මොකක්‌ද මේ කවුරුත් කතානොකරන රහස්‌ රෝගය?


ප්‍රශ්නය - කාන්තා රෝග සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක්‌ ඇති වෛද්‍යවරයෙක්‌ මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්ය වරියක්‌ ද වන ඔබ දන්නා පරිදි මේ රටේ කාන්තාවන් තරුණියන් සහ නව යෞවනියන් අතර බහුල ලෙස පවත්නා රෝගය කුමක්‌ද?

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය කෞමදි කරුණාගොඩ - මට තිබෙන අත්දැකීම් හැටියට ශ්වේත ප්‍රදරය නමැති රෝග ලක්‍ෂණය ඉතා බහුල ලෙස තිබෙනවා. ශ්වේත ශ්‍රාව කියලත් මෙයට කියනවා.

ප්‍රශ්නය - ඔබ මෙය රෝග ලක්‍ෂණයක්‌ ලෙස හඳුන්වන්නේ ඇයි?

වෛද්‍ය කරුණාගොඩ - ආයුර්වේදයේ අර්ථකථනය කෙරෙන පරිදි මෙය ස්‌ථිර වශයෙන් ම රෝග ලක්‍ෂණයක්‌. ඔබ දන්නවා උණ කියන්නේ රෝගයක්‌ නොව රෝග ලක්‍ෂණයක්‌ කියලා. ශරීරය තුළ කිසියම් රෝග තත්ත්වයක්‌ ඇති වුණාට මුලින්ම හට ගන්නේ උණ. ඒ රෝගය සෙම් ගෙඩි වෙන්න පුළුවන්. ශරීර අභ්‍යන්තරයේ තුවාලයක්‌ වෙන්න පුළුවන්. ශරීරයෙන් පිටත තුවාලයක්‌ වෙන්න පුළුවන්. ආහාර ජීර්ණ පද්ධතියේ ආබාධයක්‌ වෙන්න පුළුවන්.

ඒ වගේම ශ්වේත ප්‍රදරයත් රෝගයක්‌ නොව ශරීරයට අදාළ කිසියම් හේතුවක්‌ නිසා නිකුත් වන සංඥාවක්‌. ශරීරයේ තිබෙන රෝගයක්‌ නිසා මෙය හටගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ශරීරයේ සිදුවන වෙනස්‌කම්, අපිරිසිදුකම, ආහාරපාන ගන්න පිළිවෙළ ඇඳුම් පැළඳුම් පරිහරණය කරන විදිය, ශරීරයේ උෂ්ණ ගතිය වැඩි වීම යන ඕනෑම කාරණයක්‌ නිසා සුද යැම හෙවත් ශ්වේත ප්‍රදර තත්ත්වය ඇති වෙන්න පුළුවන්.

ප්‍රශ්නය - ඔබ කියනවා අපිරිසිදුකමත් හේතුවක්‌ කියලා. මොකද්ද මේ අපිරිසිදුකම?

වෛද්‍ය කෞමදි කරුණාගොඩ - ආයුර්වේදයේ තියනවා දොaෂවල තිබෙන අසමතුලිතතාව නිසා සුද යැම හටගන්නවා කියලා. කෙනෙක්‌ නිරෝගිව සිටින්aනට නම් දොaෂ, ධාතු, මළවල සමතුලිතභාවයක්‌ තිබිය යුතු යයි ආයුර්වේදයේ පැහැදිලි කරනවා. දොaෂ ධාතු මළ කියන්නේ අපේ ශරීරය ක්‍රියාත්මක කරවන මූලික අංග හෙවත් පදනම බව මා මෙහිදී කියන්නේ පාඨකයන් දැනුවත් කිරීම සඳහායි. නව්‍ය වෛද්‍ය විද්‍යාවේදී සෛල ගැන, DභA ගැන, ශරීර පද්ධතිය ගැන කතා කරනවා වාගේ ආයුර්වේදයේ දී අප කෙනකුගේ නිර්මිතය ගැන කතා කරන්නේ දොaෂ ධාතු මළ කියන සංකල්පය තුළින්. සමහරු කියනවා මට සුද යනවා, ඒ මගේ ඇඟේ උෂ්ණය වැඩියි. ඒ නිසා ඇඟ නිවෙන්න බෙහෙත් බොන්න ඕනෑ කියලා. මෙහි තේරුම වාත පිත්ත කප කියන දොaෂවල අසමතුලිතතාවයක්‌ හට ගැනීමයි. මේ අසමතුලිතතාව ඇතිවන්නේ එක්‌කෝ ආහාර නිසා. එහෙම නැත්නම් පැවැත්මේ වෙනස්‌කම් නිසා. අපි නිසි පරිදි ස්‌නානය නොකරනවා නම් සිරුරේ තැන් නිසි පරිදි පිරිසිදු නොකරනවා නම් එතැනින් ලොකු ප්‍රශ්නයක්‌ හට ගන්නවා. ඒ වගේම ආහාරපානවල බලපෑම නිසත් මේ දොaෂ හට ගන්නවා. උෂ්ණාධික ආහාරවල බලපෑම නෑවම නිවෙනවා.

