ප්රශ්නය - ඔස්ටියෝ ආතරයිටිස් නමින් රෝගයක් ගැන අපට නිතර අසන්නට ලැබෙනවා. මෙය බෝ නොවන ඛාණ්ඩයේ රෝගයක්. මෙය සහ සාමාන්‍යයෙන් ආතරයිටිස් යනුවෙන් හැඳින්වෙන රෝගය අතර වෙනසක් තිබෙනවාද ?
වෛද්‍ය වික්‍රමාරච්චි - පිරිසිදු සිංහල දේශීය වෙදකමේ එන විදියට ඔස්ටියෝ ආතරයිටිස් කියන්නෙත් ආතරයිටිස් රෝගයේම ප්‍රභේදයක්. සන්ධි අවජනනය වීම මේ රෝගයේ මුල බව නිර්වචනය කෙරෙනවා. තවත් සමහර වෛද්‍ය ක්‍රමවලට අනුව මෙය හඳුන්වන්නේa ගෙවී ගිය හෝ ඉරී ගිය සන්ධි රෝගය හැටියටයි. අස්ථි දෙකක් එකිනෙක මුණගැසෙන සන්ධි තුළ කාටිලේජ නමැති ඝන ජෙලි හා සමාන ද්‍රව්‍යයක් තිබෙනවා. ඔස්ටියෝ ආතරයිටිස් කියන්නේ මේ කාටිලේඡ් හානියට පත්වී ඒවා තුළින් අස්ථි නෙරා එන්නට පටන් ගැනීමත්, ඒ නිසා දරුණු වේදනාකාරී තත්ත්වයක් හට ගැනීමත්, සන්ධි එහා මෙහා කර ගැනීමට
බැරි වීම, සන්ධි ඉදිමීම යන ආබාධ ඇතිවීමක් ලෙස දේශීය සිංහල වෙදකමේ සඳහන් වෙනවා.
ප්රශ්නය - මේ රෝගය බහුලව වැළඳෙන්නේ ශරිරයේ කවර ස්ථානවලට ද?
වෛද්‍ය වික්‍රමාරච්චි - ඇඟිලි, මැණික්කටුව, ගෙල, පිටකොන්ද, යටි පතුල සහ ඉන යන ප්‍රදේශවල තමයි වැඩිපුරම වේදනාවන් හටගන්නේ
ප්රශ්නය - ඔස්ටියෝ ආතරයිටිස් රෝගයේ රෝග ලක්ෂණ මොනවාද?
වෛද්‍ය වික්‍රමාරච්චි - රෝගය නිසා ආසාදනයට ලක් වූ මාංශ පේශීs ආශ්‍රිතව හට ගන්නා දරුණු වේදනාව තමයි මූලික ලක්ෂණය. සාමාන්‍ය යෙන් වේදනාව හටගන්නේ උදය කාලයේදීය. ඒ කියන්නේ ඇඳෙන් නැගිටලා පැය භාගයක් විතර යන තුරු වේදනාව පවතිනවා. එහෙත් ටික වේලාවක් ගිය පසු ඒ තත්ත්වය මඟහැරී යනවා. ඒ එක්කම අතපය දිග හැර ගන්නට බැරි තත්ත්වයකුත් ඇති වීමට පටන් ගන්නවා. ඊළඟÊඅවස්ථාවේදී සන්ධි දිග හරින විට වේදනාවක් ඇති වෙනවා. ඒ අතර විටින් විට සන්ධි තුළ වතුර පිරෙන්නටත් පටන් ගන්නවා.
ඔස්ටියෝ ආතරයිටිස් රෝගයට බහුලව බඳුන් වෙන්නේ ශරීරයේ බර දරන අස්ථි කොටස් බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ඒ නිසා ඉඟටිය, දණහිස් වැනි ප්‍රදේශවලට සිදුවන බලපෑම ඉහළයි.
ප්රශ්නය - මේ රෝගය හටගන්නේ ඇයි?
