ඉන්නල වගාව


අතීතයේ සිටම වැල් අල වර්ගයට අයත් ඉන්නල ලංකාවේ ජනප්‍රිය ආහාරයක්‌ විය. තම්බා කෑමට ගැනීම, වෑංජනයක්‌ ලෙස සකස්‌ කර ගැනීම, කෙටි ආහාර වර්ගවලට යෙදීමට ඉන්නල භාවිත විය.

ඉන්නල ප්‍රභේද

1. අතීතයේ සිට ලංකාවේ වැවුණු පාරම්පරික කුඩා අල ඇති ඉන්නල සිංහල ඉන්නල යනුවෙන් හැඳින්වෙයි.

2. විශාල අල ඇති වර්ගය රට ඉන්නලයි.

ව්‍යාප්ත කර ගැනීම

පළමුව පස්‌ හොඳින් බුරුල් කොට ජලය බැස යන කාණු පාත්තිවල යෙදිය යුතුය. පාත්තියක දිග - පළල අඩි 12Ü3 පමණ විය හැක.

සකස්‌ කර ගත් පාත්තිවල බුරුල්පසට ගොම පොහොර කවලම් කළ යුතුය. සිටුවන බීජ අල නිරෝගී ලොකු අලවිය යුතුය.

වැඩිපුර භාවිත වන ක්‍රමය ඉන්නල දඬු කැබලි සකස්‌ කරගත් පාත්තිවල පස උස්‌කර තැනූ වැටිවල සිටුවීමයි. පාත්ති සැකසීම මාර්තු අප්‍රේල් ඇරැඹීම සුදුසුය.

වර්ෂා කාලය සමඟ ජුනි - ජුල වල දඬු කැබලි සිටුවිය හැක. වැටි අතර හා දඬු කැබලි අතර සුදුසු පරතරයක්‌ තැබිය යුතුය.

සිටවූ දඬු කැබලිවලට ගව මුත්‍රා හා ජලය මිශ්‍රකර ඉසීමෙන් දඩ කැබලි හොඳින් වැඩෙයි. එහෙත් ජලයට එකතු කළ යුතු ජල මුත්‍රා ප්‍රමාණය සීමා කළ යුතුවෙයි.

දිරූ ගොම මිශ්‍ර කර පස්‌ වැටිවල පතුල අඟල් 24 පමණ පළල් වීම සුදුසුය. එම වැටිවල මුදුන අඟල් 18 පමණ පළල් විය යුතුයි. පස්‌වැටියක උස අඟල් අටක්‌ පමණ තැබිය යුතුය. පස්‌වැටි දෙකක්‌ අතර පරතරය අඩි තුනක්‌ පමණ තැබීම සුදුසුය.

අඟල් හයක්‌ පමණ දිග ඉන්නල දඬු කැබලි අඟල් නවයක පමණ පරතරයක්‌ තබා සිටුවිය හැක. දඬු කැබැල්ලක්‌ අඟල් තුනක්‌ පමණ ගැඹුරට පසේ සිටුවිය හැක. එම දඬු කැබැල්ලේ පත්‍ර තුනහතරක්‌ තැබීම සුදුසුය.

සාත්තුව හා අස්‌වනු නෙළීම

ඉන්නල වගාවේ මතුවන වල් පැළෑටි ගලවා ඉවත් කළ යුතුය.

දඬු කැබලි සිටුවා මාස හයකින් පමණ ගලවා ගත හැක.

අල පස මුදුනේම විහිදී ඇති බැවින් ප්‍රවේශමෙන් අත් මුල්ලුවකින් පස බුරුල් කොට අලවලට හානි නොවන පරිදි ගලවා ගත හැක.

අල සමඟ ඇති පස්‌ පිස පිරිසිදු කර වෙළෙඳපලට යෑවිය හැක.

අක්‌කරයකින් ටොන් පහක්‌ පමණ අස්‌වැන්න ලබාගත හැක.

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ 
එස්‌. කේ. ජයවර්ධන
සොමිකැළුම්, නාපාන,
ගුන්නෑපාන.

Post a Comment

0 Comments