පීනසයට සුවය දෙන රතුලූණු තෙල


ඇදුම කියන්නේ අසාත්මිකතාව නිසා හටගන්නා රෝග තත්ත්වයක්‌ ශ්වාසනාලය දිගේ ශරීරයට ඇතුළු වීමට යන පින්න, දුහුවිලි, මල් පරාග, මකුළුදැල්, දුම් හෝ වෙන ඕනෑම දෙයක්‌ අපේ ප්‍රතිශක්‌තිකරණය විසින් සතුරකු ලෙස සලකා පහරදීමට පටන් ගත්විට ශ්වාසනාලය සහ පෙනහලු තුළ තිබෙන සියුම් නාල ආසාදනය වෙනවා. ඉන් පසු ඒවා ඉදිමී හුස්‌ම ගැනීම අවහිර වෙනවා. එසේම හුස්‌ම පිටකිරීමටත් අවහිර වෙනවා. ඇදුම සම්බන්ධයෙන් දිය හැකි සරලම තේරුම් කිරීම මෙයයි. මෙයට වඩා සංකීර්ණ අර්ථකථනයක්‌ තිබුණත් පාඨකයාට ඒ බර නොදැමිය යුතුයි. 

ප්‍රශ්නය - පසුගිය සතියේදී පීනස්‌ රෝගයට අදාළව ඔබ සමඟ පැවැති සාකච්ඡාවේදී 'රතුලූනු තෙල' නමැති බෙහෙතක්‌ හදාගන්නා ආකාරය මේ සතියේදී පැහැදිලි කරන බව ඔබ කිව්වා.

වෛද්‍ය දමින්ද රණවීර - මෙය හරිම සරල තෙලක්‌ . රතුලූනු ග්‍රෑම් 200 ක පමණ යුෂ ගෙන පිරිසිදු පොල්තෙල් බෝතල් කාලකට මිශ්‍රකර භාගෙට භාගයක්‌ (50% ක්‌) සිඳී යන තුරු කකාරාගත් විට මේ ඖෂධය බිහිවෙනවා. මෙය උදේ වරුවේ හිස්‌ මුදුනේ ආලේප කිරීමෙන් විපුල ප්‍රතිඵල ලබා ගත හැකියි. මෙහි මාත්‍රාව 1 කට තේ හැන්දක ප්‍රමාණය නො ඉක්‌මවිය යුතුයි.

ප්‍රශ්නය - අද අප සාකච්ඡා කරන්නේ ඇදුම රෝගය ගැනයි. ඇදුම කියන්නේ මොකද්ද?

වෛද්‍ය දමින්ද රණවීර - ඇදුම කියන්නේ අසාත්මිකතාව නිසා හටගන්නා රෝග තත්ත්වයක්‌ ශ්වාසනාලය දිගේ ශරීරයට ඇතුළු වීමට යන පින්න, දුහුවිලි, මල් පරාග, මකුළුදැල්, දුම් හෝ වෙන ඕනෑම දෙයක්‌ අපේ ප්‍රතිශක්‌තිකරණය විසින් සතුරකු ලෙස සලකා පහරදීමට පටන් ගත්විට ශ්වාසනාලය සහ පෙනහලු තුළ තිබෙන සියුම් නාල ආසාදනය වෙනවා. ඉන් පසු ඒවා ඉදිමී හුස්‌ම ගැනීම අවහිර වෙනවා. එසේම හුස්‌ම පිටකිරීමටත් අවහිර වෙනවා. ඇදුම සම්බන්ධයෙන් දිය හැකි සරලම තේරුම් කිරීම මෙයයි. මෙයට වඩා සංකීර්ණ අර්ථකථනයක්‌ තිබුණත් පාඨකයාට ඒ බර නොදැමිය යුතුයි. මේ සරළ අර්ථකථනය මගින් ඉතා සරල දෙයක්‌ අප හැමටම වැටහෙනවා. ඒ තමයි ශ්වසන පද්ධතියට අසාත්මික දේවල් වැද්ද නොගත යුතු බව.

ප්‍රශ්නය - ඇදුම සහ අප අතර බහුලව තිබෙන පපුවේ මහන්සිය හෙවත් හතිය අතර සම්බන්ධයක්‌ තිබෙනවද?

වෛද්‍ය දමින්ද රණවීර - හතිය කියන්නේ ඇදුම රෝගයේ ඉතාම මූලික අවස්‌ථාවක්‌. මෙය ඇදුම රෝගය දක්‌වා වර්ධනය වීම වළක්‌වා ගැනීම තමයි කළ යුත්තේ.

