ගෝලීය නිෂ්පාදනයට දායකවීමට ශ්‍රී ලංකාව ගතයුතු මග


ශ්‍රී ලංකාවේ ඉපදී හැදී වැඩුණු ජාත්‍යන්තර කීර්තිධර ආර්ථික විද්‍යාඥයකු වන ඔස්‌ටේ්‍රලියානු ජාතික විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරල මහතා මෑතකදී ලංකාවේ සිදුකළ සංචාරයේදී අප රටට උචිත ආර්ථික ප්‍රතිපත්ති සහ උපාය මාර්ග පිළිබඳ කොළඹ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේදී දේශන මාලාවක්‌ පවත්වන ලදී. මෙම දේශනා මාලාව ඇසුරින් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්. ඒ. විඡේවර්ධන මහතා විසින් ඉංග්‍රීසි පුවත්පත්වල ලිපි කිහිපයක්‌ පළකර තිබුණි. එම ලිපි ඇසුරින් සහ ඩබ්. ඒ. විඡේවර්ධන මහතා සමඟ කළ සාකච්ඡාවක්‌ ඇසුරින් මෙම ලිපිය සැකසුණි.

ගෝලීය නිෂ්පාදන ක්‍රියාවලියට එකතුවීම යනු කළමනාකරණ ගුරු පීටර් ඩුකර් හඳුන්වා දෙන පරිදි අවසාන නිෂ්පාදන අඩංගු විවිධ උපාංග, ලෝකය පුරා විසිරී සිටින නිෂ්පාදකයන් සමූහයක්‌ විසින් නිමකිරීමයි. මෙම සංකල්පය දැනටමත් පවත්නා කලාපීය වශයෙන් හෝ ගෝලීය වශයෙන් භාණ්‌ඩයකට වටිනාකම් එකතු කිරීමේ ක්‍රියාවලියේ තවත් එක්‌ දියුණු අවස්‌ථාවකි. උදාහරණයක්‌ ලෙසට අපනයනයට පෙර කැපූ මල්වල එකතු කළ වටිනාකම වැඩිකිරීම සඳහා ඇසිරීම සඳහා වෙනත් ආයතනයක්‌ භාර ගැනීම දැක්‌විය හැක. ඒ ආකාරයටම ගෝලීය නිෂ්පාදන ක්‍රියාවලියේදීද උපාංග නිපදවමින් භාණ්‌ඩයකට වටිනාකම එකතු කිරීමට යම් රටකට දායක විය හැකිය.

මහා පරිමාණයෙන් උපාංග නිපදවීමෙන් ලාභ ඉපයීම

ගෝලීය නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වීම තවත් අතකින් බැලුවහොත් එකම භාණ්‌ඩයක විවිධ කොටස්‌ නිපදවීම සහ සැපයීම විය හැකිය. උදාහරණයක්‌ ලෙසට ජපානයේ නිෂ්පාදනය කෙරෙන ටොයෝටා මෝටර් රථයේ විවිධ උපාංග ලෝකයේ විවිධ රටවල පිහිටි කර්මාන්ත ශාලාවලින් සපයනු ලබයි.

මහාචාර්ය අතුකෝරල පෙන්වා දෙන පරිදි ටොයෝටා මෝටර් රථ සඳහා අධිසංවේදී බැලුන හෙවත් එයාර් බෑග් නිපදවා සපයනු ලබන්නේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආයතනයක්‌ විසිනි. ඒ අනුව මෙම ශ්‍රී ලාංකික ආයතනය ජපානයේ ටොයෝටා ආයතනය එහි නිෂ්පාදනයට දායක වී සිටී. යම් නිෂ්පාදනයක එක්‌ උපාංගයක්‌ නිපදවීමෙන් ලැබෙන ලාභය කුඩා වුවද මහාපරිමාණ ගෝලීය නිෂ්පාදන ක්‍රියාවලියකට සම්බන්ධ වීමෙන් ඩොලර් බිලියන ගණනින් ආදායම් උපදවා ගත හැකිය.

