ඇසේ සුද කපන්න බෙහෙත් හදන්නේ ගස්‌ වර්ග 8 ක මුල් වලින්


ප්‍රශ්නය - පසුගිය සතියේදී මේ ලිපිය මගින් ඇසේ සුද මතුවීම ගැන ඔබ අපට විස්‌තර කළා. වෙනත් වෛද්‍ය ක්‍රම මගින් මේ සඳහා සැත්කම් නිර්දේශ කළත් දේශීය වෙදකම සහ ආයුර්වේදය මගින් පිටතින් බෙහෙත් බැඳීමෙන් මේ රෝගය සුව කළ හැකි බවට ඔබ පෙන්වා දුන්නා. ඒ සමඟම ඔබ කියා සිටියා පාදයේ මහපට ඇඟිල්ලට බෙහෙත් බැඳ මෙය සුවකළ හැකි බව. මෙහිදී අපට ප්‍රශ්න දෙකක්‌ තිබෙනවා. පළමුවැන්න තමයි ඇසේ සුදට සැත්කම් සුදුසු නැත්තේ ඇයි කියන එක. දෙවැන්න මොකද්ද මේ කකුලේ මහපට ඇඟිල්ලට බෙහෙත් බැඳ ඇසේ සුද සුව කරන ක්‍රමවේදය?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - පළමුවැනි ප්‍රශ්නයට උත්තරය මෙයයි. දේශීය වෙදකම සැත්කම් යොදා ගන්නේ වෙන කරන්න දෙයක්‌ නැත්නම් විතරයි. වෙනත් වෛද්‍ය ක්‍රමවලදී සැත්කම් මගින් පිළිකාව ඉවත් කළත් දේශීය වෛද්‍යවරයා හෝ ආයුර්වේද වෛද්‍යවරයා සැත්කම සුවපත් කරන්නේ බොන බෙහෙත් සහ පිටතින් කරන ආලේපන ආධාරයෙන්. පණුවන්ගේ වාස භූමියක්‌ බවට පත් වූ පිටතින් තිබෙන වණයක්‌ සැත් උපකරණ මගින් පලා පිරිසිදු කිරීම. අග්නි කර්මයක්‌ මගින් තුවාලයක කුණු වූ පටක විනාශ කිරීම යනාදිය වෙනම කාරණයක්‌. ඔබ අසා ඇති සාරාර්ථ සංග්‍රහය කියන මහා වෛද්‍ය ග්‍රන්ථය ලියපු බුද්ධදාස මහ රජතුමා වරක්‌ නයකුගේ සිරුරෙහි තිබූ තුවාලයක්‌ පලා, එතැනට බෙහෙත් බැන්ද බව. ඒක අවස්‌ථාවෝචිත තත්ත්වයක්‌. හෘද රෝගියකුගේ පපුව පලල ලෙඩේ සනීප කරනවට වැඩිය නරක ද පපුව නොපලා ඒක කරන්න හැකි නම්? මොළයේ තියන අර්බුදයක්‌, ඉදිමුමක්‌, ගෙඩියක්‌, පටකවල අසාමාන්‍ය වර්ධනයක්‌ වැනි දෙයක්‌ හිස්‌කබල කපල මොළය පාදල, එයත් කපල සුව කරන එක ද හොඳ එහෙමත් නැත්නම් මේ කිසිත් නොකර කටින් ගන්න බෙහෙත් වලින් සුව කරන එකද හොඳ? ඇස කියන්නේ අසාමාන්‍ය ලෙස සංවේදී තැනක්‌. ඔබ දන්නවද ගුද මාර්ගයේ මාංශ පේශියක්‌ කැපුනොත් පාලනයකින් තොරව මළ පිටවෙන්නට පටන් ගන්න බව. එතකොට සිද්ධ වෙන්නේ ගුදයට බටයක්‌ සවි කරල එය ප්ලාස්‌ටික්‌ බෑගයකට යොමු කරල ඉනේ එල්ලාගෙන මියයන තුරුම දුක්‌ විඳින්න. ඒ වගේම තමයි, ඇසත් සැත්කමකට භාජන කරන්න ගිහින් වැරදියට කැපුනොත් නැවත යළි කවදාවත් පෙනීම ඇති කරගන්න බැහැ.

