මුරුගයියා නිවේතා නම් වූ තරුණ කත හිසේ මලක් පිපුනා සේ සියලු බලාපොරොත්තු සපුරා ගනිමින් මෙලෙස ගම් බලා පෙරළා යැමේ වාසනාව හිමි කරගත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය රෝහලේ මුඛ සහ අනුක ශල්‍යවේදී එAකකයේ ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් කැපවීමෙන් හා මානව දයාවෙන් සිදුකළ විශ්වකර්ම ශල්‍යකර්මයක සාර්ථකත්වයෙනි.
මුරුගයියා නිවේතා සුප්රමානියම් මුරුගයියාගේ වැඩිමල් දියණියයි. එල්ටීටීඊ කොටි ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නිසා මුරුගයියා පවුලට වවුනියාවේ අවතැන්වූවන්ගේ කඳවුරක දිවි ගෙවන්නට සිදුවිය.
විශේෂඥ ශල්‍ය වෛද්‍ය කණ්ඩායම වෛද්‍ය සංජීව් සමරකෝන්, වෛද්‍ය දීපක් ජෝර්ඡ් තෝමස්, විශේෂ වෛද්‍ය කුමාර බී. එAකනායක, වෛද්‍ය සිවපාලන් ජීවා සහ වෛද්‍ය හිරන්ත වේරගොඩ. |
සුප්රමානියම් මුරුගයියා මුරුගන්ධි කෝවිල අසල කුඩා වෙළෙඳසලක් පවත්වාගෙන යමින් පවුලේ ජීවිතය ගෙන ගියේය. මව, පියා සහ නැගෙණියන් දෙදෙනා ද සමග නිවේතා අවතැන්වූවන්ගේ කඳවුරේ සිටියදී 2008 අගෝස්තු මාසයේ දිනයකදී කඳවුරට ආසන්න ස්ථානයක පිපිරීමක් සිදුවිය. පුපුරා ගිය බෝම්බයේ කැබැල්ලක් නිවේතාගේ වම් කම්මුලට වැදී දකුණු පසින් පිටව ගියේ මූණට සහ යටි තල්ලට ද බරපතල හානියක් සිදු කරමින්ය.
මුරුගයියා නිවේතා සහ විශේෂඥ ශල්‍ය වෛද්‍ය කුමාර බී. එAකනායක මහතා |
යටිතල්ල කැඩී බිඳී ගොස් ඉතා සුළු කොටසක් කුඩා සම් කැබැල්ලකින් එල්ලී තිබිණි. දැඩි ලෙස රුධිරය වහනය වෙමින් තිබියදී වවුනියාව රෝහලට ඇතුළත් කරන ලද ඇගේ රුධිර වහනය නවත්වා ගැනීමට සමත් විය. එහෙත් ඕ යටි තල්ල අහිමි තරුණියක් බවට පත් වූවාය. තුවාල හා වේදනා සුව වුවද යටිතල්ල අහිමි තරුණියක වශයෙන් ඕ චෛතසික හා මානසික වේදනාවන්ගෙන් දැඩි සේ පෙළුණාය.
වරින් වර මතුවුණු රෝගාබාධ සඳහා ප්‍රතිකාර ලබාගැනීමට වවුනියාව රෝහලට යැමට නිවේතාට සිදුවිය. කිසියම් ආකාරයකින් හෝ නිවේතාට පිහිටක් වීම කෙරෙහි අවධානයෙන් සිටි වවුනියාව රෝහලේ වෛද්‍යවරු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ මුඛ සහ අනුක ශල්‍යවේදී එAකකයේ විශේෂඥ වෛද්‍ය කුමාර බී. එAකනායක මහතා වෙත නිවේතා යොමු කරනු ලැබුවාය.
විවෘත කිරීමට හෝ පියවීමට නොහැකි වූ මුඛයක් (කටක්) හා විරූපී මුහුණක් සමග නිවේතා තම පියා කැටුව දිනක් පේරාදෙණියට පැමිණ විශේෂඥ වෛද්‍ය කුමාර එAකනායක මහතා හමුවූවාය. කුමාර එAකනායක නම් වූ මානව හිතවාදී වූ විශිෂ්ටතම ශල්‍ය වෛද්‍යවරයකු හමුවූ දිනය නිවේතාගේ නැවත උපන් දිනය විය.
