ඇගේ සෙම හටගන්න ඌෂ්නත්වය බලපානව


ඇතැම් පිරිස්‌ ශරීර ස්‌වාභාවයෙන්ම (උපතින්ම) උෂ්ණ අධික බවින් යුතුවන අතර තවත් සමහර පිරිස්‌ ඔවුන් විසින්ම ශරීරයේ උෂ්ණ අධික බව සිදුකර ගන්නේය. විශේෂයෙන්ම වැරදි ආහාර රටාවන්ට පෙළඹීම නිසා බොහෝ දෙනා නොදැනුවත්වම තම ශරීරය අධික උෂ්ණ තත්ත්වයට පත්කර ගන්නේය. ඉස්‌සෝ, දැල්ලෝ, කකුළුවෝ, බලමාළු වැනි උෂ්ණ අධික ආහාර මෙන්ම අන්නාසි තක්‌කාලි වැනි අම්ල වැඩි ආහාර ද මේ තත්ත්වයට දැඩිව උදවු කරයි.

සෙම රෝගය පිළිබඳව එය හටගන්නා ආකාරය පිළිබඳව සහ ඒ සඳහා කළ යුතු ප්‍රතිකර්ම පිළිබඳව අප මෙවර 'දිවයින' පාඨකයන් දැනුවත් කිරීමට තීරණය කළ අතර ඒ පිළිබඳ ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා සමඟ කළ සාකච්ඡාවකදී ඔහු පැවසූ තොරතුරු මෙසේ පළ කරන්නෙමු.

* සමාජයේ බොහෝ දෙනෙක්‌ නිරන්තරයෙන්ම පීඩාවට පත්කරන කුමක්‌ ද මේ සෙම් රෝගය කියන්නේ,

ආයුර්වේදීය වෛද්‍ය ක්‍රමයට අනුව ඕනෑම රෝග තත්ත්වයක්‌ සඳහා ප්‍රතිකාර ලබාදීමට පෙර එම රෝග නිධානය හඳුනාගැනීම ඉතාම වැදගත් වන්නේය. එවිට එම රෝග නිධානයට ප්‍රතිකාර ලබාදෙන විට ඒ හා සම්බන්ධ සෙසු රෝගී තත්ත්වයන් ද ප්‍රධාන රෝගය සමඟම සමනය කිරීමක්‌ සිදුවන්නේය. ආයුර්වේදයේ ඇති විශේෂත්වය ද වන්නේත් එයයි. මන්ද එක රෝගයකට ප්‍රතිකාර ලබාදෙන විට එම රෝගියාට වැළඳී ඇති තවත් රෝග බොහෝමයක්‌ම සුව වීම සිදුවන අතර එවිට රෝගියා සැබෑවටම නීරෝගී පුද්ගලයෙක්‌ වන්නේය.

සෙම රෝගය පිළිබඳ විමසා බලද්දී පීනස එහි පෙරමුණටම පැමිණෙන තවත් රෝගී තත්ත්වයකි. උදැසන අවදි වූ විට සොටු දියර ගැලීම, කිවිසුම් යැම, නාසයෙන් පිටවන දුඟද, හිසෙහි බර ගතිය ආදිය සෙම රෝගයේ ප්‍රධාන ලක්‌ෂණ ලෙස හඳුන්වා දිය හැක.

ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල ජීවත්වන මිනිසුන්ගේ ශරීර අධික උෂ්ණ සහිතය. මෙම උෂ්ණ අධික බව සාමාන්‍ය දේහ සෛලවලට දරා ගැනීමට හැකිවුවත් මොළය ආශ්‍රිත සියුම් ස්‌නායු සෛලවලට දරාගැනීමට නොහැකි වන්නේය. එබැවින් ශරීරය විසින් ඊට උපක්‍රමයක්‌ ලෙස ස්‌වයං ශීතකරණ ක්‍රමයක්‌ (Auto Cooling System) අනුගමනය කරනු ලබයි. මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක්‌ ලෙස තම ශරීරයේ සෙම ඇතිවන්නේ.

* එම ක්‍රියාවලිය තවදුරටත් පැහැදිළි කළොත්,

ඉහත ක්‍රියාවලියත් සමඟ මොළය විසින් නිකුත් කරන සංඥ අනුව ක්‍රියාත්මක වන ආහාර ජීර්ණ පද්ධතිය සෙම නිෂ්පාදනය කර මොළය දෙසට ගමන් කරවීම සිදුකරවයි. ඊට හේතු වන්නේ ශරීරයේ උෂ්ණ අධික බව වළක්‌වා ගැනීම සහ ස්‌නායු සෛල වියළීම වළක්‌වා ගැනීමයි. කෙසේ වෙතත් මේ ආකාරයට මොළය කරා පැමිණෙන සෙම පදාර්ථ නලල ආශ්‍රිත ප්‍රදේශයේ කෝටර (හිස්‌ කබල, නාසය හා ඇස්‌ ආශ්‍රිත කුහර) තුළ එක්‌රැස්‌වේ. පසුව එම සෙම් කොටස්‌ නාසය හරහා වාතයට නිරාවරණය වීම හේතුවෙන් ක්‌ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය නිසා සෙම පැසවීමට ලක්‌ වී සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වය ඇති කරනු ලැබේ. එවිට නාසයෙන් දියර ලෙස ගැලීම හා ඒ ආශ්‍රිත සෙම් රෝග ලක්‌ෂණ ඇති කරනු ලබයි. කාලයක්‌ මේ තත්ත්වය ඇති විට දුර්ගන්ධයක්‌ ඇතිවීම ද සිදුවන්නේය.

