කස්‌ත්‍රො නමින් කිසිවක්‌ කියුබාවේ නැත


පවුල්වාදය හෝ ජාතිවාදය ඔහු තුළ නොවීය. රාවුල් සොයුරා වෙත තම බලය පැවරුවේ ඔහු විසින් විප්ලවයේ දී සිදුකළ හා වර්තමානයේ සිදුකරමින් පවත්නා කාර්යභාරය සළකා බලමින් මිස සොයුරා වීම තුළ නොවේය. ෆිදෙල් හෝ ඔහුගේ පවුලේ සමාජිකයන් වත්කම් රැස්‌කළ බවට චෝදන කිසිදිනක නොනැඟුණේ ඔහුගේ පැවති මෙම ගතිලක්‌ෂණ හේතුවෙනි. තවද, තමා වෙනුවෙන් කිසිදු ස්‌මාරකයක්‌, ගොඩනැඟිල්ලක්‌ හෝ පාරක්‌ නම් නොකරන ලෙස ඉල්ලා සිටි ඔහු, ජීවත්ව සිටියදීම තමාගේ නම යොදා ස්‌මාරක තනන්නන් හට දෙනු ලබන ආදර්ශය කෙතරම් විශිෂ්ටද ?

"මා ජනතාව සමඟ එකතු වුණෙමි. ඔවුන් කඩාබිඳ දැමූ පොලිස්‌ ස්‌ථානයේ රයිෆලයක්‌ අතට ගතිමි. නිරායාසයෙන් විප්ලවයේ අපූර්වත්වය අත්දුටුවෙමි. මා හට එය පීඩිත මිනිසුන්ගේ අභිප්‍රාය හඳුනා ගැනීමට හේතුවිය. මා තුළ දලුලමින් පවත්නා මාක්‌ස්‌වාදී අදහස්‌ කිසිවක්‌ එතුළ නොවීය. එහි වූයේ නිරායාසාත්මකව ජනිතවූ අධිරාජ්‍ය විරෝධී, යටත්විජිත විරෝධී හා ප්‍රජාතන්ත්‍රවාදී අදහස්‌ වේ." කියුබාවේ අසහාය නායක ෆිදෙල් කස්‌ත්‍රො, තම ප්‍රථම විප්ලවවාදී ක්‍රියකාරකම වූ ඩොමිනිකන් ජනරජයේ පොලිසියේ අවනීතියට එරෙහිව 1947 දී සිදුකළ විරෝධතාව පිළිබඳ පසුකාලීනව දැක්‌වූ අදහසකි. 

චරිතයේ විකාශනය

ස්‌පාඤ්ඤ ජාතික සංක්‍රමණික ධනවත් වැවිළිකරුවකු හා ඔහුගේ දෙවන බිරියට දාව, 1926 අගෝස්‌තු මස 13 වන දින ෆිදෙල් මෙලොව උපත ලැබීය. එම පවුල් පසුබිමත් සමඟ ඔහු ඉතා සැපවත් ජීවිතයක්‌ ගත කිරීමට තරම් වාසනාව ලැබූ අයෙකි. එහෙත් රට තුළ සිදුවන අසාධාරණයන් හා අසමතුලිතාවන් පිළිබඳ ප්‍රත්‍යක්‌ෂ අවබෝධයක්‌ තිබීම ඔහු තුළ විප්ලවකරුවකු බිහිවීමට ප්‍රධාන හේතුව විය.

1945 වසරේ දී ෆිදෙල් හවානා විශ්වවිද්‍යාලයේ නීතී අංශයට ඇතුළත් වීම ඔහුගේ විප්ලවකාරී ජීවිතය සඳහා මූලික අඩිතාලම සකස්‌කර දෙන්නක්‌ විය. වාර්තමානයේ අප හට වුවද, තමා සම්බන්ධ වීමට අපේක්‌ෂිත වෘත්තීය හෝ රැකියකවට අදාළව න්‍යායයික දැනුමක්‌ ලබාදී තිබීමේ අවශ්‍යතාව ඔහු මැනවින් පෙන්වා දුන්නේය. ඉන් නොනැවුතුණු ඔහු තම අධ්‍යාපනය තුළින් ලද පන්නරය මත කියුබානු දේශය තුළ විප්ලවකාරී වෙනසක්‌ ලබාදීමට ප්‍රයෝගිකවම ක්‍රියා කළේය. එතුළ, භාවිතයට නොගන්නා අධ්‍යාපනය ඵලරහිත බැව් ඔහු මනාව පෙන්වා දුනි. 