ප්‍රශ්නය - ඇදුම වැළඳීමට වයස්‌ සීමාවක්‌ තිබෙනවාද?

වෛද්‍ය දමින්ද රණවීර - නැහැ ළදරුවාගේ සිට මහල්ලා දක්‌වා සැමට මෙය හැදෙනවා. මෙය සුව කරන්නත් පුළුවන්. කල් ගිහින් ව්‍යාකූල මට්‌ටමට පත් වුණොත් කළමනාකරණය කරගෙන, තමන්ට අපථ්‍ය ආහාර වර්ග නොගෙන, අසාත්මිකතාව ඇති කරන දේ සිරුර තුළට වැද්දා නොගෙන සාමාන්‍ය ජීවිතයක්‌ ගත කරන්නටත් පුළුවන්. අනෙක මෙය ඕනෑම වෙලාවක හැදෙන රෝගයක්‌

ප්‍රශ්නය - රෝගය වැළඳීම සම්බන්ධව විද්‍යාත්මක නිර්වචනය කුමක්‌ද?

වෛද්‍ය දමින්ද රණවීර - ප්‍රතිශක්‌තිකරණය අඩු වීම සහ තුන් දොස්‌ කිපීම තමයි විද්‍යාත්මක නිර්වචනය. එක දිගටම සෙම අමාරුව සහ පීනස තිබුණමත් ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය අවුල් වෙලා රෝගියා බොහෝ දේවලට අසාත්මික වෙනවා.

ප්‍රශ්නය - මෙය සුව කිරීමට පාරම්පරික දේශීය වෙදකමේ තිබෙන ක්‍රම මොනවද?

වෛද්‍ය දමින්ද රණවීර - වාෂ්ප ඇල්ලීම, දුම් කුඩු ඇල්ලීම, කසාය යනාදියෙන් මෙය සුවපත් කරන්නට පුළුවන්. ඒ ප්‍රතිකාරය වගේම රෝගියාගේ පැත්තෙනුත් ප්‍රවේශම් වීම කළ යුතුයි. තමන්ට අපත්‍ය, අසාත්මික ආහාර මොනවද කියන එක රෝගියා තේරුම් ගත යුතුයි. සමහර ඇදුම රෝගීන්ට සිසිල් දේශගුණය අපථ්‍යයි. තව සමහරුන්ට වියළි දේශගුණය අපථ්‍යයයි. යුරෝපයේ සමහර ඇදුම රෝගීන්ට හිම වැටෙනකොට ඇදුම නවතිනවා. ඔවුන්ට යළි ඇදුම හැදෙන්නේ පායන කාලයටයි. ඇදුම කියන්නේ මේ විධියේ විෂම ගති සොබා සහිත ලෙඩක්‌. සමහරුන්ට ගේ අතුගෑවත් ඇදුම හැදෙනවා.

ප්‍රශ්නය - කුඩා වියේදී ඇදුම හැදුනම ඉබේම සුව වෙනවා කියා මතයක්‌ තිබෙනවා.

වෛද්‍ය දමින්ද රණවීර - ඒක සත්‍යයක්‌. කුඩා දරුවන් වියපත් වන විට ඔවුන්ගේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය වර්ධනය වී ශක්‌තිමත් වෙනවා. එවිට අපථ්‍ය ද්‍රව්‍ය සහ අසාත්මික ද්‍රව්‍යවලට ඔරොත්තු දෙන්න පුළුවන් වෙනවා. ඒනිසාම ළමා වියේදී ඔවුන්ට ඇදුම තිබුණා නම් එය නැතිව යනවා.

ප්‍රශ්නය - දේශීය වෛද්‍ය ක්‍රමය මගින් ඇදුම සුවපත් කළ හැකි බව ඔබ කිව්වා. එසේ සුවපත් කරන්නට කොපමණ කල් යනවාද?

වෛද්‍ය දමින්ද රණවීර - මාස 2 සිට 6 දක්‌වා කාලයක්‌ නිසි විදියට බෙහෙත් කළොත් සුවපත් කරගත හැකියි. ඉන් පසු රෝගය යළි මතුවීම වළක්‌වා ගැනීම සඳහා රෝගියා නිසි ක්‍රමයට පැවැතීම හරිම වැදගත්

(නොමිලේ උපදෙස්‌ සඳහා 0372249276, 0773018158 යන අංකවලින් විමසන්න.)
සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත

Post a Comment

0 Comments