ප්රශ්නය - රූමටික ආත්රයිටිස් හෙවත් Rheumatoid Arthritis රෝගය සන්ධි, වකුගඩු, හදවත හා ඒ ආශ්රිත නහරවලට බලපාන බව පසුගිය සතියේ ඔබ සඳහන් කළා. මේ රෝගය බලපාන වෙනත් ඉJද්රින් මොනවද?
වෛද්‍ය වසන්ත උදයජීව - මෙවැනි බලපෑමකට ලක්විය හැකි ප්‍රධානතම කොටසක් තමයි සම. ආත්රයිටිස් රෝගීන්ගෙන් 30% කට සමේ ආබාධ හට ගන්නවා. ප්‍රධාන වශයෙන් හට ගන්නේ සම මත ප්‍රදාහයයි. මෙහිදී සිදුවන්නේ ශරීරයේ පටක තුළ තිබෙන චර්ම සෛල තුවාල වී නිසි කාලයට මිය යැමයි. Necrotizing qranuloma යන නමින් බටහිර විද්‍යාවේ මෙය හැඳින්වෙනවා. මෙයට ප්‍රධානතම හේතුව තමයි රූමටික ආත්රයිටිස් රෝගය.
රූමටික ආත්රයිටිස් නිසා පෙණහලුවලටත් හානි සිදුවිය හැකියි. පෙණහලුවල Fibroisis නමැති තන්තුමතාව හට ගැනීම මෙහිදී සිදු වෙනවා. මේවා කුඩා ගෙඩි විශේෂයක් දක්වා වර්ධනය වෙනවා. රූමටික ආත්රයිටිස් තත්ත්වය ඉහළ ගිය විට වකුගඩුවල ප්‍රදාහ තත්ත්වයක් හට ගන්නවා. වකුගඩු කියන්නේ දිගින් දිගටම ආසාදනයට ලක් වුණාම ඉතාම ඉක්මනින් නරක් විය හැකි ඉJද්රියක්. කොහොම වුණත් රූමටික ආත්රයිටිස් නිසා වැඩි වශයෙන් ම නරක් වන්නේ හෘදය සහ ලේ නහරයි. එවිට හෘදයාබාධ හට ගැනීමට තිබෙන ඉඩකඩ වැඩි වෙනවා. ආසාදනය හට ගන්නවා. මේවා තමයි ප්‍රධාන ඉJද්රීන් . මේවාට අමතරව පහත සඳහන් ඉJද්රියන්වලටත් හානි සිදුවිය හැකියි. එනම්, ඇස - රෝගය උත්සන්න වූ විට ඇස් සහ තොල් වියළීමකට ලක් වී ඇසෙහි ඉදිරිපස කොටස ආසාදනය වෙලා ප්‍රදාහ තත්ත්වයක් හට ගන්නවා. මේ තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් පෙනීමට බාධා ඇති වෙනවා. මෙය හඳුන්වන්නේ Keratitis තත්ත්වයක් හැටියටයි.
අක්මාව - රූමටික ආත්රයිටිස් සඳහා ඖෂධ ගැනීම දිගින් දිගටම සිදු වුණොත් අක්මාව නරක් වෙනවා. එයට හේතුව බෙහෙත්වල සැර භාවයයි. එවිට අක්මාව තුළ සිරෝසිස් රෝගයේ මූලික තත්ත්වයක් ඇති වීමට පුළුවන්. එහෙම නැත්නම් ශරීරය තුළම වර්ධනය වන හෙපටයිටිස් තත්ත්වයක් ඇති වී අක්මාවට හානි වෙනවා.
රුධිරය - රුධිර හීන තත්ත්වයත්, රූමටික ආත්රයිටිස් රෝගයේ අතුරු පලයක්. එසේම රුධිරයට යකඩ අවශෝෂණය වීමත් කඩාකප්පල් වෙනවා. මෙය තාවකාලික තැලසීමියා තත්ත්වයක් ද විය හැකියි.
ස්නායු - අතේ මැණික් කටුව දිගේ ගමන් ගන්නා ස්නායුව ඉදිමීම තමයි මෙහිදී සිදුවන්නේ.
අස්ථි - රූමටික ආත්රයිටිස් තත්ත්වය වර්ධනය වුණාම ප්‍රදාහයට ලක් වූ සන්ධිවල ඔස්ටියොපොරොසිස් තත්ත්වයක් හටගන්නවා.
මේ සියල්ලටම අමතරව අධික විඩාව, තමන් සුවපත් නැතැයි ඇඟට දැනෙන ව්‍යාධිමය ගතිය, උදේ පාන්දරම ඇඟේ හිරි ගතියක් හෝ තද ගතියක් හෝ මේ දෙකම එකවිටම හෝ හටගැනීම, ආහාර අරුචිය, බර අඩුවීම යන තත්ත්වයන් ඇති වෙනවා. ඉතාම කලාතුරකින්
lymphoma නමැති පිළිකා තත්ත්වයත් ඇති වනවා.
රූමටික ආත්රයිටිස් රෝගයට විශාල සහනයක් ලබාගත හැකි ඖෂධයක් අද මා ඔබට කියන්නම්. ඒ තමයි රසකිඳ, තිපල්, නිරස්සවාලු, දැත්ත. සිද්දිගුරු, වගපුල්, සහිඳලුණු, උක් හකුරු,වියළි මිරිස් යන ද්‍රව්‍ය සමව ගෙන කුඩුකර වරකට ග්‍රෑම් 2 ක පමණ ප්‍රමාණයක් මී පැණිවලින් අනා උදේ වරුවේ හිස්බඩ ගත යුතුයි. මෙය සතියක් පමණ කර බැලූ විට ඉන් හටගන්නා සහනය ගැන ඔබටම අත්දැකීමක් ගන්න පුළුවන්.
මේ පිළිබඳ නොමිලේ උපදෙස් සඳහා
0718341834, 0372230667 අංකයට කතා කරන්න
සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව
0 Comments