ෆිදෙල් හට දරුවන් 11 දෙනකු සිටින අතර, ඉන් එක දියණියක්‌ ඔහුට එරෙහිව ක්‍රියාකරමින් ඇමරිකා එක්‌සත් ජනපදයේ වාසය කරයි. ඇය ගැන හැරුනු කොට ඔවුන් පිළිබඳව තොරතුරු ඉතා විරල වේ. 1963 වසරේ ෆිදෙල්ගේ මව මියයැම පිළිබඳ තොරතුර ඔහුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ වූ අවසන් ප්‍රධාන තොරතුර බවට බටහිර මාධ්‍ය දක්‌වා සිටී. පවුල්වාදය හෝ ජාතිවාදය ඔහු තුළ නොවීය. රාවුල් සොයුරා වෙත තම බලය පැවරුවේ ඔහු විසින් විප්ලවයේ දී සිදුකළ හා වර්තමානයේ සිදුකරමින් පවත්නා කාර්යභාරය සළකා බලමින් මිස සොයුරා වීම තුළ නොවේය. ෆිදෙල් හෝ ඔහුගේ පවුලේ සමාජිකයන් වත්කම් රැස්‌කළ බවට චෝදන කිසිදිනක නොනැඟුණේ ඔහුගේ පැවති මෙම ගතිලක්‌ෂණ හේතුවෙනි. තවද, තමා වෙනුවෙන් කිසිදු ස්‌මාරකයක්‌, ගොඩනැඟිල්ලක්‌ හෝ පාරක්‌ නම් නොකරන ලෙස ඉල්ලා සිටි ඔහු, ජීවත්ව සිටියදීම තමාගේ නම යොදා ස්‌මාරක තනන්නන් හට දෙනු ලබන ආදර්ශය කෙතරම් විශිෂ්ටද ?

ඔහු තුළ ඉතා විශිෂ්ට කථන හැකියාවක්‌ හා ඒ හා පෑහෙන ශාරීරික චලනයන් නිසා ඔහු අතිවිශිෂ්ට සන්නිවේදකයකු බවට පත්වේ. කෙතරම් දක්‌ෂ දේශපාලන තීSරණ ගන්නා නායකයකු වුවත් තමන් ගනු ලබන තීරණ මහජනයාට පිළිගත හැකි අකාරයකට ඉදිරිපත් කිරීමට නොහැකි නම් එය ප්‍රතිඵල රහිත වේ. ෆිදෙල් හට පැමිණි සියලු විරෝධයන් හා විවේචනයන් හමුවේ මෙම අවිය දැඩිව හා තිරණාත්මකව භාවිත කළේ කියුබානුවන්ගේ යහපත සඳහාම ය. කාලීන ශ්‍රී ලංකික සමාජය තුළ පවත්නා වූ ගැටලු සම්බන්ධව මෙවැනි චරිතයන්ගේ අවශ්‍යතාව දැඩි ලෙස පෙනුම් කරනු ලබන්නේ පවත්නා පක්‌ෂ මාරු ක්‍රමයෙන් ඔබ්බට වූ නව ගමනක්‌ උදෙසා වේ.