හොඳම උදාහරණය ඇපල් ජංගම දුරකථන

ඇපල් ජංගම දුරකථන නිර්මාණය කෙරෙනුයේ ඇමෙරිකාවේ හෝ ඊශ්‍රායලයේය. මෙසේ නිර්මාණය කෙරෙන ඇපල් ජංගම දුරකථන අවසාන වශයෙන් එකලස්‌ කෙරෙන්නේ චීනයේ පිහිටි තායිවානයට අයත් ෙµdක්‌ස්‌ කොන් සමාගමේදීය. ඇපල් අයිෙµdaන් 6 හි උපාංග ලොව පුරා රටවල් 31 පිහිටි කර්මාන්තශාලා 815 තුළදී නිපද වේ. මෙම රටවල් ආසියාව, අප්‍රිකාව, යුරෝපය, උතුරු සහ දකුණු අමෙරිකාවට අයත්ය. මෙම සියලු රටවල් දියුණු රටවල් නොවේ.

ඇපල් අයිෙµdaන් ජංගම දුරකථන සහ දුප්පත්/පොහොසත් රටවල්

ඇපල් අයිෙµdaන් 6 ජංගම දුරකථනයේ උපාංග දියුණුවන රටවල් වන තායිලන්තය පිලිපීනය, ඉන්දුනීසියාව, වියට්‌නාමය, කොස්‌ටාරිකා, පියුටොරිකා, මොරොක්‌කෝ, මෝල්ටා සහ බ්‍රසීලය යන රටවල නිපදවේ. එබැවින් අයිෙµdaන් 6 යනු එක රටක නිෂ්පාදනයක්‌ නොවන අතර විවිධ රටවල් සහභාගි වී නිපදවා ඵල ලබන ගෝලීය නිෂ්පාදනයකි. ලෝකය පුරා පිහිටි මෙම අයිෙµdaන් දුරකථන නිපදවන කර්මාන්ත ශාලාවල සේවය කරන මිලිsයන එක හමාරක්‌ පමණ දෙනා මෙම භාණ්‌ඩ අලෙවියේ ඵලදාව භුක්‌ති විඳිති. මෙසේ ගෝලීය නිෂ්පාදනයට එක්‌කාසුවීම එක්‌ අතකින් ධනවාදී සංකල්පයකට වඩා සමාජවාදී සංකල්පයක්‌ බවට පත්වී ඇත.

ඇපල් අයිෙµdaන් 6 ජංගම දුරකථනයේ පිරිවැය උපාංග නිපදවන විවිධ රටවල් අතර බෙදීගිය ආකාරය විශ්ලේෂණය කළ පසු පෙනී ගියේ එක්‌ රටකටවත් ඉතා විශාල වටිනාකමක්‌ ලැබී නැති බවයි. උදාහරණයක්‌ වශයෙන් මෙම නිෂ්පාදනය අවසාන වශයෙන් එකලස්‌ කරන චීනයට එක්‌ අයිපෝනයක්‌ සඳහා ලැබී ඇත්තේ ඇ.ඩොලර් 10 කි. කෙසේ වුවද, ජාත්‍යන්තර වෙළෙඳපළ තුළ මෙම භාණ්‌ඩයට හිමි තැන මත පදනම් වෙමින් අතිවිශාල ආදායමක හිමිකම් කීමට මෙම රටවල් සමත්වී ඇත.

ගෝලීය නිෂ්පාදන ජාලය

ගෝලීය නිෂ්පාදන ජාලය යන සංකල්පය සැපයුම් දාමය යන නමින්ද හැඳින්වේ. මෙහි වැරදි අදහසක්‌ ගැබ්වී ඇපල් සමාගම මෙම සංකීර්ණ අධිතාක්‍ෂණික උපාංග විවෘත වෙළෙඳපලෙන් මිලදී ගෙන එකලස්‌ කිරීම පමණක්‌ සිදුකරනවා යන හැඟීමක්‌ ජනිත වී ඇත. නමුත් ඇපල් අයිෙµdaන් වැනි අධිතාක්‍ෂණික සංකීර්ණ නිෂ්පාදනයක්‌ එසේ නොවනුයේ මෙම වටිනා වෙළෙඳ සන්නාමය හිමිකරු නිෂ්පාදනයේ ඉහළ ගුණත්වය පිළිබඳ වගකීමෙන් බැඳී සිටීමත් එය අලෙවිය සඳහා ගෝලීය වෙළෙඳ පළ ඉදිරිපත් කිරීමත් නිසාය. එබැවින් මහාචාර්ය අතුකෝරළට අනුව මෙකී උපාංග "ගෝලීය නිෂ්පාදන ජාලය" නමැති පූර්ව එකඟතා ගිවිසුම් හරහා නිෂ්පාදනය කෙරේ. මෙවැනි ජාල සහ ඔවුනට අනුබද්ධ ගෝලීය නිෂ්පාදන ක්‍රියාවලිය මගින් නිෂ්පාදන හා ප්‍රතිහුවමාරු සේවා සිදුකරයි. මෙම කුමන අවස්‌ථාවේ වූවද භාණ්‌ඩයේ නිෂ්පාදන ගුණත්වය, බෙදාහැරීමේ ගුණත්වය සහ පසුවිකුණුම් සේවා ගුණාත්මකව පවත්වා ගෙනයැම ආදිය පිළිබඳව සන්නාමනාම හිමිකරුවා සහතික විය යුතුය.

