පිළිකා රෝගයට සුදුසු ආහාර මොනව ද?


ගෙලෙහි කිසියම් තැනක අස්‌වාභාවික මාංශමය වර්ධනයක්‌ හටගැනීම, උගුර සහ ගෙල රිදෙන්නට පටන් ගැනීම. කටෙන් රුධිරය වහනය වීම, කේඨරවල හිරවීමක්‌ හටගැනීම, කට ගඳ ගැසීම, දිව ඉදිමීම, සුව නොවන තුවාලයක්‌ මුඛය තුළ හටගැනීම, සුදු රතු කළු යන පැහැයන්ට අයත් ලප මුඛය තුළ හටගෙන දිගින් දිගටම පැවතීම, නිතර හටගන්නා කන් කැක්‌කුම, මුඛය - ගෙල ආශ්‍රිත ප්‍රදේශ හිරි වැටීම, තොල්වල, මුඛයේ සහ විදුරුමස්‌වල ගෙඩි හටගැනීම, උගුරේ වසා ග්‍රන්ථි ඉදිමීම, සති 6 කට වඩා උගුර බැරැන්ඩි වී තිබීම, සති 6 කට වඩා කාලයක්‌ උගුර ඉදිමී තිබීම, ආහාර ගිලීමට අපහසු වීම, බර අඩුවීම.

පිළිකාවක රෝග ලක්‍ෂණ සහ පිළිකා රෝගියකුට නුසුදුසු ආහාර ගැන පසුගිය සතියේදී අප ඔබ හා කතා කළා. අද අප ඔබෙන් විමසන්නේ ලොව පුරා ඉතා බහුල පිළිකා වර්ගයක්‌ වන උගුරේ පිළිකාව ගැනයි.

වෛද්‍ය වික්‍රමාරච්චි - උගුරේ පිළිකාව අයත් වන්නේ Head and neck cancer (ගෙල සහ හිස) පිළිකා කාණ්‌ඩයටයි. මෙය මුඛය, උගුර, ස්‌වරාලය, කෝඨර සහ ඛේඨ ග්‍රන්ථි ආශ්‍රිතව හටගන්නවා. එ බැවින් මෙය පුළුල් පරාසයක පැතිරෙන පිළිකා විශේෂයක්‌. ඉහත සඳහන් ස්‌ථාන කොතැනින් පටන් ගත්තත් අනෙක්‌ තැන්වලට පැතිර යන්නට මේ පිළිකාවට හැකියි.

ප්‍රශ්නය - මෙහි රෝග ලක්‍ෂණ මොනවාද?

වෛද්‍ය වික්‍රමාරච්චි - එක්‌ එක්‌ ස්‌ථානයට අදාළව වෙන වෙනම රෝග ලක්‍ෂණ තිබුණත් ඒවා හඳුනාගෙන පිළිකාව තිබෙන්නේ කොතැනද කියන්න පුළුවන් පිළිකාව ගැන හසළ දැනුමක්‌ තිබෙන වෛද්‍යවරයකුට පමණයි. මෙතැන් සිට ඒ රෝග ලක්‍ෂණ පොදුවේ විස්‌තර කරන්නම්.

1. උගුරේ පිළිකාව - ගෙලෙහි කිසියම් තැනක අස්‌වාභාවික මාංශමය වර්ධනයක්‌ හටගැනීම, උගුර සහ ගෙල රිදෙන්නට පටන් ගැනීම. කටෙන් රුධිරය වහනය වීම, කේඨරවල හිරවීමක්‌ හටගැනීම, කට ගඳ ගැසීම, දිව ඉදිමීම, සුව නොවන තුවාලයක්‌ මුඛය තුළ හටගැනීම, සුදු රතු කළු යන පැහැයන්ට අයත් ලප මුඛය තුළ හටගෙන දිගින් දිගටම පැවතීම, නිතර හටගන්නා කන් කැක්‌කුම, මුඛය - ගෙල ආශ්‍රිත ප්‍රදේශ හිරි වැටීම, තොල්වල, මුඛයේ සහ විදුරුමස්‌වල ගෙඩි හටගැනීම, උගුරේ වසා ග්‍රන්ථි ඉදිමීම, සති 6 කට වඩා උගුර බැරැන්ඩි වී තිබීම, සති 6 කට වඩා කාලයක්‌ උගුර ඉදිමී තිබීම, ආහාර ගිලීමට අපහසු වීම, බර අඩුවීම.

