පිදෙල් කස්‌ත්‍රො නමැති ගොවියා


අක්‌කර දස දහස්‌ ගණනක්‌ හිමි ඉඩම් හිමියකුගේ පුතෙකු වූ පිදෙල් තම ජීවිතයේ පළමුවෙන්ම නිරීක්‌ෂණය කළේ ගොවි ජීවිතයයි. තම පවුලේ ඉඩම් වල සේවය කරන ගොවීන් ඔහු හමුවූ පළමු මිනිස්‌ කාණ්‌ඩයයි. 

නාඹර යොවුන් වියේදීම විප්ලවය දික්‌විජය කළ මේ කියුබානුවා පළමුවෙන්ම සිදුකළේ ද කියුබානු ගොවි ජනතාව වෙත ඉඩම් හිමියන් සතු ඉඩම් බෙදා දීමයි. ඔහු එකල තම රටේ ගොවීන් සමඟ උරෙනුර ගැටී ගොවිතැන් කළ, අස්‌වනු නෙලූ නායකයා විය. එලෙසම රාවුල්ගේ බිරිඳ වූ විල්මා එස්‌පින්, විප්ලවයේ නායිකාවක්‌ වූ සීලියා සන්චෙස්‌. එබල් සන්තාමරියා, වැනි ඉඩම් හිමි උගත් රදල පන්තියේ විප්ලවවාදීන් සමඟ එක්‌ව තමන් ජයගත් විප්ලවය තුළින් තමන්ගේම ඉඩම් ගොවීන්ට බෙදාදුන් විප්ලවවාදියාද විය .

කස්‌ත්‍රොවරුන් මරණය තෙක්‌ම දක්‌ෂ ගොවීහූ වූහ. කියුබාවේ සුප්‍රකට ගොවියකු ලෙස මියගිය පිදෙල්ගේ වැඩිමහල් සොහොයුරු රමොන් කස්‌ත්‍රොa විප්ලවයෙන් පසු සීනි කර්මාන්ත පිළිබඳ වගකීම් දැරුවෙකි. රජකම් කළත් ගොවිකම් අත්නොහළ කය ඉඩ ලැබෙන සෑම විටම කය වෙහෙසා ගොවිකම් කළ කස්‌ත්‍රොaවරුන් දිගු කලක්‌ ජීවත්වීමට නම් දැරුවෝ වෙති, පිදෙල් මියගියේ අවුරුදු 90 දීය. රමොන් කස්‌ත්‍රොa ගොවියාද වසර 92 ක්‌ ජීවත් විය. රවුල් 90 වියට ආසන්නව කියුබානු දේශය හසුරුවයි, කස්‌ත්‍රොaවරුන්ගේ උරුමය ගොවිතැනයි. දස වසරක්‌ පමණ විප්ලවවාදී ජීවිතයෙන් විශ්‍රාම ගොස්‌ සිටී පිදෙල් පිළිකාවකින් පීඩා විඳි බව කියවේ. ඉතා නිහඬ දිවියක්‌ ගතකළ පිදෙල් පසුගිය කාලයේ යළිත් නිරෝගී මිනිසකු විය. විටින් විට අමුත්තන්ටද දොර විවර කළ විශ්‍රාමික පිදෙල් පුවත්පත්වලට නිවේදනද පිළියෙළ කළ හැකි ස්‌මරණ ශක්‌තියක්‌ යළි ළඟා කර ගත්තේය. 600 වතාවක්‌ ඇමෙරිකානු ඝාතන සැලසුම් පරාජය කර ජීවිතය රැකගත් ලොව බිහිවූ විශිෂ්ටතම මිනිසකු වූ පිදෙල් තම ජීවිතය අවසානයේ සුවපත්වීම වීම පිළිබඳ කරනු ලැබුවේ අපුරු හෙළිදරව්වකි.

