පාසල තුළින් ළමුන්ට දැනුම මෙන්ම ජීවත්වීම සඳහා ලබාදිය යුතු ජීවන කුසලතා රැසකි. මේ කාර්ය සඳහා ගුරු පරපුර වෙත විශාල වගකීම් රැසකි. තම සිසුන් දැනුවත් කිරීම ඒ අතර ටම ලිංගික කරුනු නිසා අපහසු තත්ත්වයන්ට පත්වන ළමුන්ට නිසි උපදෙස් ලබාදීම ද කළ යුතුව ඇත. විශේෂයෙන් නව යොවුන් වයසේ දරුවන් ගැන විශේෂයෙන් සැළකිළිමත් විය යුතුව ඇත. වැඩිහිටියන් අතින් වරදට යොමුවූ ළමුන් කොපමණ සංඛ්‍යාවක් ගැන අපට අසන්නට ලැබුණද ඇතැම් ළමෝ පාසල් වියේදීම මව්වරුන් වූහ.
ළමා හා කාන්තා හිංසනය පිළිබඳ ආරංචි වැඩි වෙමින් පවතී. මේ සම්බන්ධයෙන් දරුවන් දැනුවත් කිරීම පාසල තුළින් කළ යුතුව ඇත. ලිංගික අධ්‍යාපනය, පාසල් පෙළ පොතේද සඳහන්ය. ප්‍රජනන සෞඛ්‍ය පාඩමට අදාළව ඉගැන්වේ. දරුවා එය පාඩමක් ලෙස මතකයට ගෙන ඒ ආශ්‍රිතව ලැබෙන විභාග ප්‍රශ්නවලට පිළිතුරු සකස්කර ගනී. නමුත් විද්‍යාව ගුරුතුමිය හෝ ශාරීරික අධ්‍යාපනය සෞඛ්‍ය අධ්‍යාපනය ඉගැන්වීම් කරන ගුරුවරුන් ලිංගික අධ්‍යාපනය ගැන මීට වඩා දෙයක් දරුවන්ට කියා දිය යුතුව ඇත. පාසලේදී මෙන්ම ගෙදරදී ද දෙමාපියන් මේ කරුණු ගැන තම දරුවන් දැනුවත් කළ යුතුව ඇත.
ලිංගික ප්‍රශ්න අද සමාජ ප්‍රශ්න බවට පත්වී තිබේ. බොහෝ අපචාර සිදුවන්නේ වැඩිහිටියන්ගේ වරදින්ය.
දරුවාට කුඩා කාලයේ සිටම තම ශරීරයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව මනාව අවබෝධයක් ලබාදිය යුතුව ඇත. දරුවා කෙමෙන් වර්ධනයවේ. නව යොවුන් වියට පා තබන දරුවන් ගේ සිරුරේ ඇතිවන වෙනස්කම් සිතුවිලි ආකල්ප ගැනද අවබෝධයක් ලබාදිය යුතුව ඇත. දරුවා විධිමත් අන්දමට යම් වටහා ගැනීමක් කර නොගෙන අවධිමත් අන්දමට ලබන දැනුම වැඩිහිටි ආශ්රයෙන් මෙන්ම ඔහු විසින් පරිහරණය කරන විද්‍යුත් මෙවලම්වලින්ද සම වයස් කණ්ඩායම්වලින්ද ලබාගනී, ඔහුට නිවැරදි දැනුමක් ලබාදීම සඳහා පාසල් විෂය මාලාවේ දැනට ක්‍රියාත්මක විෂය ඉගැන්වීම්වලට අමතරව ලිංගික අධ්‍යාපනය වෙනුවෙන් වෙනම විෂයයක අවශ්‍යතාව ඇත. ඒ සඳහා ගුරුවරුන් පුහුණු කළ යුතුය. ගුරු උපදේශකයන් පත්කළ යුතුය. විදුහල් ප්‍රධානීන් දැනුවත් කළ යුතුව ඇත. අධීක්ෂණය සඳහා නිලධාරීන්ද අවශ්‍ය වේ. ගුරු අත්පොත්ද සම්පාදනය විය යුතුව ඇත.
පාසල් සිසුන් ගේ මනෝසමාජීය යහ පැවැත්ම සඳහා විවිධ වැඩසටහන් දැනටමත් ක්‍රියාත්මකවේ. ජාතික අධ්‍යාපන ආයතනයේද යුනිසෙµa ආයතනයේද ඵලදායී ව්‍යාපෘති ඇත. පාසල තුළට මේ වැඩසටහන් පැමිණීමේදී පසුබෑමක් තිබේ. ගුරු භවතුන්ට වැඩමුළු ඇත. විදේශ රටවලටද යවා විදුහල්පතිවරුන aමෙන්ම ගුරුවරුන්ද පුහුණු කෙරේ. නමුත් පාසල් සිසුන්ගේ ලිංගික අධ්‍යාපනය හා යහ පැවැත්ම ගැන නම් ප්‍රගතියක් නැත. මොන දේ ඉගෙන ගත්තත් එය ළමයාට ලැබෙන්නේ නොමැතිනම් ප්‍රයෝජනයක් නැත. කොතෙකුත් පත පොත සෞඛ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් ඇත. ලිංග්‍රාශිත රෝග ගැනද විශේෂඥ වෛද්‍යවරු මහාචාර්යවරු එමටය. නමුත් දරුවන්ට ලිංගික අධ්‍යාපනය පිළිබඳ මනා දැනුමක් නැත. රෝගයක් හැදුනට පසු ප්‍රතිකාර කිරීමට වඩා රෝගවලින් වැළකී සිටීමට දැනුවත්වීම වඩා වැදගත්ය. ඒඩ්ස් වැනි රෝගවලට පවා පාසල් රුවන් ගොදුරුව ඇති බව වාර්තා විය. පාසල් විෂය මාලාවේ, ලිංග්‍රාශිත රෝග ගැන වඩා පුළුල්ව ඉගැන්වීමේ අවශ්‍යතාව ඇත.
