරිද එයාව ගෙන්වලා දවස්‌ දෙක තුනක ප්‍රමෝෂන් එකක්‌ කරන්න.....? චීන ඒජන්ත වෙත හැරුණ දේශපාලන බ්‍රොaකර් ප්‍රශ්න කළේය.

"පුළුවන්. හැබැයි ලොකු මිලක්‌ ගෙවන්න වේවි......" චීන ඒජන්ත උත්තර දුන්නේය. "ඔය මට්‌ටමේ නිළියක්‌ වන් වීක්‌ ප්‍රොaග්‍රෑම් එකකට (දින හතක ප්‍රවර්ධන වැඩසටහනකට) අඩුම ගණනේ ඩොලර් ලක්‍ෂ 2 ක්‌ (රුපියල් දෙකෝටි හැත්තෑලක්‍ෂයක්‌ පමණ) අය කරනවා, ඒ එයාර් ටිකට්‌, හෝටල් ගාස්‌තුවලට අමතරව......."

"ඉතින් ඒ වගේ එක්‌කෙනෙක්‌ ගෙනාවයි කියලා කැසිනෝ ප්‍රවර්ධනය වෙන්නේ කොහොමද?" සංචාරක නියෝජිතයා විමසීය.

"මෙහෙමයි මිස්‌ටර් වැඩේ. "කැසිනෝ හිමියා උත්තර දීමට පටන් ගත්තේ මහත් ප්‍රබෝධයෙනි. අපි එයාව කැසිනෝ එකට ගේන ආරංචිය ප්‍රචාරය කළාම සල්ලි දීලා එයත් එක්‌ක රැයක්‌ ගත කරන්න බලාගෙන කාමාතුර ධනවත් විදේශිකයෝ ලංකාවට එනවා. එහෙම ඇවිල්ලා උන් නිකම් ඉන්නේ නැහැ. කැසිනෝවලට රිංගලා සෙල්ලම් කරනවා. හැබැයි අර නිළිය හෝටල්වලට උස්‌සන්න උන්ට හම්බ වෙන්නෙ නැහැ. මොකද ඔය මට්‌ටමේ නිළියෝ බ්ලූ ෆිල්ම්ස්‌වල රඟපෑවට ගණිකා වෘත්තියේ යෙදෙන්නෙ නැහැ. අන්තිමට අර සල්ලිකාරයො කැසිනෝ ගහලා පැරදිලා අතේ තිබ්බ අන්තිම ඩොලර් ටිකත් නැති කරගෙන ගමන් ගාස්‌තුවත් අපෙන් ඉල්ලාගෙන ආපහු යනවා."

"එහෙනම් අපි සනී ලියොන්ව ගෙන්නමු." කැසිනෝ මුදලාලි කීවේය. දේශපාලන බ්‍රොaකර් තරුණයාගේ කට දෙපැත්තෙන් කෙළ වැස්‌සෙන තත්ත්වයක්‌ ඇති විය. එහෙත් ඊළඟ සතියේ රටේ නායකයන්ට මේ ආරංචිය ලැබුණු අතර ඔවුන්ගෙන් තරු විසි වෙන්නට බැණුම් අසන්නට බ්‍රොaකර් තරුණයාට සිදුවිය. ඒ වූ කලී සනී ලියොන් නමැති බ්ලූ ෆිල්ම් නිළිය ලංකාවට ගෙන්වීමේ තැත වැරදී ගිය පළමුවන අවස්‌ථාවයි. මේ අතර කැසිනෝ ප්‍රවර්ධන සඳහා ම ඇය මෙහි ගෙන්වීමට යළි උත්සාහයක්‌ පවතින බව දෙසතියකට පෙර හෙළිවිය. ඒ හිටපු ඇමැති විමල් වීරවංශ රූපවාහිනි වැඩසටහනකදී එම උත්සාහය හෙළා දකිමින් එයට විරුද්ධව හඬ නැඟීමත් සමඟය. දැන ගන්නට ඇති පරිදි මෙවර මේ වැඩපිළිවෙළ සඳහා දේශීය දේශපාලනඥයන් හෝ බ්‍රොaකර්ලා සම්බන්ධ නැති අතර, කෙලින්ම විදේශික සමාගමක්‌ හරහා වැඩේ සිදුකෙරෙනු ඇත. කෙසේ වුවද විමල්ගේ හෙළිදරව්වෙන් පසු රට තුළ ඇති වූ විවිධ සිදුවීම් නිසා සනී ලියොන් යටපත් විය. කවුද මේ සනී ලියොනි?