ජීවිතයේ අවසාන සමයේ ඇමෙරිකානු ඝාතන මෙහෙයුම්වලින් ජීවිතය රැක ගැනීම ගැන කතා නොකළ පිදෙල් මුරුංගා පොකුරක්‌ රැගෙන ජන සමූහයක්‌ ආමන්ත්‍රණය කළේය (එම ඡායාරූපය ඔබට වෙබ් අඩවි වලින් නැරඹිය හැක). එලෙසම මරණයට ඉතා කෙටි කලකට පෙර පවා තම ගොවිපලේ මුරුංගා නෙලන පිදෙල් කස්‌ත්‍රොaගේ පින්තූරයක්‌ ලොව පුරා මිනිසුන් මහත් ආශ්වාදයට පත් කළේය. පිළිකා මාරයාගෙන් තම ජීවිතය බේරාගත්තේ මුරුංගා බව ඔහු කීවේය. ඇමෙරිකානු මාරයාගෙන් තම ජීවිතය බේරාගැනීම ගැන කතා නොකළ පිදෙල් පිළිකා මාරයාගෙන් මිනිසුන් බේරාගැනීම පිළිබඳව වඩාත් කතා කළේය. රට පුරා මුරුංගා වගා කිරීමට නියෝග කළේය. මුරුංගා සහ වෙනත් විශේෂ සමඟ ලොව පුරා මිනිසුන් සුවකිරීමට පිළිකා නාශක ඔසු නිපදවීම වඩ වඩාත් වේගවත් කළේය. ඉන්දියාවෙන් සහ චීනයෙන් මුරුංගා ලතින් ඇමෙරිකාවට පැමිණි අයුරු කතා කළේය, එහි ඇති ඖෂධීය ගුණ, ක්‌ෂුද්‍ර පෝෂක සංඝටක ගැන ජනතාව දැනුවත් කළේය. තේ පානය කරන ලෙස මුරුංගා පත්‍ර පිළියෙළ කරන ලෙසත්, දිනකට ග්‍රෑම් 30 කට වඩා පරීභෝජනය නොකරන ලෙසත් ඔහු කියා සිටීයේය . අසල්වැසි ලතින් ඇමෙරිකානු රටවල් වලටත් එය වගා කරන ලෙස ඉල්ලා සිටි පිදෙල්. චීනය සමඟ මුරුංගා පර්යේෂණ ව්‍යාපෘතියක්‌ කියුබානු මැදිහත්වීමෙන් චීනයේ යුනාන් ප්‍රාන්තයේ ආරම්භ කරන ලද්දේ 2014 වසරේදීය. පිළිකා සහ ආමාශ ආශ්‍රිත විවිධ රෝග සුවකරන ඇමයිනෝ අම්ල බහුල මුරුංගා ආශ්‍රිත ඔසු නිපදවීමට කියුබානු ජීව තාක්‌ෂණික ආයතන දිරිමත් කළේ පිදෙල්ය. ඇමෙරිකානු සම්බාධක අවසන් වූ පසු ඇමෙරිකානු වෙළෙඳපොළට, පිදෙල්ගේ මුරුංගා ඔසුව ප්‍රවිෂ්ඨ වන ප්‍රමුඛ ඔසුවක්‌ බව අනුමාන කෙරේ. පිළිකාවලින් පීඩාවිඳින ඇමෙරිකානු වැසියන් තම රටට එම ඔසු එනතුරු බලා සිටී. කියුබාවට බණන ධනවත් රටවල් වල මිනිසුන්ද ලතින් අමෙරිකානුවන්ද කාබනික විප්ලවය මෙහෙයවූ පිදෙල් කස්‌ත්‍රොa නැමති ගොවියාගේ දේශයට පැමිණ ප්‍රතිකාර ලබාගනී.

පිදෙල් විසින් විප්ලවය ආරම්භයේදී කියුබානු ජීවිතයේ පදනම සැලසුම කරනු ලැබුවේද ඇමෙරිකානු එළවළු සහ පලතුරු බූවල්ලා වූ ඹබසඑed රෙමසඑ ජදපච්බහ රජයට පවරා ගනිමිනි. සෝවියට්‌ දේශය කඩාවැටුණු කල සමාජවාදී පදනම රැකගත්තේද ගොවිබිම කාබනික ගොවිබිමක්‌ බවට පෙරළීමෙනි. රටක ජයග්‍රහණයේ පදනම ආහාර සුරක්‌ෂිතතාවය බව මේ මිනිසා මියයන තුරුම විශ්වාස කළේය. කෘෂිකර්මයේ ඉතා සියුම් දේ පිළිබඳව මිය යන තුරුම සංවේදී වූයේය. මිලියන ගණනක්‌ මිනිසුන්ට ජීවිතය විඳීමට අවකාශ සැලසූ මිනිසා තම ජීවිතයේ විප්ලවාදී සතුට අවසානයේ ස්‌මරණය කරනු ලැබුවේද නිවස පිටුපස වූ ගොවිපොළ තුළයි, අවසාන සමයේ එළවළු සහ පලතුරු පමණක්‌ ආහාරයට ගත් පිදෙල් ඒවා තම ගොවිපොළේම වගා කරගත්තේය. තම නිවහනට පැමිණෙන සියලු අමුත්තන් සැනෙකින් රැගෙන ආයාසයෙන් නමුත් ඇවිද ගියේ තම වගාව පෙන්වීමටයි. ඉදිරි ශතවර්ෂය තුළ මානව වර්ගයාගේ කෘෂිකර්මයේ අනාගතය යනු ඔහු විසින් ලොවට හෙළිකළ කාබනික ගොවිතැනයි. විද්‍යාව, තාක්‌ෂණය, කලාව, සෞන්දර්ය සමඟ මුළු මහත් මිනිස්‌ සමාජය පිළිබඳ කතා කළ මේ නිර්භය විප්ලවවාදී උගතා අවසන් හුස්‌ම හෙළන තුරුම අව්‍යාජ ගොවියකු ලෙස දිවි ගෙවීය.

අරුණ කාන්ත බණ්‌ඩාර

Post a Comment

0 Comments