සැපයුම්කරුගේ වගකීම අනිවාර්ය වේ

එබැවින් සන්නාමය හිමිකරුවා විසින් තම සැපයුම්කරුවන්ව වගකීම් සමුදායකින් බඳවා තැබිය යුතුය. මෙම වගකීම් අතර කම්කරු නීති පිළිබඳ ජාත්‍යන්තර පරිචයන් එක්‌ එක්‌ රටවල වාණිජ නීති, සම්මුතීන් සහ ගුණත්වය පිළිබඳ නිර්නායකයනට අනුගත වීමට සෑම සැපයුම්කරුවකුටම සිදුවේ.

මේ සම්බන්ධයෙන් ඇපල් සමාගම තම සැපයුම්කරුවන් සියලු දෙනාම නිරන්තර විගණනයකට ලක්‌කරනු ලැබේ. එහිදී එක්‌ එක්‌ සැපයුම්කරු තම වගකීමට අනුගතවීම, කම්කරු නීතිරීති වලට බැඳීම, කම්කරු අයිතිවාසිකම් සේවකයන්ගේ ස්‌වයං සංවර්ධන අවස්‌ථා පිළිබඳ පුහුණු වැඩසටහන් ආදිය පිළිබඳ විමර්ශනය කෙරේ. ඒ අනුව 2012 වසරේ සිට ලක්‍ෂ පහළොවක්‌ පමණ වූ ඇපල් ගෝලීය ශ්‍රම හමුදාවට කම්කරු අයිතිවාසිකම් පිළිබඳ පුහුණුවක්‌ සහ දෙලක්‍ෂ අසූදහසක්‌ පමණ සේවක පිරිසකට ස්‌වයං සංවර්ධනය පිළිබඳ පුහුණුවක්‌ ලබාදී ඇත. මෙය ගෝලීය සන්නාම හිමිකරුගේ වගකීමක්‌ මෙන්ම පිරිවැයකි.

එකඟවූ මිල, වෙළෙඳපල මිල නොවේ

නිශ්චිත කාර්යක්‌ උදෙසා ගෝලීය නිෂ්පාදන ජාල හා සම්බන්ධ වූ විට මිල පිළිබඳ ප්‍රශ්නයක්‌ ඇතිවේ. ඊට හේතුව මෙවැනි උපාංග සඳහා ලැබෙන මිල විවෘත වෙළෙඳපල මිල නොවීම සහ ගිවිසුම්ගත එකඟතා මගින් ඇතිකරගන්නා වූ මිල විවෘත වෙළෙඳ මිලට වඩා අඩුවීමයි. මෙවැනි අවස්‌ථා බදු නිලධාරීන්ගේ සැකයට භාජන වන්නේ තම රටේ ආර්ථිකයට ලැබිය යුතු ආදායම් මෙසේ අඩුමිලක්‌ අයකිරීම මගින් විදේශයට ගලායන බවට ඇතිවන විශ්වාසය නිසාය.

මෙම සැබෑ මිල නාමික හුවමාරු මිලක්‌ යයි සැකකරන බදු නිලධාරීහු දේශීය සමාගමේ ආදායම වෙළෙඳපල මිල ගණන් පදනම් කරගනිමින් තක්‌සේරුකර බදු ගෙවන ලෙස බලකර සිටිය හැක.

