ඇමරිකාවේ 37 වැනි විධායක ජනාධිපතිතුමා රිචඩ් නික්‌සන් ය. රිපබ්ලිකන් ජාතිකයකු වූ ඔහු බලයට ආවේ 1968 දී පැවැති ජනාධිපතිවරණයෙනි. ඉන් වසර හතරකට පසු එන ඊළඟ ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට ඔහු 1971 දී තීරණය කළේය. මේ සඳහා අවශ්‍ය ක්‍රමවේදය සෙවීම සඳහා 'නික්‌සන් නැවත බලයට පත් කිරීම සඳහා වූ කාර්ය සාධක කමිටුවක් 1971 දී පත්කරන ලදී. නික්‌සන් දිනවිය හැක්‌කේ ඔහුගේ ප්‍රතිවාදී අපේක්‍ෂක ඩිමොක්‍රටික් පක්‍ෂයේ ජෝරඡ් මැක්‌ගවන් විසින් නික්‌සන්ට එරෙහිව අනුගමනය කිරීමට යන ඡන්ද ව්‍යාපාරය ගැන කල්තියා දැන ගැනීමෙන් බව එම කමිටුව තීරණය කළේය. එසේ දැන ගැනීම සඳහා ඔවුහු කෙටි මාර්ගයක් ද සොයා ගත්හ. ඒ වූ කලී ඇමරිකාවේ වොෂින්ටන් ඩී. සී. නගරයේ පිහිටි වෝටර්ගේට් ගොඩනැඟිල්ලේ තිබෙන ඩිමොක්‍රටික් පක්‍ෂ මූලස්‌ථානයේ ටෙලිෙµdaන් ටැප් කර පක්‍ෂ නායකයන් කතා කරන්නේ කුමක්‌ද යන්න සෙවීමය. මේ සඳහා රාත්‍රි කාලයේදී වෝටර්ගෙට් බිල්ඩිම තුළට දෙදෙනකු රිංගවා එහි තිබෙන දුරකථනවලට Bugging Divice හෙවත් දුරකථන ටැප් කිරීමේ උපකරණ සවිකළ යුතු බව කමිටු සාමාජිකයෝ ඒකමතිකව සම්මත කර ගත්හ. ඒ සඳහා නික්‌සන්ට හිතවත් CIA ඒජන්තවරයකු ද FBI හෙවත් ඇමරිකන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සේවකයකු ද යොදා ගැනීමට තීන්දු විය. වැඩේ කළ පසු වහාම ඩොලර් 25000 බැගින් ගෙවීමට ගිවිස ගන්නා ලදී. ජනාධිපතිවරණයට මාස 5 කට පෙර එනම් 1972 ජුනි 12 වැනිදා රැයේ වෝටර්ගේට් ගොඩනැඟිල්ලට රිංගූ මේ දෙදෙනා සහ තවත් දෙදෙනෙක් දුරකථන ටැප් කරන රහස් උපකරණ දුරකථනවල පතුලෙහි අලවා ආපසු එළියට පැන ගන්නට උත්සාහ කරද්දී පොලිස් අත්අඩංගුවට පත්වූහ. මුලදී ඔවුන් පෙනී සිටියේ වෝටර්ගේට් ගොඩනැඟිල්ලේ තිබෙන මුදල් කොල්ලකෑමට පැමිණි කට්‌ටියක් ලෙසය. ඔවුන් හිරගෙදර සිටින අතර නික්‌සන්ගේ පිරිස ඩිමොක්‍රටික් නායකයන්ගේ දුරකථන සංවාදවලට රහසේ සවන් දෙමින් ඒවා පටිගත කරන්නට වූහ.
මේ අතර පැවැති ජනපතිවරණයෙන් නික්‌සන් දිනුවේය. එහෙත් ඔහුගේ ජයග්‍රහණය පසුපස වෝටර්ගේට් දුරකථන ටැප් කර තිබෙන බව හෙළි විය. ඒ වන විට සිය දෙවන ජනාධිපති ධුර කාලයෙහි වැඩ කරමින් සිටි රිචඩ් නික්‌සන් මේ චෝදනාව නිසා ඉල්ලා අස්‌විය. නික්‌සන් සහ වෝටර්ගේට් සිද්ධිය අතර ඇති සම්බන්ධය ඇමරිකාවට හෙළි කළේ වොෂින්ටන් පෝස්‌ට් පත්‍රයේ වාර්තාකරුවන් වූ බොබ් වුඩ්වර්ඩ් සහ කාල් බන්ස්‌ටයින් විසින් බව මහත් ගෞරවයෙන් සටහන් කරනු ලැබේ. මේ දෙදෙනා අදටත් ජීවතුන් අතර සිටිති.
