චීනයේ චැං නියෑං නමැති නිම්නයක් තිබේ. මේ නිම්නයේ හැදෙන නමක් නැති රසවත් පලතුරක් 1906 දී නවසීලන්ත ජාතිකයන්ට හමුවිය. කුඩා ෙµයාර්ස් ගෙඩියක් තරම් විශාල බූව සහිත. දුඹුරු පැහැති පිට පොත්තක් ඇති, කොළ පැහැති මදයක් සහ ඩ්‍රැගන් fපෘට්‌ට්‌වල ඇති ඇට වැනි කලු පැහැති ඇට සහිත මේ පලතුර නවසීලන්තයට ගෙනා ඔවුහු ඒවා පැළ කර කෑමට ගන්නට පටන් ගත්හ. එහෙත් පුදුමයට මෙන් චීනයේදී ලැබෙන එම පලතුරු අස්‌වැන්න මෙන් දහ දොළොස් ගුණයක් නවසීලන්තයේදී හට ගත්තේය. එතරම් විශාල අස්‌වැන්නක් කා ගැනීමට බැරි වූ නිසා බිම වැටි කුණුවෙන්නට පටන් ගත්තේය. මේ බව දුටු නවසීලන්ත ව්‍යාපාරිකයෙක් 1970 ගණන්වලදී මේ කදිම පලයට කිවි පෘට් යනුවෙන් නමක් තබා වටේට ලේබල් එකක් ගසා හුරු බුහුටි පෙට්‌ටිවල අසුරා රට පටවන්නට පටන් ගත්තේය. කිවි නම යෙදුවේ නවසීලන්තයට ආවේණික කිවි නමැති කුඩා පක්‍ෂියා සිහිපත් කරනු පිණිසය. කෙසේ වුවද අවසානයේදී මේ රසවත් පලය ලොව පුරා ජනප්‍රිය පලතුරක් බවට පත්වී මිලෙන්ද ඉහළ ගියේය. අද කිවි පෘට් ලංකාවේ සුපර්මාකට්‌වලද ඇත. ඒවා කිලෝව රුපියල් 120 ට වැඩිය. 1970 ට පෙර මේ පලය ගස්‌යට වැටී කුණුවූ බව අද වන විට කාටවත් මතක නැත.
ඉහත සඳහන් කුඩා කතාව අපට සිහිපත් වූයේ ධීවර ඇමැති මහින්ද අමරවීර කියූ කතාවක් නිසාය. ශ්‍රී ලංකා මුහුදේ සිටින බල මාලු Ceylon Tuna (සිලෝන් ටූනා) යනුවෙන් නම් කර හෙවත් Re Brand කර ජාත්‍යන්තරයෙහි අලෙවි කළ හැකි බව ඔහු කීවේය. ලංකාව තුළ බලමාළු කිලෝව රුපියල් හය හත්සියයකට විකූණුනත් එම මාළු හම ඉවත් කර පිළිවෙළකට කපා අසුරා යුරෝපයට යෑව්වොත් කිලෝවකට රුපියල් 20000 ක් ලබා ගත හැකිය. ධීවරයාගේ බිලී කොක්‌ක ගිල දමන මොහොතේ සිට මිය යන මොහොත දක්‌වා මාළුවා විඳින දුක ඉමහත්ය. ධීවරයා ඇම සහිත පිත්ත අදින විට එය ගිල දමා සිටින මාළුවාගේ ගලනාලය බොක්‌කේ සිට උඩට ඉරී යයි. ඉන්පසු ඌ ලොකු මාළුවෙක් නම් බෝට්‌ටුවට ගන්නා විටත් මියගොස් නැති බැවින් හිසට පොලු වලින් පහරදී මරා දමනු ලැබේ. එසේ නැතහොත් මාළුවාගේ දැඟලීමට බෝට්‌ටුව පෙරළෙයි. දැලට හසුකර ගොඩට ගන්නා මසුන් මිය යන්නේ හුස්‌ම හිරවූ මිනිසකු ප්‍රාණ භීතියෙන් දඟලා මිය යන ආකාරයෙනි. එහෙත් මසුන් නොමැරුවොත් ධීවරයා හාමතේ මිය යායි. මෙතැනදී මත්ස්‍යයාට මරණය අත්වන්නේ ඌ මිනිසා තරම් දියුණු නැති හිතන්නට බැරි දුර්වල සතකු නිසාය.