නායකත්වය, දේශපාලන හා ආර්ථික මතවාදය

.ඔහුගේ දේශපාලන මතවාදය ජාතිකවාදයේ සිට කොමියුනිස්‌ට්‌වාදය දක්‌වා දිවයන්නක්‌ විය. මුල් අවදියේ දී තමා 19 වැනි සියවසයේ කියුබානු නිදහස්‌ අරගලයේ වීරයකු වූ ජොසේ මාර්ටි ගේ අනුප්‍රාප්තිකයා බවට විශ්වාස කළේය. ඔහුගේ දේශපාලන ජීවිතය වසර 1947 ආරම්භ වූයේ සමාජ සධාරණත්වය, යුක්‌ති සහගත රාජ්‍ය පාලනය හා දේශපාලන නිදහස උදෙසාය. ඒ තුළ වූයේ ජාතිකවාදී හැඟීම්ය. ඒ බැව් වර්ෂ 1958 දී නිව් යෝර්ක්‌ ටයිම්ස්‌ පත්‍රයේ හර්බර් මැතිවුස්‌ සමඟ පැවත් වූ සම්මුඛ සාකච්ඡාවේ දී "තමා යටතේ අනාගත කියුබාව ජාතිකවාදී වුවත් කොමිනිස්‌ට්‌ රාජ්‍යයක්‌ නොවන බව" යනුවෙන් ඔහු කළ ප්‍රකාශය මගින් පැහැදිලි වේ. තම රටේ සම්පත් විදේශිකයන් සූරාකෑම තුළ තම රටවැසියා අන්ත අසරණභාවයට පත්වීමේ ක්‍රියාවලියේ අවසානයක්‌ ඇතිකරදීම ඔහුගේ අවශ්‍යතාව විය. තවද සුළු ජන කොටසක්‌ වූ කළු ජාතිකයන් හට නිදහසේ ජීවත්වීමට අවකාශ ලබාදීම, වහල් සේවය නැවත්වීම වැනි සමාජ ප්‍රතිශෝධන කරුණු තුළ කියුබානු ජාතිකවාදය සියලු රටවැසියා තුළ ගොඩනැන්වීමට ඔහුගේ අපේක්‌ෂාව විය. තම රටේ සියලුදෙනා එකමුතුව සිටියහොත් ලෝක බලවතාට වුවද නොබියව අභියෝග කළ හැකි බැව් ඔහු පෙන්වා දුනි. නමුත් අද දවස වන විට ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල අන්තවාදීන් ජාතිවාදී අංකුර පෝෂණය කරනුයේ එයින් අනෙක්‌ ජාතියට පමණක්‌ නොව සමස්‌ථයටම සිදුවිය හැකි අහිතකර බලපෑම් ගැන නොසිතමින් වීම ඉතා කනගාටුවෙන් වුවද දක්‌වා සිටිමු. 

1960 දශකය වන විට ඔහු කොමියුනිස්‌ට්‌වාදියකු බවට පත්වීම අහම්බයක්‌ නොවීය. 1956 වසරේ සිට ඔහුගේ දෑත් මෙන් සිටි රාවුල් කස්‌ත්‍රොa සහා අර්නස්‌ටෝ ෙච් ගුවේරා යන දෙපළම කොමියුනිස්‌ට්‌වාදීන් විය. ඔවුන්ගේ ඇසුර තුළ ඔහු කොමියුනිස්‌ට්‌මතවාදය වෙත නැඹුරු වීම වඩාත් තීව්‍ර කරනු ලැබුවා විය හැක. මේ සමඟ විශ්වවිද්‍යාල සමයේ සිට ලෙනින්, කාල් මාක්‌ස්‌ හා එන්ගල්ස්‌ ගේ පොත්පත් කියවීම තුළ කොමියුනිස්‌ට්‌වාදය පිළිබඳ න්‍යායත්මක දැනුමක්‌ ඔහු සතුව පැවතියේය. එසේ වුවත් ඇමරිකානු බලපැම් හමුවේ සෝවියටි පාර්ශවය වෙත පියමැනීම කොමියුනිස්‌ට්‌වාදය පිළිගැනීම සඳහා වූ ප්‍රබලම සාධකය විය. නමුත් සැබවින්ම ඔහුගේ මතවාදය වූයේ පන්ති අරගලය පිළිබඳ වූ මුලධර්මයන් මත පදනම්ව තම අත්දැකීම් හා අදහස්‌ සමඟ මුසුවූ ඔහුටම ආවේනික වූ මතවාදයක්‌ බැව් ඔහුගේ ක්‍රියාකරකම් හැදැරීමේ දී පැහැදිලි වේ. වර්තමාන ගෝලීයකරණ බලපැම් සහිත අප වැනි රටවල් තම අර්ථ ක්‍රමය ස්‌වදේශීය ජනයාගේ සුභසිද්ධිය සඳහා නිර්මිත වූ තමාට අනන්‍ය වූ ක්‍රමවෙදයන් නිර්මාණය කරගත යුතු බව ඔහු පෙන්වා දුන්නේය. එසේම එම ක්‍රමවේදයන් කාලානුරූපීව වෙනස්‌ කර ගතයුතු බව පසක්‌ කරමින් සෝවියට්‌ සංගමය බිඳවැටීමත් සමඟ ඔහු විසින් හඳුන්වාදුන් ආර්ථික ප්‍රතිසංස්‌කරණ මැනවින් පෙන්වා දුනි.