ප්‍රශ්නය - මොනවද මේ උෂ්ණාධික ආහාර කියන්නේ·

වෛද්‍ය කෞමදි කරුණාගොඩ - උෂ්ණාධික ආහාර සංකල්පය තියෙන්නේ පාරම්පරික සිංහල වෙදකම තුළයි. උෂ්ණ ආහාර, ශීත ආහාර යනාදී වශයෙන් වර්ග දෙකක්‌ ඒ වෙදකම තුළ හඳුනාගෙන තිබෙනවා. එහෙත් ආයුර්වේදයේ එහෙම සංකල්පයක්‌ නැහැ. ආයුර්වේදයේ කියන්නේ ආහාර මගින්, වාත පිත්ත කප යන තුනට සිදුවන බලපෑමයි. මගේ අදහස නම් සිංහල වෙදකමේ උෂ්ණ, ශීත සංකල්පයත්, ආයුර්වේදයේ වාත පිත්ත කප කියන තුනට ආහාර මගින් සිදුවන බලපෑමත් කියන දෙකම එකයි. අපි සිංහල වෙදකමේ අහල තියෙනවා ඉස්‌සො, දැල්ලො, බලමාළු, ජාඩි, කරවල, බිලිං වැනි ආහාර උෂ්ණාධිකයි කියලා. නව්‍ය වෛද්‍ය ක්‍රමයේ අහල තියෙනවා ශරීරයේ හිස්‌ටමින් ප්‍රමාණය වෙනස්‌ වීම නිසා හට ගන්නා ඇලජික්‌ තත්ත්වයක්‌ කියලා. ආයුර්වේදයේ තියෙනවා රස, ගුණ, වීර්ය විපාක කියලා සංකල්පයක්‌. අප ගන්න ආහාරය මගින් රස ගුණ වීර්ය, විපාක කියන තත්ත්වයන් හට ගන්නව කියලා තමයි එහි උගන්වන්නේ. මේ රස ගුණ වීර්ය, විපාක හිස්‌ටමින් තත්ත්වය එහෙමත් නැත්නම් උෂ්ණ ශීත බව සුද යැමට බලපානවා.

**********************
ශ්වේත ප්‍රදරයට සුදුසු ආහාර

ධාන්‍ය - රතු කැකුළු, තම්බපු සහල්, බාර්ලි, කුරක්‌කන්, උඳු, ආටා, මුං ඇට, කඩල, තෝර පරිප්පු, මුං පරිප්පු. කිරිබත්, මුං ඇට කිරිබත්, දියබත්.

එළවළු - අළු පුහුල්, දියලබු, අළු කෙසෙල්, කෙකටිය අල, කොහිල අල, දළු

පලා - වට්‌ටක්‌කා දළු, තම්පලා, රත් තම්පලා, කූර තම්පලා, පොල්පලා, ගොටුකොළ, ගැටතුඹ

සත්වමය - තෝරමාළු, කිරිමාළු වර්ග, කුකුල් මස්‌, එළකිරි. මුදවපු කිරි, හාල්මැස්‌සන්. හැඬැල්ලන්.

කුළුබඩු - කරපිංචා, උළුහාල්, කහ, ගම්මිරිස්‌.

පලතුරු - කළු උක්‌, නෙල්ලි, තැඹිලි, දොඩම්, ගස්‌ලබු, අඹ, දෙළුම්, රටඉඳි, පේර, මුද්දරප්පලම්, අනෝදා, ඉඳුණු කෙසෙල්, ඉඳුණු අළු කෙසෙල්

පාන - රණවරා කැඳ, පොල්පලා කැඳ, ඉරමුසු කැඳ. පිටවක්‌කා කැඳ. හාතාවාරිය කැඳ, නෙළුම් අල කැඳ, රසකිඳ තැම්බු දියර, රණවරා කොළ, මල් තැම්බූ දිය, බැබිල තැම්බූ දිය. ඉරමුසු තැම්බූ දිය.

මෙය රෝග ලක්‍ෂණයක්‌ ලෙස ඇති විය හැකි බැවින් රෝගය පිළිබඳ අවබෝධයක්‌ ගත යුතුය.

රුධිරයේ සීනි මට්‌ටම පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

පිරිසිදු වීම සඳහා නිතර සබන් යොදා සේදීම, පවිත්‍රකාරක භාවිතය සීමා කළ යුතුය.

යට ඇඳුම් හා ශරීරය වියළිව තබා ගත යුතුය.

නිසි පෝෂණයක්‌ ලැබීම වැදගත් ය.

ලබන සතියේ ශ්වේත ප්‍රදරයට බලපාන උෂ්ණ කෑම

නොමිලේ විස්‌තර 011-5289248/077 7620948

Post a Comment

0 Comments