ඔබේ දෙවැනි ප්‍රශ්නයට උත්තරය මේකයි. ඇසේ ආබාධ සුව කිරීම සඳහා ඇස තිබෙන පැත්තට විරුද්ධ පැත්තේ තිබෙන පාදයේ මහපට ඇඟිල්ලට බෙහෙත් බැඳීම අවුරුදුÊදහස්‌ ගණනක්‌ පරණ දේශීය වෙදකමක්‌. අපට ඇස්‌ දෙකක්‌ තිබුණට පෙනෙන්නේ ඇස්‌වලින් නොවෙයි. මොළයෙන්. අප ඉදිරිපිට තිබෙන වස්‌තූන් හැම එකක්‌ම ආලෝක සංඥා වශයෙන් ඇසේ කාචය දිගේ ගමන් කරලා දෘශ්‍ය ස්‌නායුව කියන වැදගත් කොටසට පිවිසෙනවා. දෘශ්‍ය ස්‌නායුව ඒ සංඥ ග්‍රහණය කරගෙන මොළයේ අදාළ කොටසට දෙනවා. එතැනින් රූපයක්‌ මැවෙනවා. අප පෙනෙනවා කියන්නේ ඔන්න ඔය ක්‍රියාවලියටයි. මෙතැනදී ඇසේ කාචය හෙවත් ලෙන්සය කරන්නේ වැදගත් කාර්ය භාරයක්‌. මේ දෘශ්‍ය ස්‌නායුව ශරීරයේ ප්‍රති විරුද්ධ කොටසේ තිබෙන පාදයේ මහපට ඇඟිල්ල දක්‌වා යනවා. ඇඟ ඇතුළෙන් ඒ ස්‌නායුව යන ගමනේදී එයට ඖෂධ, ප්‍රවේශ කිරීම හරිම අමාරුයි. එය අල්ලා ගත යුතු පහසුම තැනදී අල්ලාගෙන එතැනට බෙහෙත් දීම පහසුයි. මහපට ඇඟිල්ලට බඳින බෙහෙත ගස්‌ වර්ග 8 ක මුල්වලින් සමන්විතයි. මෙය සාදන්නේ රෝගියාගේ ඇසේ තත්ත්වය ඉතා හොඳින් පරීක්‍ෂා කිරීමෙන් පසු එයට ගැළපෙන විදියටයි. මේ නිසා රෝගියාගෙන් රෝගියාට බෙහෙත සාදන මාත්‍රාව වෙනස්‌ කරනවා. මෙය ගලේ අඹරලයි හදන්නේ. ආගමික වතාවත්වල යෙදිල, පස්‌ පව්වලින් වැළකිලා, ඖෂධය සාදන තැන පිරිසිදු කරල, අපිරිසිදුÊදේවල් එතැනට ගෙනෙන එක නවත්වල (කිලි අහුවෙනවා කියන්නේ මෙන්න මේකටයි) තමයි බෙහෙත හදන්නේ. මේ ඖෂධය මපහට ඇඟිල්ලට තබා බැන්දාම ඉතා කෙටි කාලයක්‌ තුළ ස්‌නායුව කරා ගමන් කරනවා. ඉන් පස්‌සෙ ඒ බෙහෙතේ උත්තේජනය ස්‌නායුව දිගේ උඩට ගමන් කරලා සුද බැඳ තිබෙන කාචය දක්‌වා යනවා. මේ ඖෂධයේ රසායනික ප්‍රතික්‍රියාව ඇති වන්නේ ප්‍රොaටීන් සමඟයි. ඇස තුළ සුද කියලා බැඳෙන්නේ ප්‍රොaටීන්. ඉතින් අර ඖෂධය ප්‍රොaටීන් සමඟ ගැටිලා, ප්‍රොaටීන විනාශ කරනවා. මෙය එක බෙහෙත් වේලකින් කරන්න බැහැ. හැබැයි මාස කිහිපයක්‌ ප්‍රතිකාර කරල සාර්ථකව සුවය ලබන්න පුළුවන්. එහෙම සුවය ලබපු අය ඕනෑ තරම් ඉන්නවා. මේක මම විතරක්‌ කියන වෙදකමක්‌ නොවෙයි. රටේ තැන් කිහිපයකම මේ වෙදකම කරන වෛද්‍යවරුන් දෙතුන් දෙනෙක්‌ ඉන්නවා.

(ලබන සතියේ ග්ලුකෝමාව ගැන දැන ගන්න)

මේ පිළිබඳ නොමිලේ උපදෙස්‌ සඳහා
0713464276/ 0759061771 අංකයට කතා කරන්න
සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

Post a Comment

0 Comments