ගුද ගත රෝග තවත් කිහිපයක්‌ මෙන්න

ප්‍රශ්නය - පසුගිය සතියේදී අප fistula හෙවත් භගන්දර නමැති ගුද ගත රෝග තත්ත්වය ගැන සාකච්ඡා කළා. තවත් ගුද ගත රෝගයක්‌ වන අර්ශස්‌ ගැන මෙයට පෙර මේ පිටුවේ ලිපි පෙළක්‌ පළවුණා. භගන්දර සහ අර්ශස්‌ හැරුණු විට තවත් ගුද ගත රෝග තිබෙනවා නේද?

වෛද්‍ය පුෂ්පකුමාර - තවත් ගුද ගත රෝග රාශියක්‌ම තිබෙනවා. පළමුවැන්න තමයි fissure in ano රෝගය. මෙය ආයුර්වේදයේ එන්නේ පරිකර්තිකා රෝගය යනුවෙන්. fissure (µsෂර්) එකක්‌ කියන්නේ ගැඹුරු විවරයක්‌. ඊළඟ රෝගය තමයි Abcsess හෙවත් විද්‍රදිය. මෙය විස්‌ඵෝටය යනුවෙනුත් හඳුන්වනවා. ඊළඟ රෝගය තමයි ගුද භ්‍රංශය. මෙයට කියන්නේ Rectal Prolapse කියලයි. පළමුවෙන්ම අපි විස්‌තර කරමු ගුද විද්‍රදය හෙවත් Abcsess තත්ත්වයක්‌ කියන්නේ මොකක්‌ද කියලා Abcsess හෙවත් විද්‍රදියක්‌ ගුද මාර්ගය ඇතුළේ එන්නත් පුළුවන්. තට්‌ටම්වල එන්නත් පුළුවන්.

ප්‍රශ්නය - තට්‌ටම් වල එන Abcsess ගුද මාර්ගය සමඟ සම්බන්ධ වෙන්නෙ කොහොමද?. ඒවා ගුදය දක්‌වා කි¹ බහිනවද?

වෛද්‍ය පුෂ්පකුමාර - තට්‌ටමේ එන Abcsess තුවාලය ගුද මාර්ගය දක්‌වා ගමන් කළාම එය Fistula එකක්‌ එහෙම නැත්නම් භගන්දරයක්‌ බවට පරිවර්තනය වෙනවා. මෙවැනි තුවාලවලින් 50% ක්‌ විතර භගන්දර බවට පරිවර්තනය වන බව මෙහිදී සඳහන් කළ යුතුයි. එයට ප්‍රධාන හේතුවක්‌ තමයි එම තුවාලවල තිබෙන සැරව සම්පූර්ණයෙන් ම ඉවත් නොවීම. ඒ තත්aත්වය තුළ එම තුවාලය තට්‌ටමේ මස කාගෙන, එහි තිබෙන පටක විනාශ කරගෙන ගුද මාර්ගය දක්‌වා ගමන් කරනවා. ඒ නිසා තට්‌ටමේ එන තුවාල සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක්‌ දැක්‌විය යුතුයි. මෙවැනි තුවාලයක්‌ ආයුර්වේදයට යොමු කළාම පළමුවෙන් ම සිදු කරන්නේ එය Fistula හෙවත් විද්‍රදියක්‌ දක්‌වා එය වර්ධනය වීම වැළැක්‌වීමයි. මොකද Fistula තත්aaත්වයක්‌ ආවොත් එම සිදුරට ක්‍ෂාර සූත්‍ර ප්‍රතිකාරය කරන්නට වෙනවා. ඒ නිසා එතැනට නොගිහින් වැඩේ බේරා ගැනීම තමයි වඩාත්ම සුදුසු.

ප්‍රශ්නය - ගුද මාර්ගය අවට හෝ තට්‌ටමේ හටගන්නා ගෙඩියක්‌ අප හඳුනා ගන්නේ කොහොමද?

