වාජීකරණ ගුණයෙන් යුත් එළබටු


බටු වර්ග බොහොමයකි. වම්බටු, එළබටු, හීංබටු, තිත්තබටු, තිබ්බටු වශයෙන් ඒවා සැලකෙයි. මේ බටු අතුරෙන් හීං බටු නොහොත් එළබටු වඩාත් සුවිශේෂී වෙයි. 

තිබ්බටුද එසේමය. මේ සියල්ල අපේ රටේ වැවිය හැකිය. පිටිසර බද පළාත්වල හේන් ගොවිතැන් කටයුතු වලදී එළබටු තිබ්බටු වැඩිපුර වගාකරන අතර, අනෙක්‌ බටු වර්ගද හේන් වල මෙන්ම වගා ව්‍යාපාරයක්‌ ලෙසද කරගෙන යයි. දිග බටුවලට මෙන්ම එළබටු වගාවේදීද දැන් රසායනික පොහොර, තෙල් යොදා ගැනෙයි. එනිසා බටුවල ඇති නියම පෝෂණ ගුණය ඇතිනොවේ. තිබ්බටු වගාවන්ටද තෙල් රසායනික පොහොර යොදනු ලබයි.

එළබටු ඖෂධ සඳහා පංචාංගයම ගනී. මින් ත්‍රිදොaෂ සමනය කරන අතර, දීපත පාචන ග්‍රාහී ගුණයන්ගෙන් යුක්‌ත බව ආයුර්වේදයේ සඳහන් වේ. දද, කැසිලි, කුෂ්ඨ ආදී රෝග වලටද එළබටු ඉතා ගුණදායකයි. එපමණක්‌ම නොව එළබටු වාජීකරණ ඖෂධයකි. ධාතු ශක්‌තිය වඩවයි. ඇදුම රෝගීන්ටද යහපත්ය.

අතීතයේ අපේ උදවිය මෙන්ම ආදිවාසි ජනතාවද (වැදි ජනයා) බොහෝ රෝගාබාධ වලට විශේෂයෙන් ප්‍රතිශ්‍යා උණ, ඇඟපතේ වේදනාව ඇතිවූ විට එළබටු ගස සහමුලින්ගෙන කැඳ සාදා බීමට ගනී. එයින් නිරෝගී වන වග ඔවුහු විශ්වාස කරති. කැස්‌ස ඇතිවූ විට හා සෙම්රෝග ඇතිවී විට එළබටු කොළ කැඳ පොල් කිරි රහිතව පානය කිරීමෙන් සුවය ලැබේ.

බටු වගාකරන උදවිය එළබටු වගාව ගැනද වැඩි අවධානයක්‌ යොමුකිරීමෙන් තම ආර්ථිකය වර්ධනය කර ගත හැකිවේ. වගාවේදී අහිතකර පිටරට කෘමි නාශක වලින් වැළකී දේශීය කෘමි නාශක පමණක්‌ යොදා ගැනීම වඩාත් උඩිතය.

එළබටු ගෙඩි තලා වියළා ගත්පසු ඒවායින් දුම් ඇල්ලීමෙන් අර්ශස්‌ ගෙඩිවල වේදනාව හා ඉදිමුව සුළුවන වග ආයුර්වේදයෙන් කියයි. ආමාශ ගත වේදනාවට (බඩේ කැක්‌කුම) එළබටු ඇට දවාගත් දුම් ඇල්ලීමෙන් සුවය ලැබෙන වගක්‌ද කියෑවේ. උඳුගොව්වා කෑ විට එළබටු ගෙඩි යුෂ මී පැණි සමඟ ආලේප කිරීම සහ එළබටු ඇට දෙහි ඇඹුලෙන් අඹරා උඳුගොව්වා කෑ තැන ගෑම සුදුසුයි.

මීරිගම - ආර්.ඇම්.ටී.බී. රත්නායක

0 Comments

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us