ශ්‍රී ලංකාවේදී මූලික වෛද්‍ය උපාධි ලබාගත් විශේෂඥ වෛද්‍ය කුමාර එAකනායක මහතා එංගලන්තයේ උසස්ම වෛද්‍ය පීඨයක් වූ ත්‍රිත්ව විද්‍යාලය වැනි විශ්විද්‍යාලයක ස්වකීය පෞද්ගලික සම්පත් වැය කරමින් ලබාගත් විශේෂඥ දැනුම උපයෝගී කරගනිමින් ජාති, ආගම්, ගෝත්‍ර ගැන නොසලකා මුරුගයියා නිවේතා නම් වූ තරුණ දියණියට නව ජීවයක් හා නව ජීවිතයක් ලබාදීමට තීරණය කළේය.
ශල්‍ය වෛද්‍යවරයකු ලෙස මෙතෙක් සිදුකළ ශල්‍යකර්මයන්ට බෙහෙවින් වෙනස් වූද සුවිශේෂී වූද ශල්‍යකර්මයක් සාර්ථක ලෙස ඉටු කිරීමට කුමාර එAකනායක මහතා තීරණය කරමින් එA සඳහා අවශ්‍ය මූලික පරීක්ෂණ නිම කර නිවේතාට වාට්ටුවේ නේවාසික පහසුකම් සලසා දෙමින් ශල්‍යකර්මය සඳහා දින නියම කළේය.
දිනය 2010 වර්ෂයේ අගෝස්තු මස 30 වැනිදායි.
විශේෂඥ ශල්‍ය වෛද්‍ය කුමාර එAකනායක මහතා මෙසේ පවසයි. මෙම ශල්‍යකර්මය ඉතාමත්ම සුවිශේෂී ශල්‍යකර්මයක්. මෙතෙක් සිදු කළ ශල්‍යකර්ම අතරින් මෙය පළමු වැන්න ලෙස ද සැලකිය හැකියි. යටි තල්ල අහිමි වූවකුට යටි තල්ලක් සැපයීමට සිදු වුණා පමණක් නොව කතා කිරීමට නොහැකි වූ අයකුට කතා කිරීමට පහසුකම් සැලසීම ද සිදු වුණා. එපමණක් නොවෙයි ස්වභාවික මුහුණක් ලබාදීමට සිදු වුණා. කට, නිකට, කම්මුල්, හක්ක වැනි අංගෝපාංග ලබාදීමට අවශ්‍ය අෂ්ඨි, සම්, නහර, ශිරා ආදිය සපයා ගැනීමට සිදු වුණා. අවශ්‍ය බොහෝ දේ ඇගේ ශරීරයෙන්ම ලබාගැනීමට හැකි වුණා.
යටිතල්ල හා නිකට සඳහා අවශ්‍ය වූ ඇට ලබාගත්තේ ඇගේ වම් කකුලේ දනහිසත් ඇස්වටයත් අතරින්, කකුලේ ඇටයක් කපා ඉවත් කරන්නට සිදු වුණා. කකුල් දෙකේම ඇට දෙකක් අවශ්‍ය වූ නමුත් එක ඇටයකින් පමණක් අවශ්‍යතාව ඉටුකර ගැනීමට ක්‍රියා කළා. කකුලේ ඇටයක් ඉවත් කිරීමෙන් ඇයට ඇවිදීමේ අපහසුතාවක් ඇති වන්නේ නැහැ. එම ඇටය කකුලට අවශ්‍යම වන්නේ නැහැ.
අගෝස්තු 30 වැනිදා ශල්‍යකර්මයෙන් පසුව නිවේතා දින පහක් පමණ දැඩිසත්කාර එAකකයේ තබා සිටියා. නාසයෙන් දියර ආහාර ලබාදුන්නා. දැන් ඇය හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙනවා පමණක් නොව කතා කරන්නටත් පුළුවනි. සිනාසෙන්ටත් මද වශයෙන් පුළුවනි. ටික දිනක් ගතවන විට හොඳින් සිනාසෙන්ට, කතා කරන්ට, කැමති ආහාරපාන භුක්ති විඳීමට ඈට හැකි වෙනවා.
මෙම සියලු දේ වගේම රෝගියාට ලස්සන මුහුණක් ලබාදීමට තිබෙනවායි විශේෂඥ වෛද්‍ය කුමාර එAකනායක මහතා පැවසීය.