ඇය ආසියාවේ ධනවත් ම බ්ලු ෆිල්ම් නිළියයි. බ්ලූ ෆිල්ම් හෙවත් කාම චිත්‍රපට (Porn Movies)) යනු සමාජ විරෝධී නීච කාර්යයක්‌ වුවද කර්මාන්තයක්‌ වශයෙන් ජාත්‍යන්තර මට්‌ටමේ තත්ත්වයක්‌ දිනා ගත් ඩොලර් බිලියන ගණනක ආදායම් වාර්ෂිකව උපයන වැඩ පිළිවෙළකි. ඇමරිකාවේ Oscar සම්මාන උළෙල හා සමාන බ්ලූ ෆිල්ම් සම්මාන උළෙල රැසක්‌ම තිබේ. එයින් විශාලතම සහ වඩාත් උත්කර්ෂවත් උළෙල වූ කලී ඇමරිකාවේ සූදු පුqරය වූ ලාස්‌ වේගාස්‌ නගරයේ පිහිටි Hard Rock හෝටලයේ අවුරුදු පතා පැවැත්වෙන AVN බ්ලූ ෆිල්ම් සම්මාන උළෙලයි. මේ උළෙල ඇමරිකන් රූපවාහිනී සමාගම් විසින් සජීවී ලෙස ප්‍රචාරය කරනු ලබන අතර ඒ සඳහා ඩොලර් බිලියනයක පමණ වෙළෙඳ දැන්වීම් ආදායමක්‌ වාර්ෂිකව උපයා ගැනීමට එම සමාගම්වලට හැකිව තිබේ. ඇමරිකන් කාම චිත්‍රපට කර්මාන්තය තුළ ශිල්පීන් ලක්‍ෂයක්‌ පමණ සිටියද මේ උත්සවයට ආරාධනා ලබන්නේ එයින් 500 ක්‌ පමණ සුවිශේෂ ප්‍රමාණයකි.

සනී ලියොන් වසර 05 ක පමණ සිට මේ චිත්‍රපට උළෙලට ආරාධනා ලබන ප්‍රමුඛ තරුවකි. බ්ලූ ෆිල්ම් අම්බරයේ බබලන කාම තාරකාවක්‌ බවට ඇය පත් වූයේ කෙසේද? ඉන්දියානු සම්භවයක්‌ ඇති ඇය 1981 දී කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ උපදියි. ඇගේ දෙමාපියෝ හොඳ වැදගත්, ඇඟ වැහෙන්නට රෙදි අඳින සීක ජාතිකයෝ ය. ඔවුන්ගේ මුල් ගම ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තය ය. ඔවුන් අදහන්නේ 1462 දී පන්ජාබයේ ඉපදී පසු කාලයේදී අනාගත වක්‌තෘවරයකු බවට පත් වූ ගුරු නානක්‌තුමා විසින් දේශනා කරන ලද ධර්මයයි. සනී ලියොන්ගේ මුල් නම කරෙන්ජිත් කවූර් වෝරා ය. ඇගේ නවයොවුන් විය වැය වන්නේ මලල ක්‍රීඩා සඳහා ය. ඒ වයසේ සිටම ඇඟ පෙන්නන ඇඳුම් අඳින ඇය මා පියන් විසින් ඔවුන් සීක ආගම ද නොතකා කතෝලික පාසලකට ඇතුළු කරනු ලැබේ. එයට හේතුව සීක ආගමික පාසලකට ඇතුළත් කළොත් ඇගේ නොමනා වැඩපිළිවෙළට විරුද්ධවන කිසිවකු ඇය මරා දමනු ඇතැයි මාපියන් විශ්වාස කළ නිසා ය. වසර 16 දී ඇගේ පැසිපන්දු පුහුණුකරු විසින් ඇය දූෂණය කරනු ලැබේ. වයස 18 දී ඇ ද්වීලිංගික ලක්‍ෂණ පහළ කරයි.