ප්‍රශ්නය - මෙබඳු පිළිකා හට ගැනීමට ප්‍රමුඛ හේතු මොනවාද?

වෛද්‍ය වික්‍රමාරච්චි - මද්‍යසාර සහ දුම්කොළ තමයි, මෙයට ප්‍රධාන හේතුව. ගෙල සහ හිස ආශ්‍රිත පිළිකාවලින් 75% ක්‌ම හටගන්නේ මද්‍යසාර සහ දුම්කොළ, දුම්වැටි පරිහරණය නිසයි. දුම්කොළවල පිළිකා කාරක තිබෙනවා. නිකම් හප කළත්, බුලත්විට සමඟ අනුභව කළත්, දුම්වැටි ලෙස පාවිච්චි කළත් මෙහි පිළිකා කාරක ශරීරගත වෙනවා. එවැනි පිළිකා කාරක මගින් මුලින්ම සිදුවන්නේ උගුර ආශ්‍රිත ප්‍රදේශවල ජාන විකෘති වීමයි.

සමහරු හිතනවා, දුම්වැටියක දුම් පෙනහැල්ලට ඇද්දොත් විතරයි පිළිකාව හැදෙන්නේ කියලා. ඒ නිසා ඔවුන් සුරුට්‌ටු පරිහරණය කරනවා. සාමාන්‍යයෙන් සුරුට්‌ටු උරන විට එම දුම් පෙනහලුවලට අදින්නේ නැහැ. එහෙත් මෙය දුර්මතයක්‌. පෙනහලු තුළට නො ඇදගත්තත් මුඛයට අදින දුම් මගින් මුඛ පිළිකා හට ගන්නවා. එයට හේතුව තමයි, සුරුට්‌ටු දුම්කොළවලත්, සිගරට්‌ දුම්කොළවලත්, පයිප්ප දුම්කොළවලත්, බීඩි දුම්කොළවලත් බුලත් සමඟ හපකරන දුම්කොළවලත් එකම ආකාරයට පිළිකා කාරක පැවතීම.

මීළඟට අපි බලමු ආහාර ගැන. සකස්‌ කරන ලද මස්‌ වර්ග, ඒ කියන්නේ හැම් බේකන්, සොසේජස්‌ වැනි ආහාර ප්‍රමාණය ඉක්‌මවා නිතරම අනුභව කළොත් එමගින් පිළිකා හටගන්න පුළුවන්. ඒ වෙනුවට අමු හෝ පිසින ලද එළවළු අනුභව කරනවා නම් කවදාවත් පිළිකාව හැදෙන්නේ නැහැ.

පුවක්‌වලිනුත් ඉතා නරක ලෙස පිළිකාව වැළඳෙනවා. විශේෂයෙන්ම මුඛයේ සහ උගුරේ හටගන්නා පිළිකාවලට ප්‍රමුඛ හේතුවක්‌ තමයි, පුවක්‌ පරිභෝජනය. අන්නස්‍රොතයේ පිළිකාවන්ටත් මුල තමයි පුවක්‌ කෑම. පුවක්‌ ගෙඩිය කියන්නේ මුළු මහත් ශරීරයටම නරක බලපෑමක්‌ කරන දෙයක්‌.

ප්‍රශ්නය - පිළිකාව සුවකරන්න පුළුවන්ද?

වෛද්‍ය වික්‍රමාරච්චි - සමහර පිළිකා පුළුවන්. සමහර පිළිකා බැහැ. ඒත් ඒ පිළිකා කළමනාකරණය කරගෙන ජීවත් වෙන්නට පුළුවන්.

ප්‍රශ්නය - සුව කරන්න බැරි පිළිකා මොනවාද?

වෛද්‍ය වික්‍රමාරච්චි - එසේ නම් කිරීම සිංහල වෛද්‍ය ක්‍රමයට අනුව චර්යාත්මක නැහැ. හැබැයි ඕනෑම පිළිකාවක්‌ කළමනාකරණය කරගත්තොත් නිසි ඖෂධ සහ ආහාර පරිහරණය කරමින් ජීවිතය ඉදිරියට ගෙන යා හැකියි.

ප්‍රශ්නය - පියයුරු පිළිකාවක්‌ සුවපත් කළ අවස්‌ථාවක්‌ ගැන ඔබ පසුගියදා විස්‌තර කළා. උගුරේ පිළිකාව හටගත් රෝගියකු සුවපත් කිරීම ගැනත් ඔබට අත්දැකීම් තිබෙනවා?