පසුගිය ආණ්‌ඩුව 2015 ජනාධිපතිවරණය ආසන්නයේදී දුරකථන සංවාදවලට සවන් දිය හැකි උපකරණයක් චීනයේ හුවාවේ සමාගමෙන් ගෙන්වන ලද බව විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරින් ප්‍රනාන්දු විසින් හෙළිදරව් කරනු ලැබ ඇත. ඒ ගැන තවදුරටත් හෙළිදරව් වූ තොරතුරු මෙසේයá එම උපකරණයේ දිග අඩි 8 කි. උස අඩි 4 කි. (පළල ගැන තොරතුරු නැත.) එම භාණ්‌ඩය වෙනත් බඩු තොගයක් සමඟ ගෙන්වන ලද නමුත් කාගේ නමට ගෙන්වූයේද යන්න සඳහන් වූයේ නැත. සාමාන්‍යයෙන් මෙවැනි භාණ්‌ඩ තොගයක් ගෙන්වනවිට එය යා යුතු ලිපිනය සහ එම ලිපිනයේ භාරකරු භාණ්‌ඩ එකින් එකෙහි සටහන් කරනු ලැබේ. එහෙත් එම භාණ්‌ඩයෙහි එවැනි ලිපිනයන් තිබී නැත. මෙය ටෙලිකොම් හෝ මොබිටෙල් සමාගමට ගෙන ගොස් සවි කරන ලෙස 'ඉහළින්' උපදෙස් ලැබුණ නමුත් එම සමාගම්වල ඉංජිනේරුවෝ එයට විරුද්ධ වූහ. ඒ අනුව පෑලියගොඩ පිහිටි ටෙලිකොම් ගබඩාවෙහි මේ භාණ්‌ඩය තැන්පත් කරන ලදී. වැදගත්ම කාරණය වූයේ භාණ්‌ඩය වෙනුවෙන් එහි නිෂ්පාදකයා වන චීනයේ හුවාවේ සමාගමට මුදල් ගෙවා නොතිබීමයි. ඔවුන් එයට මුදල් ඉල්ලා ද නැත. මෙය අරාබි නිසොල්ලාසයේ එන කතාවකට මඳක් කිට්‌ටු නමුත් සොයා බැලිය යුතු සිද්ධියකි. ඡන්දයක් ළඟ එන විට බලයේ තිබෙන ආණ්‌ඩුවක් ටෙලිෙµdaන් ටැප් කළ හැකි අධිබල තාක්‍ෂණික උපකරණයක් ගෙන්වන්නේ රටවැසියන් දුරකථන මගින් සාකච්ඡා කරන ආර්ථික ප්‍රශ්න සහ ගෙදර දොරේ අඩුපාඩු දැන ගැනීමට නොව තම විරුද්ධවාදීන්ගේ රහස් කතාවලට සවන් දීමටය. ඒ අනුව මේ උපකරණය ගෙන්වනු ලැබීම පහත සඳහන් පරිදි අර්ථකථනය කළ හැකිය. එනම්,
1. සන්ධාන ආණ්‌ඩුව මෙය ගෙන්වන ලද්දේ යූ.එන්.පී. හෝ ප්‍රතිවාදී පිලේ ජනාධිපති අපේක්‍ෂකයා සහ ඔහුගේ හිතවතුන්ගේ කතා බහට සවන් දීමට වීම.
2. රාජ්‍ය ආරක්‍ෂාවට බලපාන හේතු මත කිසියම් අයකුගේ දුරකථන පණිවුඩවලට සවන් දීමට නීත්‍යනුකූල අවශ්‍යතාවක් වූ විට එම අවශ්‍යතාව ක්‍රියාත්මක කිරීම. සදහා මේ බඩු ගෙන්වීම.
3. මෙම භාණ්‌ඩය වෙනත් භාණ්‌ඩ තොගයක් සමඟ වැරදීමකින් මෙහි පැමිණීම.
4. හුවාවේ සමාගම මෙම භාණ්‌ඩය හඳුන්වා දීම සඳහා කලින් නොදන්වා නොමිලයේ මෙය ලංකාවට එවා ටෙලිකොම් සහ මොබිටෙල් සමාගම් පුදුමයට පත් කිරීමට කල්පනා කිරීම.
ඉහත සඳහන් තර්ක හතරෙන් කොයික ඇත්ත ද යන්න කල්පනා කිරීමට පාඨකයාට අවස්‌ථාව ඇත. කෙසේ වුවද, මෙය ඔය තරම් සූක්‍ෂම භාණ්‌ඩයක් නම් සහ එය ගෙන්වන ලද්දේ ප්‍රතිවාදී පිලේ දුරකථන ඇමතුම්වලට සවන් දීමට නම් එය ටෙලිකොම් හෝ මොබිටෙල් සමාගමේ සවිකරන මෝඩයන් නැත. එසේ සවි කළ විට ලංකාව පමණක් නොව ඉන්දියාවට ද ඒ බව දැන ගැනීම වැළැක්‌විය නොහැක්‌කේ ටෙලිකොම්/ මොබිටෙල් සමාගම් යනු මහා සාගරයක් තරම් විශාල, දහස් ගණන් දෙනා වැඩ කරන සමාගම් බැවිනි. ආරක්‍ෂක අමාත්‍යාංශයේ රහස් පවා පිට ගිය කාලයක මෙවැනි සිද්ධියක් පිට නොයා තිබෙනු ඇද්ද?