බ්ලූ µsල්ම් ඇක්‌ටිං පටන් ගැනීමට පෙර ඇය සිය මුල් නම වන කරෙන්ජිත් කවූර් වෝරා යන නමින් රැකියා කිහිපයක්‌ කළාය. එයින් පළමුවැන්න බේකරියක පාන් ඇනීම ය. අනතුරුව වෛද්‍ය උපාධියක්‌ හදාරන ඇය Penthouse නමැති කාම සඟරාවේ ඡායාරූප ශිල්පියකු හා මිත්‍ර වී නිරුවත් පින්තූරවලට පෙනී සිටින්නට පටන් ගනියි. ඇට සනි ලියොන් යන නම ගන්නේ එතැන් සිටය. 2003 දී ඇය Penthouse කුමරිය ලෙස කිරුළු පළඳියි. අනතුරුව සිට ඇය බ්ලූ ෆිල්ම්ස්‌ හෙවත් ඡදරබ ඵදඩසැs ලෙස හඳුන්වන නිරුවත් කාම චිත්‍රපටවල රඟපාන්නට පටන් ගනී. 2009 වන විට කැනඩාවේ බ්ලූ ෆිල්ම් කර්මාන්තයෙන් 60% ක රඟපාන්නේ ඇයයි. ඊළඟ වසරේ වැඩිහිටියන්ට පමණක්‌ වූ ශෘංගාරාත්මක චිත්‍රපට තැනීම සඳහා තමන්ගේම වූ චිත්‍රාගාරයක්‌ ද ඇය පටන් ගනී. එහි ප්‍රධාන කොටස්‌කරු ඇගේ සැමියා වන ඩැනියෙල් වෙබර්ය. අද වන විට සනී ලියොන්ගේ වත්කම ඩොලර් මිලියන 500 ද ඉක්‌මවා තිබේ.

බටහිර ලෝකය සනී ලියොන්ට ආදරය කරන බව රහසක්‌ නොවේ. එහෙත් ඇයට හැමදාමත් වෛර කරන රටක්‌ තිබේ. ඒ වූ කලී ඇගේ දෙමාපියන්ගේ මවු රට වූ ඉන්දියාවය. සමීක්‍ෂණවලට අනුව 2007 වසරේ ලොව වඩාත්ම සරාගී Blue Film චිත්‍රපට නිළියන් 100 අතර සනී ලියොන් සිටින්නීය.

පසුගිය වසරේ සනී ලියොන් ඉන්දියාවට ගොස්‌ තාවකාලික පදිංචිය සඳහා නිවසක්‌ කුලියට ගත්තාය. පහුවදාම ඒ ගෙදර දෙපැත්තේ ගෙවල්වල සිටි පවුල් දෙකම සිය ගෙවල් අත්හැර වෙනත් ගෙවල්වල පදිංචියට ගියහ. ඉන්දියානුවන් සනී ලියොනිට සලකන්නේ ඒ පරිද්දෙනි. ඒ අතර අපේ රටේ කැසිනෝ ප්‍රවර්ධනයට කෝටි 2 ක්‌ ගෙවා ඇය මෙහි ගෙන එන්නට අපි උත්සාහ කරමු.

මේක තමයි රටේ තත්ත්වය

සෙක්‌ස්‌ටස්‌ රබන්කිකිඳ

Post a Comment

0 Comments