මළ බද්ධය ගොඩක්‌ ප්‍රශ්නවලට මුලක්‌

"ඉවසීමෙන් සැනසීම ලැබෙයි" කියලා කියමනක්‌ තිබෙනවනේ. එහෙත් කතාව එහෙම වුණාට සමහර රෝග අවස්‌ථාවලදී නම් ඉවසීම විතරක්‌ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. සැනසීමක්‌ ලබන්න නම් සුදුසු ප්‍රතිකාරයක්‌ ලබා ගන්නවා හැර වෙනත් විකල්පයක්‌ ඇත්තේත් නැහැ. එවැනි ලෙඩ රෝග අතර මලබද්ධය රෝග අවස්‌ථාව ඉතාමත් වැදගත් රෝග අවස්‌ථාවක්‌..

නිවැරැදි ප්‍රතිකාර හා රෝග විනිශ්චයක්‌ හරහා නිට්‌ටාවටම සුවකර ගත හැකි මලබද්ධය රෝග අවස්‌ථාව පිළිබඳ ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක සමඟ මෙවර ආයුර්වේදීය වෛද්‍ය සාකච්ඡාවේ අවධානය යොමු කරමු.

වැඩිදෙනකු පීඩාවට පත් කරන මලබද්ධයේදී පවතින රෝග ලක්‍ෂණ පිළිබඳ පැහැදිලි කළොත්?

ඇතැම් අයට කෙටි කාලීන වශයෙන් මලබද්ධය තත්ත්වයක්‌ ඇති විය හැකියි. නමුත් කෙටිකාලීනව පවතින මෙම තත්ත්වයට හුරු වූ විට එය දීර්ඝකාලීනව මෙන්ම ස්‌ථිර වශයෙන් ද පවතින රෝග තත්ත්වයක්‌ බවට පත් විය හැකියි. ඇතැම් අයට මුල්කාලීනව පිට වුණත් තවත් සමහර අයට මල පිට වන්නේ දවස්‌ දෙකකට, තුනකට වතාවක්‌ ද විය හැකියි. ඇතැම් අවස්‌ථාවල දින 4, 5, 6, 7 ආදී ඉතා දිගු කාලයකට වරක්‌ මල පිට වන අවස්‌ථාද දැක ගත හැකියි. කෙසේ වෙනත් මෙවන් තත්ත්වයක්‌ යටතේදී අදාළ රෝගී තැනැත්තාට පහත ආකාරයේ රෝග ලක්‍ෂණ ද ඇති විය හැකියි.

එම ලක්‍ෂණ අතර බඩ පුරවා දැමීම, හිස කැක්‌කුම, මුඛයෙන් දුගධක්‌ හැමීම, නොරිස්‌සුම් සහගත බව, මුහුණ අඳුරු පැහැ වීම, සම දුර්වර්ණ වීම, සමේ කැසීම් වැඩිවීම, තුනටිය හන්දිපත් වේදනාව ආදිය ප්‍රධාන වේ. මෙවන් රෝග ලක්‍ෂණ පිළිබඳ සැලකිලිමත් නොවීම නිසා ඒවා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව "මහා රෝග" බවට පත් වේ. මේ හේතුවෙන් අර්ශස්‌ ඒ වගේ අර්ශස්‌ භගන්දරා (Fistala) වැනි දරුණු රෝගී තත්ත්වයක්‌ හට ගත හැකියි. ඒවගේම පීනස, වාතරක්‌ත සහ කුෂ්ඨ රෝග දියවැඩියාව වැනි රෝගී තත්ත්ව වුවත් මෙවැනි හේතූන් මූලික කොටගෙන හට ගැනීමේ අවධානමක්‌ තිබේ. 

එතකොට මලබද්ධය ඇතිවීම සඳහා බලපාන හේතු මොනවාද?

මලබද්ධය ඇතිවීම සඳහා හේතු ගණනාවක්‌ම බලපෑ හැකියි. ඒ අතුරින් වර්තමානයේ බහුලව දක්‌නට ලැබෙන ගැස්‌ට්‍රයිටීස්‌ සහ ජීර්ණ පද්ධතිය ආශ්‍රිත විවිධ දුර්වලතා ද ඊට හේතු වේ. මීට අමතරව ළමා අවධියේ පටන් ඇතිවන හේතූන් ද මෙම රෝග අවස්‌ථාව සඳහා බලපෑ හැකියි. විශේෂයෙන් දරුවන් කුඩා අවදියේදී මාපියන් විසින් තරවටු කරමින් දරුවන්ට වැඩිපුර ආහාර ලබාදෙන අතර ඒවා නිසි පරිදි ජීර්ණය කර ගැනීමට නොහැකිවීමෙන් ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව මුල්කාලීනව මෙසේ ගැටලුකාරී තත්ත්වයක්‌ ඇති විය හැකියි. මෙසේ මුල්කාලීනව ඇතිවන තත්ත්වයන් පසුව මලබද්ධය ඇති කිරීම සඳහා බලපෑම් ඇති කරනු ලැබේ. කුඩා දරුවන්ට පමණක්‌ නොවේ ඇතැම් වැඩිහිටි අය පවා වැඩිපුර ආහාර ගැනීමට පුරුදු වී සිටින අතර එවැනි හේතුන් ද මලබද්ධය ඇතිවීමට සෘජුවම බලපානු ලැබේ.

වැඩිපුරම මල බද්ධය ඇති කරනු ලබන්නේ මොනවගේ ආහාර ගත් විටද?

