ප්‍රශ්නය - පසුගිය සතියේදී අප ඔබ සමඟ සාකච්ඡා කළෙ Abcsess වෙත් විද්‍රදි නමැති ගුදගත රෝග තත්ත්වය ගැනයි. සතියක් වැනි කෙටි කාලයක් තුළ පවතින මේ රෝග තත්ත්වය Fistula තත්ත්වයට පරිවර්තනය නොවීමට අප වගබලා ගත යුතු බව ඔබ පැහැදිලි කළා. මේ වගේ රෝගයක් හටගන්නේ කොහොමද?
වෛද්‍ය පුෂ්පකුමාර - ආයුර්වේදයේ හැටියට මේ රෝගය හටගන්නේ ලේ අපිරිසිදු වීම නිසයි. එනම් රක්‌ත දූෂණය නිසයි. ලේ අපිරිසිදු වීමට එනම් දූෂ්‍ය වීමට ප්‍රධාන හේතුව තමයි ආහාර. ආහාරවල තිබෙන විවිධ දෝෂ සහ විෂ සහගත තත්ත්වයන් නිසා ලේ අපිරිසිදු වෙනවා. උදාහරණයක් වශයෙන් ඉස්‌සො, දැල්ලෝ, බලමාළු, අච්චාරු වැනි දේවල් ශරීරයට ගත්තම රක්‌ත දූෂණය විය හැකිය. ඒවා අප හඳුන්වන්නේ දූෂ්‍ය ආහාර හැටියටයි. උෂ්ණ කියන එකේ තේරුම අධි ප්‍රොaටීන සාන්ද්‍රණයක් මේ ආහාරවල ඇතුළත් වීමයි. උෂ්ණ ආහාර සමහරුන්ට ගැළපුණත් තව සමහරුන්ට හරියන්නෙ නැහැ. එමගින් ඔවුන්ගේ ලේ දූෂණය වෙනවා. මෙන්න මෙතැනදී අපි රක්‌ත ශෝධනය කියන ක්‍රියාවලියට යොමු වෙනවා. ඊට ප්‍රථම අපි රෝගීන්ට කියනවා කොළ, එළවළු වැඩිපුර ආහාරයට ගන්නා ලෙසත්, උෂ්ණාධික ආහාරවලින් වැළකී සිටින ලෙසත්. මල බද්ධය පවතින විටත් ශරීරය අභ්‍යන්තරය අපිරිසිදු වන බව කිව යුතුයි. ඒ කියන්නේ ශරීරයෙන් බැහැර කළ යුතු දේවල් ශරීරය තුළ එක්‌රැස් වෙමින් තිබෙන විට විෂ සහිත තත්ත්වයක් හටගන්නවා. විද්‍රදියක් හට ගැනීමට පාදක වන්නේ මෙන්න මේ කියන තත්ත්වයන් සමූහයයි. විද්‍රදි කියන ගෙඩි විශේෂය සිරුරේ බොහෝ තැන්වල හට ගන්නවා. අක්‌මාවෙත් හටගන්නවා. එහෙත් වඩාත්ම පීඩාකාරී වූ ප්‍රදේශය තමයි ගුදය ආශ්‍රිත ප්‍රදේශය. ආයුර්වේදයට පුළුවන් කිසිදු අතුරු ආබාධයක් ඇති නොවන ලෙස මෙවැනි රෝග සුව කරන්නට.
ප්‍රශ්නය - රක්‌ත ශෝධනය කරන්නේ කොහොමද?
වෛද්‍ය පුෂ්පකුමාර - ශාකසාර ආශ්‍රයෙන් නිපදවපු විවිධ ඖෂධ සහ කෂාය වර්ගවලින් තමයි රක්‌ත ශෝධනය හෙවත් රුධිරය පිරිසිදු කිරීම සිදු කරන්නෙ. කරපිංච කියන්නේ රක්‌ත ශෝධනය ඉතාම හොඳින් සිදු කරන ඖෂධයක්. මෙයින් කැඳ හදල බිව්වම රුධිරයේ තිබෙන කොලෙස්‌ටරෝල් විතරක් නොවෙයි විෂ සහිත සෙසු අංශු ඉවත් වෙනවා.
ප්‍රශ්නය - විද්‍රදි සඳහා යොදා ගන්නා ඖෂධ ගැන විස්‌තරයක් කරන්න...
වෛද්‍ය පුෂ්පකුමාර - ඒක තීරණය කරන්නේ රෝගියාගේ විද්‍රදියේ ස්‌වභාවය අනුවයි. විද්‍රදිය මුල් අවස්‌ථාවේදී හඳුනා ගත් විට කරන ප්‍රතිකාරය නෙමෙයි එහි සැරව පිරී තිබෙන විට කරන්නෙ. එය Fistula තත්ත්වයට පරිවර්තනය වෙමින් තිබෙනවා නම් කරන්නට සිදුවන ඖෂධය කලින් කී අවස්‌ථා දෙකටම වඩා වෙනස් වෙනවා. සැරව පිරුණු තත්ත්වයේ පවත්නා විද්‍රදියක් තව දින දෙකකින් පුපුරුවා හල යුතු බව වෛද්‍යවරයාට සිතෙනවා නම් ඔහු පාවිච්චි කරන ඖෂධ වර්ග පෙර කී අවස්‌ථා තුනටම වඩා වෙනස්. මෙහිදී පාවිච්චි කරන ඖෂධ ගැන කතා කරනවා නම් දළුක් කිරි යොදා ගැනීම සිදු වෙනවා. ක්‍ෂාර වර්ග යොදනවා. සමහර විට හුනු මී පැණි සමඟ මිශ්‍රකර නොපිපිරූ ගෙඩිය මත ගානවා. රතුලූනු එළඟිතෙල්වලින් අඹරලා උණු අළුපල්ලෙ තම්බලා අඹරලා ගානවා. වැල්පෙනෙල ජලයෙන් අඹරලා ගානවා.
ප්‍රශ්නය - විද්‍රදි වර්ග කීයක් තිබෙනවද?
වෛද්‍ය පුෂ්පකුමාර - කිහිපයක්‌ම තිබෙනවා. ගුද විද්‍රදිවලදී බාහිර සහ අභ්‍යන්තර කියලා වර්ග දෙකක් තිබෙනවා. අභ්‍යන්තර විද්‍රදිය මහත් වේදනා දෙන දෙයක්. රෝගියා කියන රෝග ලක්‍ෂණ අනුව ගුද අභ්‍යන්තරය පරීක්‍ෂා කරලා තමයි අභ්‍යන්තර විද්‍රදියක් සොයා ගන්නේ.
0 Comments