උග්‍ර දියවැඩියාවට ගුණදෙන කසායක්‌


ප්‍රශ්නය - සාමාන්‍ය දියවැඩියාව පාලනය කිරීම සඳහා ඔබ පසුගිය සතියේදී බෙලිකොල ඇසුරින් ඖෂධයක්‌ පිළියෙළ කරගන්නා ආකාරය පැහැදිලි කළා. මේ ක්‍රමයෙන් දියවැඩියාව පාලනය වන බව රෝගියා දැන ගන්නේ කොහොමද?

වෛද්‍ය සමන් රන්ජන් මුහන්දිරම් - ඒ සඳහා Fasting blood sugar පරීක්‍ෂණයක්‌ අත්‍යවශ්‍යයි. මුලින්ම, බෙහෙත පාවිච්චිය පටන් ගැනීමට පෙර රුධිර පරික්‍ෂණයක්‌ කර වාර්තාවක්‌ ලබා ගත යුතුයි. ඊළඟට බෙහෙත ගැනීම පටන් ගෙන සතියකට පසු නැවත වතාවක්‌ රුධිර පරීක්‍ෂණයක්‌ කළ යුතුයි. මේ ඖෂධය මාස 2 ක්‌ පානය කළ යුතු බව මා පසුගිය සතියේ සඳහන් කළා. ඒ අනුව සති පතා රුධිර පරීක්‍ෂණයක්‌ කළ යුතු වෙනවා. ඖෂධය පාවිච්චි කරන අතර ඔබ ආහාරවලින් ප්‍රවේශම් විය යුතුයි. දියවැඩියා රෝගියකුට ගැලපෙන ආහාර ගත යුතුයි. මේ ආහාරයේන කටයුතු කරන අතර කරන රුධිර පරීක්‍ෂණවලදී ඔබට පෙනී යාවි සතියෙන් සතිය ඔබේ රුධිර සීනි ප්‍රතිශතය අඩුවීගෙන යන බව. සීනි අඩු වුණා කියලා නුසුදුසු ආහාර සහ මත්පැන් ගැනීමත් සිගරට්‌ බීමත් පටන් ගත්තොත් ප්‍රතිඵලය ඉතා නරක්‌ විය හැකි බව මතක තබා ගන්න. එසේම දියවැඩියාව කවරක්‌ වුණත් (Type 1 හෝ Type 2) එහි තේරුම ඔබේ රුධිරෙaය ග්ලූකෝස්‌ ප්‍රමාණය ඉක්‌මවා තිබෙන බවයි. පරෙස්‌සම් නොවුණොත් මේ මගින් ඔබගේ ඇස්‌ පෙනීමත්, අවයවයනුත් අවසානයේදී ජීවිතයත් අහිsමි වන බව මතක තබා ගත යුතුයි. ඒ අතර Type 1 සහ Type 2 යන දියවැඩියා රෝගවලට අදාළ රෝග ලක්‍ෂණ නැවතත් ඔබට මතක්‌ කර දෙන්නම්. පිපාසය අධිකවීම, නිතර මුත්‍රා පහ කිරීම, අසීමාන්තික කුසගින්න, කිසිදු හේතුවක්‌ නැතිව ශරීරයේ බර අඩුවීම, අධික මහන්සියක්‌ දැනීම, ඇස්‌ බොඳ වීම, තුවාල සුවපත් වීම ප්‍රමාද වීම, වීදුරුමස්‌, චර්මය, ලිංගාශ්‍රිත ප්‍රදේශ යනාදිය ආසාදනය වීම මේ රෝග ලක්‍ෂණ ලෙස දැක්‌විය හැකියි. 

ප්‍රශ්නය - දියවැඩියාව සම්බන්ධයෙන් බටහිර ලෝකයේ මේ දිනවල කෙරෙන පර්යේෂණ මොනවාද?

වෛද්‍ය සමන් රංජන් මුහන්දිරම් - දියවැඩියාව හැදෙන්නේ අග්න්‍යාශය මගින් ඉන්aසියුලින් නිකුත් කිරීම දුර්වල වූ විටයි. එය සිදුවන්නේ අග්න්‍යාසයේ සෛල මිය යැම නිසයි. බටහිර ලෝකයේ හැමදාමත් කළ පර්යේෂණය වන්නේ මෙසේ මිය යන සෛලවලට නැවත පන දෙන්නේ කොහොමද කියන එකයි. එම සෛල බද්ධ කිරීම් අවස්‌ථා කිහිපයකදී සිදු කර ඇතත් වැඩිමනත් දුරට සාර්ථක වී නැහැ. තවත් වැදගත් කාරණක්‌ සඳහන් කළ යුතුයි. ඖෂධ හා වෛද්‍ය ක්‍රම සම්බන්ධයෙන් හැම අතින්ම දියුණු රටක්‌ වන ඇමරිකාවේ සිදුවන මරණවලින් 12% ක්‌ හට ගන්නේ දියවැඩියාව නිසා බව ළඟදී හෙළි වුණා. ඒ බටහිර වෛද්‍ය ප්‍රවෘත්ති 2 ක්‌. ආයුර්වේදයත් මේ ගැන නිතර පර්යේෂණ කරනවා. හින්දු වාදය ආරම්භ වූ ඉන්දියානු වෛදික යුගයේ (ක්‍රි. පූ. 5000 - 500) පටන් එරට ජනයා දියවැඩියාව ගැන දැන සිටියා. ඔවුන් දියවැඩියා කරන පර්යේෂණ පටන් ගත්තේ ඒ කාලයේ ඉඳලයි. ඔවුන් එදා සිටම මේ රෝගය හැඳින්වූයේ ආස්‍රව හෙවත් ප්‍රමේහ රෝගය ලෙසයි. ඔවුන් මෙය ප්‍රධාන කොටස්‌ හතරකටත්  උප කොටස්‌ 21 කටත් බෙදනවා. පළමුවැන්න කහ වර්ගයේ දියවැඩියාව. මෙයට දියවැඩියා වර්ග 10 ක්‌ තිබෙනවා. දෙවැන්න. පිත වර්ගය. එහි වර්ග ගණන 6 යි. ඊළඟට වාත වර්ගය. එයටකොටස්‌ 4 යි. අන්තිම වර්ගය තමයි පුංචි දරුවන්ට වැළඳෙන දියවැඩියාව. ඔවුන් කියන්නේ දියවැඩියාව "මහාරෝග" යටතට එන රෝගයක්‌ ලෙසයි. මේ අතර තවත් වැදගත් යමක්‌ කිව යුතුයි. අද මා ඔබට කියනවා උග්‍ර දියවැඩියාවට කසායක්‌ සකස්‌ කරන හැටි. ඉඟිනි ඇට, නෙල්ලි, වෙනිවැල්ගැට, රණවරා පොතු, රසකිඳ, කලාඳුරු අල, කලං 2 බැගින් ගෙන (මේ සියල්ල අමුවෙන් ගත හැකි නම් ඉතා හොඳයි.) වතුර පත 8 ක දමා 1 ට සිඳවා මීපැණි දමා සති 2 ක්‌ උදේ හිස්‌බඩ පානය කරන්න. ඒ අතර රුධිර පරීක්‍ෂණ කරගනිමින් රුධිර සීනි පහත යන ආකාරය ගණනය කරන්න.

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

Post a Comment

0 Comments