මලබද්ධය ඇති කිරීම සඳහා හේතු වන ආහාර පිළිබඳ සලකා බැලීමේදී කෝපි, ඒ වගේම චොක්‌ලට්‌ වැනි ආහාර විශේෂත්යක්‌ ගනු ලැබේ. මේවා වැඩිපුර භාවිතය නිසා මල බද්ධය ඇති කරනු ලැබේ. තවද කෘත්‍රිම ආහාර මෙන්ම කෙටි ආහාර ද ඊට බලපාන තවත් හේතුවකි. පෙර අතීතයේ අපට හුරු වූ කෙඳි සහිත ආහාර (අල, බතල, එළවළු. පලතුරු, පලා) රටාවෙන් බැහැර වී පාන් පිටි, තෙල් මිශ්‍ර ආහාර බහුලව භාවිත කිරීමත් මීට හේතුවක්‌.

මෙවැනි තත්ත්වයක්‌ සුව කරන්නට පහසුවෙන් ලබා ගතහැකි ප්‍රතිකාර තියෙනව ද වෛද්‍යතුමනි.

ඔව්. මලබද්ධය යනු බරපතළ මට්‌ටමේ රෝගී තත්ත්වයක්‌ වෙනවා හා සමානවම වෙනත් ප්‍රධාන රෝග ගණනාවක්‌ ඇති වීමටත් මූලික හේතුවකි.

මේ නිසා ආයුර්වේද වෛද්‍යවරු මේ පිළිබඳව විශේෂ අවධානයක්‌ යොමු කරල තියෙනවා. ඒ නිසා මෙහිදී ලබාදෙන ඖෂධ පිළිබඳ විශේෂ අවධානයක්‌ යොමු කරවන අතර පාරම්පරික දේශීය ඖෂධ වට්‌ටෝරු අනුවම නිපැයූ ඕනෑම අයෙකුට වත්මන් කාර්ය බහුල ජීවන රටාවක්‌ සමග භාවිත කළ හැකි ආයුර්වේද ඖෂධ මේ වනවිට නිපදවා තිබීම නිසා මෙවැනි රෝගියකුට ප්‍රතිකාර ලැබීමට වඩාත් පහසුවක්‌.

මෙවැනි මලබද්ධයෙන් පෙළෙන රෝගීන්ට මල පහසුවෙන් ඒවගේම ක්‍රමානුකූලව පිට කිරීම සඳහා මෘදු විරේචන ගුණයෙන් යුතු ඖෂධ ලබාදෙන අතර මේවා බොහෝවිට රාත්‍රි කාලයේ රාත්‍රි ආහාරයට පසු නින්දට පෙර ලබා ගැනීමට නියම කරනවා. කෙසේ වෙතත් නියමිත පරිදි මෙවැනි මෘදු විරේචන ගුණ ඇති ඖෂධ භාවිත කිරීම මගින් උදෑසන අවදි වූ සැනින් ඉතා පහසුවෙන් මල පිට කිරීමේ හැකියාවක්‌ අදාළ රෝගීන්ට ලබාගත හැකියි. මෙසේ ක්‍රමානුකූලව මල පිට වීම නිසා අදාළ පුද්ගලයාගේ ශරීරයට ඉතා සැහැල්ලුවක්‌ ඇති වෙන බව නොරහසක්‌.

මේ නිසා පෙර නිසි පරිදි මල පිට නොවීම නිසා ඇති වූ රෝග ලක්‍ෂණ පහව යයි. ඒ අනුව නොරිස්‌සුම් සහගත බව, හිස කැක්‌කුම්, ශාරීරික වේදනවා, මුඛයේ දුගඳ මේ ආදී පෙර පැහැදිලි කළ අපහසුතා බොහෝමයක්‌ පහව යනු ඇත. මේ නිසා අදාළ තැනැත්තාට ඉතා හොඳ ජවයකින් මෙන්ම ප්‍රබෝධමත් මුහුණකින් යුතුව දවසේ වැඩකටයුතුවල යෙදිය හැකියි. ඒ නිසා මෙවැනි රෝග ලක්‍ෂණ හඳුනාගත් වහාම ආයුර්වේදය වෛද්‍ය ක්‍රමයන්ට අනුව ප්‍රතිකාර ලබා ගැනීම දිගුකාලීන මෙන්ම නිට්‌ටාවටම රෝග සුව කර ගැනීමට හේතුවක්‌. 

නමුත් ආයුර්වේද ප්‍රතිකාරවලින් මෙවැනි රෝග නිට්‌ටාටම සුව කර ගත හැකි බව කවුරුත් දන්නා නමුත් එම ප්‍රතිකාර ක්‍රමයට යොමු නොවන්නේ අමුද්‍රව්‍ය සොයා කපා කොටා පිළියෙල කර ගැනීමට වර්තමානයේ පවතින කාර්ය බහුලත්වය හමුවේ නොහැකි නිසා වේ. ඊට පිළියමක්‌ ලෙස නියමිත ප්‍රමිතියකට අනුව සම්පූර්ණ වශයෙන් නිෂ්පාදිත ඖෂධ ලෙස පහසුවෙන් භාවිතයට ගත හැකි පරිදි සහ ඕනෑම අයකුට ඕනෑම සේවා මුරයකදී ගත හැකි පරිදි ඖෂධ නිපදවා රෝගියා සමග සාකච්ඡා කොට ලබාදීම කාටත් පහසුවක්‌ වනු නිසාය.

නොමිලේ උපදෙස්‌ 0713009088/ 0713007000/ 0114344599

Post a Comment

0 Comments