කොන්දේ අමාරුවත් ආත්‍රයිටිස්‌ තත්ත්වයක්‌

ප්‍රශ්නය - පසුගිය මාස කිහිපය තිස්‌සේ ආත්‍රයිටිස්‌ රෝග වර්ග කිහිපයක්‌ ගැනත් එම රෝගයේ විවිධ පැතිකඩ ගැනත් අප ඔබ සමඟ සාකච්ඡා කළා. අද අප ඔබ සමඟ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ කොන්දේ අමාරුව ගැනයි. මෙයත් ආත්‍රයිටිස්‌ වර්ගයක්‌ ද?

වෛද්‍යවසන්ත උදයජීව - මෙය ආත්‍රයිටිස්‌ තත්ත්වයක්‌ තමයි. ශරීරයේ අස්‌ථි එකිනෙක සම්බන්ධ වන තැන්වල, එහෙමත් නැත්නම් සන්ධිවල වේදනාවක්‌, දැඩි බවක්‌ හෝ ඉදිමුමක්‌ තිබෙනවා නම් එය බොහෝ දුරට ආත්‍රයිටිස්‌ සමඟ සම්බන්ධ වූවක්‌ විය හැකියි. මේ වේදනාව බොහෝ විට හටගන්නේ කොන්දේ පහළ කොටස ආශ්‍රිතවයි. එයට හේතුව ශරිරයේ උඩ කොටසේ බර ශරීරයේ පහළ කොටස මතට වැටීමයි. මේ තෙරැපීම නිසා කොඳුඇට පෙළෙහි යට කොටසේ බලගතු වේදනාවක්‌ හටගන්නවා. මේ තත්ත්වයට කියන බටහිර වෛද්‍ය විද්‍යාත්මක නාමය තමයි spondylathropathies. මෙහි තේරුම කෂේරුකා ආත්‍රයිටිස්‌ යන්නයි. මේ යටතේ තවත් ආත්‍රයිටිස්‌ තත්ත්වයන් කිහිපයක්‌ ම හට ගන්නවා. එනම් Ankylosing spondylitis - මෙය කොඳුඇට පෙළට බලපාන නිධන්ගත ප්‍රදාහමය තත්ත්වයක්‌. මෙය කොන්දේ සිට උකුළු ඇටය දක්‌වා වූ අස්‌ථිවලට බලපානවා.

මෙහිදී කොන්දෙ ප්‍රදාහමය තත්ත්වයක්‌ සහ අධික වේදනාවක්‌ ද තද ගතියක්‌ද හට ගන්නවා. කොඳුඇට හාවීම මේ රෝගයේ ලක්‍ෂණයක්‌ ලෙස ගත හැකියි. එනම් කොඳු ඇට එකිනෙක ස්‌පර්ශ වන තැන්වල කැල්සියම් වර්ධනය වී ඇට කැබලි දෙකක්‌ තනි ඇටයක්‌ බවට පත් වීමයි. මෙය අත්පාවල උඩ කොටස දක්‌වා වර්ධනය විය හැකි රෝගයක්‌.

Reactive arthritis - මේ ආත්‍රයිටිස්‌ තත්ත්වය හට ගන්නේ ලිංගය මෞත්‍රවාහිනී පද්ධතිය සහ ආහාර ජීර්ණපද්ධතිය යන ප්‍රදේශ ආශ්‍රිතව හටගත් කිසියම් ආසාදන තත්ත්වයක අතුරු පලයක්‌ ලෙසයි. සන්ධි දැවිල්ල. ඇස්‌ දැවිල්ල. ආහාර ජීර්ණපද්ධතිය සහ මෞත්‍රවාහිනී පද්ධතිය, බඩවැල, වකුගඩු, මුත්‍රා බොක්‌ක යනාදියෙහි ප්‍රදාහ තත්ත්වයක්‌ හට ගැනීම මේ රෝගයේ ප්‍රධාන ලක්‍ෂණ ලෙස ගත හැකියි.

ප්‍රශ්නය - ආත්‍රයිටිස්‌ තත්ත්වයන් තුළදී ශාරිරික ව්‍යායාම කිරීම සුදුසු ද?

වෛද්‍ය වසන්ත උදයජීව - සුදුසු වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබන අතර වෛද්‍ය උපදෙස්‌ මත ව්‍යායාම කරන එක තමයි වඩා යෝග්‍ය

ප්‍රශ්නය - මේ රෝග තත්ත්වයට සුදුසු ප්‍රතිකාර මොනවද?

වෛද්‍ය වසන්ත උදයජීව - ප්‍රධානතම ප්‍රතිකාරයක්‌ තමයි රෝගියා උණුසුම්ව සිටීම. එනම් අධික ශීතලට ලක්‌ නොවීම. ආත්‍රයිටිස්‌ රෝගයට බලපාන ප්‍රධාන දෙයක්‌ තමයි සිරුරේ තිබෙන වාත දොaෂ කුපිත වීම. ඒ නිසා සීතලට නිරාවරණය වෙන්න එපා.

දෙවනුව ඔබ අධික සැර සහිත කුළුබඩුවලින් වැළකී සිටිය යුතුයි. රතු මිරිස්‌ සහ අමු මිරිස්‌ අධික ලෙස ආහාරයට යොදා ගැනීම ඉතාම නරකයි. කුළුබඩු කියනඑක ආහාරයටගත යුත්තේ ප්‍රමාණයකට අනුවයි. කුළුබඩු නිසා ඉතාම සරළ ලෙස කියනවා නම් ඇඟ වේලුම්කනවා. මෙවිට ශරීරයේ වාත දොaෂ තවදුරටත් වැඩි වෙනවා. වාතය කුපිත වීමට ප්‍රධාන හේතුවක්‌තමයි ශරීරයේ වියළි භාවය. ආත්‍රයිටිස්‌ රෝගය වැළඳුන රෝගියෙක්‌ අධික ලෙස කුළුබඩු පරිහරණය කළාම මළ බද්ධය හට ගන්නවා. එවිට මළපහ කිරීම සඳහා තටමන විට කොන්දේ අමාරුව වැඩි වෙනවා.

එසේම ආත්‍රයිටිස්‌ රෝගියා ආහාර උණුවෙන් ගැනීම කළ යුතුයි. සීතල වූ ආහාර හෝ සිසිල් කළ ආහාර ගැනීමෙන් වැළකී සිටිය යුතුයි. සිසිල් තත්ත්වයක්‌ තුළදී ශරීරයේ දෝෂ මතුවීමට ඉඩ තිබෙනවා.

ප්‍රශ්නය - ආත්‍රයිටිස්‌ රෝගය කොන්දට වැළඳුන විට එය සාමාන්‍ය කොන්දේ අමාරුවෙන් වෙනස්‌ වන්නේ කොහොමද?

වෛද්‍ය වසන්ත උදයජීව - කොන්දෙන් 80% ක්‌ විතර රිදෙනවා. ඉන්පසු ඒ වේදනාව පාද දක්‌වා පැතිර යනවා. ඒ අතර ඉන ප්‍රදේශයත් වේදනා දෙනවා. ඉන්පසු ඒ වේදනාව දණහිසෙන් පහළට පැතිර යනවා.

බෙලිමල් රණවරා වැනි පානයන් ආත්‍රයිටිස්‌ රෝගීන්ට ඉතා සුදුසුයි. එය මද රස්‌නය සහිතව මීපැණි ටිකක්‌ මිශ්‍රකර පානය කිරීම වැදගත්.

Post a Comment

0 Comments