සෝවියට්‌ සංගමයේ බිඳවැටීම 

සෝවියට්‌ සංගමයේ බිඳවැටීම කියුබාව වෙත ඉතා අවාසනාවන්ත කාලයක්‌ විය. 1991 සිට 1994 දක්‌වා කාලය තුළ කියුබානු ආර්ථිකය 40% කින් සංකෝචනය විය. තම කෘෂි නිෂ්පාදනයන් කෙරෙහි රුසියාව තුළ වූ ඉල්ලුම පහළ යැම තුළ ඛනිජ තෙල් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යයන්ගේ හිඟයක්‌ රට තුළ නිර්මාණය විය. විශේෂයෙන්ම තම ප්‍රධාන අපනයනය වූ සීනි නිෂ්පාදනයන් රට තුළ ඉතිරිවිය. 1960 වසරේ සිට පවතින ඇමරිකානු ආර්ථික සම්බාධක හමුවේ බටහිර රටවල් කිසිදු කියුබානු නිෂ්පාදනයක්‌ ආනයනය නොකරන ලදී. බටහිර රටවල් කියුබානු රාජ්‍යයේ බිඳවැටීම පිළිබඳ දින ගනිමින් සිටියේය. එහෙත් ෆිදෙල් තම ආර්ථික ප්‍රතිපත්තින් ප්‍රතිසංස්‌කරණය කොට ගෝලීයකරණය හමුවේ කියුබානු ආර්ථිකය උඩුගංබලා ගමන් කරවීම විශ්මයජනක කරුණක්‌ විය. කියුබාව ජෛව තාක්‌ෂණවිද්‍යාව (ඉසදඑeජයබදකදටහ) හා ඖෂධ නිෂ්පාදනය කෙරෙහි යොමුවීම තුළ අපනයන විවිධාංගීකරණයක්‌ ඇති කළේය. විශේෂයෙන්ම මෙම කාලසීමාව තුළ දී කියුබානු ජනතාව ඔහු කෙරෙහි වූ විශ්වාසය අගය කළයුතු වේ. 1999 වසරේ වෙනිසියුලාවේ බලයට පත් හියුගෝ චාවේස්‌ වැන්නවුන් මේ ගමන සඳහා විශාල අත්වැලක්‌ සැපයීය.

අර්ථ ක්‍රමය හා බාහිර බලපෑම් අතින් අප රට 1990 දශකය තුළ කියුබාව සිටි ස්‌ථානයට වඩා වාසි සහගත තත්ත්වයක සිටී. එහෙත් ඵලදායී ආර්ථික අංශ වෙත තම සීමිත සම්පත් යෙදවීමට තරම් නායකත්වය නිදහස ලැබූදා සිට අපොහොසත්ව ඇත. රටක ප්‍රතිපත්ති හා ක්‍රමවේද සම්පාදනය, භෞතික සංවර්ධනයනට වඩා වැදගත් බව වටහා ගතයුතු වේ. එහෙත් අප රටේ, ණය උගුල් හා අනෙකුත් කුමන්ත්‍රණයන් පිළිබඳ මහජනතාවගේ අවධානය යොමු කරනවා විනා ඒවාගෙන් මිදීමට ගනුලබන පියවරයන් හා කරන්නා වූ කැපකිරීම් නිෂ්චිත ලෙස නොදක්‌වයි.

රාජ්‍ය නායකයකු වශයෙන් ඔහුගේ භූමිකාව

ඔහුගේ රාජ්‍ය ප්‍රතිපත්තින් බහුතර කියුබානුවන් වූ දුගී ජනයාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් ඒවා විය. ඒ හේතුවෙන් ඔහු වෙත බහුතර රටවැසියාගේ පක්‌ෂපාතිත්වය දිගින් දිගටම රඳවා ගැනීමට හැකි විය. පළමුව, ඉඩම් අයිතිය ප්‍රතිසංස්‌කරණය කොට විශාල ඉඩම්හිම් වැවිලිකරුවන් හා ආයතනයන් ගෙන් පවරාගෙන නැවත ඒවා දුප්පත් ජනයා වෙත ලබාදී කියුබානු භූමිය තුළ කෘෂිකාර්මික විප්ලවයක්‌ සිදුකරන ලදී. කියුබාවේ මුළු ගොවි ඉඩම්වලින් 75% ප්‍රමාණයක්‌ විදේශිකයන් සතුව පැවතුණි. එයින් වැඩිම කොටසක හිමිකාරිත්ව සතුවු ඇමරිකානුවන්ගෙන් පවරාගත් වත්කම් ප්‍රමාණය ඇ.ඩො. ටි්‍රලියන 1.8 ක බවට 2014 දී ගණනය කොට ඇත. 