මහාචාර්ය අතුකෝරල පවසන අන්දමට මෙහිදී බදු නිලධාරීන් වඩාත් විචක්‌ක්‍ෂණශීලි සහ සැලකිලිමත් ලෙස කටයුතු නොකළහොත් ඉහළ බදු හේතුවෙන් සමස්‌ත කර්මාන්තයම බිඳ වැටීමට ඉඩ ඇත. නිෂ්පාදකයන්ට ඉතා අඩු ලාභ තීරුවක්‌ පමණක්‌ ඇති හෙයින් සහ මෙම ගෝලීය නිෂ්පාදන ක්‍රියාවලිය අතිශයන් තරගකාරී බැවින් මෙවැනි අදූරදර්ශී බදු පිළිවෙත් දේශීය කර්මාන්තයට අහිතකරව බලපෑ හැක.

භාණ්‌ඩයට එකතුවන අගය අවම වීම

ගෝලීය නිෂ්පාදන ජාලයට දායකවීමේ එක්‌ අවාසියක්‌ වන්නේ එක්‌ නිෂ්පාදකයකු උපාංගයට එකතු කරනු ලබන අගය ඉතා අඩු මට්‌ටමක පැවතීමයි. ඊට හේතුව සමහරවිට මෙම උපාංගය සමස්‌ත නිෂ්පාදනයේ ඉතා කුඩා කොටසක්‌ වීමත් එහි මිල ඉතා අඩු මට්‌ටමක පැවතීමත්ය. තවත් හේතුවක්‌ වන්නේ එක්‌ භාණ්‌ඩයකට අවශ්‍ය උපාංග නිෂ්පාදකයන් රාශියක්‌ සිටීමත් සමස්‌ත නිෂ්පාදන පිරිවැය ඔවුන් සියලු දෙනා අතරේ බෙදීයැමත්ය.

අයිෙµdaන් 6 උදාහරණයට අනුව ලෝකය පුරා විසිරී සිටින නිෂ්පාදකයන් 815 දෙනා අතරේ නිෂ්පාදන පිරිවැය බෙදී යයි. මෙම උපාංග නිෂ්පාදකයන්ගේ ලාභය සැපයුම් පරිමාව මත ර¹ පවතින බැවින් වැඩි ලාභයක්‌ සඳහා වැඩි උපාංග ප්‍රමාණයක්‌ හෝ උපාංග වර්ග ගණනාවක්‌ නිෂ්පාදනය කර ගෝලීය සැපයුම් දාමයට එකතුකළ යුතුය.

මීට පෙර පැවැති නිෂ්පාදන රටාව වූයේ සන්නාමය හිමිකරු විසින්ම සියලුම උපාංග නිපදවා, අලෙවිකර, විකිණීමෙන් පසු සේවාද ඔහු විසින්ම සිදුකිරීමයි. මෙහිදී භාණ්‌ඩයේ එක්‌ එක්‌ නිෂ්පාදන අදියරේදී භාණ්‌ඩයට එකතුවන වටිනාකම් සියල්ලම සන්නාමය හිමිකරුවා වෙත ලැබේ. වර්තමාන නිෂ්පාදන රටාව අනුව භාණ්‌ඩයට එකතුවන්නා වූ වටිනාකම් ලෝකය පුරා විසිරී සිටින නිෂ්පාදනයන් අතර බෙදී යනු ඇත.

විද්‍යා හා තාක්‍ෂණ පදනම නොමැතිව උඩුගං බලා පිහිනිය නොහැක

විද්‍යා සහ තාක්‍ෂණ දැනුම මට්‌ටම ඉතා පහළ මට්‌ටමක පවතින ශ්‍රී ලංකාව වැනි රටකට කෙටි කාලයකදී ඉහළ වටිනාකමක්‌ එක්‌වන අදියරකට එක්‌වීම අපහසු වේ. නමුත් ඊශ්‍රායලය, අයර්ලන්තය, සිංගප්පූරුව, දකුණු කොරියාව සහ තායිවානය යන රටවල් ඉහත සඳහන් කළ අංශ දෙකකින් ඉදිරියට යමින් පවතී. දෙවන මට්‌ටමේ රටවල් වන ඉන්දියාව, මලයාසියාව සහ තායිලන්තය යන රටවල්ද පළමු මට්‌ටමේ රටවල් මට්‌ටමට වේගයෙන් ළඟාවෙමින් පවතී.

