භික්‌ෂුන් වහන්සේ කෙස්‌ රැවුල් බෑම කළ යුතුද?


'පඨමං කෙස මස්‌සුං ඔහාරපෙත්වා' යන මහා වග්ග පාලි කියමන අනුව පැවිදිවීමට පළමුව කෙස්‌ රැවුල් බැහැර කරවිය යුතු බව පැහැදිලි වෙයි. තත්කාලීන ශ්‍රමණයන් කෙස්‌ රැවුල් ඉවත් කර දැමීමෙන් අදහස්‌ කළේ ගිහි වෙස්‌ අත්හැර දැමීමය. ප්‍රථමාභිසම්බෝධි යුගයෙහි 'එහි භික්‌ඛු' මහණ උපසම්පදාව ලැබුවෝ බහුල වූහ. එම මහණ ධර්මය මොනවට දෙසන ලද්දේය. මොනවට දුක්‌ කෙළවර කිරීම පිණිස බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙව යෑයි වදාළ සේක යනුවෙන් මහා වග්ග පාලි පබ්බඡ්ජා කතාවෙහි දැක්‌වේ. ඉදු බෙලෙන් ගිහි වෙස්‌ අතුරුදන්ව කෙස්‌ රැවුළු බැහැවී, සිවුරු පෙරවී සැට විය පිරි මහ තෙර නමක්‌ මෙන් පෙනී සිටින බව කියෑවේ. යස කුල පුතුගේ යහළුවෝ මෙසේ ඇසූහ. යසකුල පුත්‍ර තෙමේ ඉසකේ රැවුල් බැහැර කරවා කසාවත් හැඳ ගිහිගෙන් නික්‌ම ශාසනයෙහි පැවිදි වූයේය' (චතු ගිහි සහායක පබ්බඡ්ජා කථා - මහා වග්ගපාලි) එමෙන්ම පැවිදි කිරීමේදී දැගුලකට වඩා කෙස්‌ ඇත්තකු මහණ කරන විට සංඝයාගෙන් කෙස්‌ කැපීම පිණිස විමසිය යුතු බවත්, එය භණ්‌ඩු කම්ම අපලෝකන යනුවෙන් හඳුන්වා ඇත.

මෙසේ කෙස්‌ රැවුල් ඉවත් කළ යුත්තේ ගිහි වෙස්‌ බැහැර කිරීම සඳහා පමණක්‌ම නොවේ. කෙස්‌ රැවුල් වැවීමෙන් වන ආදීනවයන්ගෙන් මිදීම සඳහාත්ය. කෙස්‌ රැවුල් වවන අලංකාර කරන ගිහි ජනයාට ඒ නිසා වන උවදුරු කරදර රැසකි. හිස කෙස්‌ රැවුල් ආරක්‌ෂා කිරීම, උකුණු, ඉළිකුණු ආදී කෘමි උවදුරු වළක්‌වාලීම, ධූලි හිස්‌හොරි ආදී බාහිර උවදුරු හා රෝගපීඩා ආදිය නිසා මහත් හිරිහැරයට පත්වීම, විවර්ණ වීම, කෙස්‌ වැටීම නිසා වන හානි වළකා ගැනීම, සුවඳ ගැල්වීම, තෙල් ලාටු ආදිය ආලේපනය කරමින් අලංකරණය සඳහාම කල් ගෙවීම, හැඩ ගැන්වීම ආදී අනේක විධ ක්‍රම උපක්‍රම යෙදීමට සිදුවෙයි. එසේම පිරිසිදු නොකළහොත් කෘමි උවදුරු හා රෝග පීඩාදියට මෙන්ම දුඟඳ හමන ඉතා පිළිකුල් තත්ත්වයට පත්වෙයි. මෙකී සියලු දොaෂයනට මූල කාරණාවූ හිසකෙස්‌ සහ රැවුල් සහමුලින්ම ඉවත් කිරීම නිසා අත්වන්නේ කෙතරම් සහනයක්‌ද? කාලය ඉතිරි වීමක්‌ද? අල්පේච්ඡ බවක්‌ද? ගිහිගෙය දුක්‌ සහගත යෑයිද සසුන් පිළිවෙත ඉතා සහනදායක යෑයිද සිතා සසුන් පිළිවෙතට පිළිපන් භික්‌ෂුව හිසකෙස්‌ නිසා කිසි විටෙක විපතට දුකට පත් නොවිය යුතුය. භික්‌ෂුව සියලු දුක්‌ බැහැර කරන්නකු හෙයින් කෙස්‌ ගසකුදු රැවුල් ගසකුදු නිසා දුකක්‌ ලබන්නේ නම් සසුන් මගින් දැන හෝ නොදැන බැහැර වූවකු යෑයි සැළකිය නොහැකිද?

