දියවැඩියාවට වරකා කොළ මැල්ලුමක්‌

ප්‍රශ්නය - පසුගිය සතියේ ඔබ සමඟ කළ සාකචඡාවේදී දැන ගැනීමට ලැබුණා දියවැඩියා රෝගය සුව කිරීම සඳහා යෝග්‍ය පොල් මල් මැල්ලුම සහ අත්තික්‌කා චූර්ණය ගැන. එය කොතරම් පැරැණි වට්‌ටෝරුවක්‌ ද?

වෛද්‍ය සමන් රන්ජන් මුහන්දිරම් - මෙය අඩුම වශයෙන් වසර 500 ක්‌ පැරැණි ඖෂධයක්‌. අපේ පැරැන්නන් දියවැඩියා රෝග සඳහා වෙනම ඖෂධ පාවිච්චි කළේ නැහැ. ඔවුන්ගේ දෛනික ආහාර වේල තුළ ඖෂධ වර්ග තිබුණා. ඔවුන් තේ - කෝපි වෙනුවට පානය කළේ ඉඟුරු, කොත්තමල්ලි එහෙමත් නැත්නම් රණවරා - බෙලිමල් වැනි දෙයක්‌. ඔවුන් කෑවේ නිර්මාංශ ආහාර. මසක්‌ මාලුවක්‌ අනුභව කළේ කලාතුරකින්. ඔවුන් මස්‌ මාලුවලට කීවේ පිලී කියලා. 

කුරුට්‌ට සහිත සහල් සහ එළවළු සහිත ආහාර නිසාත්, මහන්සි වී වැඩ කිරීම නිසාත් දිගු කල් ශක්‌තිමත්ව සිටින්නට ඔවුන්ට හැකි වුණා. ඒ නිසා ලෙඩ රෝග මර්දනය කරගෙන පරමායුෂ විඳ ජීවත් වීමේ වාසනාව ඔවුන්ට ලැබුණා.

මා දැන් ඔබට කියන්නට බලාපොරොත්තු වන්නේ තවත් ඉපැරැණි මැල්ලුමක්‌ ගැනයි. මෙය සාදා ගැනීමට ළපටි කොස්‌ කොළ කිහිපයක්‌ අවශ්‍යයි. එය හොඳින් සිහින්ව ලියා පෙල්, රතුළුEනු, කහ, ලුණු, අමුමිරිස්‌ සහ දෙහි ඇඹුල් දමා මැල්ලුමක්‌ පිළියෙළ කර යාන්තමට මළවා ගත යුතුයි.ඉන් පසු සති 2 ක්‌ දිනපතා උදේ සවස රතු හාලේ බත් සහ තෙල් නොයෙදූ ව්‍යාංජන සමඟ අනුභව කළ යුතුයි. ඒ අතරවාරයේ දෙදිනකට වතාවක්‌ විතර තැඹිලි ගෙඩියක්‌ පානය කරනවා නම් හොඳ ප්‍රතිඵල ලබාගන්නට පුළුවන්.

මේ අතර රණවරා වියළා කුඩු කර ගෙන උණු වතුරට දමා (තේ බොන පරිදි) දිනකට දෙවරක්‌ පානය කළ යුතුයි. මෙය කළ යුතු කාලය දින 14 යි. මෙයට සාමාන්‍ය දියවැඩියාව පාලනය වෙනවා. සති දෙකක විරාමයකින් පසු මේ ක්‍රමයටම මැල්ලුම සහ රණවරා පානය ගත් විට දියවැඩියා පාලනය ඇති වෙනවා.

0 Comments

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us