නවක වධය දීම මානසික රෝගයක්‌


නවක වධය ඉතා බහුලවම සිදු වන්නේ ලංකාවේ සහ ඉන්දියාවේ සරසවිවලදීය. බටහිර රටවල විශ්වවිද්‍යාල තුළ ලංකාවේ සහ ඉන්දියාවේ මෙන් බහුලව පැතිරී ගිය නවක වධ නැත. යම් ලෙසකින් ඊමකකසබටල Ha'සබට වැනි තත්ත්වයන් මතු වුවහොත් නීතිමය පියවර ගැනේ. උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙන පරිදි මේ වන විට නවක වධය නිසා නවකයන් 20 ක්‌ මරු දැක 27000 ක්‌ සරසවි හැර ගොසිනි. 

සිසුන් නවක වධයට යොමු වන්නේ මන්ද ? මේ සඳහා බහුවිධ කාරණා තිබේ. මූලික වශයෙන් නවක වධ වධකයන් සතු පොදු ලක්‌ෂණ කීපයක්‌ තිබේ. මේ හේතූන් නිසා නිරායාසයෙන්ම ඔවුන් අන්‍යයන්ට වධ දීමෙන් තෘප්තියක්‌ ලබා ගැනීමට පෙළඹෙති. 

1) හීනමානය (හීනමානය මතුවන්නේ කුල පීඩනය / දරිද්‍රතාව / සමාජ අවස්‌ථා අඩු බව / ශරීරගේ අඩුපාඩු නිසා මතු වන ඩිස්‌මෝර්µsක්‌ තත්ත්වය 

2) පෞරුෂ අක්‍රමතා

3) ළමා කාලයේ කාංසාමය තත්ත්වයන්ට යොමු වී තිබීම. මාතෘ / පීතෘ දුරස්‌ථකරණයට ලක්‌ වීම, අපයෝජනයන්ට ලක්‌වී තිබීම.

4) බාහිර ක්‍රියාකාරකම් නිර්මාණශීලීතාව වැනි දක්‌ෂතා අඩු බව, අව ආත්ම සම්මානය

5) කණ්‌aඩායම් තත්ත්වවලදී ඉස්‌මතුවීම සඳහා දරන ප්‍රයත්නය කැපී පෙනීමට අන් අයගේ අවධානයට ලක්‌ වීම සඳහා ඕනෑම අවදානමක්‌ කර ගැසීම, කැපී පෙනීම සඳහා ඇති අත්‍යන්ත යොමුව.

6) තමන් කෙරෙහි මෙන්ම සමාජය කෙරෙහි ඇති වෛරය

7) සාමාජීය හුදකලභාවය සහ එය වසන් කිරීමට දරන අධි ප්‍රයත්නය

8) අන්තවාදීබව සහ ධ්‍රැවගත චින්තනය ( සියල්ල කලු සුදු ලෙස දැකීම

9) අඩු සහනුභූතිය 

10) පරපීඩා කාමුකත්වය

නවක වධය සංකීර්ණ ක්‍රියාවලියකි. වින්දිතයා නවක වධයට පත් කිරීමෙන් බලය සහ ආධිපත්‍ය පැතිරවීම, වින්දිතයාගේ පූර්ණ එකඟතාව අපේක්‌ෂාව, වින්දිතයා අවමන් සහගත පත් කිරීම සිදු කෙරෙන අතර මෙයින් වධකයා තම හීනමානතා සංකීර්ණය සන්තර්පන කර ගැනීමත් බිඳී තිබෙන තමන්ගේ අහංභාවය ප්‍රතිසමාධානය කර ගැනීමටත් උත්සුක වෙයි. මේ හැර මූලික වශයෙන් වින්දිතයා නවක වධයට පත් කිරීමෙන් වධකයෝ අවිඥානික මෙන්ම බොහෝ විට සවිඥානිකව ලිංගික තෘප්තිය ලබති. නවක වධයට ලක්‌ වීමෙන් පසු වින් දිතයා තුළ කෝපය , අපේක්‌ෂා භංගත්වය , ආකූලතාව, බිය, ආත්ම ගෞරවය කෙලසීගිය ස්‌වභාවය, යටත් වීමේ මානසිකත්වය , වධකයා සමග ක්‍රෝධය මෙන්ම අවනත බවද පහළ විය හැකි.