* ශරීරයේ අධික උෂ්ණ තත්ත්වය නිසා සෙම ඇතිවීමට ප්‍රධාන වනවා නම් ශරීරය උෂ්ණ වන්න බලපාන හේතු කවරේද ?

ඇතැම් පිරිස්‌ ශරීර ස්‌වාභාවයෙන්ම (උපතින්ම) උෂ්ණ අධික බවින් යුතුවන අතර තවත් සමහර පිරිස්‌ ඔවුන් විසින්ම ශරීරයේ උෂ්ණ අධික බව සිදුකර ගන්නේය. විශේෂයෙන්ම වැරදි ආහාර රටාවන්ට පෙළඹීම නිසා බොහෝ දෙනා නොදැනුවත්වම තම ශරීරය අධික උෂ්ණ තත්ත්වයට පත්කර ගන්නේය. ඉස්‌සෝ, දැල්ලෝ, කකුළුවෝ, බලමාළු වැනි උෂ්ණ අධික ආහාර මෙන්ම අන්නාසි තක්‌කාලි වැනි අම්ල වැඩි ආහාර ද මේ තත්ත්වයට දැඩිව උදවු කරයි.

* මේ උෂ්ණාධික බව නිසා තවත් රෝග තත්ත්වයන් ඇතිවෙනවාද ?

ඔව්, ඉහත කී සෙම රෝග තත්ත්වයට සමගාමීව ඇතිවන තවත් රෝගයක්‌ තමයි ඉරුවාරදය. මේ සඳහා මූලික හේතුව බවට පත්වන්නේ ශරීරය තුළ හටගන්නා අධික පිත තත්ත්වයයි. මෙම අධික පිත ස්‌වාභාවය නිසා මොළය ආශ්‍රිත ශ්ලේෂ්මල පටකවලට දැඩි ලෙස හානි සිදුවේ. ඉහත තත්ත්වයන්ට අමතරව අර්ශස්‌ රෝගය, කැසීම, පලු දැමීම ආශ්‍රිත සමේ රෝග, අධික නිදිමත හෝ නින්ද නොයැම, තදබද ලෙස පවතින ගැස්‌ට්‍රයිටීස්‌ තත්ත්වය, මල බද්ධය, අධික කේන්තිය ආදී රෝග තත්ත්වයන් අඩුවැඩි වශයෙන් වැළඳීමේ හැකියාව පවතිනවා.

* මෙම කරදරකාරී සෙම රෝගී තත්ත්වයෙන් මිදීමට කළ හැකි ප්‍රතිකාර පිළිබඳ අදහස්‌ දැක්‌වුවොත්,

පොදුවේ මෙම රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීමට පෙර පළමුවෙන්ම කළ යුත්තේ ශරීරයේ අධික උෂ්ණාධික බවට ප්‍රතිකාර ලබාදීමයි. එහිදී ශරීරය ශෝධකර්මවලට ලක්‌කරන ඖෂධ ලබාදීම සිදු කළ යුතුයි. ඒ වාගේම වා, පිත්, සෙම් පදාර්ථවල සමතුලිතභාවය ඇති කරන ප්‍රතිකාර ද සිදුකළ යුතුයි.

විශේෂයෙන්ම මෙම රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීමේදී බොහෝ රෝගීන්ට අවශ්‍ය වන්නේ බලෙන් ශරීරයෙන් සෙම ඉවත් කිරීම වුවත් ස්‌වාභාවිකවම ශරීරය විසින්ම ඒවා බැහැර කරන බවද මෙහිදී පැවැසිය යුතුමයි. එම නිසා මෙම සෙමට ප්‍රතිකාර ලබා ගැනීමේදී කළ යුතු ප්‍රධානම දේ විය යුත්තේ සෙම බැහැර කර ගන්නවාට වඩා ඇතිවන රෝග නිධානය වන ශරීරයේ අධික උෂ්ණාධික බව සමනය කර ගැනීමයි.

බොහෝ කාර්යබහුල පුද්ගලයන් ඉතා පහසුවෙන් ලබා ගත හැකි විවිධ ප්‍රතිකාර ක්‍රමවලට පෙළඹුනත් දේශීය ආයුර්වේදයේ ද අද වන විට ඉතා පහසුවෙන් ලබාගත හැකි ලෙස සැකසූ ප්‍රතිකාර ක්‍රම නවීන ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව සකස්‌ කර ඇති බැවින් ඕනෑම කාර්යබහුල අයෙකුට එම ප්‍රතිකාර ලබාගෙන මෙම රෝග නිට්‌ටාවට සුවකර ගත හැකි බවද පැවසිය යුතුමය.

නොමිලේ තොරතුරු සඳහා 

0713009088, 0767274674, 0114344599
වෛද්‍ය රන්පත රුවන් රත්නායක
සාකච්ඡා කළේ- ගයාන් සමරසිංහ

Post a Comment

0 Comments