සොබාදම් දිනිතිය පෙර අප හිසට හා මුහුණට රැකවරණය පිණිස මේ හිසකෙස්‌ හා රැවුළු අපට ලබාදෙන්නට ඇත. පෙර එය අපට ඉතා ප්‍රයෝජනවත් වූවා විය හැක. එහෙත් මනසින් දියුණු වූ අපට හිස සහ මුහුණ කෙසින් රැවුලින් වසා ප්‍රකෘතිය වසා තැබීම සුදුසුද? එසේ නම් එය අද සමාජයේ මානසික විකෘතිය හඟවන්නකි. 'නභික්‌ඛවේදීඝා කේසා ධාරෙතබ්බා යෝ ඪණරෙයH ආපත්ති දුක්‌කටස්‌ස අනුජානාමි දුමාසිකං වා ද්වංගුලං' යනුවෙන් චුල්ලවග්ග පාලියේ දැක්‌වෙයි. මහණෙනි දික්‌ හිසකේ නොදැරිය යුතුය. යමෙක්‌ දරා නම් ඔහුට දුකුලා ඇවැත් වේ. මහණෙනි, දෙමසකට වරක්‌ හෝ දෙඅඟලක්‌ වැඩුණු කල්හි හෝ හිසකෙස්‌ කැපීම අනුදනිමි යි වදාළ සේක.

මෙහිදී පැවිද්දකු දිගු කෙස්‌ දැරීම නොහොබිනා බව හැඟවේ. එසේ කරයිද හේ සසුන් මගින් නොමඟ යන්නෙකි. නැවත සිවුරු දරමින්ම ගිහිවෙස්‌ හැඟවීම කෙසේ අනුමත කළ හැකිද? අද ගිහි සමාජයේ ඇතැම් දෙනා මෙය නොසකලා හැරියත්, ඇතැම් ගුණවත් උපාසක ජනයා මුවින් නොබනිතත්, එය නොරිසි යේ යිS හඟවති. මෙහිදී දසධම්ම සූත්‍රයේ කරුණු අප සිහිපත් කළ යුතු ය. 

'පරපටි බද්ධා මේ ජීවිකාති... අඤ්ෙÆ මේ ආකප්පො කර,යොති ප ජීතෙන අභිණහං පච්චවෙක්‌ තබ්බං' අනුන්ගේ ජීවිකා වෘත්ති ඇති මා ගිහි ආකල්පයෙන් සපුරා වෙනස්‌ බවක්‌ දැරිය යුතුයි යනුවෙන් භික්‌ෂුව නිතර මෙනෙහි කළ යුත්තේය. 

තවදුරටත් චුල්ලවග්ගපාලියේ දුකුලා ඇවැත් පිළිබඳව විමසීමේදී යමෙක්‌ බුරුසුවෙන් පනාවෙන් හෝ අතින් කෙස්‌ අලංකාරය පිණිස නොපිරීය යුතු බවත්, ඉටි තෙල් මිශ්‍ර ලාටු හෝ ජලය මුසු තෙලින් හෝ හිසකේ නොපිරීය යුතු බවත් දැක්‌වේ. එහෙත් දූවිලි ඉවත් කිරීම පිණිස තෙමුණු හිස පිසදැමීමට හිස පිරිමැදීම වරදක්‌ නොවේ.

'නභික්‌ඛවෙ කත්තරියා කෙසා ජෙදාපෙතබ්බා යො ජෙදයH ආපත්ති දුක්‌ඛටස්‌ස්‌ මහණෙනි, යමෙක්‌ කතුරෙන් හිසකේ කැප්පවූයේ නම් දුකුලා ඇවැත් වේ යෑය චුල්ලවග්ග පාලියේ දැක්‌වේ. එහෙත් සැබැවින්ම ආබාධ හේතුවෙන් නම් කතුරෙන් හිසකේ කැපීමට අනුදැන වදරා ඇත. හිස්‌හොරි බහුලවීම හෝ බිබිලි දැමීම වණ ආදී යම් ආසාදන හේතුවෙන් දැළිපිහි භාවිත කළ නොහැකි වීම හිසකේ කොටකර ගැනීමට කතුර භාවිත කළ හැකි බව තවදුරටත් සැලකිය හැකිය.