වෛද්‍ය පුෂ්පකුමාර - මුලින්ම කුඩා වණයක්‌ හැටියට එන Abcsess ගෙඩිය සුළු වශයෙන් වේදනා දෙනවා. ඊට පස්‌සේ සැරව පිරෙන්නට පටන් ගැනීමත් සමඟ අධික වේදනාවක්‌ හටගන්නවා. ඒ එක්‌කම උණ ගන්නවා. උණ කියන්නේ රෝගයක්‌ නොව රෝග ලක්‍ෂණයක්‌. තට්‌ටමේ තිබෙන විසර ගෙඩිය හා සමාන තුවාල ගෙඩියට අදාළ රෝග ලක්‍ෂණ තමයි වේදනාව සහ උණ. ගුදය ආශ්‍රිත විද්‍රdදිය වර්ග 4 ක්‌ තිබෙනවා. සමහර විද්‍රdදි තුවාල වේදනාවට අමතරව දරුණු කැසීමකුත් ඇති කරනවා. මෙහි වේදනාව බරපතළ වන්නේ මළපහ කිරීම සඳහා ඉඳගත් විටයි. මළපහ කිරීමට තැටමීමේදී අධික වේදනාවක්‌ ඇති වෙනවා. ගුද මාර්ගය ඇතුළතින් පටන් ගෙන තට්‌ටමින් මතුවන Abcsess වර්ගයකුත් තිබෙනවා. අප එය හඳුන්වන්නේ Fistula Abcsess කියලයි. සමහර විද්‍රදි ගෙඩි හැදුනාම ඇවිදගැනීම පවා අමාරු වෙනවා.

විද්‍රදියකින් සැරව ඉවත් කළ විට රෝගියාට විශාල සහනයක්‌ ලැබෙනවා. හැබැයි සැරව ඉවත් කළ යුත්තේ එය සම්පූර්ණයෙන් ම මේරුවට පස්‌සෙයි. සැරව ඉවත් කළ යුතු නිසි අවස්‌ථාව ගැන ගුදය ආශ්‍රිත විශේෂ දැනුමක්‌ තිබෙන ආයුර්වේද වෛද්‍යවරයා දන්නවා. ගෙඩිය මෝරන්නේ නැතිව සැරව ඉවත් කළාම එයින් රෝගියාට ලොකු හානියක්‌ සිද්ධ වෙන්න පුළුවන්. සැරව ඉවත් කළාට පස්‌සේ බටහිර ක්‍රමයේ ප්‍රතිජීවක ලබා දීමක්‌ අප සිදුÊකරන්නේ නැහැ. සැරව ඉවත් කර පිරිසිදු කළ කුහරය තුළට ආයුර්වේද ඖෂධ ඇතුළු කෙරෙනවා. මෙහෙම දිගින් දිගටම කරන විට තුවාල කුහරයේ මියගිය පටක ඉවත් වෙලා එය තුළට මස්‌ පිරෙන්නට පටන් ගන්නවා. ඇන්ටිබයටික්‌ දුන්නාම වෙන්නේ තුවාලයේ හිස්‌ කුහරය තුළ ඊළඟට එකතුවන සැරව ගල් වීමයි. ඉන් පසු කල් නොයවා එය Fistula වක්‌ එහෙමත් නැත්නම් භගන්දරයක්‌ බවට පත් වෙනවා.

ප්‍රශ්නය - මෙය කොපමණ කල් පවතින රෝගයක්‌ද?

වෛද්‍ය පුෂ්පකුමාර - වැඩිම වුණොත් සුමානයයි. ඒ කෙටි කාලය තුළ කළ යුතු ප්‍රතිකාර හරියට කරලා විද්‍රdදිය Fistula වක්‌ බවට පරිවර්තනය වීම වළක්‌වා ගත යුතුයි.

Post a Comment

0 Comments