වත්මන් සංකීර්ණ සමාජ රටාව තුළ පාසල් ඉගෙනුම් හා ඉගැන්වීම් ක්රියාවලියද මහත් අභියෝගාත්මකව කළ යුතුව ඇත. රටක අනාගතය දරුවන්ය. නිරෝගී දරුවන්ය. අනාගත මිනිස් බල සැළසුම්කරණය වෙ නුවෙන් කරන ආයෝජනය අපතේ නොයන්නකි.
පාසල තුළින් ළමුන්ට දැනුම මෙන්ම ජීවත්වීම සඳහා ලබාදිය යුතු ජීවන කුසලතා රැසකි. මේ කාර්ය සඳහා ගුරු පරපුර වෙත විශාල වගකීම් රැසකි. තම සිසුන් දැනුවත් කිරීම ඒ අතර ටම ලිංගික කරුනු නිසා අපහසු තත්ත්වයන්ට පත්වන ළමුන්ට නිසි උපදෙස් ලබාදීම ද කළ යුතුව ඇත. විශේෂයෙන් නව යොවුන් වයසේ දරුවන් ගැන විශේෂයෙන් සැළකිළිමත් විය යුතුව ඇත. වැඩිහිටියන් අතින් වරදට යොමුවූ ළමුන් කොපමණ සංඛ්‍යාවක් ගැන අපට අසන්නට ලැබුණද ඇතැම් ළමෝ පාසල් වියේදීම මව්වරුන් වූහ.
ළමයි තම පවුලේදී පාසලේදී සමාජයේදී බොහෝ දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දෙති. මේවා අතර මව හෝ පියා මිය යැම ඔවුන් පිටරටවල රැකියාවලට යැම ගෘහස්ථ ප්රචණ්ඩත්වය, ළමා අපයෝජනය වැනි කරුණු වැදගත්ය. මෙවැනි පීඩාකාරී සමාජ තලයකින් පාසල වෙත පැමිණෙන දරුවන්ට ගුරු උපදෙස් මෙන්ම, ආදරය, දයාව කරුණාවද පාසල් මාතාවගෙන් ලැබිය යුතුය. ඒ සඳහා පාසල ශක්තිමත් විය යුතුය. විදුහල් ප්‍රධානීන් හා ගුරු භවතුන් ආදර්ශවත් විය යුතුව ඇත. සමහරවිට පාසල තුළින්ද ළමයාට හිංසාවක්වක් පීඩාවක්, අපකීර්තියක් සිදුවන අවස්ථා ද වාර්තා විය. පරමාදර්ශී දෙමාපියන් මෙන්ම ගුරුවරුන් අත්රද හැදෙන වැඩෙන දරුවා ද පරමාදර්ශ වේ.
ළමා අපරාධවලට යොමුව රැඳවුම් නිවාසවල කල් ගෙවන ළමා පිරිසද වැඩිවී තිබේ. පාසල් තුළින් දරුවන්ට නිසි අධ්‍යාපනයක් නොලැබීම නිසා මෙවැනි තත්ත්වයක් සිදුවේ යයි කියති. මේ නිසා පාසල ශක්තිමත් කළ යුතුව ඇත. ළමයින්ට උපකාර කිරීමට ගුරු සිත යොමු විය යුතුයි. බොෙ හාa ළමයින්ට සහ නව යෞවනයන්ට ගුරු උපදෙස් අවශ්‍ය වේ. ඒ සඳහා දැනුමෙන් අවබෝධයෙන් යුතු ගුරු සමූහයක් අවශ්‍ය වේ. ඵලදායී ඉගෙනුම් ක්‍රම විෂය නිර්දේශ ගුරු පුහුණුව අවශ්‍යයි. වැඩිහිටි ළමුන්ට ඇතිවෙන ගැටලු ගුරුවරුන් සමඟ සාකච්ඡාකර විසඳුම් ලබාගත හැකිය. නමුත් අද ඇතැම් ළමයින් හැසිරෙන්නේ වැඩිහිටියන් මෙන්ය. එවැනි දරුවන්ට සාකච්ඡාවෙන් යුක්තව කරුණු අවබෝධකරදීම අවශ්‍යයි. විශේෂයෙන් ලිංගික අධ්‍යාපනය ගැන සමාජයේ යහපැවැත්ම සාරධර්ම ගැන ළමුන්ට කරුනු වටහාදීමට උත්සාහ ගත යුතුව ඇත.
දරුවාට පාසල් වයසේදීම නිසි ලිංගික අධ්‍යාපනයක් නොලැබීම නිසා ඔහු වැඩිහිsටියකු බවට පත්වූවිට ස්ත්‍රී පුරුෂ සමාජ භාවය, සාරධර්ම අමතක කර අපචාර සිදුකරයි. ස්ත්‍රී දූෂණ ළමා කාම අපරාධ වැඩිවි ඇත්තේ මේ නිසාය. එකිනෙකාගේ ජීවිත එකිනෙකාට වැදගත් බවත් වටිනා බවත් කුඩා කාලයේදීම දරුවාට අවබෝධකර දිය යුතුව ඇත. ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ වැදගත් බව අවබෝධකර ගන්නා දරුවන් සම්පාදනය කර ගැනීමට අවශ්‍ය පරිදි පාසල් විෂය මාලා සම්පාදනය විය යුතුව ඇත. එය කළ හැක්කේ ලිංගික අධ්‍යාපනය තුළින්ය.
අක්මීමන - කේ. මතිලාල්
0 Comments