කෑම කන්න පිරියක්‌ නෑ උගුරට එනවා ඇයි

කෑම කන්න කිසිම ප්‍රියක්‌ නැහැ. කාපු වේලාවේ සිට උගුරට එනවා. ඇඟට පණ නැහැ. ඇඟ රිදෙනවා. ක්‌ලාන්ත ගතියක්‌ හැම තිස්‌සේම තිබෙනවා. බඩ දැවිල්ලයි. පපුව දැවිල්ලයි. ඔක්‌කාරයට එනවා. මේ බොහෝ දෙනා මුහුණ වදන් කිහිපයකි. බොහෝ අය තමන්ට වැළඳී ඇති මෙම රෝග තත්ත්වය නිසා බොහෝ පීඩාවන්ට සහ තම දෛනික කටයුතු සිදු කිරීමේදී දැඩි අපහසුතාවන්ට පත් වන අතර, බොහෝ අය නොයෙක්‌ නොයෙක්‌ ප්‍රතිකාර කරමින් මෙම රෝගයෙන් මිදීමට උත්සාහ කළද යම් තරමට රෝගය පාලනය වීමක්‌ විනා එය නිට්‌ටාවට සුව නොවන බවද ඔවුහු පවසති. ගැස්‌ට්‍රයිටීස්‌ ලෙස හඳුන්වන මෙම රෝගයෙන් අද වන විට සමාජයේ බහුතර පිරිසක්‌ පීඩා විඳින නිසා මෙවර අප පෑලියගොඩ නුවර පාරේ රන්පත වෙද මැඳුරට ගොඩ වුණේ මෙම රෝග තත්ත්වය සහ එය ඇති වීමට බලපාන හේතු සහ මෙම රෝගය නිට්‌ටාවට සුව කර ගැනීමට ඇති හැකියාවන් පිළිබඳ ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතාගෙන් තොරතුරු විමසා බැලීමටය.

අද බොහෝ දෙනා පීඩාවට පත්ව තිබෙන මෙම ගැස්‌ට්‍රයිටීස්‌ රෝගය ආයුර්වේදය අනුව කෙලෙස විග්‍රහ කළ හැකිද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක- මෙම රෝගය මහත් කරදරකාරී රෝග තත්ත්වයක්‌ බව සත්‍යයි. විශේෂයෙන්ම අප මෙම රෝගය දකින්නේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව හටගන්නා විවිධ දුර්වලතාවන් නිසා මෙම තත්ත්වය ඇති වන බවයි.

විශේෂයෙන් ශරීරය සෑදී ඇති පද්ධති සියල්ල සලකා බැලූ විට ආහාර ජීර්ණ පද්ධතියට සුවිශේෂ තැනක්‌ හිමි වේ. විශේෂයෙන්ම අපේ සියලුම පද්ධතීන්ට වඩා වැදගත්ම පද්ධතිය වන්නේ මෙම ආහාර ජීර්ණ පද්ධතියයි.

ශරීරයේ කුඩාම තැනුම් ඒකකය වන සෛලවලට පෝෂණය සැපයීමට නම් අප ගන්නා ආහාර එම සෛලවලට උරා ගත හැකි මට්‌ටමට සරල කොටස්‌ බවට පත් විය යුතුය. ජීර්ණ ක්‍රියාවලිය අතරමඟ නතර නොවී ගන්නා ලද ආහාරවල පෝෂක කොටස්‌ සෛලවලට උරා ගත හැකි අවසාන ඵලය බවට පත් කරන්aනේ මෙම ආහාරÊජීර්ණ පද්ධතියේ මූලිකත්වයෙනි. එසේ වීමට නම් ආහාර ජීර්ණ පද්ධතිය තුළ සිදු වන සියලු ක්‍රියාවන් යහපත් විය යුතුය. නමුත් විවිධ හේතුන් නිසා ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රමවත් බව වෙනස්‌ වීම නිසා මෙම රෝග තත්ත්වය ඇති වීම සිදු වෙයි.

විවිධ අයට මෙම රෝගයේ රෝග ලක්‌aෂණ විවිධාකාරයෙන් පෙන්නුම් කරනවා. ඇත්තටම යම් අයෙකුට ගැස්‌ට්‍රයිටීස්‌ වැළඳී ඇති බව නිවැරදිවම දැන ගන්නේ කෙසේද?

වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා-

ආහාර ගැනීමෙන් පසු උගුරට ඒම, බඩේ දැවිල්ල, බඩ පුරවා දැමීම, ආමාශයේ තුවාල, පපුව හිරවීම වැනි ලක්‌ෂණ ඇති වීම මෙම රෝගය වැළඳී ඇතැයි ඇතැමුන් සිතයි. නමුත් මෙම රෝග ලක්‌ෂණ ඇතිව හෝ නැතිව ආහාර ජීර්ණ පද්ධතියේ මතු වන විවිධ සංකූළතා නිසා ආහාර හරි හැටි නොදිරවීම නිසා ඇති වන තවත් රෝග ලක්‌ෂණ ඇත. හිසේ කැක්‌කුම, ක්‌ලාන්ත ගතිය, කරකැවිල්ල, පිට කොන්දේ කැක්‌කුම, ඇඟපත වේදනාව, අලස බව, අධික ලෙස කේවේන්ති යැම, ශරීරයේ අප්‍රාණික බව, නිතර නිදිමත ගතිය හෝ නින්ද නොයැම, මළ මුත්‍රා පිට වීමේදී ඇති වන අපහසුකම් ආදියද මෙම ගැස්‌ට්‍රයිටීස්‌ රෝග ලක්‌ෂණ ලෙස පෙන්වා දිය හැකියි. එබැවින් මෙම රෝග ලක්‌ෂණ ඇති වීමත් සමඟ නිවැරදි දැක්‌මක්‌ ඇති වෛද්‍යවරයෙක්‌ වෙත යොමු වීමෙන් ඔහුට හෝ ඇයට රෝගියාගේ නියම රෝග තත්ත්වය වටහා ගැනීමට හැකියාව පවතිනවා.