'න භිකඛවෙ මස්‌සු කප්පාපෙ තබ්බං නමස්‌සු වඩ්ඩාපෙතබ්බං නගොලෝපිකං තරාපේතබ්බං - න චතුරස්‌සරකං - න පරිමුඛං - න අŒඬුරකං - කාරාපෙතබ්බං - න දාඨිකා ඨපෙතබ්බ Ò න සම්බාධෙ ලොමං සංහාරපෙතබ්බං යො සංහාරා පෙයH_ ආපත්ති දුක්‌ඛටස්‌ස..' යනුවෙන් චුල්ල වග්ගපාලියේ තවදුරටත් රැවුල හා ලොම් පිළිබඳව පැවැතිය යුතු සැටි විස්‌තර වෙයි.

මහණෙනි, රැවුල අලංකාර ලෙස නොකැප්පවිය යුතුය. දැගුලකට වඩා නොවැඩි විය යුතුය. දෙකම්මුල්හිදිගට ඉතිරි නොකළ යුතුය. සිවු කොනක්‌ තබා නොකැප්පවිය යුතුය. ළයේ ලොම් නොකැප්පවිය යුතුය. උදරයේ ලොම් රොදක්‌ නොතැබිය යුතුය. උඩු රැවුල නොතැබිය යුතුය. සම්බාධ ස්‌ථානයන්හි ලොම් නොකැපිය යුතුය. යමෙක්‌ කපා නම් ඔහුට දූකලා ඇවැත් වේ.

න භික්‌ඛවෙ මස්‌සු කජපාපෙ තබ්බං' යන සික පදය හිසකේ තිබියදී රැවුල් පමණක්‌ නොකැපිය යුතුය යනුවෙන් තෙරුම් කරති. එසේ සිඛ පදයේ වෙන්කොට දැක්‌වීමක්‌ නැත. හිසකේ රැවුල කැපීම එකට දැක්‌වේ. 'පඨමං කේස මස්‌සුං ඕහාරාපෙත්වා' යනුවෙන් කප්ප යන වචනය වෙනුවට ඔහාරපෙත්වා යන වචනය යෙදී ඇත. උදාන අටුවාව 'කප්පිත කෙසමස්‌සුති අලංකාර සත්ථෙ වුත්ත වියනා කප්පං කෙහි ජින්න කෙසමස්‌සු' යනුවෙන් දක්‌වා ඇත. එහි කප්පිත යන වචනය අලංකාරය පිණිස කරුණවෑමියන් ලවා හැඩ තබා කෙස්‌ රැවුල් කැප්පවීමය.

විනය විනිශ්චයෙහි මෙසේ සඳහන් වේ.

කප්පාපෙයH විසුං මස්‌සුං - දාඨිකං වා ඪපෙයH යො

සංහරා පෙයH වා ලොමං - සම්බාධෙ තස්‌ස දුක්‌කටං

හිසකේ තිබියදී රැවුල නොකැපිය යුතුය. මෙහිදී උඩු යටි රැවුළු දෙකම සැළකිය යුතුය. 

සවග භික්‌ෂුන් පැසුණු හිසකේ උදුරවනු දුටු ජනයා මේ භික්‌ෂුන් ගිහියන් මෙනැයි දොස්‌ කීම නිසා බුදුරජාණන් වහන්සේ යමෙක්‌ පැසුණු හිසකේ උදුරුවාද ඔහුට දුකුලා ඇවැත් වේ යෑයි දෙසූහ.

මේ කරුණ අනුව පැවිදි වත ගිහිමඟ දැනහැඳින අල්පේච්ඡ වූද පැහැදීම වැඩිකරන්නාවූද පිළිවෙත අනුගමනය කිරීම මැනවි. යමෙක්‌ කැප අකැප දේ තෝරා බේරා කටයුතු කළ යුතුය.

1993 'වෙසක්‌ හඬ' සඟරාව සඳහා පූජ්‍ය රද්දොළුවේ රතනසාර හිමියන් විසින් ලියන ලද ලිපියක්‌ ඇසුරිණි)

සනත් ලියනගේ

Post a Comment

0 Comments