වෛද්‍ය වික්‍රමාරච්චි - ප්‍රධානතම හේතුව අස්ථි අතර සන්ධි ක්ෂයවන වේගයෙන් යළි වර්ධනය නොවීමයි. සන්ධි ක්ෂය වීමටත් හේතු තිබෙනවා. ශරීරයේ බර දරන්නට තරම් බැරි වන විට ඊට සාපේක්ෂව සන්ධි ගෙවීම සිදුවනවා. ඒ එක්කම ජානමය උරුමයෙනුත් මේ රෝගය වැළඳෙන්නට පුළුවන්. උදාහරණයක් වශයෙන් මව් උරුමයෙන් හෝ පිය උරුමයෙන් රෝගය හට ගැනීමට පුළුවන්. ඒ වගේම එක් නිවුන් දරුවකුට රෝගය වැළඳුනහොත් අනෙක් නිවුන් දරුවාටත් රෝගය හටගැනීමට ඇති ඉඩකඩ ඉහළයි. වානරයා, මනුෂ්‍යයා බවට පරිණාමනය වීමට පටන් ගත් විට, එනම් සිවු පාදයෙන් ගමන් කිරීම නවත්වා, දෙපයින් ගමන් කිරීමට පටන් ගත් විට ඔහුගේ සිරුරේ උකුල, ඉඟටියේ සන්ධි, කොඳුඇට පෙළ යන ප්‍රදේශවල හටගත් වෙනස්වීම් නිසා ඔස්ටියෝ ආතරයිටිස් රෝගය හට ගැනීමේ අවදානම ඇති වුණා. මේ අතර කාන්තාවන්ගේ, ලිංගික හෝමෝන ක්‍රියාවලිය වෙනස් වන කාලයේදී, එනම් ආර්ථවහරණය සිදුවන කාලයේදීත් ඔස්ටියෝ ආත්රයිටිස් වැළඳීමේ ප්‍රවණතාව හටගන්නවා.
ප්රශ්නය - ආත්රයිටිස් රෝග ඛාණ්ඩයට අයත් වන රෝග කීයක් තිබෙනවාද?
වෛද්‍ය වික්‍රමාරච්චි - සියයක් විතර තිබෙනවා. ඒවා අතුරින් ප්‍රමුඛතාව ලැබෙන්නේ ඔස්ටියෝ ආත්රයිටිස්, රුමටොයිඩ් ආත්රයිටිස්, පිසොරියෑටික් ආත්රයිටිස් යනාදියයි.
ප්රශ්නය - මේ රෝගය වැළඳී ඔබ අතින් සුවපත් වුණ රෝගීන් ගැන තිබෙන අත්දැකීම් මොනවාද?
වෛද්‍ය වික්‍රමාරච්චි - ආසන්න අත්දැකීම තමයි මේ දිනවල මා වෙතින් ප්‍රතිකාර ලබන රෝගී මැදිවියේ මහතා. ඔහුගේ වයස අවුරුදු 55 ක් විතර ඇති. ඔහු මුලින්ම මා වෙත ආවේ කුදු ගැහීගෙන. ඔහු පරීක්ෂා කිරීමේදී මට තේරුම් ගියා ඔහුට මේ රෝගය ජානමය උරුමයෙන් වැළඳී ඇති බව. මා මුලින්ම කළේ ඔහුට මහා හරි තෛලය නියම කිරීමයි. ඖෂධ වර්ග 21 ක් සිඳුවා නිපදවන මේ තෛලය අවුරුදු 1000 කට වඩා පරණ වට්ටෝරුවක් ඇසුරින් තැනූවක්. ඊළඟට මා ඔහුට පිරිසිදු සිංහල කසායක් (ආයුර්වේද නොවේ) නියම කළා. දිනකට දෙවේල බැගින් මාසයක් මේ කසාය ගත යුතුයි. ඒ අතර ආත්රයිටිස් රෝගීන්ට සුදුසු ආහාර පාන පමණක් ගන්නත් මා නියම කළා. දැන් ඔහු ප්‍රතිකාර ලබන දෙවන මාසයයි. අද වන විට ඔහුගේ ශරීරයේ කුදු භාවය තුරන් වී ඇති අතර සන්ධි වේදනාවන් නැති වී ගොස් තිබෙනවා.
ලබන සතියේ තව කොටසක්
මේ පිළිබඳ උපදෙස් සඳහා
0759061771 අංකයට කතා කරන්න
සාකච්ඡා කළේ
අශේන් රඹකොස්වැව
0 Comments