දෙවනුව, ෙච් ගුවේරාගේ මූලික සැලැස්‌ම අනුව නිර්මිත ප්‍රතිපත්ති මත කියුබානු සෞඛ්‍ය සේවය සඳහා දරනු ලැබූ වෙහෙස ඉතා පල දරන්නක්‌ විය. 1959 දී පුද්ගලයන් 10000 කට වෛද්‍යවරු 9.2 පමණක්‌ සිටි රට 1999 වන විට පුද්ගලයන් 10000 කට වෛද්‍යවරු 58 දක්‌වා ශීඝ්‍ර වර්ධනයක්‌ අත්පත් කර ගෙන ඇත. එසේම සර්ව එන්නත් කිරීමේ ප්‍රතිපත්තිය යටතේ පොලියෝ හා රුබෙල්ලා වැනි රෝග මුලිනුපුටා දැමීමට හැකි විය.

තෙවනුව, අධ්‍යාපන ආයතන වේගයෙන් පුළුල් කරන ලද අතර අධ්‍යාපන කාර්යසාධනයන්හි ඉහළම මට්‌ටමක්‌ වෙත ඉතා කෙටි කලක්‌ තුළ ළඟා කර දෙන ලදී. ගම්බද ජනතාවගෙන් 50% ක්‌ අකුරු නොදත් අය විය. අද වනවිට සමස්‌ත ජනගහනයෙන් 97% ක්‌ සාක්‌ෂරතාව සහිත අය වේ. 

එහෙත්, බලය අත්පත් කරගැනීමට පෙර ෆිදෙල්ගේ මූලික පොරොන්දුවක්‌ වූ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්‌ථාපිත කිරීම ඔහු ප්‍රතික්‌ෂේප කළ අතර පැවති දේශපාලන පක්‌ෂ තහනම් කරන ලදී. එසේම විප්ලවයෙන් පසු බැටිස්‌ටාට හිතවත් පාර්ශවයන් වෙත දැඩි මර්දනකාරී හස්‌තය යොමු කරනු ලැබිණි. ලතින් ඇමරිකාව තුළ සිදුවන්නා වූ නිෂ්පාදන විවිධාංගිකරණය වෙනුවට උක්‌ වගාව සිය මූලික කර්මාන්තය බවට පත්කර ගන්නා අතර කෘෂි නිෂ්පාදන කෙරෙහි රාජ්‍ය අවධානය යොමුකරයි. ඒ තුළින් ඉහළ මධ්‍යම පාන්තික ජනතාව නොසළකා හැර ආර්ථික තිරණ ගැනීම සිදුවූ අතර ඔවුන් බහුතරයක්‌ ඇමරිකාව වෙත සංක්‍රමණය වීම ඇරඹීම තුළ කියුබානු ආර්ථිකය තුළ බුද්ධි සිඳීයැමක්‌ සිදුවිය. විශේෂයෙන්ම වෘත්තිකයන් වන වෛද්‍යවරුන් 6000 ක්‌ කියුබාව තුළ සිටි අතර ඔවුනගෙන් හරි අඩක්‌ පමණ විදේශයන් වෙත සංක්‍රමණය විය. ඒ සමඟම සය අවුරුදු ප්‍රතිවිප්ලවීය සටන ආරම්භ වුවත් එය සාර්ථකව මැඬපැවැත්වීමට ෆිදෙල් හට හැකි විය. ඉහත ප්‍රතිපත්ති විරෝධී කටයුතු සිදුකළේ විප්ලවය රැකගැනීමට බවට සාධාරණීයකරණය කිරීමට ෆිදෙල් කටයුතු කරන ලදී. 