වෛද්‍ය වික්‍රමාරච්චි - එවැනි එක්‌ අත්දැකීමක්‌ කියන්නම්. මා මෙයට වසර දෙකකට විතර ඉස්‌සර මුත්‍රාශයේ පිළිකාවක්‌ සහිතව මා වෙත ආ කාන්තාවක්‌ සුවපත් වුණා. ඉන් පසු ඇය මා වෙත මැදිවියේ කාන්තාවක්‌ එක්‌කගෙන ආවා. ඇයට තිබුණේ උගුරේ පිළිකාවක්‌. මා ළඟට එන විට ඒ කාන්තාවගේ හිසේ එක කෙස්‌ ගහක්‌වත් නැහැ. ඇහිබැම නැහැ. හේතුව පිළිකාවට කරන රසායනික ප්‍රතිකාර සහ විකිරණ ප්‍රතිකාර නිසා කෙස්‌ හැලී යැමයි. ඇගේ උගුර බැරැණ්‌ඩි වී තිබුණා. කෑම ගිලින්න බැහැ. ඒ නිසා ඇය තදින් කෘෂ වී සිටියා. මෙහිදී මා කළ පළමු දෙය තමයි ඇගේ සිරුරේ පෝෂණයට වුවමනා ආහාර ගලනාලය හරහා අක්‌මාවට යෑවීම සඳහා කටයුතු කිරීම. මොකද ලෙඩාට වෙදකම් කරන්න හැකි වෙන්නෙ ඔහුට පණ තිබුණොත්. පණ තියෙන්න ඇඟට කන්න ඕනෑ. මම මුලින්ම ඇගේ උගුරේ පිළිකාව හැකිළීමට ප්‍රතිකාර කළා. බටහිර වෙදකමේදී මෙයට දෙන්නේ ඉතා තියුණු ප්‍රතිජීවක ඖෂධ, සිංහල වෙදකමේදී දෙන ප්‍රතිජීවක ඖෂධ ඉතා තියුණු නමුත් සැර නැහැ. මෙසේ සති කිහිපයක්‌ ප්‍රතිකාර කරන විට ඇයට කෑම කන්න පුළුවන් වුණා. එවිට මා දැනගත්තා, පිළිකාව හැකිළීගෙන යන බව. ඒත් පිළිකාව හැකිළුණාට මදි. පිළිකා සෛල විනාශ කරන්නත් ඕනෑ. දැන් මා ප්‍රතිකාර කරගෙන යන්නේ පිළිකා සෛල ක්‍රමයෙන් විනාශ කිරීමටයි.

ප්‍රශ්නය - හාල්මැස්‌සන්, සාලයන්, කතුරුමුරුංගා වැනි ආහාර පිළිකා රෝගීන්ට නුසුදුසු බව ඔබ කිව්වා. දැන් අපට කිව හැකිද පිළිකා රෝගීන්ට සුදුසු ආහාර මොනවද කියලා.

වෛද්‍ය වික්‍රමාරච්චි - දේශීය වෙදකමේ හැටියට ප්‍රොaටීන බහුල පොඩි මාළු වර්ග ඉතා නරකයි. ඒත් ධපැට්‌ - 3 නමැති තෙල් වර්ගය සහිත මත්ස්‍යයන් ආහාරයට ගැනීම ඉතා සුදුසු බව බටහිර ලෝකයේ සිටින පෝෂණවේදීන් තියනවා. ධපැට්‌ 3 තෙල්වල තිබෙනවා ශරීරයේ විෂ නසන ගුණයක්‌. එසේම මත්ස්‍ය තෙල්වල තිබෙනවා, පිළිකා සෛල වර්ධනය කරන්නට පුළුවන් A විටමිනය වෘෂණ කෝෂ පිළිකාව, මහ බඩවැලේ පිළිකාව සහ පියයුරු පිළිකාව සුව කරන්නට මත්ස්‍ය තෙල්වලට පුළුවන්. හැබැයි සාලයන් හාල්මැස්‌සන් යන මාළුවල ධපැට්‌ 3 තෙල් නැහැ. එම තෙල් වර්ගය තිබෙන්නේ සැමන්, කොඩ්, හැලිබට්‌ වැනි මාළු වර්ග තුළයි.

මේ පිළිබඳ නොමිලේ උපදෙස්‌ සඳහා
0759061771 අංකයට කතා කරන්න
සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

Post a Comment

0 Comments