********************
සැමන් මත්ස්‍යයාට පසු ආහාර පිණිස ගන්නා ලොව ජනප්‍රියම මත්ස්‍යයා ටූනා හෙවත් බලයාය. Thunini නමැති ගෝත්‍රයට අයත් මැකරල් උප කුලයට අයත් බලයා තවත් වර්ග පහළොවකට බෙදෙයි. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කෙළවල්ලාද මෙයින් එක් වර්ගයකි. පැයට සැතපුම් 47 ක වේගයෙන් පීනන බලයා සාගර ජලයේ උෂ්ණත්වයට වැඩි ශරීර උෂ්ණත්වයක් සහිත ලොව සිටින මත්ස්‍ය වර්ග දෙකෙන් එකකි. ඉවක් බවක් නැතිව ඇල්ලීම නිසා Southern Bluefin tuna නමැති මත්ස්‍ය වර්ගය සදහටම වඳවී ගොස් ඇත. 1940 ගණන් වලදී වසරකට අල්ලන ලද බලමාලු ප්‍රමාණය ටොන් තුන්ලක්‍ෂයකි. 1960 ගණන්වලදී එම ගණන අවුරුද්දට ටොන් දසලක්‍ෂයකි. මේ වන විට එම ප්‍රමාණය අවුරුද්දට ටොන් හතළිස් ලක්‍ෂයකි. ලෝක බල මාළු සැපයුමෙන් 22% ක් ඉන්දියානු සාගරයේදී අල්ලනු ලැබේ. ජපානය බලමාළු කෑමේ මහත්වූ උන්මාදයකින් පෙළෙයි. ඔවුහු ඒ සඳහා කියන ඕනෑම ගණනක් ගෙවති. 2014 දී පැවැති වෙන්දේසියකදී එක් ගැනුම්කරුවෙක් බල මාළු කිලෝ 221 ක තොගයක් ඩොලර් දසලක්‍ෂ 1.75 කට මිලට ගත්තේය. මේ අනුව කිලෝවක මිල ලංකාවේ මුදලින් රුපියල් පන්ලක්‍ෂය ඉක්‌මවයි.
බල මාළුවා මුල් වතාවට ටින්වල අසුරා විකූණන ලද්දේ ඔස්‌ටේ්‍රලියාවය. ඒ 1903 දීය. ඇමරිකාව හා බ්‍රිතාන්‍ය යන රටවල "ටූනා සැන්ඩ්විච්" ඉතා ජනප්‍රියය. ජපන් ජාතිකයා වැඩිපුර බලමාළු කන්නේ අමුවෙනි. බත්වලින් සාදන Sushi නමැති ජපන් ආහාරයට තුනියට කපනලද බලමාළු පෙති ඇතුළත්ය. එම මාළු පෙති සෝයා සෝස්‌වල දවටා ආහාරයට ගනු ලැබේ. ටූනා මත්ස්‍යයා විකුණා ගැනීම සඳහා ලොව පුරා විවිධ ව්‍යාපාර පවතී. ටූනා හෙවත් බල මාළුවා රැක ගන්නේ ඌ කෙරෙහි පතල කරුණාවෙන් නොව ඌ ආහාරයට ගැනීමටය. මෙවැනි එක් ව්‍යාපාරයක උධෘත පාඨය වන්නේ "ඔබේ සැන්ඩ්විච් එක සඳහා ටූනා මත්ස්‍යයා රැක ගන්න" යන්නය. බල මාළුවා වෙනුවෙන්ම ඇති සංවිධාන කිහිපයක් මෙසේය.
1. බටහිර මධ්‍යම ශාන්තිකර සාමුද්‍රීය ධීවර කොමිසම
2. අන්තර් ඇමරිකානු ඝර්ම කලාපීය ටූනා කොමිසම
3. ඉන්දියන් සාගර ටූනා කොමිසම
4. අත්ලාන්තික බලයා සුරැකීම සඳහා වූ ජාත්‍යන්තර කොමිසම
5. දක්‍ෂිණ සාගරයේ නිල් වරල් ටූනා සුරැකීම සඳහා වූ කොමිසම
බල මාළුවා සුරැකීම යනු ඌ ආහාරයට ගැනීම සඳහා පරෙස්‌සම් කර ගැනීම බව නැවත වරක් කියමු. මාළුවා ඇම ගිලින්නේ නුවණ මඳ බැවිනි. ඌ අපට වඩා නුවණක්‌කාරයෙක් නම් ඇම ගිලින්නේ අපය.
0 Comments