ඇය තරුණියක්. පියකරු මුහුණක් ලබාදීම අවශ්‍යයි. එA සඳහා දින කීපයකදී ඇයට "ෆේෂල්" ප්‍රතිකාරය කර ආපසු වවුනියාවට යැමට සලසනවායි ශල්‍ය වෛද්‍ය එAකනායක මහතා මහත් සොම්නසින් පැවසීය.
මෙවන් සැත්කමක් ලංකාවේදී ඇතැම්විට සිදුවී ඇත්තේ ප්‍රථම වරටයි. මේ සැත්කම සාර්ථකව සිදු කිරීමට මුඛ සහ අනුක ශල්‍යවේදී එAකකයේ වෛද්‍යවරුන් කීප දෙනකුම සහාය ලබාදුන් බව කුමාර එAකනායක මහතා කීවේය.
විශේෂඥ වෛද්‍ය කුමාර එAකනායක මහතා යටතේ වැඩිදුර පුහුණුව ලබාගැනීමට පැමිණ සිටින එංගලන්තයේ ශල්‍ය වෛද්‍ය දීපක් තෝමස්, ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරුන් වූ වෛද්‍ය සංජීව් සමරකෝන්, වෛද්‍ය සිවපාලන් ජීවා සහ වෛද්‍ය හිරන්ත වේරගොඩ සහාය වූ වෛද්‍ය කණ්ඩායම විය.
සැත්කම සඳහා පැය 15 ක් පමණ ගතවූ බව විශේෂඥ වෛද්‍ය කුමාර එAකනායක මහතා පැවසීය.
සැත්කම සාර්ථක වූයේ මානව හිතවාදයත් නව තාක්ෂණයත් ශ්‍රී ලංකා භූමියේ වාසය කරන සෑම පුරවැසියකුම කෙරෙහි එක හා සමාන සෙනෙහසක් පැවතීම නිසා යෑයි තමා විශ්වාස කරන බව එංගලන්තය වැනි රටක තමාට හිමි සම්පත් පසෙකලා මව් බිමට ආදරය කරන විශේෂඥ වෛද්‍ය කුමාර එAකනායක මහතා අවධාරණය කරයි.
මෙම සැත්කම අමිල සැත්කමක් වුවද මෙවැනි සැත්කමකට අය කිරීමක් කරන්නේ නම් එයට රුපියල් ලක්ෂ දහයක් ශල්‍ය වෛද්‍යවරයකු අය කරන බවත් අවම වශයෙන් රෝගියාට රුපියල් ලක්ෂ පනහක් වැය වනු ඇතැයි වෛද්‍ය කුමාර එAකනායක මහතා පවසයි.
තමා වාසය කරන හා සේවය කරන එංගලන්තයේ මෙම සැත්කම සඳහා වැය වන මුදල පවුම් 150,000 ක් වන බව වෛද්‍ය දීපක් ජෝර්ඡ් තෝමස් මහතා පවසයි.
තමා සුවපත් කිරීමත්, තම රූපලාවන්‍ය ආරක්ෂා කරදීම සම්බන්ධයෙනුත් අදහස් දැක්වූ මුරුගයියා නිවේතා මෙනෙවිය පැවසුවේ, වෛද්‍යවරු තමාට දෙවිවරුන් වූ බවයි. වෛද්‍යවරුන්ට තමා බොහෝ පින් දෙන බවද තම ජීවිතයට අලුත් පණක් ලබාදුන් බවද ඕ පැවසුවාය.
සම්පූර්ණ සුවය ලබා පැහැපත් මුහුණක් සමගින් ආපසු වවුනියාව බලා යන තමාගේ ලස්සන මුහුණ දකින්නට ස්වකීය ආදරණීය මෑණියන් ජීවතුන් අතර නොසිටීම පමණක් නිවේතාට උහුලන්නට නොහැකි දුකකි. නිවේතාගේ මව පසුගියදා මියගියාය.
එහෙත් පසුගිය වතාවක පෙනී සිට අසමත්වූ විෂයය සමග නැවත විෂයයන් තුනෙන් සමත්වීමට ලබන අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට මුරුගයියා නිවේතා බලාපොරොත්තු වන්නීය.
සිරිල් විමලසුරේන්ද්‍ර