සමහර විට නවක වධයට ලක්‌වූ වින්දිතයන් නවක වධය කෙරෙහි මෙන් ම තමන්ව වධයට පත්කළ වධකයන් කෙරෙහි ආශක්‌තවීම මෙන්ම නවක වධය සොඳුරු අත්දැකීමක්‌ ලෙසට අර්ථකථනය කිරීමත් දක්‌නට ලැබේ. මෙම සංසිද්ධිය ස්‌ටොක්‌හෝම් සින්ෙඩ්‍රාaමය ලෙස හැඳින් වේ. (Sඑදජනයදකප sහබාරදපැ) aකිද නබදඅබ asල එeරරදර ඉදබාසබටල aබාලඑර්මප්එසජ ඉදබාසබට) සි a චිහජයදකදටසජ්ක එeබාeබජහ දෙ a යදිඒටැ එද ඉදබා අසඑයණී සාeබඑසහෙ අසඑයණී දර sහපච්එයස'e අසඑය යසි දර යෑර ජ්චඑදර. ඔයසි sහබාරදපැ ජ්බ ඉe seeබ as a දෙරප දෙ එර්මප්එසජ ඉදබාසබට). සංක්‌ෂිප්තව දැක්‌වීමේදී ස්‌ටොක්‌හෝම් සින්ෙඩ්‍රාaමය යනු පීඩිතයා විසින් පීඩකයා කෙරෙහි ඇති කර ගන්නා අසාමාන්‍ය බැඳීමයි. ස්‌වයං වධ බන්ධන ලැදියාව මෙන්ම තම වධකයන් කෙරෙහි ඇතිවන අවිඥානික ලිංගිකව ඇල්මද මේ සඳහා හේතු කාරක වේ. 

නවක වධය නීරෝගී චරියාවක්‌ නොවේ. නවක වධය කායික මානසික රෝග ඇති කරවයි. නවක වධය නිසා විශාදය (Deචරුssසදබ), භීතිකාවන් (චයදඉස්‌s) , පශ්චාත් ක්‌ලමථ ව්‍යසන අක්‍රමතාව, සමායෝගී ආබාධ වැනි මානසික ආබාධ ඇති විය හැකියි. එසේම අතුරු ආබාධ බොහෝ කාලයක්‌ පවතියි. මේ හැර භංගුර (ඩමකබැර්ඉකැ) පුද්ගලයන් අතර මනෝ ව්‍යාධික තත්ව එනම් භින්නෝන්මාදය (ජයස'දචයරුබස්‌) , අධි තීව්‍ර මනෝ ව්‍යාධි වැනි මානසික රෝග වලට ලක්‌වීමේ ප්‍රවනතාවන් ද නිරීක්‌ෂණය කොට තිබේ.

නවක වධය ශීSS්‍ර්‍රS ලංකාවේ නීතිය යටතේ අපරාධ වරදක්‌ වන අතර නවක වධය ලබාදීම සම්බන්ධයෙන් වරදකරුවෙක්‌ වන්නකුට වසර 10ක්‌ දක්‌වා සිරදඬුවමක්‌ වුවද නියම කළ හැක. නමුත් නීතිය මගින් පමණක්‌ නවක වධයට තිත තැබීම අසීරු කරුණකි. ඒ සඳහා සිසුන් මෙන්ම සරසවි ආචාර්යවරුන් තුළ ආකල්පමය වෙනසක්‌ ඇති කළ යුතුයි. නවකවධය ව්‍යාධිජනක සංසිද්ධියක්‌ බව සහ වින්දිතයන්ට මෙන්ම වධකයන්ටද මනෝ ප්‍රතිකාර අවශ්‍ය බව සමාජය විසින් තේරුම් ගත යුතුයි.

වෛද්‍ය රුවන් එම්. ජයතුංග 

Post a Comment

0 Comments