දෙදෙනකු අතර ඇතිවන දුරකථන සංවාදයකට තුන්වැනි පාර්ශ්වයක් විසින් සවන් දීම Telephone Tapping යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙයට ටැපිං යන නම යොදන ලද්දේ වතුර බටයක මැදින් විද ටැප් එකක් සම්බන්ධ කර අභිමත අවස්‌ථාවකදී වතුර පානය කළ හැකිවාක් මෙන් දුරකථන දෙකක් අතර සම්බන්ධතාවය මැදින් සම්බන්ධතාවක් යොදා එම දුරකථන සංවාදයට සවන් දිය හැකි නිසාය. ස්‌කොට්‌ලන්තවාසී බ්‍රිතාන්‍ය ජාතිකයකු වූ ඇලෙක්‌සැන්ඩර් ග්‍රැහැම් බෙල් 1876 දී දුරකථනය සොයා ගැනීමත් සමඟ ඔහු එම උපකරණය ඔස්‌සේ අන් අය සමඟ කතා කරන්නේ කුමක්‌ද යන්න දැන ගැනීමට තුන්වැනි පාර්ශ්ව තුළ ආසාවක් හටගත් බවත්, දුරකථන ටැප් කිරීමේ ක්‍රියාවලිය එම ආශාවේ මස්‌තකප්‍රාප්තිය බවත් විහිළුවට මෙන් කියනු ලැබේ. 1861 - 1865 කාලයේදී පැවැති ඇමරිකන් සිවිල් යුද්ධයේදී සතුරන්ගේa ටෙලිග්‍රාµa පණිවුඩ තමන් වෙත හරවාගෙන කියෑවීමට ඒබ්‍රහම් ලින්කන් දැන සිටියේය. ආරම්භයේ සිටම ඇමරිකන් ජනාධිපතිවරු බොහෝ දෙනා උසාවි නියෝග ලබා ගෙන සැකකටයුතු පාර්ශ්වවල දුරකථන සංවාදවලට සවන් දුන්හ. සාධාරණ සහ නීත්‍යනුකූල අවශ්‍යතා සඳහා අන් අයගේ ටෙලිෙµdaන් ටැප් කළ යුතු බව 1890 දී ඇමරිකන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ව්‍යවස්‌ථානුකූල කරන ලදී. බිල් ක්‌ලින්ටන්ගේ කාලයේදී මෙසේ දුරකථන ටැප් කර Aldrich Ames නමැති KGB ඔත්තුකරුවා අල්ලා ගැනීමට ඇමරිකන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට හැකි විය.
අද වන විට දුරකථන ටැප් කිරීම යනු විශාල කර්මාන්තයකි. දැනට පෑලියගොඩ ගබඩාවේ තිබෙන ලොරි භාගයක් තරම් ලොකු සූක්‍ෂම උපකරණය නැතිවාට ටෙලිෙµdaන් ටැප් කළ හැකි ගිනි පෙට්‌ටියක් තරම් කුඩා උපකරණ E Bay සහ Alibaba.com වැනි අන්තර්ජාල වෙළෙඳපොළවල තිබේ. එවැනි උපකරණ ඩොලර් 125.95 සිට ඉහළට ලබා ගත හැකිය. මේවා රට තුළට ගෙන්වීම කොතරම් දුරට නීත්‍යනුකූල ද යන්න අපි නොදනිමු. එහෙත් එය ගෙනෙන්නට ඕනෑ එකා කෙසේ හෝ එය ගෙනෙන බව ශ්‍රී ලාංකික අත්දැකීමය.
හරින් ප්‍රනාන්දු ඇමැතිතුමා අඩි 8 ක් දිග අඩි 9 ක් පළල රහසිගත පෙට්‌ටිය ගැන හෙළිදරව් කරන්නට ඇත්තේ සද්භාවයෙනි. දේශපාලන ආධුනිකයකු සහ තරුණ මන්ත්‍රීවරයකු වන ඔහු කියන්නේ තමන්ට ලැබෙන තොරතුරු ය. ඒ තොරතුරු 'ලණු' නොවිය යුතු බව අපි තරයේ අදහමු. ලණු නොගිලින තරමට මන්ත්‍රීවරුන් කෙරෙහි ඇති වන ගෞරවය වැඩිවන බව කිව යුතුය.
අශේන් රඹකොස්‌වැව
0 Comments