දේශීය ඔසු බලයෙන් හිසරදයට වැට බඳිමු

සමාජයේ බොහෝ දෙනෙකුට පවතින හිසරදයක්‌ තමයි "හිසරදය" රෝගී තත්ත්වය. ටිකක්‌ ඔලුව රිදෙනවා කියා හිස මේසයක්‌ මත ඇඳ විට්‌ටමක හෝ කොහේ හෝ තැනක තබාගෙන සිටින දසුන් අපි ඕනෑ තරම් දැක ඇත්තෙමු. ඒ තරමටම හිසරදය සෑම දෙනාටම පොදුවූ බහුල රෝගී තත්ත්වයකි. ඇත්තටම මොකක්‌ද මේ හිසරදය කියන්නේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා අප නුවර පාරේ පෑලියගොඩ පිහිටි රන්පත වෙද මැදුරට ගොඩ වැදුණේ දේශීය ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා සමග සාකච්ඡා කිරීමටයි.

මොකක්‌ද මේ හැමෝම වද විඳින හිසරදය කියන්නේ.

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා- රදය යනු වේදනාවයි. මිනිසාගේ ශරීරයේ ප්‍රධානතම ඉන්ද්‍රිය වෙන්නේ මොළයයි. මොළය ස්‌නායු පද්ධතියේ මූලස්‌ථානයයි. ඒයින් නිකුත්වන මූල ස්‌නායුව කුඩා මොළය ඔස්‌සේ ප්‍රධාන කශේරුකා පන්තියට ඇතුල්වී කශේරුකා සන්ධිස්‌ථානවලින් පිටතට නිකුත් වී ශරීරයේ සියලුම ඉන්ද්‍රියයන් හා අවයවයන් කරා ගොස්‌ ඒවායේ ක්‍රියාකාරිත්වයට දායක වෙනවා. එම නිසා ශරීරයේ කුමන අවයවයක ඉන්ද්‍රියයක දොaෂයක්‌ ඇති වුවත් එය මොළයට බලපෑම් කරනවා. එම බලපෑම්වල උච්චතම අවස්‌ථාවේ හිසට දැනෙන වේදනාව ව්‍යවහාරයේදී හඳුන්වනු ලබන්නේ හිසරදය ලෙසයි.

මෙම තත්ත්වය ඇතිවීමට බලපාන හේතු මොනවාද?

වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා-

විශේෂයෙන්ම වර්තමානයේ ප්‍රතිකාර පතා අප ළඟට එන වැඩි දෙනෙකුගේ හිසේ කැක්‌කුමට හේතුව සෙම කුපිත වීමයි. මේ අනුව හිස ආශ්‍රීත කලාපයේ සෙම බහුල වන්නේ කුමක්‌ නිසාදැයි සොයා බැලිය යුතුයි. ඊට හේතුව බොහෝ දෙනෙකු නොසිතන තත්ත්වයකි. එනම් බොහෝ සෙම බහුල අයගේ ශරීරයේ අධික උෂ්ණාධික බවක්‌ දක්‌නට ලැබෙනවා. එම උෂ්ණාධික බව ශරීරයේ සියලුම ඉන්ද්‍රියයන්ට හා අවයව වලට බලපෑම් ඇති කරනු ලබනවා. මොළය ආශ්‍රීතව පවතින්නේ ඉතා සියුම් ස්‌නායු සෛල බැවින් ඒවා මෙම බලපෑම් හමුවේ විනාශයට පත්වීම සිදුවෙනවා. මෙම තත්ත්වය වළක්‌වා ගැනීමට ශරීරය විසින් හිස කලාපයට සෙම ගෙන්වා ස්‌වයංක්‍රීය ශීතකරණ වැඩපිළිවෙළක්‌ ඇති කරනු ලබනවා. මේ සියලු ගැටලු මතුවන්නේ ඉන් අනතුරුවයි. එනම් මෙසේ වැඩි වශයෙන් හිස්‌ කබල තුළ එක්‌ රැස්‌වන සෙම නාස්‌ කුහර ඔස්‌සේ බාහිර වාතය සමග එක්‌වීමේ දී ක්‍ෂුද්‍ර ජීවී බලපෑමට ලක්‌වන අතර ඒත් සමගම සෙම නරක්‌වීම (සෙම කුපිත වීම, සෙම පැසවීම) සිදුවෙනවා. එසේ දූෂණය වන සෙම නිසා හිසේ බර ගතිය ඇතිවන අතර එම නරක්‌ වූ සෙම මොළ කුහරයෙන් ඉවත් වන තුරු හිසේ රෝගාබාධ ඇති කරනු ලබනවා.

විශේෂයෙන්ම මෙම රෝගාබාධ අතුරින් පීඩාකාරී බවින් වැඩිම අවස්‌ථාව ඉරුවාරදයයි. මේ හැරුණු විට මළ බද්ධය, ගෑස්‌ට්‍රයිටීස්‌ ඇතුළු ආහාර ජීර්ණ පද්ධතියේ දුර්වලතාද ප්‍රමුඛ වෙනවා. ඊට අමතරව දියවැඩියාව, අර්ශස්‌, පීනස, රක්‌තහීනතාවය අධික නිදිමත හෝ නින්ද නොයැම, බඩ පුරවා දැමීම, මුත්‍රා රෝග, වකුගඩු ආශ්‍රීත දුර්වලතා, කාන්තාවන්ගේ ගර්භාෂගත රෝගාබාධ හා දීර්ඝකාලීනව ඇතැම් ඖෂධයන් භාවිතය ද මෙම හිසරදය ඇතිවීමට විවිධ අයුරින් බලපෑම් කරනවා. විවිධ මානසික පීඩනයන් නිසා ද හිසරදය ඇතිවිය හැකියි.

මෙම තත්ත්වයෙන් මිදීම සඳහා යෙදිය යුතු පිළියම් මොනවාද?

වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා- පවතින සෙම ඉවත් කිරීම හා සෙම වියළීමට ප්‍රතිකාර කිරීමේදී නැවතත් උෂ්ණාධික බව වැඩිවී මොළයේ සෛල විනාශ විය හැකියි. නමුත් මොළය ආශ්‍රීත කලාපය සිසිලනය කිරීමට නම් මුළු ශරීරයේම උෂ්ණාධික බව අඩු කිරීම මෙහිදී අප සිදුකරනු ලබන ප්‍රධානම ප්‍රතිකාර ක්‍රමයයි. ඊට අමතරව රෝගියාගේ ශරීරයේ පවතින අනෙකුත් අහිතකර තත්ත්වයන් ද සොයා බලා ඊට අවස්‌ථානුකූලව නිසි පිළියම් යෙදිය යුතු වෙනවා.

Post a Comment

0 Comments