මෙම නැගී එන්නා වූ නිෂ්පාදන මොඩලයේ වාසි ලබාගැනීමට නම් ශ්‍රී ලංකාවද සිංගප්පූවේ සහ ඉන්දියාව සමඟ සහයෝගිතාවකට පැමිණිය යුතුයි. ඒ සඳහා එක්‌ මඟක්‌ වන්නේ ඉන්දියාව සමඟ ආර්ථික සහයෝගිතා ගිවිසුමකට එළඹීමයි.

ශ්‍රම සූක්‍ෂම නිෂ්පාදන ක්‍රමයකින් පටන් ගත යුතුය

ඊළඟට සලකා බැලූවිට වැඩි ශ්‍රමය උපයෝගිවන, දැනුම අඩුවෙන් භාවිත වන අවස්‌ථාව වන්නේ නිෂ්පාදන අවධියයි. නමුත් නිෂ්පාදන අවධියේදී භාණ්‌ඩයට අඩු වටිනාකමක්‌ එකතුවන අතර යම් රටකට වැඩි ප්‍රතිලාභ ලැබීමට නම් මහා පරිමාණ නිෂ්පාදන උපාය මාර්ගයක්‌ වෙත යා යුතුය.

උදාහරණයක්‌ දක්‌වන මහාචාර්ය අතුකෝරල තායිලන්තය ලෝක දෘඪාංග තැටි නිෂ්පාදනයේ ප්‍රමුඛයකු බවත් මේ සඳහා අවශ්‍ය අනෙකුත් උපාංග වෙනත් රටවල් ගණනාවකින් තායිලන්තයට ආනයන කරන බවත් ඒවායේ මිල ගිගා බයිටයකට ඩොලර් 0.04 සිට 0.045 වන බවත් පවසයි. එබැවින් යම් නිෂ්පාදකයකුට විශාල ලාභයක්‌ ලැබීමට සහ විශාල වටිනාකමක්‌ එකතු කිරීමට අවස්‌ථාවක්‌ නොලැබේ. කෙසේ වූවද, තායිලන්තය මෙම දෘඪාංග නිෂ්පාදනයේ ප්‍රමුඛයා වශයෙන් වසරකට දෘඪාංග තැටි මිලියන 180/190 නිෂ්පාදනය කිරීම මගින් තම රටේ ජාතික ආදායමට විශාල අපනයන ආදායමක්‌ එක්‌කරයි.

කෙසේ වුවද පරිගණකගත දත්ත ගබඩාකිරීමේ තාක්‍ෂණයේ සිදුවන වෙනස හේතුවෙන් දෘඪාංග තැටි භාවිතයෙන් ඉවත්වෙමින් ද්‍රව තැටි භාවිතයට එක්‌වෙමින් පවතී. එබැවින් තායිලන්තයේ දෘඪාංග තැටි නිෂ්පාදන වෙළෙඳපළ අවදානම් තත්ත්වයකට මුහුණ පාමින් සිටින අතර ඝන තැටි නිෂ්පාදන තාක්‍ෂණයට මාරුවීමේ තායිලන්ත උත්සාහය ප්‍රගතියක්‌ අත්කර ගනිමින් පවතී.

මෙයින් පැවසෙන්නේ නවීන තාක්‍ෂණයට අනුගත වීම මෙකී ගෝලීය නිෂ්පාදන ආතතියේ අනිවාර්ය අංගයක්‌ බවයි.

අපනයනය අතින් ශ්‍රී ලංකාව යහපත් මට්‌ටමක නැත

පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවේ අපනයන අමෙරිකානු ඩොලර් වටිනාකමින් ගත් විට ඉහළ ගොස්‌ ඇත. නමුත් මෙය ගෝලීය අපනයන වර්ධනය හෝ සම මට්‌ටමේ අනෙකුත් රටවල අපනයන වර්ධනය සමඟ සමපාත නොවේ.

දළ දේශීය නිෂ්පාදනයේ අපනයන සඳහා තිබූ දායකත්වය 2005 වසරේදී 27% වූ අතර එය 2015 වසර වන විට 15% වඩා පහළ මට්‌ටමකට අඩුවී තිබිණි. ගෝලීය අපනයනයෙන් අප රටට අයිති කොටස 2000 වසරේදී 0.08% වූ අතර එය 2014 දී 0.057% දක්‌වා පහළ වැටුණි. 2015 වසරේදී මෙම ප්‍රතිශතය ආන්තික වශයෙන් 0.06% වර්ධනය වූවද එය ශ්‍රී ලංකා අපනයන ක්‍ෂේත්‍රයේ වර්ධනයක්‌ නිසා නොව ගෝලීය ආර්ථිකය 13% පහත වැටීම නිසාය. කෙසේ වුවද ගෝලීය අපනයන වර්ධනයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා අපනයන සාධනීය වර්ධනයක්‌ නොපෙන්වන බව පැහැදිලිය.

ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රතිශතය 2005 සහ 2015 කාලසීමාව අතර අවස්‌ථා දෙකකදී පමණක්‌ වර්ධනයක්‌ පෙන්වූවද අපගේ අසල්වැසි බංගලාදේශය මෙම කාලසීමාව අතරදී අවස්‌ථා 04 ක අපනයන වර්ධනයක්‌ අත්කරගෙන ඇත. බංගලාදේශය මෙම වර්ධනය අත්කර ගත්තේ නිමි ඇඳුම් අපනයන සහ රෙදිපිළි අපනයනය යන දෙඅංශයේ වර්ධනය හේතුකොට ගෙනය. ශ්‍රී ලංකාවට මෙම වර්ධනය අත්කර ගැනීමට නොහැකි වූයේ අපගේ අසල්වැසි බංගලාදේශයේ ශ්‍රම පිරිවැය අපට වඩා ඉතා අඩු මට්‌ටමක පවතින බැවිනි.

මෙයින් පෙන්නුම් කරන්නේ මැදි ආදායම් උගුලෙහි සිරවී ඇති ශ්‍රී ලංකාව වැනි රටක්‌ කෙටි කාලයකදී ජයගතයුතු අභියෝගයක්‌ය. වර්තමාන රජයේ සැලසුම වන්නේ 2030 දී ශ්‍රී ලංකාව සංවර්ධිත රටක්‌ බවට පත්කිරීමයි. මැදි ආදායම් රටක තත්ත්වයෙන් මිදී ඉහළට යැම අසීරු තත්ත්වයකදී මෙම අභියෝග ජයගැනීම අසීරුය.

කුඩා ආර්ථිකයක්‌ වශයෙන් ශ්‍රී ලංකාවේ ධනය සහ සෞභාග්‍යය ඉහළ නැංවිය හැක්‌කේ දේශීය වෙළෙඳපලට වඩා විශාල වෙළෙඳසලකට භාණ්‌ඩ නිපදවීමෙනි. ශ්‍රී ලංකාව ස්‌වභාවයෙන් ප්‍රචණ්‌ඩ විලක ජලපහර සහිත සිටින කුඩා මාළුවකු වැනිය. නමුත් නියමාකාර තාක්‍ෂණය ඇතොත් සිංගප්පූරුවද කොරියාව සහ තායිවානයේ 1970 සහ 80 දශක සිදුකළ පරිදි මෙම ප්‍රචණ්‌ඩ රළ පහර මැදින් ආරක්‍ෂිතව පිහිනා යා හැක.

ගෝලීය නිෂ්පාදනයට දායක වීම අනිවාර්ය වේ

අප කළ යුත්තේ සරළ තාක්‍ෂණ සහිත නිෂ්පාදකයකුගේ සිට සංකීර්ණ තාක්‍ෂණ සහිත නිෂ්පාදකයකුගේ තත්ත්වයට මාරු වීමයි. නමුත් ශ්‍රී ලංකාවට සංකීර්ණ තාක්‍ෂණය භාවිත කරන නිෂ්පාදකයකු වීමට තිබෙන බාධක සලකා බලන කල්හි විකල්ප ක්‍රියාමාර්ග වන්නේ මහාචාර්ය අතුකෝරල යෝජනා කරන ඉහත සඳහන් උපාය මාර්ගයයි. එනම් ජාත්‍යන්තර වෙළෙඳපලට සම්පූර්ණ නිමිභාණ්‌ඩයක්‌ අපනයනය කිරීමට උත්සාහ කිරීමට වඩා ගෝලීය නිෂ්පාදන ජාලයේම උපාංග නිෂ්පාදකයකු වීමයි. සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමේ උපාය මාර්ගයේදී මේ පිළිබඳව සැලකිල්ල දැක්‌වීම කාලෝචිත වේ.

සැකසුම - සුනිල් චන්ද්‍රසිරි

Post a Comment

0 Comments