මෙම රෝග තත්ත්වය ගැන තවදුරටත් විග්‍රහ කළොත්- ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා, ආහාර ජීර්ණ පද්ධතියේ දුර්වලතාවන් නිසා ශරීරයට ගන්නා ලද ආහාර සිරුරට අවශෝෂණය කළ හැකි අවසාන ඵලයන් තත්ත්වයට පත් නොවීම සිදු වේ. එවිට ඒවා විසක්‌ ලෙස රුධිරයට එකතු වෙයි. එයට ආයුර්වේදය හඳුන්වන්නේ "ස්‍රාව" ලෙසයි. ආම යනු සැබෑ ලෙසට නොදිරවූ ආහාර ලෙසයි. එම තත්ත්වයේ ආහාරවලින් ශරීරයේ කිසිම සෛලයකට නිසියාකාරව පෝෂණය ලබා ගැනීමට වැඩක්‌ ගැනීමට නොහැකිය. තවද උෂ්ණාධික ශරීර ඇති අයගේ විදග්ධ වූ පිතෙහි ඇති උෂ්ණ ගතියද ඉහත තත්ත්වය සමඟ මුසු වීමෙන් ඇති විය හැකි උපද්‍රව තත්ත්වයන් තව තවත් වැඩි විය හැකිය.

මෙම ආම රසය රක්‌ත ධාතුව හරහා කුමන පද්ධතියකට ඉන්ද්‍රියයකට පටකයකට හෝ සෛලයකට හෝ ගියද එම ස්‌ථානයන්හි ස්‌වභාවික ක්‍රියාවන් අක්‍රමවත් වීම සිදු වෙයි. එවිට හිසේ කැක්‌කුම, ඇඟපත රිදීම හෝ මළ මුත්‍රා පිටවීම අක්‍රමවත් වීම සිදු විය හැකියි. නමුත් ක්‍රම ක්‍රමයෙන් මෙම තත්ත්වය උග්‍ර වී තෝරා ගත් ශරීර පද්ධතියක්‌ හෝ අවයවයක්‌ මුළුමනින්ම ආක්‍රමණ කිරීමෙන් චිරකාලීන රෝග ලක්‌ෂණ මතු වේ.

එම විස සහිත තත්ත්වය ඇසුරු කළේ වකුගඩු ආශ්‍රිත මුත්‍රා පද්ධතිය නම් වකුගඩු ආබාධ හෝ මුත්‍රා රෝගද, ශරීරයේ අධෝ ඉන්ද්‍රියන් ආශ්‍රිතව නම් අක්‍රමවත් මළ පිටවීම, අර්ශස්‌ හෝ මළ බද්ධය ඇති විය හැකිය. අග්න්‍යාසය නම් දියවැඩියා ආශ්‍රිත ප්‍රවේහ රෝග සම ආශ්‍රිත කළ විට වාතරක්‌තය, පලු දැමීම, කැසීම්ද, හෘදය සිදුරු කළ විට හෘද රෝග ලෙසද එම පද්ධතීන්ට, ඉන්ද්‍රියන්ට ආවේණික රෝග ලක්‌ෂණ ඇති වේ.

ෆ මෙම රෝගය සුව කිරීමට ආයුර්වේද සතුව ප්‍රතිකාර පවතිනවාද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක

මෙම රෝගය පමණක්‌ නොවෙයි, ඕනෑම රෝගයක්‌ නිට්‌ටාවට සුව කිරීමට ආයුර්වේදය සතුව ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. නමුත් වර්තමානයේ මෙම ප්‍රතිකාර ක්‍රම පිළිබඳ නිසි වැටහීමක්‌ නොමැති පිරිස්‌ මෙම ප්‍රතිකාර ක්‍රමයට කොටු වීමෙන් මේ වටිනා වෙද ක්‍රමයට හානි පැමිණෙමින් තිබෙනවා.

ඇත්තටම ඉහත සඳහන් කළ ලෙස රෝගියාට ඇතිව තිබෙන රෝග ලක්‌ෂණයන් නිවැරදිව පරීක්‌ෂා කිරීමෙන් පසු නිවැරදිවම රෝගය හඳුනා ගෙන රෝගය පවතින නියම ස්‌ථානයන් වටහා ගෙන රෝග නිදානයන්ට නිවැරදි ලෙස ප්‍රතිකාර ඇරඹුවොත් කෙටි කාලකින්ම ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයෙන් මෙම රෝගය සුව කර ගත හැකියි.

තවද අද වෙළෙඳපොළේ ඇති ක්‌ෂණික ආහාර විවිධ රසකාරක යෙදු ආහාර, අධික උෂ්ණාධික ආහාර සහ මත්පැන් මත්ද්‍රව්‍ය ආශ්‍රිත දේවලින් හැකිතාක්‌ දුරට වැළකී සිටියොත් විශේෂයෙන්ම නිවැරදි ආහාර රටාවක්‌ අනුගමනය කිරීමේදී මෙම රෝගයෙන් මිදී සිටීමේ හැකියාවද පවතිනවා.

නොමිලේ විස්‌තර සඳහා 071 300 90 88/ 0767 274 674 අංකවලට කතා කරන්න

Post a Comment

0 Comments