විදේශ ප්‍රතිපත්තිය 1960 වසරේ ෆිදෙල් සෝවියටි රුසියාව දෙසට නුඹුරුවූ විදේශ ප්‍රතිපත්තියක්‌ වෙත යොමුවන ලදී. තමා අසළ කොමියුනිස්‌ට්‌ රාජ්‍යක්‌ ඇතිවීම පිළිබද දැඩි අකමැත්තකින් පසුවු ඇමරිකාව, එයට ප්‍රතිප්‍රහාරයක්‌ ලෙස ආර්ථික සම්බාධක කියුබාවට එරෙහිව පනවන ලදී. තවද 1961 දී ක්‍ෂA ෆිදෙල්ගේ බලය පෙරලා දැමිමට, ඊaහ දෙ ඡසටි ආක්‍රමණය ක්‍රියාත්මක කරනු ලැබුවත් එය සාර්ථකව මැඩපැවත්වීමට ඔහුට හැකිවිය. ඉන් වසර දෙකකට පසු ෆිදෙල් ඉහත ආක්‍රමණයට එකිනෙක කිරීමක්‌ ලෙස සිදුකළ කියුබානු මිසයිල අර්බුදය න්‍යෂ්ටික යුද්ධයක්‌ බවට පත් නොවුයේ මානව වර්ගයාගේ වාසනාවටය. කෙසේවෙතත්, එහි අවසාන ජයග්‍රහකයා බවට ෆිදෙල් පත්වූයේ කියුබාව ආක්‍රමණය නොකරන බවට ඇමරිකානු එකඟතාව හේතුවෙනි. ඒ අනුව කියුබාව ආක්‍රමණය කරනවා වෙනුවට ෆිදෙල්ව තිරයෙන් ඉවත් කිරීමට 638 වරක්‌ ඇමරිකානු රහස්‌ අංශයන් උත්සහා කර ඇතත් ඔහු එවායින් ගැලවුනේ නිර්භිතවන්තයන් කෙරෙහි වාසනාව පවතින බවට වන ප්‍රකාශය සනාථ කරමිනි.

අද වන විට ෆිදෙල් සිදුකළ ලෙසට එක්‌ පාර්ශවයක්‌ වෙත නැඹුරු වීම දියුණු වන රටකට අවදානම් සහගත කරුණකි. සැමවිටම මධ්‍යස්‌ථ ප්‍රතිප්තියක සිටීම වැදගත්වී ඇත්තේ ගෝලියකරණය තුළ තම ආර්ථිකය වෙත වැඩි වාසි අත්කර ගැනීම සඳහා වේ.

ෆිදෙල් කස්‌ත්‍රොa ලකුණ

නව සහස්‌ස්‍රකය ලතින් ඇමරිකානු රටවල් හි ෆිදෙල්ගේ අදහස්‌ ගුරුකොට සැලකු සමාජවාදී දැක්‌මක්‌ සහිත නායකයන් බලයට පත්වූ කාලසීමාවක්‌ විය. නෙල්සන් මැන්ඩෙලා අධෛර්යමත්ව සිරගතව සිටින සමයේ කියුබානු විප්ලව පිළිබඳ තොරතුරු දැනගැනීමට ලැබීම ඔහු හට අපමණ චිත්ත ධෛර්යක්‌ ගෙනදුන් බව පවසා ඇත. අප්‍රිකාවේ, ලතින් ඇමරිකාව හා වියට්‌නාමයේ පැවති අධිරාජ්‍ය විරෝධි හා විප්ලවවාදී අරගල වෙත ෆිදෙල් පිදූ සෘජුදායකත්වය අපරිමිතය.

මිලියන 11 පමණ වූ කුඩා ජනගහනයක්‌ සිටින රටක්‌, තම රටේ අභිමථාර්ත පෙර දැරිව ගමන් කරනා ආකාරය ඔහු පෙන්වා දුන්නේය. එය ප්‍රජාතන්ත්‍රවාදී හෝ අවිහිංසාවාදී මඟක්‌ නොවිය. එසේම එම දේශපාලන හෝ ආර්ථික දර්ශනය වෙනත් රටක්‌ ආනයනය කිරීම අපහසු කරුණක්‌ වේ. ඒ කවරකටත් වඩා ෆිදෙල්, රාවුල්, ෙච්, කැමිලෝ ආදී විප්ලවාදීන් සමූහයක්‌ එක්‌ භූමිකාලපයක්‌ තුළ නැවත ඉපදීම ඉතා අහම්බයක්‌ වනු ඇත. ෆිදෙල්ගේ ජීවිත චාරිකාව දෙස අපසු බැලීමේ දී අප වෙත ගම්‍ය වනුයේ 1953 වසරේ මොන්කාඩා නඩු විභාගය අතරතුර ඔහු ප්‍රකාශ කල පරිදි "ඉතිහාසය විසින් ඔහුව නිදොස්‌ කරන ඇති බැව් නොවේද?

Post a Comment

0 Comments