ආත්‍රයිටිස්‌ සුව කරන්න කසායක්‌ සහ තෙලක්‌ ගෙදරදීම හදාගන්න

ප්‍රශ්නය - පසුගිය සතියේදී අප ඔබ සමඟ කතා කළේ මී පැණි, අබතෙල්, එප්සම් ලුණු, කුරුඳු, ඉඟුරු, මිරිස්‌ යන ස්‌වාභාවික ද්‍රව්‍ය මගින් ආත්‍රයිටිස්‌ රෝගය සමනය කර ගත හැකි ආකාරයයි. එසේම සබරගමු පළාතට අයත් අවුරුදුÊසිය ගණනක්‌ පැරැණි වෙද පොතකින් ලබාගත් කසාය වට්‌ටෝරුවකුත් අප පාඨකයන්ට ලබා දුන්නා.

වෛද්‍ය වසන්ත උදයජීව - ආයුර්වේදය කියන්නේ ලෝකයේ පැරැණිතම සංවිධානාත්මක වෛද්‍ය ක්‍රමයයි. ආත්‍රයිටිස්‌ කියන්නෙත් ඒ තරමටම පැරැණි රෝගයක්‌. ආත්‍රයිටිස්‌ රෝගය නිසා විකෘති වුණ අස්‌ථි¾ ගෙවී ගිය අස්‌ථි සහිත ආදි මානවයන්ගේ දිරාගිය සිරුරු පුරාවිද්‍යාත්මක කැණීම්වලදී හමු වී තිබෙනවා. ඒ කියන්නේ මිනිසා ශිෂ්ටාචාරය දිගේ ගමන් කරද්දී ආත්‍රයිටිස්‌ රෝගයත් ඔහු සමඟ ඇවිත් තිබෙනවා. මගේ පිළිගැනීමේ හැටියට ආයුර්වේදයේ බිහිවීමෙන් පසු මුලින්ම ප්‍රතිකාර සොයාගත් රෝගවලින් එකක්‌ තමයි ආත්‍රයිටිස්‌. එසේ සොයාගත් රෝගය සඳහා පසුගිය අවුරුදු දහස්‌ ගණනක්‌ තිස්‌සේ පර්යේෂණ පැවැත්වෙනවා. ඒ නිසා අද දක්‌වාම මේ රෝගය සුවපත් කළ හැකි ඖෂධ වර්ග ආයුර්වේදය තුළ අලුතින් ඇති වෙනවා. ඒ අතර තියනවා වසර සිය දහස්‌ ගණන්වලට එහා සොයාගත් බෙහෙත් වට්‌ටෝරු. ඒවා වෙනස්‌ නොවී අද දක්‌වාම පැවත එනවා.

ප්‍රශ්නය - ලංකාවේ දේශීය වෙදකමට ආවේණික කසාය වට්‌ටෝරු ගණනාවක්‌ තිබෙනවා. ඒවා අපේ පාරම්පරික වෙදුන්ගේ සොයා ගැනීම්. ඒ වගේම ඉන්දියානු ආයුර්වේදය මගින් සොයාගත් බෙහෙත් වට්‌ටෝරු වෙනම තිබෙනවා. ආත්‍රයිටිස්‌ රෝගයට ප්‍රතිකාර වශයෙන් ගත හැකි ආයුර්වේද වට්‌ටෝරු කිහිපයක්‌ පසුගිය සතිවල ඔබ සඳහන් කළා. මේ රෝගය සඳහා සුදුසු දේශීය කසාය මොනවාද?

වෛද්‍ය වසන්ත උදයජීව - දේශීය වට්‌ටෝරුවල එක්‌ ප්‍රශ්නයක්‌ තිබෙනවා. එනම් සමහර ඖෂධ සොයා ගැනීමට බැරි වීම. සමහර පාරම්පරික වෙදුන්ගේ අභාවයත් එක්‌කම වට්‌ටෝරු යට ගියා. එසේ නොවන සිංහල බෙහෙත් කඩවලින් ලබා ගත හැකි කසාය කිහිපයක්‌ කියන්නම්. හරියට හදා ගත්තොත් මේ කසාය වර්ග ආත්‍රයිටිස්‌ රෝගයට ඉතාම ගුණයි. හැබැයි සුදුසු වෛද්‍යවරයකුගේ උපදෙස්‌ මත පරිහරණය කළොත් තමයි වඩාත් හොඳ.

1. කසාය - ඇහැල මුල්, වංඇපල මුල්, එඬරු මුල්, රසකිඳ යන බෙහෙත් වර්ග හතර (අමුවෙන් ගත හැකි නම් වඩාත් හොඳයි) කලං තුන බැගින් ගෙන වංගෙඩියක දමා කොටා ගත යුතුයි. ඉන් පසු එම මිශ්‍රණය වතුර කෝප්ප 8 ක්‌ දමා එක කෝප්පයකට සිඳගෙන එඬරු තෙල් බින්දු දෙකක්‌ දමා මඳ උණු ගතිය තිබියදී, උදේ සවස පානය කළ යුතුයි. දින 7 ක්‌ මෙය කළ විට ගුණ ලැබෙනවා.

2. වේදනා නාශක තෙලක්‌ සිඳ ගන්නා ආකාරය - වැටකේ යුෂ අඬු කෝප්ප එකයි, දේවදාර පලම් තුනයි, කහකුඩු පලම් එකයි, සුදුÊහඳුන් කුඩු පලම් එකයි බැබිල මුල් පලම් එකයි, අමුක්‌කරා මුල් පලම් එකයි. වැටකේ යුෂ හැරුණු විට ඉතිරි සියල්ල ඉතා හොඳින් කුඩු කරගෙන පළමු කී යුෂට එකතු කර බත් කැඳ අඬු කෝප්ප 3 ක්‌ ළිප තබා, එක කෝප්පයකට සිඳුණු පසු වැටකේ යුෂ - ඖෂධ මිශ්‍රණය එයට දමා තල තෙල් කෝප්පයක්‌ මිශ්‍ර කර දෙපැයක්‌ පමණ මඳ ගින්නේ කකාරා නිවුණු පසු පෙරාගෙන ආත්‍රයිටිස්‌ නිසා ඉදිමුණ සන්ධිවල ආලේප කරන්න. දිනකට දෙවරක්‌ කිරීම සුදුසුයි. තුන්වැනි දිනයේදී පටන් ගුණ දැනේවි.

Post a Comment

0 Comments